IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


ශනි මංගල දෝෂය නිසා ඔබත් පීඩාවෙන්ද?

සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නට ලැබීම වාසනාවක්. එහෙත් මේ වාසනාව අද සමාජයේ ජීවත්වන සෑම දෙනාටම උදා වේ යැයි සිතීම අපහසුයි. සමහර අයෙක් අවිවාහකව සිටින අතර තවත් සමහර අයෙක් විවාහ වී ටික කලකින් වැන්දඹු බවට පත්වෙනවා. අනියම් සබඳතාද ගොඩනඟා ගෙන උසාවි ගාණේ දුවන අයද මේ අතර බහුලයි. විවාහ ජීවිතයේ කොතරම් ගැටලු තිබුණත් තම ආත්ම ගෞරවය නිසා ඉතා පීඩාකාරී ලෙස ජීවත් වෙන අය ඕන තරම්. අද සමාජය තුළ විවාහය පිළිබඳ ඇස්පනාපිට දක්නට ලැබෙන යථාර්ථය නම් මෙයයි. ජෝතිෂ්‍ය විද්‍යාව තුළ විවාහය සම්බන්ධ කාරණාවලදී හත්වෙනි කොටුවෙන් ඔබ අප නොදන්න බොහෝ දේවල් කියැවෙනවා. මේ අතුරින් පුද්ලයන්ගේ ජීවිතයට ඉතා පීඩාකාරී ලෙස බලපාන විවාහ දෝෂ ගැනත් අප කොතෙකුත් අසා තිබෙනවා . විවාහ දෝෂ අතුරින් ප්‍රධාන වශයෙන් පවතින ශනි මංගල දෝෂය පිළිබඳවයි අද ඉරණම තුළින් කතාව. මේ පිළිබඳ ඔබ දැනුවත් කරන්න අපත් සමඟ එකතු වන්නේ ප්‍රවීණ ජොතීර්වේදී කොත්මලේ වික්‍රමසිංහ

 

මොකද්ද මේ ශනි මංගල දෝෂය කියලා කියන්නේ?

 

වාසනාවන්ත විවාහය අවාසනාවන්ත කරන ග්‍රහ සංයෝගයක් ලෙස ශනි කුජ යෝගය හඳුන්වා දිය හැකිය.කිසියම් පුද්ගලයකුගේ කේන්ද්‍රයේ 7 වැනි භාවයේ ශනි සහ කුජ ග්‍රහයන් පිහිටා සිටිනවා නම් ඒ හේතුවෙන් හට ගන්නා දෝෂ තත්වය ශනි මංගල දෝෂ ලෙස හඳුන්වනු ලබනවා. ශනි යනු සෙනසුරැය. මංගල යනු කුජය. ඒ අනුව කුජ ශනි දෙදෙනා සංයෝගයෙන් මෙම යෝගය යෙදේ. සංයෝගයෙන් පමණක් නොව දෘෂ්ටියෙන්ද මෙම යෝගය යෙදෙනවා. ඒ වගේම දෘෂ්ටියෙන් සිදුවන ශනි මංගල දෝෂය අර්ධ ශනි මංගල දෝෂය ලෙස සැලකෙනවා. විවාහ අපේක්‍ෂිත සහකරැගේ සහ සහකාරිය යන දෙදෙනාගේම කේන්දර සටහන්වල මෙම යෝගය පිහිටා ඇත්නම් එම දෝෂ භංග වෙනවා.

විවාහයක පොරොන්දම් බැලීමේදී බැලිය යුතු විශේෂිතම පොරොන්දමක් ලෙස මේ ශනි මංගල දෝෂය හඳුන්වන්න පුළුවන්. ශනි මංගල දෝෂ තියෙන අයෙක් ඒ අයගේ විවාහයේදී එක්කනෙක් තනි වෙන්න අනෙකාට අනතුරැ බාධක ඒ වගේම විවාහ ජිවිත කඩාකප්පල් වීම,ආර්ථික ගැටලු ඇතිවීම ආදී විවිධ පැතිවලින් බාධක තත්වයන් ඇතිවිය හැකි විවාහයට ඉතා අහිතකර යෝගයක් විදිහට තමයි මෙම ශනි මංගල දෝෂය හඳුන්වන්නේ.

