IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


කලාව සහ විසංයෝජනය

ග්‍රන්ථ විචාරය

X කණ්ඩායම බිඳ වැටී අවුරුදු විස්සක් ගත විය. මට අනුව මෙම බිඳ වැටීම සංස්කෘතික ඛෙිදවාචකයකි. එක්තරා ආකාරයකින් X කණ්ඩායමේ පැවැත්ම මට පෙනී ගියේ වියනා කවයක බඳු බුද්ධිමය සංවාදයක් ලෙසිනි. මේ නිසා ඒ කාලයේ ඔවුන් පළ කළ මාතොට ලන්ඩන් වැනි සඟරා හරහා විවිධ බුද්ධිමය සාකච්ඡා දැක ගැනීමට හැකි විය. කෙසේ වෙතත් ඔවුන්  පළ කළ "පෘථිවිකරණය හා  හෙජමොනිය" නමැති ග්‍රන්ථය පළවීමෙන් පසු මම එය එකල  පුවත්පතකට ලියමින් සිටි විචාර තීරුවක් හරහා බරපතළ විවේචනයට ලක් කළෙමි නොබෝ දිනකින් ඔවුහු  මාතොට හරහා මට කදිම පිළිතුරක් සැපයූහ. එම විවේචනය සැබවින්ම ඔවුන් මේ වන විටත්  ප්‍රකාශ කරමින් තිබූ න්‍යායික කාරණා පිළිබඳව ගැඹුරින් හැදෑරීමට මට අනුබලදීමක් විය. ඉන් පසුව X කණ්ඩායමේ නායකයා වූ දීප්ති කුමාර ගුණරත්න කලාව සහ විසංයෝජනය  නමින් වියමනක් පළ කළේය. ඒ කාලය පශ්චාත් නූතනවාදය පිළිබඳව අධිනිශ්චය වූ සමයක් විය.

මේ නිසා පශ්චාත් නූතනවාදය පිළිබඳ නන්දෙඩවිලි  නන්දෙසින් ඇසිණි. සැබැවින්ම කලාව සහ විසංයෝජනය නම් වියමන තුළින් X කණ්ඩායම ඔවුන් කියන පරිදිම පශ්චාත් නූතනවාදය පාරට රැගෙන විත් තිබිණි. තව ටිකක් පැහැදිලිව කියනවා නම් යමකු විසංයෝජනය deconstruction  යනු කුමක්දැයි ප්‍රශ්නයක් නැගුවොත් එයට පැහැදිලි සරල පිළිතුරක් සැපයීමට ඔවුන්ට හැකි විය. විසංයෝජනය කියන්නේ පාරභෞතික  ලෝකය කඩාබිඳ දැමීම බව ඔවුහු පැහැදිලිව සඳහන් කළහ. පිරිමින් මනසින් ගොඩනැගූ ලෝකය තුළ ප්‍රතිපක්ෂ වශයෙන් මේ පාරභෞතිකය පවතී. කලාකරුවා මේ පාරභෞතිකය හෙළිදරව් කරන තරමින් වඩාත් යථාර්ථවාදී වෙයි. විසංයෝජනය අනුදත් කලා විචාරකයා කරනුයේ කලාව නොවන දේ මගින් කලාකෘතිය ව්‍යාජයක් වන සැටි විස්තර කිරීමය. මෙහිදී ලංකාවේ පැවති දෘෂ්‍ය කලාවන් මෙබඳු විසංයෝජනීය විචාරයකට හසු කර ගැනීමට කලාව සහ විසංයෝජනය තුළ වෑයම් කර තිබිණි එම විසංයෝජනය තුළ කලා කෘතිවලට සර්වකාලීන අගයක් දීමේ පාර භෞතික වුවමනාවට හෙලුවෙන් නැටීමට  සිදුවිය. මෙම වියමනෙහි  කැපී පෙනෙන දේ නම් කලා විචාරයේ දේශපාලනය හෙළිදරව් කිරීමයි. කලාකරුවකු බිහිවීමට නම් කලා විචාරකයකු අවශ්‍යය. විචාරකයාගේ ආධිපත්‍යධාරී ප්‍රති අත්සනට  වලංගුතාවක් නොමැත. ශාක් ඩෙරිඩා ගේ Margins of Philosophy හි අවසන්  දෙසුම වූ Signature Event Context  සමග කලාව සහ විසංයෝජනයේ දෙවැනි පරිච්ඡේදය එකට ගෙන කියවීම මැනවි. ඒත් මෙම ලිඛිත වියමන කෙළවර ඩෙරීඩාගේ අත්සනෙහි  අනුරුවක් ඇත. මෙම දෙසුම පැවැත් වූ සභාව රැස්වීමට පෙර එකී ලිඛිත වියමන යැවීමට තිබූ බැවින් තමා අත්සන් කළ  බව ඩෙරිඩා ම කියයි. එහෙත් මටනම් පෙනෙන්නේ ඩෙරිඩා ගේ අත්සන විසංයෝජනයට අත්විය හැකි අනාගත ඉරණම පිළිබඳ ඔහු තුළ වූ කුකුස එළිදරව් කරන්නාක් සේය. ගයාත්‍රී ස්පිවැක්ගේ In Other Worlds  වියමනට පෙරවදන ලියන කොලින් මැක් කැබේ ඩෙරීඩා සහ ස්පිවැක් අතර වෙනස ලෙස දකින්නේද විසංයෝජනයේ ඉරණම පිළිබඳ ඔවුන් දක්වන ආකල්පවල වෙනස වශයෙනි. ඩෙරිඩා  මෙසේ උපුටා දක්වයි. the enterprise of deconstruction always in the certain  way falls prey to its own work  මෙහි දළ තේරුම නම් විසංයෝජනය ක්‍රියාවලිය හැමවිටම එක්තරා විදියකින් තමාගේම වැඩවල ගොදුරක් විය හැකි බවය. 

