IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පොහොට්ටුව සහ එජාපය ගලපා ගන්නේ කොහොමද ?

පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස බෙදී ඇති බවත් කණ්ඩායම් ලෙස බෙදුණොත් පක්ෂය පරිහානියට පත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. එවැනිම එකී පාලන කාලයේදී නිවැරදිම තීන්දු ගත නොහැකි වූ බවද පිළිගත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ප්‍රතිපත්තිමය ගැටළු තිබ්බද ඒ සියල්ල පසෙකලා මේ අවස්ථාවේ රටේ පවතිණ ආර්ථික අර්බුදයට සැලසුම් සකස් කලයුතු බවත් ඊට ඔවුන් වගවන බවත්ය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමඟ සිදුකළ සංවාද සටහන..

 

මේවන විට රටේ ඇතිවී තිබෙන තත්වය ගැන ඔබගේ කියවීම කෙලෙස ද ?

දැනට අපි බරපතල ආර්ථික අර්බුදයක ඉන්නේ. දැනට යම් ප්‍රමාණයක භාණ්ඩ තියෙනවා. නමුත් ආර්ථික අර්බුදයෙන් එළියට  ඇවිල්ලා නැහැ නමුත් මෙම අර්බුදයෙන් එළියට එන්න පුළුවන් මට්ටමට කළමනාකරණය කරගෙන යනවා. ඇතිවූ තත්වය සතියකින් දෙකකින් ගොඩ දාන්න බැහැ. මේ අර්බුදය ලංකාවේ බරපතලම ආර්ථික අර්බුදයයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය පතලා තියෙනවා. ඊට අවශ්‍ය වැඩපිළිවෙල සාකච්චා කර තිබෙනවා. රටට කුමන දේශපාලන කණ්ඩායමක් නායකත්වය ලබා දුන්නත් ඉදිරියේදී මෙවැනි අර්බුදයක් නැවත ඇති නොවෙන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි සකස් කරමින් සිටිනවා. 

 

 "නයිට් එකොනොමි" හරහා රටේ ආර්ථිකය ගොඩනැගිය හැකි බවට පසුගිය කියවුණා. මේ ගැන ඔබ අදහස කුමක්ද ? 

ලංකාවට කළ හැකි බොහෝ දේ තියෙනවා. "නයිට් ලයිස්" එක සංචාරක ව්‍යාපාරයට වැදගත්. සංචාරය කර්මාන්තයට අවශ්‍ය පහසුකම් අපි සපයනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන මස නොවැම්බර් සිට ලංකාවට හොඳ සංචාරක ඉපයීම් ප්‍රමාණයක් ලබා හත හැකි වෙයි කියලා. සංචාරක කර්මාන්තය හරහා වක්‍රව පවුල් ලක්ෂ 30ක ප්‍රමාණයකට ප්‍රතිලාබ බෙදෙනවා. 

දැනට තිබෙන ලොකුම බර, ණය ගෙවීමට නොහැකිතාවය කළමනාකරණය කර ගැනීමයි. ණයගෙවිය හැකි රටක් බවට පත් කිරීමට සැලසුම් සකස් කරනවා. ඒවගේම ආයෝජකයන් තවම මැලි කමක් දක්වනවා අපේ රටේ ආයෝජනා කරන්න. නමුත් අපි ආයෝජකයන් ගෙන්වා ගැනීමට වැඩපිළිවෙලක් සකස් කරනවා. එවැනිම බදු සංශෝධන මේවන විට සිදු කර අවසන්. ලාභ පාඩු ලබන රාජ්‍ය ආයතන සොයා බැලීමටත් ජනපති උපදෙස් ලබා දී තියෙනවා. මෙවැනි ප්‍රතිසංස්කරණ කරලා තමයි, රටේ ආර්ථිකය ගොඩ නඟා ගැනීමට හැකි වන්නේ.

 

මෙහිදී ආයෝජකයන්ට ලබා දෙන විශේෂ වරප්‍රසාද මොනවද ?

