IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


මානව හිම්කම් සුරැකීමේ අභියෝගය

මානව හිම්කම් යනු මනුෂ්‍ය උප්පත්තිය මගින්ම මනුෂ්‍යයාට හිමිවන්නකි. විශේෂයෙන්ම කාර්මික විප්ලවයට පෙර මධ්‍යතනක යුගයේ යුරෝපයේ ධනපති සහ වැඩවසම් හිමියාත් පසුව කාර්මික විප්ලවයෙන් පසු ධනපති සහ නිර්ධන පන්තියත් බිහිවිය. එනම් එකම සමාජ ක්‍රමයක් තුළ පරතරයක් නිර්මාණය වී තිබිණි.

පැවැති වහල් සමාජය හරහා මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය විය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මේ පිළිබඳව දැඩි අවධානයට ලක් වූ බැවින් මානවයා වෙනුවෙන්ම කටයුතු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය නිර්මාණය කිරීම 1948 දී සිදු විය. දෙසැම්බර් 10 මානව හිමිකම් දිනය ලෙස ප්‍රකාශයට පත් විය.

ලොව රටවල් තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නෛතිකව බලාත්මක කළ හැකි අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙස නම් විය. ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය. ඒ අනුව ශ්‍රී ලංකවේ 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්චේදයේ 10 වැනි ව්‍යවස්ථාවේ සිට 14 වැනි ව්‍යවස්ථාව දක්වා මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් ඇතුළත්වේ. හෘද සාක්ෂියේ නිදහසේ සිට නිර්දෝශීභාවයේ පූර්ව නිගමනය, භාෂණයේ ප්‍රකාශනයේ නිදහස, සමාගමේ නිදහස,  වද හිංසා සහ කෘෘර අමානුෂික අවමන්සහගත දඬුවම්වලින් මිදීමේ නිදහස වැනි අයිතීන් සදහා රැකවරණය සපයයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අභියෝග පිළිබඳව අවධානය යොමු කිරීමේ දී විවිධ වූ ක්ෂේත්‍ර ඔස්සේ අභියෝග උද්ගතව පවතී. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පුද්ගලයකු ජීවත්වීමේ අයිතිය සහ පෞදගලිකත්වයේ අයිතීන් අයිතියක් ලෙස තහවුරු කර නොමැතිවීම එනම් ප්‍රබල අභියෝගයකි. එනම් ඉන්දියාව, නේපාලය, බංගලාදේශය වැනි රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජීවත් වීමේ සහ පෞද්ගලිකත්වයේ අයිතිවාසිකම් තහවුරු කර තිබේ.

තවත් එක් අභියෝගයක් වන්නේ සාමුහික අයිතිවාසිකම් සහ සමාජ ආරක්ෂාව පිළිබඳ ගැටලු‍වයි. පසුගිය කොවිඩ් වසංගතයත් සමග රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පාන්නට සිදු විය. එසමයෙහි බහුතර ජනතාව ආහාර, සෞඛ්‍ය වැනි බරපතළ වූ සමාජයීය ගැටලු‍ හමුවේ අසරණභාවයට පත් විය. දරුවන් අතර පෝෂණ ඌනතා, භෝජන අස්ථිරතාව වැනි වූ ගැටලු‍ ප්‍රධාන විය. ඒ පිළිබඳව මානව හිමිකම් පර් යේෂණ මගිනුත් සනාථ විය. මෙවන් සමාජ අර්බුදකාරී අවස්ථාවලට මුහුණදීම සඳහා ශක්තිමත් නොවූ ආර්ථිකයක් නොතිබීම හරහා මානව හිමිකම උල්ලංඝනය වීම් සිදුවේ.

පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ද මෙරට මානව හිමිකම් කඩවීම් බහුලව වාර්තා වේ. පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නෛතික රාමුවක් පවතී. 13 වැනි ව්‍යවස්ථාවට අනුව පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී හේතු දැක්වීමට සහ නිර්දෝශීභාවය පූර්ව නිගමනය කිරීමේ හැකියාව පවතී. අත්අඩංගුවට පත් වූ පසු අමානුෂික වද හිංසාවලින් මුක්තවීමේ අයිතිය ද පවතී. එහෙත් මෙරට යම් අවස්ථාවලදී අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් පොලිස් භාරයේ සිටියදීම මියගිය අවස්ථා සඳහා මෙරට ඉතිහාසය සාක්ෂි දැරීම මානව හිමිකම් අභියෝගයකි.

දැවෙන නොපෙනෙන බවට පත් වූ වින්දිතයන් ප්‍රමාණය ඉහළ ‍යාම ද ගැටලු‍වකි. එම සිදුවීම පිටුපස පවතින සත්‍ය හෙළි නොවේ. මාධ්‍ය හරහා ද සැඟවූ තොරතුරු සමාජගත කිරීම ද විවිධ වූ දේශපාලන, ව්‍යාපාරික හස්ත විසින් වාරණය කරනු ලබයි. තොරුතුරු දැන ගැනීම පනතක් මගින් සම්මත වූ අයිතිවාසිකමක් වුවත් සත්‍ය තොරතුරු සමාජගත වීමේ ගැටලු‍ පවතී. එනම් තොරතුරු දැනගැනීමට මෙන්ම ප්‍රකාශන නිදහසට ද පරිපාලන හෝ මුදල් මත පදනම් වූ බලපෑම් එල්ල වීම මානව හිමිකම් අභියෝගයකි.

