IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


හදවත් බද්දයෙන් දින තුනකට පසු තරුණිය මිය යයි

චමිල් රුපසිංහ සහ තුසිත කුමාර
 
මහනුවර මහ රෝහලේ දෙවන හදවත් බද්ධයට ලක්වූ  තරුණිය සැත්කමෙන් දින තුනකට පසු   හෘද රෝග ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
 
හෘද ක්‍රියාකාරීත්වය දුර්වල වීමේ රෝගයකින් පෙළුණු ඇය පසුගිය මාර්තු මස 27 දින සිට මහනුවර මහ රෝහලේ හෘද රෝග ඒකකයේ වාට්ටු අංක 78 ප්‍රතිකර ලබමින් සිටියාය. ඇයට පසුගිය 20 වන දින හදවතක් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කිරීමට නියමිතව තිබුණද එය වැලකී ගියේය.
 
ඉන් අනතුරුව පසුගිය 27  දින අලුයම ඇයට හදවතක් බද්ධ කළ අතර සැත්කම සාර්ථක බව වෛද්‍යවරුන් තරුණියගේ පියාට පවසා තිබිණි.   හදවත් ක්‍රියාකාරීත්වය දුර්වල වීමේ රෝගය සුව කිරීම සඳහා කළ යුතු එකම ප්‍රතිකර්මය හදවතක් බද්ධ කිරීම බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර තිබිණි.
 
පෙනහළු වල රුධිර පීඩනය වැඩිවීමෙන් හෘදය අකර්මණ්‍යවීම මරණයට හේතුව ලෙස මරණ සහතිකයේ දක්වා තිබෙන බව සෙව්වන්දිගේ පියාවන මහේෂ් කුමාර මහතා පැවැසිය. 

 



අදහස් (21)

හදවත් බද්දයෙන් දින තුනකට පසු තරුණිය මිය යයි

Ravendra Sunday, 01 October 2017 01:11 PM

අම්මේ, තාත්තේ ඔබ දෙපලගේ රත්තරන් දුවගේ වියෝව පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර ඇයට නිවන් සුවය ප්‍රර්ථනා කරන්නෙමු.

:       1       251

Sudath Sunday, 01 October 2017 01:20 PM

මේ දරුවාට නිවන් සුව පතනවා. දොස්තරවරු එතන කඹ ඇදපු නිසා පලවෙනි සැරේ ශල්‍යකර්මය කිරීම කල්ගියා. එවැනි බාධාවක් සිදුවෙන විටදී මම දැනගෙන හිටියා මේ දැරිවියට හොඳ නැහැ කියලා.

:       1351       818

RoshanSunday, 01 October 2017 03:59 PM

අපිනම් අහලා තිබුණේ වෛද්‍යවරුන්ගේ කඹ ඇදීමක් තිබුණා කියලා නෙමෙයි. උපකරණවල අඩුපාඩුවක් තිබුණා කියලයි. අදහස් දක්වද්දී වගකීමක් ඇතුව කරන්න. නිකම්ම දාන්න එපා.

:       1026       1346

RaveendaSunday, 01 October 2017 04:02 PM

සුදත් මයා වෙත, පළමුව මා වෛද්‍යවරුන් හට සුදුහුණු ගෑමට උත්සාහ කරනවා නොව.... ඔබ පවසන ආකාරයට එසේ වෛද්‍යවරු සිංහල අවුරුදු ක්‍රමයට කඹ ඇදීමක් කලා නම් ඔවුන් සියලුදෙනාම විශාල පිනක් කිරීම කෙසේවෙතත් විශාල පවක් කරගත් බව ඔවුන්ගේ සිත් හොඳින් ආවර්ජනය කරනු නියතය. කවුරු කෙසේ කීවත් එහි ප්‍රතිඵලය වනුයේ එම වෛද්‍යවරු මානසිකවම එහි ප්‍රතිඵල මෙලොවදීම ලබාගැනීම කිසිවකුහට වෙනස්කල නොහැක. කෙසේවෙතත් එසේ කඹ ඇදීමකින් තොරව ඔවුන් සිය උපරිම උත්සාහය යොදා කලේ නම් සහ එය අසාර්ථක වූයේ නම් ඔවුනට දොස් පවරනවාට වඩාඑමකාර්ය සාර්ථකව කිරීමට වචනයකින් හෝ ඔවුන්ව තව තවත් දිරිගැන්වීම යෝග්‍යවේ.

