IMG-LOGO

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා


පරමාදර්ශී විවාහයක්

කෙටිකතාව

ගැහැනු ළමයින් හුදෙක් අනාගත සැමියන්ගේ ගෘහ පාලිකාවන් වීම සඳහාම ඇති දැඩි කළ උන් බව ඇය සිහි කළේ කෝපයෙන්.ඒ නිසා ඇය ජීවිතයේ හැම අවස්ථාවකටම මුහුණ දීමට ශක්තිය ලබා දෙන කර්මාන්තයක් ඉගෙන ගෙන සිටියා. ඈ කෘත්‍රිම මල් සෑදුවා.

සැමියෙකුගේ අඹුකමට යෑම ගැහැනු ළමයින්ගේ එකම බලාපොරොත්තුව බව ඔහු සිහි කළේ කනගාටුවෙන්. තම ජීවනෝපාය තමාටම සලසා ගත හැකි නිදහස් නිවහල් ගැහැනියක කසාද බැඳගන්න ඔහු අධිෂ්ඨාන කරගත්තා. තමා හා සමතැන් ගන්නියක මෙන්ම ජීවන සහකාරියද විය හැක්කේ එවැනි ගැහැනියකට මිස ගෘහ පාලිකාවකට නොවේ.

ඔවුන් හමු විය යුතු බවට දෛවය නියම කර සිටියා. ඔහු සිත්තරෙක්.මං කලින් සඳහන් කළා වගේ ඈ මල් සෑදුවා. යට කී අදහස් ඔවුන්ගේ සිතේ පිළිසිඳගත් කාලේ දෙන්නම වාසය කළේ පැරීසියේ.

ඔවුන්ගේ විවාහයේත් ශෛලියක් තිබුණා.ඔවුන් පැසීවලින් කාමර තුනක් ගත්තා. මැදින් පිහිටියේ සිත්තර කාමරයයි. ඊට දකුණු පැත්තෙන් ඔහුගේ කාමරය.වම් පැත්තෙන් ඇගේ කාමරය. ස්වභාව ධර්මයේ දකින්නට
නොලැබෙන්නාවූත් මහත්වූ දුුරාචාරයටත් දුශ්චරිතයටත් වග කිව යුතු වන්නා වූත් ඒ පිළිකුල් කටයුතු දේ වන පොදු නිදන කාමරයත් ජෝඩු ඇඳත් එමගින් අහෝසි වී ගියා. එකම කාමරයක හිඳ ඇඳුම් ඇඳීමටත් ඒවා ඉවත් කිරීමටත් සිදු වීමෙන් වන අපහසුවද එයින්ම දුරු වුණා. එකිනෙකාට වෙනම කාමරයක් තිබීමත් සිත්තර කාමරය අවිශේෂ පොදු සම්මුඛ ශාලාවක් වීමත් වඩා හොඳ දෙයක් වුණා.

ඔවුන්ට වැඩකාරයෙකු අවශ්‍ය වුණේ නෑ. ඉවුං පිහුං කටයුතු තමන්ගේ අතින්ම කරගන්නා අතර උදේ හවස පමණක් මහලු වැඩ කාරියක යොදා ගන්න ඔවුන් සිතුවා. මේ සියලු දෙයක් ම ඉතා හොඳින් සිතා මතා තිබුණු අතර එය න්‍යායක් හැටියට ඉතා විශිෂ්ටයි.

"යම්කිසි විදියකින් ඔහෙලට ළමයි එහෙම ලැබුණොත්?"

මේ ගැන සැක පහළ කළ උදවිය ප්‍රශ්න කළා.

"විකාර.එක් කෙනෙක්වත් ලැබෙන්නේ නෑ!"