ආණ්ඩුවේ වගකීම සහ පෙනී සිටීම සම්බන්ධයෙන් ද ගැටලු‍ පවතී. එනම් මානව හිමිකම් සහ මනුෂීය ගැටලු‍ උද්ගතවීමේ දී ඒවා ආවරණය කිරීමේ, පරීක්ෂා කිරීමේ, නීතිමය වශයෙන් වගකීම් දැරීමේ අපහසුතා පැවතීමය. යම් අවස්ථාවල දී රාජ්‍ය බලධාරීන් විසින්ම පීඩාවට පත් කරනු ලබන අවස්ථා ද ඇත. යම් යම් ගැටලු‍ හමුවේ එනම් පාස්කුදා ප්‍රහාරය, බටලන්ද සිදුවීම් ආදියේ දී කොමිෂන් සභා පත් කරමින් කටයුතු කළ ද සාධනීය විනයක් නොමැතිවීමෙන් නීතියේ ආධිපත්‍යයත් නීතියේ රැකවරණයත් පිළිබඳව ගැටලු‍ මතුවේ. ඒ ඔස්සේ මානව හිමිකම් රැකෙනවා ද යන ප්‍රශ්නාර්ථය ද මතු වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි ව්‍යවස්ථාව මගින් ආගමික නිදහස සහ භාෂණයේ නිදහස තහවුරු කර තිබේ. එහෙත් සිංහල, හින්දු, මුස්ලිම් ජාතීන් අතර අලු‍ත්ගම දර්ගා නගරයේ සිදුවීම, දිගන පල්ලෙකැලේ සිදුවීම, ඒ සඳහා නිදසුන්ය. මේ හරහාත් මානව හිමිකම් සැබෑවක් කර ගැනීම ප්‍රශ්නකාරී වේ.

කාන්තා අයිතිවාසිකම් සහ ඒ හා සම්බන්ධ කෙතරම් නීති රීති තිබුණ ද කාන්තාව පීඩනයට, ලිංගික හිංසනයට, අපචාරයට ලක්වීම, ආගමික සහ සංස්කෘතික සීමාවලට ලක්වීම, වෙනස්කමකට ලක්වීම තවමත් වළක්වාලිය නොහැකි වූවකි. කාන්තාව සම්බන්ධ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීම මානව හිමිකම් සුරකීම සඳහා වඩාත් පිටිවහලක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ඉතිහාසය විමසා බැලීමේ දී පුරාතන යුගයේ ලේඛන මගින් සංස්කෘතික උරුමය, සමානාත්මතාව, නිදහස, සත්‍ය වැනි සංකල්ප පිළිබඳව තොරතුරු හෙළිදරව් වේ. එහෙත් මානව හිමිකම් සම්බන්ධයෙන් කරළියට පැමිණෙන්නේ යටත් විජිත යුගයේදීය. 1886 ත් 1948 ත් එනම් බ්‍රිතාන්‍ය පාලන සමයේ බ්‍රිතාන්‍ය නීති පද්ධතිය සමග මෙරට තිබූ නීති සඳහා යම් ප්‍රතිරෝධයක් ඇති විය. ඒ ඔස්සේ සමකාලීන මූලික නීතිමය අයිතිවාසිකම් යටතේ අදහස් ඉදිරිපත් විය.

