IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගෙදරදිම ෆේෂල් එකක් කරමු

වැඩි වියදමක් නෑ ස්වාභාවික ද්‍රව්‍ය විතරයි

රුව ගැන කතා කරන විට මුහුණට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මේ නිසාම බොහෝදෙනෙකු මුහුණ පැහැපත්වීම සඳහා විවිධ ආලේපන භාවිතා කරති. මෙලෙස ලප කැළැල්වලින් තොර සුන්දර මුහුණක් ලබා ගැනීමට නම් ඒ සඳහා මුහුණේ සම නිරෝගීව තබා ගැනීම වැදගත් වේ. මේ සඳහා මසකට වරක්වත් ෆේෂල් සත්කාරයක් කර ගැනීම වැදගත් වේ. විශේෂයෙන්ම වසර 35 ඉක්ම වූ කාන්තාවන් මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. එලෙස ඔබට කර ගත හැකි ආයුර්වේද ෆේෂල් සත්කාරයක් පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.

 

ෆේෂල් කරන්න ඕනෑ ඇයි?
සාමාන්‍යයෙන් කාන්තාවකට සමේ බාහිර ආබාධ නැති නම් තරුණ වියේදී සමට විශේෂ පෝෂණයක් අවශ්‍ය නැත. එහෙත් වයස අවුරුදු 35 ක් පමණ විට සිරුරේ හෝමෝනවල ක්‍රියාකාරීත්වය හීන වීම නිසා සමට අවශ්‍ය පෝෂණය නොලැබී යයි. එම නිසා සමේ තෙතමනය නැති වීම, ඇස් යට රැලි ඇති වීම, ගෙල අවට රැලි ඇති වීම, සම අවපැහැ ගැන්වීම වැනි වියපත් වීමේ ලක්ෂණ පහළ වේ. මේ නිසාම සැම කාන්තාවක්ම වයස අවුරුදු 35 පමණ වන විටවත් මසකට වරක් ෆේෂල් සත්කාරයක්කර ගැනීමට උනන්දු විය යුතුය. 

 


මුලින්ම මුහුණු පිරිසුදු කරන්න 
මේ සඳහා ක්ලෙන්සර් එකක් භාවිතා කළ යුතුය. පිපිඤ්ඤා යුෂ, මී පැණි, දෙහි යුෂ තේ හැන්ද බැඟින් ගෙන ඒවා හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. මෙම ආලේපය මුහුණේ ආලේප කර මිනිත්තු 3 ක් පමණ වෙලාවක් උඩු අතට හොඳින් පිරිමදින්න. මෙය කුඩා මසාජ් කිරීමක් වැනිය. අනතුරුව තෙත පුලුන් කැබැල්ලකින් හෝ ස්පොන්ජ් එකකින් මෙම ආලේපනය ඉවත් කරගන්න. 

 


ඊළඟට ස්ක්‍රබ්
වෙනිවැල්ගැට, ඉරමුසු, කොකුම්පොතු, සුදු හඳුන්කුඩු, තේ හැන්ද බැගින් ගෙන එය පොල් වතුර හෝ මී පැණිවලින් දිය කර මුහුණේ ආලේප කරන්න. ඉන්පසුව මෙම ආලේපනය මිනිත්තු 5 ක් පමණ කාලයක් රවුමට උඩු අතට ස්ක්‍රබ් කර ආලේපනය සමේම වියළීමට ඉඩ හරින්න. එය වියළුණු පසු නැවත ස්ක්‍රබ් කර සෝදා හරින්න. 


බ්ලැක්හෙඞ්ස් වයිට් හෙඞ්ස් ඉවත් කරන්න
ඉන්පසු මුහුණේ ඇති වයිට් හෙඞ්ස් බ්ලැක් හෙඞ්ස් ඉවත් කළ යුතුය. මේ සඳහා කොහොඹ කොළ, අමු කහ සමඟ තම්බා එම වතුරෙන් මුහුණට දුම් අල්ලා මුහුණෙහි ඇති ක`ඵ ලප, සුදු ලප සහ කුරුලෑ එක්ස්ටැක්ටරයක් භාවිතයෙන් ඉවත් කරගන්න. ඉන් පසුව කෝමාරිකා යුෂ සමග මී පැණි හා තල තෙල් බිංදු කිහිපයක් හොඳින් මිශ්‍ර කර සම උඩු අතට මිනිත්තු 10 ක් පමණ සම්බාහනය කරන්න. මෙය වඩාත් අවබෝධයෙන් යුතුව සිදු කරන්න.

 


පැක් එක දමා ගනිමු
මුහුණ පිරිසුදු කර ගැනීමෙන් පසුව ඔබට පැක් එක දමා ගත හැකිය. ඒ සඳහා නාමල් රේණු, දොඩම් ලෙලි කුඩු, කොකුම්පොතු කුඩු හා මී පැණි තේ හැන්ද බැඟින් ගෙන ඒවා එළකිරි සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. ආලේපනය වියළුණු පසු සෝදා හරින්න.

 


ඔබට ලැබෙන ප්‍රයෝජන
මෙම ප්‍රතිකර්මයෙන් සම පැහැපත්වෙනවා පමණක් නොව මුහුණේ සමට නිසි පෝෂණයක් ද ලැබේ. එමඟින් ගිලිහී යන තරුණ බව බොහෝදුරට ආරක්ෂා කර ගැනීමට ඔබට අවස්ථාව උදා වේ. 

 

සටහන - සසිනි රණසිංහ

 

 



අදහස් (0)

ගෙදරදිම ෆේෂල් එකක් කරමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site