IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


පවුල් පාලනයේ අලුත් පුරුක ආර්ජන්ටිනාවේ ඇල්බර්ටෝ ෆර්නැන්ඩස්

 

පවුල් දේශපාලනය ආසියාකරයට අලුත් දෙයක් නොවුණද, බටහිර රටවලට එය තරමක අලුත් මාතෘකාවකි. පියාගෙන් පුතාට, මවගෙන් දියණියට ආදී ලෙසින් සම්බන්ධ වන පවුල් දේශපාලනයේ අලුත්ම පිම්ම වාර්තාවන්නේ දකුණු ඇමෙරිකා රාජ්‍යයක් වන ආර්ජන්ටිනාවේ ජනප්‍රිය දේශපාලන පවුලක් වන ෆර්නැන්ඩස් පවුලෙනි. පවුලේ භාර්යාව මුලින් එරට විධායක ධුරයට පත්වීමෙන් පසු පවුලේ ස්වාමිපුරුෂයාද එම ධුරයට තේරී පත්වන්නේ දෛවෝපගත ලෙසිනි. මෙවර දියත වෙන්වන්නේ එයාකාරයෙන් බලයට පැමිණි ආර්ජන්ටිනාවේ නව ජනපති ඇල්බර්ටෝ ඇන්ජල් ෆර්නැන්ඩස් වෙනුවෙනි.


ආර්ජන්ටිනාව නිල වශයෙන් ආජන්ටිනා සමුහාණ්ඩුව නමින් හැඳින්වේ. දකුණු ඇමරිකාවේ පිහිටි දෙවන විශාලතම රටයි. බුවනෝස් අයර්ස් එහි අගනුවර වේ. භූමි ප්‍රමාණය අනුව ආජන්ටිනාව ලෝකයේ අනෙක් රටවල් අතරින් 8 වැනි තැන ගනී. ස්පාඤ්ඤ කථාකරන රාජ්‍ය අතර විශාලතම රට වන්නේද මෙයයි. මෙක්සිකෝව, කොලොම්බියාව හා ස්පාඤ්ඤය වඩා ජනාකීර්ණය. 


ආර්ජන්ටිනාවේ මහාද්වීපික ප්‍රදේශය බටහිර ඇන්ඩීස් කඳු හා නැගෙනහිර අත්ලාන්තික් සාගරය හරහා ඇත. එහි මායිම් උතුරින් පැරගුවේ හා බොලිවියාවද, ඊසාන දිගින් බ්‍රසීලය හා උරුගුවේද, බටහිරින් හා දකුණින් චිලී රාජ්‍යයත් වේ. ආර්ජන්ටිනාව ඇන්ටාටිකාවට අයිතිවාසිකම් කියන අතර, චිලී සහ එක්සත් රාජධානිය විසින් කරන ලද අයිතිවාසිකම් ඉල්ලීම 1961 ඇන්ටාටික් ගිවිසුම මඟින් අත්හිටුවන ලදී. ආර්ජන්ටිනාව එක්සත් ජාතීන්ගේ හා දකුණු ඇමරිකානු සංගමයේ නිර්මාතෘ සාමාජිකයෙක් සේම ජී20 සංවිධානයේ සාමාජිකයෙක්ද වේ.


දේශපාලනය තුළ ආර්ජන්ටිනාව තරම් බැට කෑ රාජ්‍යයක් නැතිතරම්ය. වැඩි කාලයක් හමුදා පාලන නිසාද, ඒකාධිපති පාලන නිසාද බැට කෑ ඔවුහු මේ වන විට තරමක් නිදහසේ හුස්ම ගනිමින් සිටින්නේ දශක දෙකක පමණ සිට එරට ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම වෙනුවෙන් උත්සාහ ගන්නා දේශපාලනඥයින් නිසාවෙනි.