1948 අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබූ පසු මෙරටට ඉන්දියානු වතු ජනතාවගේ පැමිණීම සිදු විය. ඒත් සමගම ඔවුන්ගේ පුරවැසිභාවය පිළිබදව ගැටලු‍ මතු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් පුරවැසි පනතක් ගෙන ඒමට සිදු විය. එම පනත හරහා ද අඛණ්ඩව පුරවැසිභාවය ලබා දීම ඔස්සේ මානව හිමිකම් ගැටලු‍ මතු විය. 1956 දී සම්මත වූ රාජ්‍ය භාෂා නීතිය අනුව ද වාර්ගික ගැටලු‍ ආරවුල් ඇති විය. 1977 සිට 2009 දක්වා කාලය තුළදී ඇති වූ මානව හිමිකම් ගැටලු‍ ලෙස 1971 ජනතා විමුක්ති පෙරමුණ සහ ආණ්ඩුව අතර ඇති වූ ගැටුම, 1983 කළු ජූලිය, තිස් වසරක් පැවැති උතුරේ ගැටුම ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකිය. මෙම ගැටුම් හමුවේ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අමානුෂික ඝාතන, වද හිංසා පැමිණවීම්, අතුරුදන් කිරීම්, විනාශකාරී ප්‍රහාර ආදී වූ පීඩාකාරී සිදුවීම වාර්තා විය. මෙම කාලවකවානු තුළ දී මානව හිමිකම් කඩවීම් ඉතා ප්‍රබල ලෙස සිදුවිය. මෙම සිදුවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ ද අවධානය යොමු විය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ ද විනිවිදභාවයකින් යුතුව පරීක්ෂණ පවත්වන ලෙසටය. පසුකාලීනව 2019 වර්ෂයේ දී සිදු වූ පාස්කු දා  ප්‍රහාරය, 2023 වසරේ සිදු වූ දේශපාලන අර්බුදය හමුවේ ද මානව හිමිකම් කඩවීම් පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වී තිබේ. 2024 වර්ෂයේ සම්මත වූ ඔන්ලයින් ආරක්ෂක පනත හරහා ද අන්තර්ජාල ප්‍රකාශන සීමා වීම, නිදහස නියාමනය වීම වැනි මානව අයිතිවාසිකම් තර්ජනයට ලක් වේ.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව හා අදාළ නීති ක්‍රමයේ මානව හිමිකම් සුරැකුම් සඳහා පවතින ව්‍යුහමය දුර්වලතා පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ව්‍යවස්ථාවේ යම් සීමා සහ නීතිමය ක්‍රමවේදවල දුර්වලතා හඳුනාගත හැකිය. නීති අර්ථ දැක්වීමේ ගැටලු‍ පවතී. එමෙන්ම අධිකරණ ව්‍යූහයේ ද දුර්වලතා නැතුවා නොවේ. අඩු කාර්යක්ෂමතාව, රාජ්‍ය බලවතුන්ගේ බලපෑම් එහිදී ප්‍රමුඛය. එමෙන්ම බලහත්කාරී අතුරුදන් කීරීම්වල සහ නීති විරෝධී ඝාතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේ දුර්වලතා ද පවතී. මානව හිමිකම් සම්බන්ධිත ආයතනවල නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ කාර්යභාරයේ ගැටලු‍, අකාර්‍යක්ෂමතා මානව හිමිකම් සුරැකීමේ ක්‍රියාවලියට බාධාවකි. තවත් දුර්වලතාවක් වනුයේ තාක්ෂණීකරණය නොවීමයි. වර්තමාන තොරතුරු යුගයට ගැළපෙන පරිදි ඩිජිටල්කරණය වීම අත්‍යවශ්‍ය වේ. එනම් සයිබර් අවකාශය හරහා ද විශාල වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවන බැවින් ඊට තාක්ෂණය බෙහෙවින් උපයෝගී වේ. තොරතුරු සහ තාක්ෂණික උපකරණ අයතන සඳහා එක් කිරීම එනම් නඩු කළමනාකරණ මෘදුකාංග යොදා ගැනීම වඩා වැදගත් වේ. නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවන නමුත් මෙරට බහුතර ජනතාව නීතිය පිළිබඳව නිසි අවබෝධයක් නැත්තෝ වෙති. අයිතිවාසිකම්, නීති ආරක්ෂණ ක්‍රමවේද පිළිබඳ නිසි දැනුමක් අවබෝධක් නොමැතිවීම හරහා ද මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම් බහුලව සිදුවේ. එබැවින් නීතිය පිළිබඳව දැනුවත්භාවයක් ලබාදීම වැදගත් ය.

මානව හිමිකම් කඩවීමක දී ගත හැකි ක්‍රියාමර්ග කීපයකි. මානව හිම්කම් කඩවීමක දී ගත හැකි පළමු පියවරක් ලෙස පොලිසියට පැමිණිල්ලක් යොමු කළ හැකිය. රාජ්‍ය සහ ආරක්ෂණ ක්‍රියාමාර්ගයක් ලෙස මානව හිමිකම් කොමිසම හරහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. මෙය ඉතා සරල සහ පහසු වූ ක්‍රියාමාර්ගයකි. මේ හරහා බොහෝවිට උපදේශනාත්මක ක්‍රියාවලියක් සිදු වේ. අධිකරණ පද්ධතිය සහ රාජ්‍ය ආරක්ෂණ ක්‍රම ද පවතී. අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ හැකියාව ද පවතී. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි විධායක හෝ පරිපාලනමය මානව හිමිකම් උල්ලංඝනය වීමක දී උපරිමාධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය. මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ හැකි නමුත් එය තරමක් සංකීර්ණ ක්‍රියාවලියකි. එබැවින් එහි සාර්ථකභාවයේ ද ගැටලු‍ පවතී. මෙම ක්‍රියාමාර්ගවලට අමතරව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත ද පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතී. එහිදී කිසිදු බලවේගයකට වින්දිතයාගේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ හැකියාවක් නොමැති වීම විශේෂත්වයකි. මෙම ක්‍රමවේද ඔස්සේ ඕනෑම මානව හිමිකම් කඩවීමක දී සාධාරණයක් කරා ගමන් කිරීමට මග සකසා දෙනු ලබයි.

(*** සටහන - ශෂිකා අබේරත්න)



අදහස් (0)

මානව හිම්කම් සුරැකීමේ අභියෝගය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 237 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 310 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site