IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


සමාගම් දෙකක් අතර වූ යෝජනාවක් බිලියන 500 ඉක්මවූ ගනුදෙනුවට බැඳීමක් වූයේ කෙසේද

(දයාසීලි ලියනගේ)

නොරොච්චෝලේ පිහිටි ලක්විජයගල් අඟුරු බලාගාරයට 2021-2022 කාල පරිච්ඡේදය තුළදී මුළු ගල් අඟුරු අවශ්‍යතාවයෙන් 50% දීර්ඝකාලීන ප්‍රසම්පාදනය මගින් ද ඉතිරිය ක්ෂණික ප්‍රසම්පාදනය මගින් සිදුකර ඇති බව විගණන පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

2022 සිට 2025 දක්වා ප්‍රසම්පාදන කාල පරිච්ඡේදය සඳහා ගල් අඟුරු ලබාගැනීමේදී ලංසු කැඳවීම, පූර්ව ලංසු රැස්වීම පැවැත්වීම, ලංසු විවෘත කිරීම, ලංසු ඇගයීම, ටෙන්ඩර් පිරිනැමීම සහ පිරිනමන ලද ටෙන්ඩර් අවලංගු කිරීම ආදිය පරික්ෂා කිරීම සහ මෙම ප්‍රසම්පාදනයට පෙර ක්‍රියාත්මක වූ මිලදී ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව පරික්ෂා කිරීම මෙම විගණන වාර්තාව මගින් සිදුකර ඇත.

ඒ අනුව නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා 2022 සිට 2025 කාල පරිච්ඡේදයට අදාළ ව ගල් අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇගයීම සම්බන්ධයෙන් විගනන වාර්තාව සකස් කර ඇත.

ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් 30% ක් 40% ත් අතර ප්‍රමාණය මෙම ගල් අඟුරු බලාගාරයෙන් ලබා දෙන අතර වාර්ෂිකව ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.25 ක් පමණ අවශ්‍ය වන බව මෙම වාර්තාව සඳහන් කරයි. 2021 සිට 2022 ප්‍රසම්පාදන කාල පරිච්ඡේදය අවසාන වන තෙක්ම වාර්ෂික ගල් අඟුරු අවශ්‍යතාවයෙන් 50% දීර්ඝකාලීන ප්‍රසම්පාදනය මගින් සහ ඉතිරි 50% ක ප්‍රමාණය ක්ෂණික ප්‍රසම්පාදනය මගින් සපුරා ගෙන තිබූ බව අනාවරණය වේ.

ගල් අඟුරු සපයන Suek Ag සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරි වෙත 2022 ජූලි විසි වන දින ඊමේල් පණිවිඩයක් මගින් 2022 අගෝස්තු මාසයෙන් පසුව එම සමාගමට රුසියානු ගල් අඟුරු සැපයීමට නොහැකි බැවින් ඒ වෙනුවෙන් ස්ථාපනය කර ඇති Black Sand Commodities සමාගම වෙත ලංසු ඉදිරිපත් කිරීම සඳහා ආරාධනා කරන ලෙස ඉල්ලා තිබුණි. එහෙත් ගල් අඟුරු සමාගම ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබුණු බව සඳහන් කරයි.

සමාගම් දෙකම එකම කළමනාකරණයක් යටතේ පවතින බැවින් Black Sand Commodities  ලෙස වෙනස් කරන ලෙසට Suek Ag සමාගම 2022 අගෝස්තු තුන්වන දින ලිපියකින් ඉල්ලුම් කර තිබූ අතර ඉදිරි ප්‍රසම්පාදනයන් සඳහා එම සමාගම ඉදිරිපත් වන බව ද එහි තහවුරු කර තිබූ බව වාර්තා වේ.

මීට අමතරව Suek Ag සමාගම විසින් ක්ෂණික ප්‍රසම්පාදනයට අදාල සැපයුම්කරුගේ විස්තර ලෙස Suek Ag සමාගම සහ එහි ලිපිනය වෙනුවට black sand commoditiesසමාගම සහ එම සමාගමේ ලියාපදිංචි කාර්යාලයෙහි ලිපිනය ආදේශ කරන ලෙසට ඉල්ලා ඇති බව සඳහන් වේ.

