සති ලග්න පලාපල නොවැම්බර් 30 වන සඳුදා සිට දෙසැම්බර් 06 වන ඉරිදා දක්වා 

ඔබට මේ සතියේ අවසන් දින 4 තුළ අනාගත යහපත උදෙසා කිසියම් ශුභඵලදායී බවක් ගොඩනැඟු‍ණත් අත්තනෝමතික හිතුවක්කාරී ක්‍රියා නිසා විවිධ පාඩු සිදුවීමටත් ඒත් සමඟම ඉඩ ඇත. මේ නිසා සෑම දෙයක් කෙරෙහිම සැලකිල්ලෙන් හා විමසිල්ලෙන් ක්‍රියා කරන්න. පසුගිය දිනවල බලපෑ ව්‍යාපාරික ප්‍රශ්න, රාජකාරි ගැටලු‍ සහ දේපළ ආරවුල් යනාදිය මේ සතියේ විසඳේ. විශේෂයෙන් ඔබට මෙම සතියේදී ආදර සබඳතා හා විවාහ යෝජනාවලට සම්බන්ධ අරමුණු හා සැලසුම් පහසුවෙන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකිවන්නේය.

ඔබට මේ සතිය සුබාසුබ මිශ්‍ර පල ගෙනදේ. අවසන් දින 3 ශුභඵලදායී අයුරින් ගතවේ. ඔබට මේ සතියේදී තම ජීවිතයේ නව වෙනසක් හා පෙරළියක් වෙනුවෙන් ක්‍රියා කිරීමේ සිත් පහළ වේ. ආදායම් තත්ත්වය හොඳ වුවත් වියදමේ පාලනයක් නොමැති බැවින් ලැබෙන මුදල් අනවශ්‍ය ලෙස වියදම් වී යයි. ගෙදරදොර පවුලේ අයගේ ශුභ සිද්ධිය සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නට සිදුවේ. සෙසු දිනයන්හි තම දෛනික කටයුතුවල අර්බුදයක් ඇති නොවන ලෙසට කටයුතු කරන්න.

ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයාගේ ගමන මත ඔබට මෙම සතිය තුළ අභියෝග මැඬගෙන අලාභහානි අවම කරගෙන කටයුතු කළ හැකි වුවත්, ස්ත්‍රීන් සමඟ ද වාදභේද පැනනඟී. ශරීර පීඩා ද ඇති වෙයි. ඥාතීන් හෝ මිත්‍රයින් සමඟ ආරවුල් මතුවිය හැකිය. කරදර මධ්‍යයේ සැපක් ද ලැබේ. ඔබගේ හැඟීම් හා සිතැඟිවලට අනුකූල වෙමින් පවුලේ අය හා ඇසුරු කරන්නන් ඔබ සමඟ සහයෝගී වනු ඇත. සෞන්දර්ය රසාස්වාදය ද, කලාකෘති සඳහා දක්වන රුචිකත්වය ද ඔබ කෙරෙන් වැඩිවනු ඇත.

ඔබට මේ සතිය සුබාසුබ මිශ්‍රඵලදායී ලෙස ගතවේ. එහෙත් මෙම සතිය තුළ ඔබට අලු‍ත් ප්‍රාර්ථනා අනුව නව මඟක ගමන් කිරීමට හැකිවේ. ඒ ඒ කාර්යයන්ට අදාළව යම් යම් අයගෙන් අපේක්ෂා කරන සහයෝගය හා උදව් උපකාර ද ඔබට නොඅඩුව ලැබේ. ඉගෙනීම් කටයුතුවල නිරත වූවන්ට, රැකියා අපේක්ෂාවෙන් සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටින්නන්ට සහ අලු‍ත් ආයෝජන ඇරඹීමට බලාපොරොත්තු වන්නන්ට එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවේ. මුල් දින දෙක තුළ අයට වඩා වැය අධික වීම නිසා ගෘහ ජීවිතයේ කටයුතු ද අසතුටුදායක වන බැවින් ඒවා කෙරෙහි අවබෝධයෙන් ක්‍රියා කරන්න.

