
(මහේෂ් කිර්තිරත්න)
මහ මැතිවරණයට අදාළ මාතලේ දිස්ත්‍රික්කය තුළ අද (03) වැනිදා වනවිට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධින් 324 ක් වාර්තා වී ඇති බව මාතලේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
මාතලේ දිස්ත්‍රික්කය තුළ බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවන බවත් නීති විරෝධී රැස්වීම්, භාණ්ඩ බෙදාදීම්, සංග්‍රහ කිරීම් ,මාර්ග සඳහා මුල්ගල් තැබීම් , නීති විරෝධී කාර්යාල දැමීම ආදී සිද්ධීන් වාර්තා වන බව සහකාර මැතිවරණ කොමසාරිස් කුමරනි ප්‍රතාපසිංහ මෙනවිය සඳහන් කළාය.
මැතිවරණ රාජකාරියේ නිරත නිලධාරීන් පිරිසකට බැන තර්ජනය කිරීමේ සිද්ධීන් දෙකක්ද පැමිණිලි අතර තිබෙන බවත් ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද මාතලේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
මෙම පැමිණිලි පිළිබඳව විමර්ශනය කරන බවත් පැමිණිලි කිහිපයක් පිළිබඳව මැතිවරණ කොමිසම වෙත වාර්තා කර ඇති බවත් සහකාර කොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසුවාය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.