ධම්මික බණ්ඩාරයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද අමරසිරි පීරිස් සහ වසන්තා තිලකාංගනීගේ මධුර මනෝහර භාවානුරාගී සුගායනයෙන් ද ඩැනිස්ටර් පෙරේරාගේ සුමිහිරි ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත වූ මෙි මහඟු ගීමිණ ප්‍රේමයේ විප්‍රලම්භ ශෘංගාරය පමණක් නොව සම්භෝග සුවය ද දනවයි.
රාධා - ක්‍රිෂ්ණා පෙම්යුවළ පිළිබඳ මීට පෙරද බොහෝ ගීත ලියැවී ඇත.මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියූ නන්දා මාලිනී ගැයූ රෝහණ වීරසිංහයන් වැයූ "යමුනා ගංතෙර " නමැති ගීමිණ එයිනුත් ප්‍රමුඛකොට ගිණිය හැකිය.එහෙත් ධම්මික බණ්ඩාරයන් විසින් විරචිත මෙි ගීතය ද නූතන සුදුර්ලභ සුභාවිත ගීමිණක් නොවෙිද? ලාංකේය සුභාවිත ගීත සාහිත්‍යයේ අතළොස්සක් තරම් වූ ගී මුක්තාමාලාවට මෙි ගීමුතු ඇටය ද ඇමිණිය යුතුය.හිමාලයේ යමුනා තීරය යනු පෙර කල ශ්‍රී කෘෂ්ණ හා රාධා ප්‍රේමයෙන් වශී වී කෙළිදෙලෙන් වාසය කළ ස්ථානය යි.එහිදී ඔවුහු ජීවන ලාලසාවෙන් වෙළී අසීමිත ප්‍රේමයෙන් ආලෝලනය වී සම්භෝග ශෘංගාරසුව වින්දෝය.මෙි ගීතයේ එන පාරිසරික වැනුම් සහ කාව්‍යෝක්ති අතිශය චිත්තරූපිකය.මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ "යමුනා ගංතෙර " ගීතයෙන් ප්‍රකාශමාන වන්නේ රාධා තුළ බිඳී ගිය ප්‍රේමය යළි ප්‍රතිෂ්ඨාපනය කරගැනීමට පවත්නා අභිලාෂය යි.එහෙත් මෙි වනාහි එවැන්නක් නොව උනුන් එකිනෙකා රාගයෙන් මත් වී සිටින නිමෙිෂයකි.මෙි වූකලි සම්භෝගය ඉල්ලා නගන රාවයක් වැනිය.
ශ්‍රී කෘෂ්ණ හෙවත් ක්‍රිෂ්ණා යනු කවුරුන්ද? ඔහු විෂ්ණු දෙවියන්ගේ අවතාරයකි. හින්දු පුරාණෝක්තිවලට අනුව විෂ්ණු යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්මටත් ධර්මය රැකීමටත් අදමිටුවන් විනාශ කිරීමටත් නේක වෙිශයෙන් විෂ්ණු ලොව පහළ වන බව හින්දු භක්තිකයෝ විශ්වාස කරති.විෂ්ණුට අවතාර දහයකි.මෙි අවතාර අතරින් වඩාත් ජනප්‍රිය වූයේ රාමා සහ ක්‍රිෂ්ණා ය.ක්‍රිෂ්ණා වඩාත් ජනප්‍රිය වූයේ ඔහුගේ ප්‍රේමවන්තිය වන රාධා නමැති රූමත් ගෝපිකාව නිසාය.ගොපල්ලකු හා ගෝපිකාවක වන ක්‍රිෂ්ණා - රාධා පෙම්යුවළ කුඩා කල පටන් හැදී වැඩුණේ වෘන්දා වනය හෙවත් හිමාලය ආසන්නයේ ගමකය.ක්‍රිෂ්ණා කාලවර්ණය.එහෙත් රූපශ්‍රීයෙන් අගතැන්පත් ය.බටනළා වාදනයට ද එකසේ දස්කම් විස්කම් පෑ ක්‍රිෂ්ණා කතුන්ගේ සිත් වශී කරන ඉන්ද්‍රජාලිකයෙක් ද වූයේය.ගෝපිකාවෝ ඔහුගේ වස්දඬුරාවය නොඅසා රාත්‍රී නින්දට නොගියහ.රාධා- ක්‍රිෂ්ණා ප්‍රේම වෘතාන්තය ශෝකාන්තයක් වූව ද ඒ ඇසුරින් සාහිත්‍යකරුවෝ විවිධ නිමැවූම් කළෝය.ඇතමෙක් කවි,ගීත ලියූහ.තවත් සමහරු චිත්‍ර,මූර්ති,කලා කැටයම් කළහ.මෙනයින් සාහිත්‍යකරුවෝ රාධා - ක්‍රිෂ්ණා ලෝකයේ අමරණීය පෙම්යුවළක් බවට පත් කළෝය.