:       6       316

darmasiri Monday, 02 October 2017 03:28 AM

වෛද්‍යවරු මුල ඉදන්ම කිව්වේ ශල්‍ය කර්මය කරන එක නෙමෙයි ප්‍රශ්නේ මේ තරුණියගේ තත්ත්වය වෙනස්. ශල්‍ය කර්මයෙන් පස්සේ මේ තරුණියට පෙනහළ්ලේ සංකුලතා එන්න පුළුවන්. ඒවාට මුහුණදෙන්න අවශ්‍ය පහසුකම් නැහැ කියලයි. වෛද්‍යවරු එක්ක තියෙන තරහට සමහරු මේක කඹ ඇදිල්ලක් විදිහට පෙන්නුවා.

:       0       413

සෙනෙවි Monday, 02 October 2017 07:07 AM

අසාධාරණ ලෙස වෛද්‍යවරුන්ට දොස් පවරන ඔබට බරපතල අසනීපයක් වැළඳුනහොත් දොස්තරවරුන්ගෙන් ප්‍රතිකාර නොගෙන දෙවියන්ට යාඥා කර සුවපත් වෙන්න බලන්න.

:       2       330

Kumara (gulf) Sunday, 01 October 2017 02:19 PM

දැන් ඉතින් ඕකටත් දොස්තර මහත්තුරුන්ට බනියි. මොකද ඉතින් සම හරක් ප්‍රබුද්ධයන්ට මොන හොඳ කරත් පේන්නේ වැරදිම විතරයිනේ...

:       186       555

aseMonday, 02 October 2017 05:34 AM

අපි හරක් නෙවෙයි..... මි හරක් නැත්නම් මේ දේවල් ඔය විදියට වෙයිද ?? කලින් එකට පාවිච්චි කලේ මොනවද ?? නඩුත් බඩුත් දෙකම දොස්තරලාගේ නේද ??

:       270       1

මධුසංඛ Monday, 02 October 2017 09:13 AM

කියපු කථාවෙන්ම වෛද්‍ය විද්‍යාවේ පරතෙරතටම ගිහිල්ල කියලා තේරෙනවා. ඔය කියන විදිහට ඔය දෙන්නටම එකම ප්‍රශ්නයනේ තිබිල තියෙන්නේ. එහෙම බැලුවාම මේ ලෝකෙ ලෙඩ කීයෙන් කීයද තියෙන්නෙ? ඒ චුට්ට උගන්නන්න අවුරුදු ගණන් කැම්පස් ඇතුලේ දාගෙන බදු සල්ලි නාස්ති කරන්න ඕනෑද? අනික පිටු 250,300ක පෙළපොතකට ඔය ලෙඩ ටික ඔක්කොම ඇතුල් කරල දීලා අපිට ලේසියෙන්ම දොස්තරලා හදන්නත් පුලුවන්.

:       0       102

janakaMonday, 02 October 2017 09:25 AM

බුද්ධිමතුන් ඇත්ත තේරුම ගන්නවා. ඇත්ත කියද්දී බුද්ධිමත් නොවන සමහරුන්ට රිදෙනවා. එක එච්චර හිතන්න ඕනේ නැහැ....

