(මොහොමඩ් ආසික්)
මහමැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් මනාප 1,71,758 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තරග කළ දිලුම් අමුණුගම මහතා පළමු තැනට තේරී පත්වී සිටී.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධූර - 8
1)දිලුම් අමුණුගම - 1,71,758
2)මහින්දානන්ද අලුත්ගමගේ - 1,61, 471
3)ලොහාන් රත්වත්තේ - 140,917
4)අනුරාධ ජයරත්න - 140,798
සමගි ජන බලවේගය මන්ත්‍රී ධූර - 4
1)රවුෆ් හකීම් මහතා - 83,398
2)එම්.එච්. අබ්දුල් හලිම් -71,063
3)වේලු කුමාර් - 57,445
4)ලක්ෂ්මන් කිරිඇල්ල -52,311
COMMENTS
අප්පච්චියේ, නුවරනං තව අවුරුදු ගාණකට ගොඩ, පට්ටම හොරු ටිකක්නේ තෝරලා තියෙන්නේ..
මම හිතන් හිටියේ ලංකාවේ ඡන්ද දායකයෝ මීට වඩා බුද්ධිමත් කියායි. එ්ත් ඉතින් බුද්ධිමත් භාවය කියන එක කෙනෙක්ට බලෙන් දෙන්ට බැහැනේ.
දැන් ඉතින් ප්‍රශ්නේ ඉවරයි මහනුවරට අවශ්‍ය ප්‍රමාණයට අල, ළුෑණු , කරවල සප්ලයි කරන්න දියවන්නාවේදී දිවුරුම් දෙනවා.
අනේ මන්දා ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩද?
රටක බහුතරය ගොන්නු වූ කළ ඒ රටේ සුලුතර බුද්ධිමත් ජනතාවට වෙන්නේ මුහුදේ පනින්න. රටක බහුතරය නූගත්, සුදුසුකම් නැති මන්ත්‍රීලා පස්සේ ගොස් රැකියා ලබාගන්න එවුන් වූ කළ ඒ රටේ උගත්, සුදුසුකම් ඇති සුළුතරයට වෙන්නේ මුහුදේ පනින්න. මේ පෙන්වන්නේ ඒක තමයි.
අනේ මන්දා දිලුම් එකලු මොකද්ද ඔහුගේ දැක්ම, කිවයුතු බොහෝ දේ ඇත.. පුලුවන්නම් ඔහුට යමක් කළ හැකි නම්, පේරාදෙණිය විශ්වද්‍යාලය පීඨ 9ක් පවතින ආයතනයෙන් යම් දැනුමක්, අවබෝධයක්, අනුුග්රහයක් අරගෙන, අඩුම වශයෙන් නුවර නිසි පිළිවෙලකට පාරවල් ටිකවත් හදන්න, නගරයේ ඇති ගස් සියල්ල කපා ඇත. එහෙත් තවමත් වගේ පස් ගොවල් වලවල්, දේශපාලන නායකයින් කීදෙනෙක් හිටියද, ඉන්නවාද, දිලුම්ගේ් ඔලුවේ ජෙල්පාර ලස්සන වුණාට දැක්ම මොකද්ද? විශ්ව විද්‍යාලයකට ආසන්නයේ ඇති පාසල රටක කදිම පාසල විය යුතුයි. පේරාදෙණිය ඉංජිනේරු පීඨයට ආසන්නයේ පැණිදෙණිය අගුනාවල පාරේ පාසල ගැන හිතා බලනු මැනවි, ජය ලැබුවෝ සතුට සමරති, නමුත් පරාජිතයෝ යලිත් අපි අපි අපිම බව අමතක නොකරනු, ඔවුන් අපට යෝජනා කල කිසිවක් නොකරති. 2025 ඡන්දය ආසන්න වූවිට යලිත් 2020 කියු දේම යලි කියති. දිලුම්ට කියන්න නුවර සංවර්ධනය කරනවා කියකියා හැදාම මොකක්දෝ හදපු ආකෘතියක් පෙන්නනවා 2005 ඉඳලා, ඕක පෙන්නුවා ඇති, අඩුම නුවර ටවුමේ පොදු වැසිකිලි ටිකවත් හදන්න, රුපියල් 10 හෝ 20ට දුන්නට ඉටිපන්දමවත් නොමැත.