ක්‍රිෂ්ණාට තිබුණේ සල්ලාල ජීවිතයකි.රාධාගෙන් පමණක් සෑහීමට පත්නොවූ ඔහු වෙනත් ගෝපිකාවන් සහ වැන්දඹු කාමිනියන් සමග රැය පහන් කළේය.ක්‍රිෂ්ණාගේ අනග රැඟුම් නොඉවසූ රාධා අවසානයේ ඔහු අත්හැරියා ය.එහෙත් ඇය ඔහුට දිවිහිමියෙන් පෙම් කළාය.ඔහු සමඟ ගෙවූ සුමිහිරි මතකය හිතේ ගුලිකර ගෙන පෙම් නටබුන් අතර අතරමං වී දුක්වින්දාය.එහෙත් මෙි ගීතයට විෂය වන්නේ රාධා - ක්‍රිෂ්ණා ප්‍රේම වෘතාන්තයේ ඒ අමිහිරි අතීතය පිළිබඳ නොවෙි.ඔවුන් දෙපල එකල ගතකළ සොඳුරු සුයාමය ගැනය.
පි: හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා
සුදුපෙණ කැටි බලන්න රාධා
ගැ: සුළඟ හමයි සීතල සාදා
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා
හිමාල කඳුවැටියේ සීතල පිරුණු ශිඛර මතින් ගලා හැළෙන හිමකැට දිය වී යමුනා ගඟට වැටී සරැළි නගයි.එයින් නැගෙන තරංග ශ්වෙිතවර්ණ පෙණබුබුළු විහිදයි.ක්‍රිෂ්ණා මෙකී සුන්දරත්වය නරඹන ලෙස තම සොඳුරු ප්‍රියාවිය වන රාධාට ඇරියුම් කරයි.එහෙත් හිම දියවීමට හේතු කිම? ඒ උනුන් එකිනෙකා ප්‍රේමයෙන් තුරුලුව වෙළි සිටීමට සුඛාස්වාදයට අතවනන නිසාය.සම්භෝග ශෘංගාර සුව විඳීමට ප්‍රහර්ෂයෙන් සිටින ක්‍රිෂ්ණා ව්‍යංග්‍යාර්ථයෙන් පවසන්නේ හිමලයේ හිම දියවීමට හේතුව දෙදෙනාගේ උණුසුම් හමුවීම බවයි.මෙි උණුසුම වනාහි උනුන්ගේ සිතෙහි ඇවිළෙන රාග ගින්න නොවෙිද? මෙහිදී රාධාගේ හිත්කොනේ කිසියම් වූ විචිකිච්ඡාවක් මතුවෙයි.එනම් දසතින් හමා එන සුළඟ හේතුවෙන් කැටි වූ සීතල ගිනි ගනී ද යන්නයි.එසේත් නැත්නම් සීතල උණුසුමකට පෙරළෙයි ද යන්නයි.එහෙත් ගින්දර - පුළුන් දෙක එකතු වූ විට ඔිනෑම සීතලක් පරයා ගින්නක් හට ගන්නා බව නොදන්නෝ කවරහුද?මෙහිදී රචකයා ගීසපුව වර්ණවත් කිරීමට ගොඩනගන ව්‍යංග්‍යාර්ථ සහ චිත්තරූපික කාව්‍යෝක්ති රමණීය නොවෙිද?