එය කදිම ලෙස ක්‍රියාත්මක වුණා. උදේ මාර්කැට්ටුවට යන ඔහු කන බොන දේ සැපයුවා.ඉන් පසු ඔහු කෝපි පිළියෙල කළා.ඇඳන් සකස් කර තැබූ ඈ කාමරද පිළිවෙළකට සකස් කළා. ඉන් පසු ඔවුන් වාඩි වී වැඩ කළා.

වැඩ කිරීමෙන් වෙහෙසට පත් ඔවුන් ඕපා දූප කතා කළා. එකිනෙකාට හොඳ අවවාද දී ගත්තා. සිනාසුණා. අතිශයින් විනෝද වුණා.දහවල් 12 ට ඔහු කුස්සියෙ ගිනි මෙළෙව්වා.ඈ එළවළු පිළියෙල කළා. ඇය වීදිය හරහා කඩපිළට දුව ගිය අතර ඔහු හරක් මස් පිසුවා.ඉන් පසු ඈ කෑම මේසය සකස් කළා. ඔහු රෑ කෑම මේසෙට ඇරියා.

ඇත්තටම ඔවුන් එකිනෙකාට ආදරය කළේ අඹුසැමියන් ආදරය කරන ලෙසින්මයි.සුබ රැයක් වේවා!යි එකිනෙකාට කියා ඔවුන් තම තමාට අයිති කාමරවලට ගියත් ඔහු පැමිණ ඇගේ දොරට තට්ටු කළ විට ඔහු එහි පිවිසෙනු වළකනු පිණිස ඇගේ කාමරයේ දොරගුලු තිබුණෙ නෑ.ඒත් ඉඩ කඩ ඉතා සුළු නිසා උදේ ඔවුන් සිටියේ ඔවුන්ගේම කාමරවලයි. ඉන් පසු ඔහු බිත්තියට තට්ටු කළා.

"සුබ උදෑසනක් පුංචි කෙළි පැංචියෙ. කොහොමද අද ඔයාට?

"හරී හොඳයි අනේ! කොහොමද ඔයාට?

උදේ කෑම වෙලාවෙ ඔවුන්ගේ හමුව කවදාවත් නීරස නූණ අලුත් අත්දැකීමක් වගෙයි.නොයෙක් විට හවස් යාමයේ එකට එළියට ගිය ඔවුන් නිතර නිතර තම පළාත් වාසීන් හමුවුණා. දුම්කොළ ගඳට විරෝධයක් නොපෑ ඈ කවදාවත් ඊට බාධා කළේ නෑ.හැමෝම කිව්වේ එය පරමාදර්ශී විවාහයක් කියායි.මේ තරම් සංතෝෂයෙන් කල දවස ගෙවන යුවළක් කිසි කෙනෙකු කිසි දිනක දැන හිටියෙ නෑ.ඒත් මේ තරුණ බිරිඳගේ මවුපියන් බොහෝ දුරක වාසය කළ අතර ඔවුන් නිතරම පාහේ ලියුම් ලියමින් නොයෙක් විදියේ නොසියුම් ප්‍රශ්න අහන්න වුණා.ඔවුන් මුනුපුරෙකුට හෝ මිනිපිරියකට ආසාවෙන් හිටියා. විවාහය නමැති සංස්ථාව පැවතුණේ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මිස මවුපියන් ගේ ප්‍රයෝජනය සඳහා නොවන බව ලුයිසා මතක තබා ගත යුතුයි! ලුයිසා මේ මතය සැලකුවේ පරණ තාලේ එකක් හැටියටයි.අලුත් අදහස්වල ප්‍රතිඵලය මනුෂ්‍ය වර්ගයා නැත්තටම නැති වෙලා යාම බව ඇයට කල්පනා නො වී දැයි අම්මා ඇහැව්වා. ලුයිසා කවදාවත් ඒ දිහා ඒ ආකාරයෙන් බලා තිබුණෙ නැහැ. ඇරත් ඒ ප්‍රශ්නය ගැන ඇය උනන්දුවක් දැක්වුවෙත් නෑ. ඇයත් සැමියාත් දෙදෙනාම කල් ගෙවුවෙ සංතෝෂයෙන්.