ඩෙරීඩාගේ එම විවේචනය ස්පිවැක්ගේ රචනාවල නොයෙක් විට මතුවන බව කැබේ කීවත් නැතත් ස්පිවැක්ගේ යටත් විජිතවාදි  චින්තනය ඩෙරීඩා විකෘති කරන්නක් බවට X කණ්ඩායම නගන චෝදනාව ඇත්තකි. එහෙත් මෙම විවේචනය මට සිහිපත් කළේ රොලන් බාත් Methologies හි සංඥාකරණයේදී කල්පිතය ඉටුකරන කාර්යභාරයට අදාළව සඳහන් කර ඇති දේය. සියල්ල භාෂාත්මක ගොඩනැගීමක් වන ලෝකයක කවියා කල්පිතයට එරෙහිවන නමුත් එම එරෙහි වීම  යළි කල්පිතයේ ගොදුරක් වන බව බාත්  පවසයි. කල්පිතය ජය ගැනීමට ඊට එරෙහිව ගොඩනගන ප්‍රතිකල්පිතය පවා කල්පිතයේ ගොදුරක් වන සැටි ද ඔහු විස්තර කර ඇත. විසංයෝජනය සම්බන්ධයෙන් ඩෙරීඩා කියන්නේද මෙවැන්නක් යැයි මට සිතෙයි. කෙසේ වෙතත් පශ්චාත් නූතනවාදය පිළිබඳව පදික වේදිකා කතාබහක් ඇවිළී ගිය කාලයක කලාව සහ විසංයෝජනය කාලෝචිත වියමනක්  ලෙස  සිංහල  කියවන්නන් අතට  පත් වූ බව මම කියමි. මෙතැනදී මවිසින් කිව යුතු යමක් ඇත. ඒ කාලේ මා පුවත්පතකට දිගින් දිගටම ලියූ සාහිත්‍ය විචාරයක් පිළිබඳව කතාබහක් මතු වී තිබුණු බවය. සැබැවින්ම ඒ කතාබහ තුළ මතුවූයේ තමන් නොදන්නා දෙයක් ගැන මහා හයියෙන්  කරන කතාවකි. එහෙත් පොතක් ගැන මා ලියූ ලිපියක් හේතු සාධක සහිතව විවේචනය කළේ X කණ්ඩායම පමණකි පෘථිවිකරණය හා හෙජමොනිය පිළිබඳව බොහෝ කලකට පෙර මා ලියූ ලිපිය අරබයා ඔවුන් කළ විවේචනය මට හැදෑරීමට අනුබල දෙන්නක් වූ බව කියන්නේ එබැවිනි.



අදහස් (0)

කලාව සහ විසංයෝජනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1821 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1479 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site