පි: සිනා රැලි නගා උතුරන
ඔය හදවත් නීල ජලාසේ
පීනන මේ ස්වර්ණ හංසයෝ
අකීකරුද මෙතරම් රාධා
ගැ: ඉඩ දී දෙන්නට දඬුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා
මෙහිදී ක්‍රිෂ්ණා තම සූරූපි ආදරවන්තයගේ රූපසම්පත්තියට මනැසින් සහ මසැසින් ලොබලිය වඩමින් පවසන්නේ කුමක්ද ?ඇගේ ධවල වර්ණයෙන් බබළන හදවත නීල ජලාශයක් මෙන් උතුරා යන බවය.ඇගේ පීන පයෝධර යුග්මය චලනය වන්නේ යටකී නීල ජලාශයේ පිහිනා යන ස්වර්ණහංසයන් මෙනි.දුටු මතින් රාගික හැඟීම් ජනනය වන මෙි මනරම් සොඳුරු දසුන ක්‍රිෂ්ණාට ගෙන දෙන්නේ සුඛානන්දයකි.සුමිහිරි ආස්වාදයකි.එහෙත් ඒ ස්වර්ණහංස යුවළ මෙතරම් අකීකරු මන්දැයි ක්‍රිෂ්ණා අසයි.මෙහිදී රාධා තම ප්‍රාණසම පෙම්වතාගේ පැනය ඉදිරියේ නිරුත්තර වන්නීය.එපමණක් නොව ඇය පවසන්නේ එම අකීකරු ස්වර්ණහංස යුවළට නිසි දඬුවමක් දෙන ලෙසය.මෙහිදී රචකයා ව්‍යංග්‍යාර්ථයෙන් පවසන්නේ රාධා ක්‍රිෂ්ණාට අවනත වූ බව නොවෙිද?මෙබඳු සෞන්දර්ය පරිසරයක සිටින ගැහැනියක තම හදවත දිනූ පිරිමියා සමඟ සම්භෝග සම්පර්කයට සූදානම් වීම අරුමයක් ද?
පි: මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ
සඳ දිය මිණිමෙවුලට වැටිලා
දෑස නිලංකාරයි රාධා
ගැ: ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා
මෙි ගීතයේ අවසන් අන්තරා කොටසින් පැවසෙන්නේ ඔවුන් දෙදෙනා සම්භෝග ශෘංගාරසුව විඳීමට ආසන්න බව නොවෙිද?මෙහිදී හෝපලු යනු අශෝක මල් වලට කියන තවත් නමකි.එහෙත් නිල්වණින් සුදිලෙන අශෝක කුසුම්පෙති යහන් තලාව මත තැළී පොඩිවී ඉකිබිඳියි.සඳදිය මිණිමෙවුලට වැටී දෑස් නිලංකාර වී ඇති බව ක්‍රිෂ්ණා පවසයි.මිණිමෙවුල යනු කිම? එකල රජ බිසවුන්,කුමාරිකාවන් ඉණට මඳක් පහළින් පැළඳි ලෝහයෙන් තැනූ ආභරණයකි.කාන්තාවන් පතිවත සුරැකීමට මෙම ආභරණය භාවිත කළ බවත් එය ඉණ පැළැඳි කතුන්ගේ තුනටිය මඳක් සිහින් වන බවත් පැරැන්ණෝ කියති.මෙහිදී ක්‍රිෂ්ණා පවසන්නේ රාධා පැළැඳ සිටින මිණිමෙවුලට සඳදිය වැටී එය අලංකාරයෙන් බබළන බවයි.මෙකී දසුනින් ඔහුගේ දෑස් නිලංකාර වී ගිය බවද කියති.එහෙත් මෙහිදී තම ආරක්ෂාව සඳහා යොදා තිබූ මිණිමෙවුල හෙවත් පතිවත තීරය විවෘත කිරීමට ක්‍රිෂ්ණාට ඉඩ දී රාධා නිහඬ වන්නීය.ඇය දෑස වසාගෙන සිටින්නේ ක්‍රිෂ්ණාට රිසිසේ තම සිරුර විඳින්නට ඉඩදීමට නොවෙිද? මෙි පද ගීතයේ හද මෙනි.ධම්මික බණ්ඩාරයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ අතිවිශිෂ්ට පදසංයෝජනය නොවන්නට මෙි ගීතය තවත් හරසුන් බොල් පදවැල් ඔබා ගම්වැසි වදන් ඇමිණු ,සම්භෝග ශෘංගාරරස භංග කරන ගීතයක් වීමට ඉඩ තිබිණි.
ප්‍රේමදාස ශ්රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
ප්‍රේමකුමාර ජයවර්ධනයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද එඩ්වඩ් ජයකොඩියන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුරංජි
මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ පද සංයෝජනයෙන් ද නන්දා මාලිනීයන්ගේ මධුර මනෝහර භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකා
මෙි ගීතයේ ගේයපද,ගායනය හා සංගීතය යන ත්‍රිත්වය ම සැපයූවෝ නොබෝදා අප අතරින් වියෝ වූ ජනප්‍රිය ගායක සේනක බටගොඩයෝ ය.
මෙි සුදුර්ලභ ගීමිණ රචනා කරන්නී පද්මා ජයසිංහ නම් අප්‍රකට ගේයපද රචකාවියක වන්නීය.සුගායනය කළෝ නව පරපුරේ තරු ගායක තරංග සම්පත් තරුණයෝ ය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
හිම දිය වී හිමාලයේ