අන්තිමේදී සතුටෙන් ජීවත් වන විවාහක යුවළක් පිළිබඳ දර්ශනය ලෝකයට ඉදිරිපත් වුණා. ඉතින් ලෝකය ඊර්ෂ්‍යා  කරන්න පටන් ගත්තා.

ජීවිතය ඉතා ප්‍රසන්න වුණා. දෙදෙනාගෙන් එක් කෙනෙකුවත් ස්වාමියෙකු වශයෙන් ක්‍රියා කළේ නෑ. ඔවුන් තම විය පැහැදං සම සේ බෙදා ගත්තා. වරක් ඔහු වැඩියෙන් හම්බ කළා.වරක් ඈ වැඩියෙන් හම්බ කළා. ඒත් අන්තිමේදී ඔවුන් ඒ හම්බ කළ දේ එකට දැමීමෙන් ඇති කළ පොදු අරමුදල දෙදෙනාටම සම සේ බෙදුණා.

ඉන් පසු ඇගේ උපන් දිනයක් එළඹුණා. ඇය එදින උදේ අවදි වුණේ අර මහලු වැඩ කාරිය කාමරයට ඇතුළු වන හඬිනුයි.ඇගේ අතේ මල් කලඹක් හා හැම තැනම මලින් සිත්තම් කළ ලියුමක් තිබුණා. පහත සඳහන් වචන එහි ඇතුළත් වුණා.

"මල් කැකුළක් වන් මැතිනියට

ඇගේ සිත්තරාගෙනි.ඔහු ඇයට

දිගාසිරි පතයි. එසේම සුළු මුත් ඉතා උත්කෘෂ්ට උදා භෝජනයකට වහා තම ප්‍රිය සමාගමය ලබා දීමෙන් ඔහුට ගෞරවය දක්වන ලෙස ඔහු ඇයගෙන් අයැද සිටියි".

ඈ ඔහුගේ දොරට තට්ටු කළා.

"ඇතුළට එන්න!"

ඔවුන් ඇඳ උඩම වාඩි වෙලා උදේ

කෑම ගත්තා.ඔහුගේ ඇඳ උඩම.හැම වැඩක්ම කර ගැනීම සඳහා මහලු වැඩකාරිය මුළු දවස පුරාම නවත්ත ගත්තා.එය සුන්දර උපන් දිනයක් වුණා.

ඔවුන්ගේ සතුට කවදාවත් හීනවී ගියේ නෑ.එය අවුරුදු දෙකක්ම පැවතුණා.හැම අනාගත වක්තෘ කෙනෙකුගේම අනාවැකි බොරු වුණා.

එය පරමාදර්ශී විවාහයක් වුණා!

ඒත් අවුරුදු දෙකක් ගතවූ තැන තරුණ බිරිඳ ලෙඩ උණා. බිත්තියේ
ඇලවූ පත්තරවල තිබුණු කිසියම් විස බීජයක් නිසා ඇය ලෙඩ වන්නට ඇතැයි ඇය පැවසුවා.මොනවා හෝ විස බීජයක් ඊට හේතු වන්නට ඇතැයි ඔහු කියා සිටියා. ඔව්. සිකුරටම බීජයක් නම් තමයි. මොනවා වුණත් මොකක් හරි වැරැද්දක් නං සිද්ධ වෙලා තිබුණා. විය යුතු පරිද්දෙන්ම යමක් සිද්ධවී තිබුණෙ නෑ. ඇයට හෙම්බිරිස්සාව වැලඳෙන්නට ඇති. ඉන් පසු ඈ තර වුණා.ඇගේ ශරීරය තුළ ගෙඩියක්වත් හටගෙනද? ඔව්, ඇයට එවැන්නක් යැයි සිතා ඔවුන් බිය ගත්තා.