එරට ඔක්තෝබර් 27 වැනිදා පැවති මහ මැතිවරණයෙන් සියයට 48.1 ක වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් දැවැන්ත ජයක් ලබා ගත් ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් එරට ජනාධිපති ධුරයට තේරී පත්වූයේ පොදු ජනතාවගේ සිත් තුළ සුපහන් හැඟුමක් ඇති කරමිනි. ඒ සියල්ල යථාර්ථයක් කරනු වස් එක සේ කැපවූ හිටපු ජනපතිවරියක් ඔහු පසුපසු වූවාය. ඇය ඔහුගේ දයාබර භාර්යාව වන ක්‍රිස්ටීනා ෆර්නැන්ඩස්ය. 


ඇයද පසුගිය මැතිවරණයේ ඔහුගේ උපජනාධිපති අපේක්ෂක වූ අතර ඔහුගේ ජයග්‍රහණයෙන් ඇයද උපජනාධිපති ධුරයට තේරී පත් වූවාය.

 

 


වෘත්තීයෙන් දේශපාලනඥයකු සේම, නීතීඥවරයෙකු වන හෙතෙම මහමැතිවරණය ජයග්‍රහණය කළ ද නිලබලයෙන් ධුරයේ කටයුතු කරනු ලබන්නේ දෙසැම්බර් 10 වැනිදාය. 1959 වසරේ අප්‍රේල් 2 වැනිදා බුවනෝර්ස් අයර්ස් අගනුවර උපත ලැබූ ඔහු ගේ පියා ස්පාඤ්ඤ සම්භවයක් ඇති විනිසුරුවරයෙක්ද වූයේය. වයස අවුරුදු 24 වන විට නීති උපාධියක් හිමි කර ගත් හෙතෙම පසුකලෙක අපරාධ නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන්ද කලක් සේවය කළේය.


1992 වසරේදී ආර්ජන්ටිනාවේ කැපී පෙනෙන තරුණයින් දස දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වීමට වරම් ලැබූ හෙතෙම පළමුවරට දේශපාලනයට පිවිසියේ 2000 වසරේදීය. ඒ බුවනෝර්ස් අයර්ස් හි ව්‍යවස්ථාදයකයේ මන්ත්‍රීවරයෙකු ලෙසිනි. ඉන්පසු 2003 වසරේදී  හිටපු ජනාධිපති නොස්ටර් කර්ච්නර්ගේ ධුර කාලය තුළ මෙන්ම, 2007 වසරේදී තම භාර්යාව වූ ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස්ගේ අමාත්‍ය මණ්ඩල ප්‍රධානියා ලෙසද කටයුතු කළේය. එම කාලය තුළ දී ඔහු එරට කෘෂිකර්ම අපනයන සඳහා විචල්‍ය බදු ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙන් කැපී පෙනෙන ලෙසින් කටයුතු ආරම්භ කළේය.


ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරයා ලෙස වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට මධ්‍යම වාමාංශික අපේක්ෂක ඇල්බර්ටෝ ෆර්ඩිනැන්ඩස්ට හැකි වූයේ කොන්සර්වේටිව් අපේක්ෂක මොරිසියෝ මැක්රි  පරාජය කරමිනි. එහිදී ප්‍රතිවාදී මොරිසියෝ මැක්රි  සියයට හතළිහයි දශම හතයි එකක්ද ලබා ඇතැයි   වාර්තා වන්නේය. 


ඇල්බේටෝ ෆ්ර්නැන්ඬේස් විසින් මෙම මූලික ඡන්ද වටයේදී වත්මන් ජනාධිපතිවරයා පරාජයට පත්කිරීමට සමත් විය. එය එදා මෙදා තුළ ආර්ජන්ටිනාවේ දේශපාලන ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙක් පළමු ජන්ද වටයේදී වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් පළමු අවස්ථාව විය. ආර්ජන්ටිනාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් ජනාධිපතිවරයා ලෙස පත්වීම එරට ජනතාවගේ අපේක්ෂාවන් ඉහළ නැංවීමක් බව එරට දේශපාලන විචාරකයෝ පැවසූහ.

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

පවුල් පාලනයේ අලුත් පුරුක ආර්ජන්ටිනාවේ ඇල්බර්ටෝ ෆර්නැන්ඩස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 45 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 152 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1006 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site