
රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවිරිදි පුටින්, සියයට 87 ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගෙන ඇත. ඒ, සමස්ත ඡන්ද ප්‍රතිඵලවලින් සියයට 60 ක් ප්‍රකාශයට පත් වෙද්දීය.
ඒ අනුව, තවත් වසර 6 කට රුසියාවේ ජනාධිපති ධුරය හෙබවීමට පුටින්ට හැකිවෙයි. රුසියාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරය හොබවන නායකයා බවට ද පුටින් පත්වෙයි.
රුසියන් ජනාධිපතිවරණය ආරම්භ වූයේ පසුගිය 15 වැනිදාය. එය ඊයේ (17) අවසන් විය. පුටින්ගේ ජය තහවුරු වූයේ ජනාධිපතිවරණයට විපක්ෂ අපේක්ෂකයකු නොවූ බැවිනි.
(අල් ජසීරා)
2025 නොවැම්බර් මස 21
159
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
231
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1100
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පුටින්ට විශිෂ්ට ජයක්
ස්ටාලින් Monday, 18 March 2024 06:17 AM
විපක්ෂයේ නායකයො මරාගෙන ඡන්දය තියල ජයග්‍රහණය ලැබුනා කියන්න පුළුවන් ත්‍රස්තවාදීන්ට පමණයි .ලබාගෙන තියෙන්නෙ ජයක් කියන්නෙ කොහොමද
බද්රානි Monday, 18 March 2024 06:49 AM
ඒ අස්සේ ලෙන්ස්කිට සහලෝලා උණලු, දෙකොනෙන්ම යනවාලු. පව් දෙයියනේ...!
ලුම්බිණි Monday, 18 March 2024 09:53 AM
විපක්ෂ අපේක්ෂකයකු උන්නේ නැත්තේ මොකද කියල කවුරුත් දන්නවා නේ.
Ananda Monday, 18 March 2024 01:20 PM
විපක්ෂයේ අපේක්ෂකත්වය මැරුවනේ. ලංකාවේ ජේ.ආර්, ප්‍රේමදාසගේ කාලේ කළේත් ඕකමනේ...
Piyasena de Silva Monday, 18 March 2024 06:03 PM
ජේ.ආර් ප්‍රේමදාස කාලයේ කිව්වාට චන්ද්‍රිකා අගමැති වෙලා ජනාධිපතිවරණය කරද්දී තමයි ලංකාවේ විපක්ෂයේ නායක ගාමිණී මැතිතුමා බෝම්බ ගහලා මරාදැමීමට කටයුතු කලේ, කොහොම වුණත් 1988/89 කාලයේ ජෙප්පෝ කියලා කිව්වාට එජාපයේ ගම් මට්ටමේ සාමාජිකයින් මරාදැමීමට කටයුතු කළේ ඒකාලේ හිටපු විපක්ෂයේ පිරිස් තමයි. ඒක ජෙප්පො පිට පැටවුනේ උන්දැලා ඒවා ගැන කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා තමයි. මම එහෙම කිව්වේ අපේ සේවා ස්ථානයේ සිටි සමහරක් පිරිස් කටයුතු කළ ආකාරය දැකලා තිබුණු නිසා තමයි...
19710405 Tuesday, 19 March 2024 05:38 AM
ඔහොම ඒවාට තමයි ලූලා නැතිවලට කණයා පණ්ඩිතයා කියන්නේ. රුසියාවේ තිබුණේ ඡන්දයක් නොවෙයි... එක මිනිහෙකුට ඡන්දයක් කියන්නේ මුදල් නාස්තියක් විතරයි. මාලිමාව යම්විදියකින් දිනුවොත් අපේ රටේ වෙන්නත් ඕකම තමා. බලාගෙන ඉන්න එහෙම වෙන්නේ නැද්ද කියලා...?