:       0       9

thanujaWednesday, 04 October 2017 08:28 AM

කුමාර මහත්තය ඔබ හරියට හරි

:       0       0

ravin Sunday, 01 October 2017 03:44 PM

අනිච්ඡා වත සංඛාරා. පෙනහැල්ල පුරුදු වෙලා තියෙන්න ඇත්තේ අඩු පීඩනයක ක්‍රියාකාරීත්වයට. පීඩනය වැඩි වුණාම ටික දවසක් දරාගෙන ඉන්නැති. ඔය ළමයාගේ උප්පත්තියෙන්ම ගෙනා රෝගී තත්වයක් නේද? බැලුම ඕනෑවට වඩා පිම්බුවහම වෙනදේ.

:       2       17

Nimal Sunday, 01 October 2017 03:51 PM

සුදත්ව දාමු මේ වැඩ අධීක්ෂණයට... මොකද එයා ඔක්කොම දැනගෙන ඉඳලනේ.

:       46       510

dias Monday, 02 October 2017 12:47 AM

මියගිය දැරිවියට නිවන් සුව පතමු.

:       1       1

sarath Monday, 02 October 2017 12:55 AM

නවත්තල තියෙන එන්ජින් එකක ඇනයක් වත් ගලවන්න බැරි අය දොස්තරලා වෙයි දැන් . ඊට පස්සේ දොස්තරට පලු යන්න බනියි.

:       0       42

VIpula Monday, 02 October 2017 03:25 AM

අපි සංසාරේ කරපු අකුසල පඩිස්සන් දීම වෛද්‍යවරුන් කෙසේ නම් වළක්වන්නද, එය කළහැක්කෙන් ඔබටමයි, උපදින සංසාරේ පින් ඇති තැනක ඉපදේවා,

:       77       45

aruna Monday, 02 October 2017 05:25 AM

නිවන් සුව අත්වේවා දෝනි! මතු සංසාරෙවත් මෙවන් රෝග පීඩා ඇති නොවේවා !!!

:       0       39

බණ්ඩාර(කැකිරාව) Monday, 02 October 2017 06:31 AM

මෙවැනි අකල් මරණයක් මතු ඉපදෙන ආත්මයකදීවත් මේ දරුවට අත්නොවෙවා!!! එමෙන්ම මෙම සැත්කම කිරීමට පෙර රෝහල් සතු ප්‍රමාණවත් පහසුකම් නැති බව වෛද්‍යවරුන් පැහැදිලිව ප්‍රකාශ කලා. පම්පෝරි ගහන ඇමති තමයි මේකට වගකියන්න ඕනෑ.

:       0       124

SATHYAPALA Monday, 02 October 2017 09:03 AM

රත්තරන් චූටි සුදු දුවේ.... ඔබට කරපු මේ ශල්‍යකර්මය සාර්ථකවෙලා සුවපත්වෙන්න කියලා කිසිදා ඔබව නොදැක්ක විදෙස් රටවල ඉන්න අපි ප්‍රර්ථනා කළා. වෛද්‍යවරු ඔබව සුව කරන්න උපරිම වෙහෙස වෙන්නට ඇති. එහෙත් මෙවැනි ශල්‍යකර්මය 100% සාර්ථක වෙන ලෝකයේ කිසිම රටක් නැති බව දනිමි. අද මේ ආරංචිය ලැබුනාම බොහෝ වේදනාවට පත්වුනා. එහෙත් දැන් ඔබ අප අතර නෑ. රත්තරන් දුවට නිවන් සුව අත්වේවා ! මතු සංසාරෙවත් මෙවන් රෝග පීඩා ඇති නොවේවා !!

:       0       12

S.M.LK SENANAYAKE Monday, 02 October 2017 10:51 AM

මේ තමා අපිට ඉන්න දෙවිවරු.... දොස්තරවරු...

:       0       1

විජිත් Tuesday, 03 October 2017 09:16 PM

දුවේ ඔයාට නිවන්සුව අත්වේවා. මතු උපදින හැම අත්භාවයකදීම ඔබට නිදුක් නිරෝගී සැපම ලැබේවා..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4684 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 82 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 99 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 112 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 815 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 146 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site