
(රංජිත් රාජපක්ෂ)
මහමැතිවරණය සඳහා නුවරඑලිය දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙකුට අයත් පොස්ටර් , මනාප අංකය සඳහන් අත් පලඳනා සහ මනාප අංකය සඳහන් අත් පත්‍රිකා තොගයක් සමඟ සැකකරුවෙකු අද (04) අත්අඩංගුවට ගත් බව නානුඔය පොලිසිය පැවසීය.
නුවරඑලියේ සිට මීපිලිමාන දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක මෙම පොස්ටර් තොගය , අත් පලඳනා සහ අත් පත්‍රිකා තොගය ප්‍රවාහනය කරමින් තිබූ බව නානුඔය පොලිසිය කියයි.
පොස්ටර් 1000 ක් , මනාප අංක සහිත අත් පලඳනා 600 ක් , මනාප අංක සහිත අත් පත්‍රිකා 800 ක් , බස් රථය සහ බස් රථයේ හිමිකරු පොලිස් භාරයට ගෙන ඇති බවත් එම සැකකරු හෙට (05) නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් නානුඔය පොලිසිය පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.