දොස්තර කෙනෙකු ළඟට ගිය ඇය ගෙදර ආවෙ අඬ අඬා. ඒක ඇත්තටම වැඩුණු දෙයක්.ඒත් කවද හරි දවසක ඉර එළිය දකින දෙයක්. මලක් බවට වැඩී පල දරන දෙයක්.සැමියා නම් කිසි සේත් ඇඬුවෙ නෑ. ඔහු ඒ තුළ දුටුවෙ ශෛලියක්. ඉන් පසු තම සමාජ ශාලාව වෙත ගිය අසරණයා තම මිතුරන්ට ඒ ගැන පුරසාරං දෙඩුවා.ඒත් බිරිඳ තාමත් ඉන්නෙ වැලපෙමින්.දැන් ඇගේ තත්වය කුමක් වේද?වැඩ කරමින් මුදල් හම්බ කිරීම ඇයට වැඩි දවසක් කරන්නට නොහැකි වනු ඇත. එවිට ඔහුගෙන් යැපෙන්නට සිදුවනු ඇත. ඒ වගේම ඔවුන්ට වැඩකාරයෙකුත් හොයා ගන්න වෙයි! අයියෝ! ඔය වැඩකාරයොයි කියන ජාතිය!

ඔවුන්ගේ පරිස්සම්වීම් අනතුරු ඇඟවීම් හා පරීක්ෂාකාරීකම් සියල්ලම නොවැළැක්විය හැකිකම නමැති ගල් පරයේ හැපී සුන් බුන්ව ගොස් තිබුණා.

. ඒත් ඔවුන් උනන්දු කරවන විදියේ ලියුම් ලියූ නැන්දම්මා නැවත නැවතත් කියා සිටියා දෙවියන් වහන්සේ විසින් විවාහය ඇති කරන ලද්දේ දරුවන්ගේ ආරක්ෂාව උදෙසා බවත් මවුපියන්ගේ ආස්වාදය සුළු කොට තැකිය යුතු බවත්.

අනාගතයේ ඇයට කිසිවක් හම්බ කරන්න නොහැකිවීම පිළිබඳ කරුණ අමතක කොට දමන ලෙස හියුගෝ ඉතා ඕනෑකමින් ඇයගෙන් අයැද සිටියා.බිලිඳාගේ මව් තනතුරේ

කටයුතු කිරීම ඇයට අයිති වැඩ කොටස සම්පූර්ණයෙන් ඉටු කිරීමක් නොවන්නේද?එය මුදල් තරම්ම හොඳ දෙයක් නොවන්නේද? හරි හැටි තේරුම් ගත්තම මුදල් කියන්නෙ වැඩ කිරීම මිස වෙන කිසි දෙයක්නොවෙයි. එම නිසා ඇගෙන් තමන්ගේ කොටස සම්පූර්ණයෙන් ගෙවුණා.ඔහුට තමා නඩත්තු කිරීමට සිදුවීම පිළිබඳ කරුණ සිතින් දුරලන්න ඇයට දීර්ඝ කාලයක් ගත වුණා. ඒත් දරුවා බිහි වුණාට පස්සෙ ඇයට එය මුළුමනින්ම අමතකව ගියා. ඔහුගේ බිරිය ලෙසිනුත් සහචාරිනිය ලෙසිනුත් පෙර සේම රැඳී සිටීමට අමතරව ඈ ඔහුගේ දරුවාගේ මව් තනතුරද දැරුවා.අන් කිසිවකටත් වඩා වටිනා දෙය එය බව ඔහුට පෙනී ගියා.

 

ස්වීඩන් ලේඛක

ඔගස්ටි ස්ට්‍රින්ඩ්බර්ග්ගේ "පරමාදර්ශී විවාහයක්" නමැති කෙටිකතාව ඇසුරිනි.

පරිවර්තනය 
කරුණාරත්න අමරසිංහ



අදහස් (0)

පරමාදර්ශී විවාහයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 416 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 327 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site