ඔබ මේ සතියේදී ඉතා විවෘතව හා අවංකව අන්‍යයන්ට ඇප උපකාර කරමින් පරිත්‍යාගශීලීව කටයුතු කරන්නේය. එසේම තම ඥාති හිතවතුන්ගේ දියුණුව වෙනුවෙන් ද කැපවී ක්‍රියා කරන සතියක් වේ. එවැනි කරුණු නිසා තම පෞද්ගලික කටයුතු බොහොමයක් අතපසු වී යයි. රැකියා ස්ථානයේ සුවපහසු පරිසරයක් නිර්මාණය වන සතියක් ද වේ. උසස් නිලධාරීන් පවා තමන්ට අතහිත දී කටයුතු කරන ආකාරයකුත්, නොයෙකුත් සමිති සමාගම් ආදියෙහි නිලතල සඳහා තම නම යෝජනා වන දින හතකි.

ඔබ මෙම සතිය තුළ ගතවූ සතියට වඩා සිත දැඩි කර ගනිමින් ආත්ම ධෛර්යයකින් යුක්තවම ක්‍රියා කිරීම නිසා තමන් පිළිබඳව යහපත් ප්‍රතිරූපයක් පවුල තුළ හා සමාජයේ විවිධ පුද්ගලයන් අතර ගොඩනැfÛනු ඇත. ගේදොර කටයුතු හා ව්‍යාපාරික කටයුතු තමාගේ බුද්ධිමත් සැලසුම් නිසා සාර්ථක අයුරින් කරගෙන යා හැකිය. ඔබගේ අධ්‍යාපන, රැකියා මෙන්ම ඉපැයීම් ක්ෂේත්‍රයට බලපෑ සතුරු උපද්‍රව බොහොමයක් යටපත් වී යන සතියකි. ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින අය තරමක් මහන්සි වී තම ව්‍යාපාරවල නිරත වන්නේ නම් ඉතා සාර්ථක ප්‍රතිඵල නෙළා ගත හැකිය.

මේ සතියේ මුල් දින 2 හා අවසන් දින 2 ශුභදායී අයුරින් ගතවේ. ජීවනෝපාය මාර්ග හා අධ්‍යාපන අංශවල දියුණුවක් දක්නට ලැබේ. වැදගත් හිතමිතුරු සබඳතාවන් ගොඩනැඟේ. කරන කියන බොහෝ කටයුතු සාර්ථක වන, ආයෝජනවලට මුදල් ලැබෙන දින හතරකි. එසේම දෙස් විදෙස් රැකියා අපේක්ෂාවක් ඉටුවේ. ස්ථාන ගැටලු‍ විසක්‍ෂෙන, පවුලේ කටයුතු සම්බන්ධව ද නවෝදයක් ඇතිවන දින කිහිපයකි. සති මැද දින තුන ගමන්බිමන්වලදී මෙන්ම ගනුදෙනුවලදීත් ආරක්ෂා වන්න. එහිදී සිතේ සන්සුන් බව හීන වෙයි. ස්වකීයන් අතර මතභේද හා ආරවුල් ද ඇතිවන දෑ සිදුවේ. සෙම් රෝගයන්ට ද ලක්වේ.

ඔබට මේ සතිය ශුභඵලදායී අයුරින් ගතවේ. පසුගිය දිනවල අතපසු වී ගිය ගෙදරදොර කටයුතු මෙන්ම තමා නිරත රැකියා, ව්‍යාපාර හා අධ්‍යාපන වැනි කටයුතු නිසි පිළිවෙළකට අවසන් කරගත හැකි අතර අතරමඟ නතර වී තිබූ විශේෂ කාර්යයන් ද නැවත සැකසේ. ආයතනය තුළදී නැතහොත් සමිති සමාගම්වලදී හවුල්කරුවන් හා ඇසුරු කරන්නන් අතර හොඳහිත වර්ධනය කර ගනී. කල්ගත වූ විවාහ යෝජනා මෙන්ම සම්මුඛ පරීක්ෂණාදී කාර්යයන් සඳහා දින කාලවකවානු නියම වීමත් පෙන්වයි.

ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා සඳු ග්‍රහයා මේ සතිය තුළ පීඩාවකින් තොරව ගමන් කරන හෙයින් වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වේ. ගෙදරදොර පවුලට සම්බන්ධ මෙන්ම තම දෛනික කාර්යයන්ට සම්බන්ධ කටයුතු හොඳින් ඉටුකර ගැනීමටත් හැකිවන්නේය. ඔබට තම මූල්‍ය සැලසුම් හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අවස්ථාව සැලසෙන්නේය. භාරගන්නා ඕනෑම කටයුත්තක් සාර්ථකව නිම කිරීමටත් ඔබට මේ සතියේ හැකියාව ලැබෙනු ඇත. රැකීරක්ෂා හා රාජකාරි කටයුතුවල විශේෂ දියුණුවක් ඇතිවන්නේය.

මකර ලග්නය හිමි ඔබට මෙය සුබාසුබ මිශ්‍රඵලදායී අයුරින් ගතවන සතියකි. කෙසේ වෙතත් ඔබ මෙම සතියේ මුල් දින දෙක තුළ ආත්ම දමනයෙන් හා හික්මීමෙන් කටයුතු කළ යුතුවේ. අභියෝග භාර ගනිමින් බොහෝ කටයුතු අවසන් කිරීමට හැකි වේ. ඉක්මන්කාරී කලබලය නිසා ගැටුම්, මතභේද, කටුක නොසරුප් බසින් කරන අදහස් හුවමාරුව සහ නුවණ අනිසි ලෙස මෙහෙයවීම මෙම සතිය තුළ ඇතිකරන අනිටු විපාක වේ. අවසන් දින දෙක සඳු ගමන පරිදි මනසට නැවුම් ප්‍රබෝධයක් දැනෙන බැවින් බොහෝ වැඩකටයුතු උද්‍යෝගයෙන් හා උනන්දුවෙන් එහිදී අවසන් කළ හැකිවේ.

ඔබට මෙම සතිය එතරම් සුබදායී නොවන අතර තමාට හෝ අඹුදරු ආදී පවුලේ කෙනෙකුට අසනීපයක් හෝ පීඩාවක් ඇතිවිය හැකිය. උසස් අයගෙන් සහ ස්වාමියන්ගෙන් කරදර ඇතිවේ. දුක් කනගාටු හා හිරිහැර ඇතිකළ හැකිය. ලේ දෝෂ, අධික රුධිර ධාවනය, සෙම් හා ලේ උෂ්ණ වීම්, උණ ආදී ආබාධ සහ අර්ශස් ආබාධ පැනනඟින්නට පුළුවන. එනමුදු කෘෂිකාර්මික කටයුතු, වෙළෙඳාම, බ්‍රෝකර් කටයුතු, මැණික් හා ඛනිජ සම්පත් ව්‍යාපාර ආදියෙහි නියැළෙන්නන්ට මේ සතිය යහපත් වන අතර ඔවුනට යම් යම් ලාභ ප්‍රයෝජනයන් ද සැලසේ.

මෙය ඔබ අවංකව හා සතුටින් අන්‍යයන් සමඟ කටයුතු කරන සතියකි. නවීන ක්‍රමයකට අනුව ගේදොර මෙන්ම ව්‍යාපාරික ස්ථානය ද අලු‍ත්වැඩියා කිරීමටත්, අලංකාර කිරීමටත් සිත් ගෙනදෙයි. අධ්‍යාපන හා රැකියා කටයුතුවල යම් යම් වෙනස්කම් සිදුවෙයි. එමෙන්ම මෙතෙක් කල් හැදෑරූ විෂයයන් හෝ රාජකාරි ක්ෂේත්‍ර හදිසියේ වෙනස් කොට නව විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. විදෙස්ගතව අධ්‍යාපනය ලැබීමට හෝ රැකියාවේ නියුතු වීමට අපේක්ෂා කළ අයගේ අපේක්ෂා සාර්ථක වනු ඇත.