ක්‍රමඋපාය සංවර්ධන ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී සාකච්චා වෙද්දී අපි මේ සම්බන්දයෙන් සාකච්චා කළා. අපේ ආර්ථිකයේ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 84යි. ආයෝජකයන්ට තිබෙන එකම රට ලංකාව නෙමෙයි. ඒවගේම ආයෝජකයන් ගෙනාවා ගැනීමට අනෙක්  රටවල් වලත් විවිධ උපක්‍රම භාවිතා කරනවා. එමෙන්ම දැනට පවතින නිතිරාමු ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. එවැනිම අපනයන අදායම වැඩි කර ගැනීම මෙන්ම විදේශ විනිමය හිඟය මඟ හරවා ගැනීමට ද වැඩපිළිවෙලක් සකසනවා. 

 

ආයෝජකයන් එල්ල කළ බරපතලම චෝදනාවක් තමයි, ඉහළ සිට පහළටම කොමිස් මුදල් ලබා දිය යුතු බවට. මේවත් වෙනස් වෙයි නේද ?  
අනිවාර්යෙන්ම. අරගලයේ මම දැක්ක එකම හොඳ පැත්තක් තමයි, අලුතෙන් හිතන්න පුළුවන පදනමක් සකස් වීම. ප්‍රචණ්ඩත්වය වැනි නරක පැතිත් තිබ්බා. එවන් දේ බැහැර කරලා හොඳ දේවල් අරගෙන ඉදිරියට යන්න රජය සුදානම්. 

 

බදු ගැන ඔබ සඳහන් කළා. තවත් ජනතාවට පටිතද කර ගන්න වෙයි ද ?
අතවශ්‍ය සේවා යම්තාක් දුරටක සැපයෙනවා. නමුත් එයින් මෙම ආර්ථිකය ප්‍රකෘතිමත් වෙයි කියලා හිතන්න බැහැ. අපේ බදු අදායම අපේ නිෂ්පාදිතයෙන් ගත්තොත් සියයට 8.7ක්. එය පහළ අගයක්. අපේ රජය ඇතුළු විවිධ රජයන් ප්‍රතිපත්තිමය වශයෙන් ගත් තීන්දු වලදී ඇතිවූ තත්වයන් නිසා සිදු වූවක්. එවනුව බදු අදායම සියයට 14ක් දක්වා ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.

නව බදු කිහිපයකුත් අලුතෙන් හඳුන්වා දී තිබෙනවා. රාජ්‍ය අදායම ඉහළ නංවන්න පාර්ලිමේන්තුවත් යම් එකඟතාවයකට පැමිණ තියෙනවා. මෙවැනි ක්‍රියාවලින් හමුවේ පහළ අදායම් කණ්ඩායම් විශාල පීඩනයකට පත් වෙනවා. එක පැත්තකි රාජ්‍ය අදායම් තත්වය වැඩි කරද්දී පහළ අදායම් මට්ටම් වලට ලබා දී ඇති සුභ සාධක වියදමුත් කිසිම ආකාරයකින් කප්පාදු කරලා නැහැ. එවැනිම මේ රටේ සුභ සාධක දිමානා ලැබෙන වගේම, ලැබිය යුතු නිවැරදිම කණ්ඩායම තෝරාගෙන සුභ සාධක දිමානා ලබා දීමත් සිදු වෙනවා. 

අතීතයට ගිහින් මේ වැරැද්ද කළේ කවුද? ඇයි ? යන වග ගැන ස්වයං ස්වයන් විවේචනයක් කිරීම වැදගත් වුවත් ඒ හරහා දිගටම ගියොත් අපිට හෙට දවස ගැන හිතන්න තියෙන කාලය අඩු වෙනවා. ඒනිසා රට නිවැරදි ආර්ථික රාමුවකට ගෙනවිත් හිතාමතා ආර්ථිකය බිඳ දමා තියෙනවා නම් කණ්ඩායමක් ඒ පිලිබඳ සොයා බැලීම වැදගත්.