එහිදී මෙම සමාගම් දෙක අතර සම්බන්ධතාවය තහවුරු කරගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ලේඛන ප්‍රමාණවත් නොවන බව විගණනය මගින් නිරීක්ෂණය කර තිබුනි. කෙසේ වුවද තාක්ෂණික ඇගැයීම් කමිටුව විසින් නව සමාගම ගල් අඟුරු සැපයුම්කරුවකු ලෙස 2024 නොවැම්බර් 28 දක්වා ලියාපදිංචි කිරීමට නිර්දේශ කර තිබුණි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂක විසින් 2022 අගෝස්තු 03 වන දින ලංකා ගල් අගුරු සමාගමේ සභාපතිවරයාවෙත යවන ලද ලිපියකට අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලංසු ලේඛනයන්ට අදාළව සංශෝධනය හඳුන්වා තිබූ බවද අනාවරණය විය.

ඒ අනුව,” ලියා පදිංචි සැපයුම්කරුවන්ට ඔවුන් වෙනුවෙන් ලංසු ඉදිරිපත් කිරීමට වෙනත් හවුල්කරුවකු හෝ වෙන සමාගමක් සමඟ සම්බන්ධ වීමට හෝ වෙනත් ආකාරයකින් සම්බන්ධ වීමට ගල් අඟුරු සමාගම අවසර දෙනු ලබයි. කෙසේ වෙතත් සපයන ලබන ගල් අඟුරු වල ගුණාත්මක භාවය, ප්‍රමාණය සහ ඒ සඳහා ගෙවීම් ලියාපදිංචි ගල් අඟුරු සැපයුම්කරු සහ හෝ ඔවුන්ගේ අනුබද්ධ ව්‍යාපාරය හවුල්කරු සහ හෝ ඔවුන්ගේ පැවරුම් ලාභියා විසින් සම්පූර්ණයෙන්ම සුරක්ෂිත කළ යුතුය.”

විගණන වාර්තාව මගින් 2022 සිට 2025 දක්වා කාලය තුළ ගල් අඟුරු ප්‍රසම්පාදනයට අදාලව කරන ලද නිරීක්ෂණයන්මෙසේය;

ලියාපදිංචි සැපයුම්කරුවකු වන SUEK AG සමාගම විසින් තමන් වෙනුවට ඉදිරියේදීත් ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා අනුබද්ධිත සමාගමක් ලෙස හඳුන්වා දී ඇති Black Sand Commodities කටයුතු කරන බැවින් සිය ලියාපදිංචිය එම නව සමාගමට වෙනස් කිරීමට ඉල්ලා තිබුණි. එම ඉල්ලීම ප්‍රතිචාරයකින් තොරව ප්‍රබල සහ සංවේදී සංශෝධනයන් ලංසු ලේඛන වලට ඇතුලත් කිරීමට තීරණය කර තිබූ බව නිරීක්ෂණය විය.  දැන් ඉල්ලීම ඉටු කිරීමට ඇති නීතිමය නොහැකියාව අදාල සැපයුම්කරු වෙත දැනුම් දීමට ද ප්‍රසම්පාදනය විසින් කටයුතු කර නොතිබුණු බව නිරීක්ෂණය විය. කෙසේ වෙතත් එම සංශෝධනයෙන් පසුව Black Sand Commodities සමාගමට මෙම ලන්සුව ලබාගැනීමේ අවස්ථාව ලබා දී තිබුනි.

තවද මෙම ගල් අඟුරු තොග තමාට සැපයීමට නොහැකි බව දන්වමින්, නව සමාගම ලංසු ඉදිරිපත් කිරීම සඳහා ආරාධනා කරන ලෙස SUEK AG සමාගමේ පළමු ඉල්ලීම 2022 ජූලි විසි වන දින lankanවීමටත් පෙර ඉදිරිපත් කර තිබුණේ මෙම ප්‍රසම්පාදනය ඉදිරියට කරගෙන යාම සඳහා තීරණාත්මක හා වඩා වැදගත් එවැනි ඉල්ලිමක් සම්බන්ධයෙන් නීත්‍යානුකූලභාවය විධිමත් ව සලකා බැලීමක් සිදු කර ඒ සඳහා පසුබිම සකස් කර දීමක් හෝ අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ලංකා ගල් අඟුරු සමාගම අපොහොසත් වී තිබුණි. ක්ෂණික ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් SUEK AG සමාගම අවස්ථා දෙකකදී ඉල්ලුම් කර තිබුණු අතර තාක්ෂණික ඇගයීම් කමිටුවට යොමු කිරීමට කටයුතු කර නොතිබුණි.