 

ශනි මංගල දෝෂයට බිය විය යුතු ද

 

ශනි මංගල දෝෂය කේන්දරයක පිහිටන ආකාර කිහිපයක්ම තියෙනවා. කුජ ශනි එක්ක එකම කොටුවක හිටියත් කුජගෙන් 7 වැන්නේ ශනි හිටියත් ශනිමංගල දෝෂය පිහිටනවා සේම කුජගෙන් 8 වැන්නේ ශනි හිටියත් ශනි මංගල දෝෂය ලෙස පිළිගැනෙනවා. කුජගෙන් 4 වැන්නේ ශනි හිටියත් ශනි මංගල දෝශය පවතිනවා. ඒ නිසා කුජගෙන් 4,7,8 යන තැන්වල කුජ ශනි යෝගය තිබුණත්, එයත් ශනි මංගල දෝෂ ලෙස පිළිගැනෙනවා.

ඒ වගේම සෙනසුරැගෙනුත් ශනි මංගල යෝග යෙදෙන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ශනිගෙන් තුන් වැන්නේ කුජ සිටියොත් එයත් ශනි මංගල දෝෂයක් කියලා කියනවා. ඒ වගේම ශනිගෙන් 7 කුජ හිටියොත් එයත් ශනි මංගල දෝෂය, මෙන්ම ශනිගෙන් 10 වැන්නේ කුජ හිටියත් එයත් ශනි මංගල දෝෂය යනුවෙන් ජෝතිෂ්‍යවේදයේ දැක්වෙනවා. මේ නිසා ශනි මංගල දෝෂයක් තියෙන කෙනෙක් නම් ඔහු හෝ ඇය විවාහ විය යුත්තේ ශනි මංගල දෝෂයක් තියෙන කේන්දරයක් සමඟමයි. එවන් දෙදෙනෙකු අතර විවාහය සිද්ධ වුණොත් ඒ අය ආර්ථිකයෙන් ශක්තිමත් ව ධෛර්වන්තව විවාහ ජීවිතය සාර්ථකව ගෙනියන අය වෙනවා.

 

ශනි මංගල යෝගය වැනි තත්ත්ව නොසලකා සිදුවන විවාහයන් නීරසයි.

 

ශනි මංගල දෝෂය නොසලකා සිදුකරලා තියෙන සෑම විවාහ ජීවිතයක්ම යම්කිසි ආකාරයක අඳුරැ ස්වභාවයක් ගන්නවා.
ලිංගික ජීවිතයේ ගැටලු ඇතිවීම, දෙදෙනාට දෙදෙනා තෘප්තිමත් නොවීම, අගහිඟකම්වලට නිරන්තරයෙන් මුහුණදීමට සිදුවීම පමණක් නොවෙයි අකල් මරණවලට පවා ලක්වීමේ අවදානමක් ඒ තුළින් හටගන්න පුළුවන්.ශනි මංගල දෝෂය නොගැලපෙන කෙනෙක් වුණොත් එය රේල් පීලි දෙකක යන යනවා වගේ තමයි වෙන්නේ. ඒ විවාහය කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. ඉතාම නීරස විවාහ ජිවිතයක් තමයි ඒ අයට උරැම . ඒ නිසා ශනි මංගල දෝෂයක් තියෙන අයෙක් ශනි මංගල දෝෂයක් තියෙන අයෙකුටම ගලපන්න ඕන. ඒ වගේම කේන්දරයේ 7 වැනි කොටුවේ සහ8 වැනි කොටුවේ ශනි මංගල දෝෂය පවතිනව නම් අනිවාර්යෙන්ම ඒ අය විවාහ විය යුත්තේ 7 වැන්නේ සහ 8 වැන්නේ පාපී ග්‍රහයන් සිටිය යුතු කේන්දරයක් සමගයි. පාපී දෝෂය තිබිලා ශනි මංගල දෝෂය නොගැලපුණොත් එයත් විවාහයට යහපත් පිහිටීමක් වෙන්නේ නැහැ.

 