 

හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය, මහින්ද රාජපක්ෂ වගේම බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඊට වගකිවයුතුයි කියලා ඔබ හිතනවා ද ?

කිසිම රජයක් රටකට ජනතාවට අයහපත් වෙන්න තීන්දුවක් ගන්නේ නැහැ. නමුත් අපේ රජයට නිවැරදිම තීන්දු ගත නොහැකි වූ වැදගත් තැන් තියෙනවා. ඒ හරහා රාජ්‍ය අදායම පහළ වැටුණා. කෘෂිකර්මාන්තය සම්බන්දයෙන් ගත් පොහොර ප්‍රතිපත්තිය යථාර්තයක් කර ගැනීමට නොහැකි වීම නිසා ගොවි ජනතාව දැඩි පීඩනයකට ලක් වුණා. ඒවා නිවැරදි කර ගැනීම තමයි නව රජය යටතේ අපි සිදු කරන්නේ. 

 

IMF සාකච්චා වල ප්‍රථිපල කුමක් වෙයිද ?
දෙසැම්බර් වනවිට අනුමැති ලබා ගැනීමට අපි උපරිම උත්සහ කරනවා. ඒ වෙනුවෙන් කළ යුතු කාර්යන් කරමින් ඉන්නවා. 

 

ඒ කියන්නේ නව වසර සුභ වෙයි ?
 
නව වසර සුභ කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කරමින් ඉන්නවා. මේ රජය කෙරෙහි විශ්වාස තබන්න. කෙටි කාලින දැඩි පීඩනයක් එල්ල වේවි, නමුත් ඒවා මඟ හැරවීමට අවශ්‍ය දේවල කරනවා.

 

රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් ඔබ නොසැලී වැඩ කළ චරිතයක්. ඒත් දැන් පොදුජන පෙරමුණ බෙදිලා ?
 
පක්ෂය තුල කණ්ඩායම් කිහිපයක් ඉන්නවා. විවිධ අරමුණ ඔස්සේ ගමන් කරනවා. අද වන විට මගේ ප්‍රමුඛ කාර්ය වන්නේ ආර්ථිකය ඉහළ නැංවීමට උපරිම දායකත්වය ලබා දීමටයි. අසීරු තැනකදී විපක්ෂයත් ආණ්ඩු පක්ෂයක් යම් එකඟතාවය පැමිණියා නම් පක්ෂයකට එකතු නොවී ඉන්න බැහැ. කණ්ඩායම් ලෙස බෙදුනොත් පක්ෂය පරිහානියට පත් වෙනවා. 

 

එජාපය සහ ඔබලා අතර ප්‍රතිපත්තිමය ගැටුම් තිබ්බා. අද කොහොමද මේ දේවල් ගලපා ගන්නේ ?
වැඩ කිරීමේදී මතගැටුම් නැහැ. වැඩ කළ හැකියි. ප්‍රතිපත්තිමය නොගැලපීම් තියෙනවා. අපි පත් කළ ජනාධිපති. ඔහුත් අපිව විශ්වාස කරනවා අපිත් ඔහුව විශ්වාස කරනවා. මේ අවස්ථාවේ මුලින්ම සිදු කළ යුත්තේ රට ගොඩ දාන එක. 

පක්ෂ කිහිපයක් දැනටමත් ආණ්ඩුවේ කොටස් කරුවන් වෙලා. දේශපාඥ්ඥයෝ  පිළිබඳ තවමත් ජනතාවට විශ්වාසයක් ඇති වෙලා නැහැ. ඒ විශ්වාසය තව දුරටත් ඇති කර ගැනීම හෝ නැති කර ගැනීම තියෙන්නේ අපේ හැසිරීම තුල.


අශන්ති වරුණසුරිය 

 



අදහස් (0)

පොහොට්ටුව සහ එජාපය ගලපා ගන්නේ කොහොමද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site