Black Sand Commodities සමාගම මෙම ප්‍රසම්පාදනයේ පාර්ශ්වකරුවෙකු ලෙස යොදා ගන්නා ලෙසට කරන ලද ඉල්ලීමකට නිසි ප්‍රතිචාරයක් දැක්වීමට කටයුතු නොකිරීම තුළ Black Sand Commodities සමාගමට තම අපේක්ෂාව ඉටු වන බවට විශ්වාසයක් ඇති කිරීමට ප්‍රසම්පාදන අංශය කටයුතු කර තිබූ බව නිරීක්ෂණය විය. අදාල ප්‍රසම්පාදනයට ලියාපදිංචි සැපයුම්කරුවෙකු නොවූ Black Sand Commodities වෙත ලියාපදිංචිය ලබා දී තිබූ බවද නිරීක්ෂණය විය.

ලංසු ලේඛන අනිවාර්යෙන් සංශෝධනය විය යුතු වගන්ති සංශෝධනය කිරීමට කටයුතු කරන තිබුණු අතර ඒ හේතුවෙන් අදාළ අංශ කරුවන් විසින් ඉදිරිපත් කළ යුතුව තිබූ නිත්‍යානුකූල ලේඛන, බැඳීම් සුදුසුකම් තහවුරු කිරීම් සහ ඒවායේ නීත්‍යනුකූලභාවයක් නිසි පරිදි ලබාගෙන ඇදීමට ලක් කර නොතිබුණි.

 Black Sand Commodities සමාගම විසින් SUEK AG වෙනුවෙන් ලන්සු ඉදිරිපත් කළ යුතු අතර සපයන ලද හෝ සපයනු ලබන ගල් අඟුරු වල ගුණාත්මක භාවය ප්‍රමාණය සහ ගෙවීම් සම්බන්ධව සම්පූර්ණ ලක්ෂණයක් ලියාපදිංචි සැපයුම්කරුවන් SUEK AG විසින්ලබාදිය යුතු ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු නීත්‍යානුකූල ලේඛනයක් හෝ ගිවිසුමක් හෝ ඉදිරිපත් වී නොතිබුණි. සපයනු ලබන ගල් අඟුරු වල ගුණත්වය ප්‍රමාණය සහ ගෙවීම් සම්බන්ධ වූ සම්පූර්ණ සුරක්ෂණය SUEK AG විසින්ලබාදෙන බවට නීති ලේඛනයක් හෝ ගිවිසුමක් ඉදිරිපත් කර නොතිබුණි.

මීට අමතරවඅවිධිමත් වූ කරුණු කිහිපයක් මෙසේය.

2022 අගෝස්තු මස තුන්වන දින ලිපිය සහ ලන්සු යෝජනාව සමඟ ඉදිරිපත් කර නොතිබීම. එය සමාගම් දෙකක් අතර සිදුවී ඇති යෝජනාවක් පමණක් වන අතර එය එලෙසම රුපියල් බිලියන 500 කට වඩා වැඩි මෙම ගනුදෙනුව සඳහා බැඳීමක් හා සහතික වීමක් වශයෙන් නීති අනුකූලව අදාළ කරගැනීම ප්‍රශ්න ගතවීම.

SUEK AG සමාගම විසින් අනුබද්ධ සමාගමක් ලෙස Black Sand Commodities හඳුන්වාදී එය ලියාපදිංචියට වෙනස් කරන ලෙස ඉල්ලා තිබුණද එම ලේඛන වල SUEK AG වෙනුවෙන් Black Sand Commodities ලන්සුලේඛන ඉදිරිපත් කරනු ලබන බවට හා සපයන ගල් අඟුරු වළට ගුණත්වය ප්‍රමාණය සහ ගෙවීම සම්බන්ධයෙන් සම්පූර්ණ සුරක්ෂණ ගල් අඟුරු සමාගම SUEK AG විසින් ලබාදෙන බවට නීත්‍යානුකූල තහවුරු බවක් නොවීය.

අත්‍යවශ්‍ය සුදුසුකම් සපුරනු ලබන සැපයුම්කරුවන් ගල් අඟුරු ප්‍රසම්පාදනයන් සඳහා ලියාපදිංචි කරනු ලබන අතර ලංසු කැඳවීම සිදු කරනු ලබන්නේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් පමණි. ඒ අනුව  Black Sand Commodities ගල් අඟුරු සැපයීමේ සුදුසුකම් පරීක්ෂාවට ලක් කර නොතිබුණි. මෙම නව සමාගම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංස්ථාපිත සමාගමක් ලෙස පවතින අතර SUEK AG සමාගම යටතේ ලියාපදිංචි කර එකක් නොවන බව නිරීක්ෂණය වී ඇත.

 



අදහස් (0)

සමාගම් දෙකක් අතර වූ යෝජනාවක් බිලියන 500 ඉක්මවූ ගනුදෙනුවට බැඳීමක් වූයේ කෙසේද

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 440 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 351 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 168 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 360 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 531 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1160 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1237 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1515 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 394 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site