යමෙකුගේ දළ කේන්ද්‍රයේ එවැනි පිහිටීමක් තිබූ පමණින්ම ඔහුට හෝ ඇයට ශනි මංගල යෝග බලපෑම පවතින බවට උපකල්පනය කරන්න බැහැ. ඒ සඳහා ගැඹුරැ සහ සංකීර්ණ විග්‍රහයක් කේන්ද්‍ර සටහන තුළ සිදුකළ යුතු වෙනවා. සමහර ජෝතිෂ්‍යවේදින් දල කේන්දර සටහන බලලා මේ ශනි මංගල දෝෂය තියෙනවා කියලා තමන්ගේ විවාහය නිකරැණේ ප්‍රමාද කරගත්ත,වසර ගණනාවක් පැවති ප්‍රේමයට නිකරැණේ සමුදෙන්න සිදුවුණු බොහෝ දෙනෙක් අප වෙත පැමිණිලා තියෙනවා.
නමුත් මේ පිළිබඳව දැනුවත් නොවී දළ කේන්ද්‍රයේ තිබූ පමණින් තමන්ට ශනි මංගල යෝගය පවතින බවට සලකලා සැබෑ ලෙසම ශනි මංගල යෝගය පවතින අයෙක් සමග විවාහ වුණොත් ඒ විවාහය අසාර්ථක වෙන්න පුළුවන්. එවැනි සිදුවීම ගණනාවක්ම මේ සමාජයෙන් වාර්තා වෙනවා.
ශනි මංගල දෝෂය හරියටම තියෙනවද කියලා බලාගන්න පුළුවන් වෙන්නේ භාව කේන්දරයකින් පමණයි.එහෙම නැත්නම් ග්‍රහයන්ගේ අංශක ගණන අනුවයි. ඒ නිසා ශනි මංගල දෝෂය කෙන්දරයක තිබුණා කියලා බිය විය යුතු නැහැ. මොකද මෙම දෝෂයේ අංශක ගණන අනුව බලපෑම අවම වෙන්න පුළුවන්.

 

දෝෂ තියෙන අය පොරොන්දම් විතරක් බලලා විවාහ වන්න එපා.

 

ශනි මංගල දෝෂ නොගැලපෙන දෙදෙනෙක් විවාහ වුණහොත් ඒවා උපදින දරැවන්ටත් බලපෑම් එල්ලවෙනවා. දෙමාපියන්ගේ ශනි මංගල දෝෂ එයාගගේ දරැවන්ගේ විවාහවලටත් බලපෑම් එල්ල කරනවා. ඒ නිසා ශනි මංගල දෝෂය තියෙනවද කියලා ගැඹුරින් බලලා ඕන විවාහය තීන්දු කරන්න. ඒ ග්‍රහ බපෑම් බලලා තමයි පොරොන්නදම් ගැලපීම කරන්න ඕන. ගොඩාක් දෙනා පොරොන්දම් සියයට 80 යි අනූවයි කියලා පොරොන්දම්වල ප්‍රමාණය දිහා බලලා විවාහය තීන්දු කරනවා. ඒ නිසා මෙම දෝෂ ගැන හොඳ අවබෝධයකින් විවාහයට යන්න වගබලාගන්න ඕන. කිසිම වෙලාවක දෝෂ තියෙන කේන්දරයක පොරොන්දම් ගලපලා විතරක් විවාහය සිදු කරන්න යන්න එපා.

 

 

ශනි මංගල යෝගයේ බලපෑමට යෙදිය හැකි පිළියම්

මෙම දෝෂය යෙදෙන්නේ පෙර අකුසල් මත. ශනි මංගල යෝගයේ බලපෑම සම්පූර්ණයෙන්ම වළක්වාගත හැකියාව තිබෙන්නේ විවාහයට පෙර ජන්මපත්‍ර පරික්ෂාවකින් පමණයි. ඒ කියන්නේ ශනි මංගල දෝෂය සහිත අයෙක්ට මෙම දෝෂය භංග කරගත හැකිවන්නේ ශනි මංගල දෝෂයම සහිත තවත් අයෙකු හා විවාහ වීමෙන් පමණයි.
මෙම දෝෂය නිසා එල්ල වන අහිතකර බලපෑම් පාලනය කරගන්න සෙත් කවි කීම, බාරහාරවීම, යන්ත්‍ර පැළඳීම වැනි පිළියම් වෙත යොමුවෙන්න හැකියාව තිබෙනවා .මෙය ඉතා තදබල විවාහ දෝෂයක් ලෙස දැක්වෙන නිසා මේ ශනි මංගල දෝෂයට විශේෂ පිළියමක් නැහැ. මෙවැනි දෝෂ තියෙන අය විවාහ වෙන්න ඉන්න දුප්පත් අයට ඒ අවශ්‍යතා සපුරගන්න උදව් කිරීමෙන් මෙම දෝෂය දුරැකරගන්න පුළුවන්. ඒ වගේම දසසිදා පිරිතෙන් ජීවන් කරලා යන්ත්‍රයක් පළඳින්න පුළුවන්. ඊට අමතරව දුරුගා දේව මෑණියන්ට,විෂ්ණු දෙවිටන්ට, භාරහාර වීම් තුළින් මෙහි අහිතකර බලපෑම අවම කරගන්න පුළුවන්කම ලැබෙනවා.

 

දෝෂය නපුරැ වුණාට යෝගය ශූභයි.

