IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මැතිවරණ දැන්වීම් ඉවත් කරන්නැයි ඉල්ලූ පෙත්සම සළකා බැලීම 4 දා

( තිළිණි ද සිල්වා සහ රංජන්   කටුගම්පොළ  )


මොරටුව ඇතුළු දිවයින පුරාම ප්‍රදර්ශනය කර ඇති මැතිවරණ ප්‍රචාරක දැන්වීම් පුවරු, අපේක්ෂකයන්ගේ ඡායාරූප සහ දැන්වීම් පත්‍රිකා වහාම ඉවත් කිරීමට පියවර ගැනීමට මැතිවරණ කොමිසමට හා වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ක්‍රිස්මාල් වර්ණසූරිය ගොනු කළ  ‘රිට්’ පෙත්සම අගෝස්තු 04 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) නියම කළේය.
 
ඒ අනුව එදිනට පෙත්සමේ වගඋත්තරකරුවන්ට  හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට  නොතීසි දන්වා යවන්නැයිද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමිකාර පාර්ශවයට දැනුම් දුන්නේය.
 
මෙම රිට් පෙත්සම බුවනෙක අළුවිහාරේ , එල්.ටී.බී .දෙහිදෙණිය සහ එස් .තුරේරාජා යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවිණි. මහ මැතිවරණය අගෝස්තු 5 වැනිදා පැවැත්වෙන බැවින් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ඉවත් කිරීම නොපමාව කළ යුතු බවද පෙත්සම්කරු සිය පෙත්සමෙන් කියා  සිටී.
 
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයන් දෙදෙනා, වැඩ බලන පොලිස්පතිවරයා, මොරටුව පොලිස් ස්ථානාධිපති ක්‍රිෂාන්ත ලොකුගේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
 
අපේක්ෂකයන්ගේ මැතිවරණ කාර්යාලවල හා නිවෙස්වල ප්‍රචාරක දැන්වීම් පුවරු ප්‍රදර්ශනය නොකළ යුතු යැයි මැතිවරණ කොමිසම 18.06.20 දින නිකුත් කළ චක්‍රලේඛනයක් මගින් දැනුම් දී තිබියදීත් ඒ ගැන නොතකා බොහෝ ​අපේක්ෂකයන් තැන තැන දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර ඇතැයි පෙත්සම්කරු කියා සිටී.
 
මෙවර එජාපයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන මොරටුව පිහිටි තමාගේ මැතිවරණ කාර්යාලයේ ප්‍රදර්ශනය කර තිබූ දැන්වීම් පුවරුව පොලිසිය කඩා දැමූ නමුත් ප්‍රදේශය පුරාම ඇති තවත් අපේක්ෂකයන්ගේ දැන්වීම් පුවරු තවමත් ඉවත් කර නැතැයි අධිනීතිඥ වර්ණසූරිය සිය පෙත්සමෙන් කියා සිටී.
 
එබැවින් මොරටුව  ඇතුළු දිවයින පුරාම ප්‍රදර්ශනය කර ඇති මැතිවරණ ප්‍රචාරක දැන්වීම් පුවරු, අපේක්ෂකයන්ගේ ඡායාරූප සහ දැන්වීම් පත්‍රිකා වහාම ඉවත් කිරීමට පියවර ගැනීමට මැතිවරණ කොමිසමට හා වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි
 
 ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටියේය.



අදහස් (3)

මැතිවරණ දැන්වීම් ඉවත් කරන්නැයි ඉල්ලූ පෙත්සම සළකා බැලීම 4 දා

මුණසිංහ Friday, 31 July 2020 01:10 PM

එතකොට ඔය ඉලෙක්ෂන් එක තියන්නේ ඔක්තෝබර් 5 වෙන්නැති නේද?

:       0       140

Prasad Friday, 31 July 2020 02:26 PM

පොලීසිය සහ උසාවිය පවතින දේශපාලනය හමුවේ වල්වැදී ඇත.

:       0       151

Prasad Friday, 31 July 2020 02:26 PM

පොලීසිය හා උසාවිය පවතින දේශපාලනය හමුවේ වල්වදී...

:       0       50

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 67 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site