 

ශනි මංගල දෝෂය විවාහයේදී විවාහ දෝෂයක් විදිහට ගත්තත් . ශනි මංගල යෝගය ගන්නේ ඉතා ශුභ විදිහට. තාක්ෂණික ,කාර්මික,ඉන්ජිනේරැ වෘත්තින්වල නියැලෙන දැඩි ආත්ම ශක්තිය ඇතිකරන දැඩි උනන්දුවක් ඇති ධෛර්යවන්ත අයගේ කේන්දරවල තමයි ශනි මංගල යෝගය පිහිටන්නේ. ඒ නිසා ශනි මංගල යෝගය පිහිටා ඇත්තේ බොහෝ දියුණු පුද්ගලයන් තුළ බවද පෙනී යනවා. ඒ වගේම යෝගය පිහිටි ස්ථානය හා යෝගකාරක ග්‍රහයන්ගේ බල දුබලතා මත දියුණුවේ සීමා තීරණය වෙනවා. ව්‍යාපාර හෝ රුකී රක්ෂා තුළින් ඉදිරියට ගිය බොහෝ දියුණු පුද්ගලයන් තුළ මෙම කුජ ශනි යෝගය දැකගත හැකියි. බොහෝ ප්‍රසිද්ධ දියුණු පුද්ගලයන් අතර මෙම යෝගය දැකගැනීමට ලැබෙනවා. මෙම යෝගය ඇති වැඩි දෙනා ඉතා උත්සාහවන්ත පුද්ගලයන් වෙනවා. වෙහෙස නොබලා වැඩකිරීම, තරමක ආත්මාර්ථකාමී බව, දරදඬු බව මෙම යෝග හිමියන් සතු ප්‍රධාන ලක්‍ෂණ ලෙස හැඳින්විය හැකියි.

උපදෙස් හස්ත රේඛා හා වාස්තු විද්‍යා උපදේශක ප්‍රවීණ ජ්‍යොතීර්වේදී කොත්මලේ වික්‍රමසිංහ 

නදීශා අතුකෝරළ



අදහස් (1)

ශනි මංගල දෝෂය නිසා ඔබත් පීඩාවෙන්ද?

P.L.P රාජසිරි Friday, 05 April 2024 05:56 AM

ඔව්,ගොඩක් තැන්වල මට ගැහැනු ලමයෙක් එක්ක සබදකමක් පටන් ගන්න හදනකොටම ගොඩක් බාධා ඇතිවී අසාර්ථක වෙනවා.එහෙම සිද්ධි ගොඩක් ඇති වෙලා තියෙනවා.කිසිම සබදකමක් මට ඇතිවෙන්නේ නෑ.හේතුව කුමක් හෝ නොසිතූ,අනපේක්ෂිත හේතුවක් නිසා එය අසාර්ථක වීමයි.එහෙම නම් විවාහය ගැන කවර කතාද?? මේ ප්‍රශ්නයට උත්තරයක් කාලයක් තිස්සෙ උත්තරයක් හෙව්වා. ඇත්තම කිව්වොත් මේ දෝෂය සිතුවිලි ඔස්සේ යටපත් කරන්නම බැරිද කියා හරියටම කිව්වොත් අධ්‍යාත්මික භාවයෙන් අධිෂ්ඨානයෙන්.එහෙමත් නැතිනම් කෙනෙක්ගේ පින බලවත් කර මෙම දෝෂය යටපත් කරන්නවත් බැරිද කියා.

:       0       2

ඔබේ අදහස් එවන්න

Iranama

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 5026 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1717 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මකර බලවත්වී ලග්න පහකට සුබයි
2024 පෙබරවාරි මස 19 9724 1

කාලයකට පසුව මකර රාශිය බලවත් වී තිබේ.ඊට හේතුව වන්නේ අඟහරු සිකුරු බුධ සහ ප්ලුටෝ යන ග්‍රහයන් සිව් දෙනා එහි එක පොදියට ගමන් කරමින් සිටීම යි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 12525 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


ශනි මංගල දෝෂය නිසා ඔබත් පීඩාවෙන්ද?
2023 දෙසැම්බර් මස 04 3176 1

විවාහ දෝෂ අතුරින් ප්‍රධාන වශයෙන් පවතින ශනි මංගල දෝෂය පිළිබඳවයි අද අපේ අවධානය.


ශෝකාන්තයෙන් කෙළවර වෙන දේශපාලන බල පෙරළියක්
2023 නොවැම්බර් මස 06 2789 0

දේශපාලන කරළියේ පවතින දේශපාලන පක්ෂ සහ සංධාන කැඩී බිඳී සීසීකඩ යයි. රටේ ඉදිරි මාස කිහිපයේ ආර්ථිකය සම්බන්ධයෙන් පෙන්නුම් කරන චිත්‍රය ඉතාම අඳුරැයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site