අභිනව ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත් කරගනු ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා දිව්රුම් දීමෙන් අනතුරුව ආගමික වතාවත් සඳහා හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයට ගිය අවස්ථාවේ දී රටේම අවධානය දිනාගත් ප්‍රකාශයක් කර තිබිණි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු ගෙවල් ගිනි තැබීම හෝ ජනාධිපති සහ අග්‍රාමාත්‍ය කාර්යාල අල්ලා ගැනීම හෝ නොවන බව ඔහු එහි දී පෙන්වා දුන්නේය. ඒ ආකාරයට නීතිය උල්ලංඝනය කරන පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු කියා තිබිණි.
රටේ පසුගිය මාස කිහිපය තුළ පැවති තත්ත්වය එක මිටට ගෙන සිදුකළ ප්‍රකාශයක් වශයෙන් එය සැලකිය හැකිය. එය වඩාත් අදාළ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත පදනම් වෙමින් මාස කිහිපයක් ලොවේම අවධානය දිනාගත් ගෝල්ෆේස් සාමකාමී අරගලයටය.
මේ අරගලකරුවෝ ආරම්භයේ දී තමන් නිරතව සිටින්නේ නිර්පාක්ෂික අරගලයක බවත් තමන් ක්‍රියාවට නංවන්නේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් යටතේ ජනතාව සතු භාෂණයේ නිදහස බවත් කියා සිටියහ. එහෙත් මැයි මාසයේ 09 වැනිදායින් පසුව මේ තත්ත්වයේ ප්‍රබල වෙනසක් දකින්නට ලැබිණ.
එම වෙනසට හේතුවූයේ ඒ වනවිට පැවති ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට පිරිසක් ඉතාමත් අමනෝඥ ආකාරයට මෙහෙයවනු ලැබූ ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියයි. එම සිද්ධිය රටපුරා එතෙක් පැවති සාමකාමී විරෝධතා කලහකාරී ප්‍රචණ්ඩත්වයක් කරා ගෙන යනු ලැබීය. එදින රාත්‍රියේ රටපුරා මැති ඇමැතිවරුන්ගේ නිවෙස්වලට සහ දේපළවලට ගිනි තැබීම් සිදුවිය. මන්ත්‍රීවරයෙක් කලහකාරීන්ගේ ගොදුරක් බවට පත්විය.
මේ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අරගලකරුවන්ගේ ඍජු සබඳතාවක් නොතිබුණත් එහිම ව්‍යාතිරේඛයක් බව හඳුනා ගැනීමට අපහසු නැත. මේ සිද්ධියත් සමඟ අරගලයට සම්බන්ධ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් සිදුකරන ඇතැම් ප්‍රකාශවල සැබෑ තත්ත්වය පිළිබඳ සැකයක් ඇතිවිය. එසේම ඉන්පසුව ද අරගලයට සම්බන්ධ ඇතැම් පාර්ශ්ව දිගින් දිගටම තමන් කියන ආකාරයට රට ගෙන යා යුතු බවට කරන දැනුම්දීම් ද ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අරමුණුවලට පටහැනි විය.
පසුගිය ජූලි 09 වැනිදා හිටපු ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ සටනින් පසුව 13 වැනිදා රාත්‍රියේ එවකට අග්‍රාමාත්‍යවරයා වී සිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවෙස ගිනි තබා විනාශ කිරීම ද ප්‍රජාතන්ත්‍රවාදය අළු බවට පත් කරමින් අරගලය ආරම්භයේ තිබූ මූලික අරමුණු විකෘතියක් බවට හැරවූ ප්‍රචණ්ඩකාරී සිද්ධියක් විය.
ප්‍රජාතන්ත්‍රවාදය යනු ගෙවල් ගිනි තැබීම් හෝ රජයේ කාර්යාල හෝ අල්ලා ගැනීම නොවන බවට නව ජනාධිපතිවරයා කරන ප්‍රකාශයට විශාල වටිනාකමක් ලැබීමට මේ සිදුවීම් හේතු වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන කිසිවකුත් මේ වැනි කලහකාරී සිදුවීම් අනුමත කරන්නේ නැත. ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස හැසිරෙන පුද්ගලයන් නීතිය හමුවට පැමිණවීමට විරුද්ධ වන්නේත් නැත.
ඒ කුමන තත්ත්වයක් යටතේ වුව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ සාමකාමී අරගලකරුවන්ගේ ඉල්ලීම් සහ යෝජනාවලට සවන් දීමට තමන් සූදානම් බවය. එසේම බහුතර නිහඬ ජනතාවගේ අදහස්වලටද කන් දෙන බවය. එය යහපත් අදහසකි.
රට තුළ අර්බුද, අවුල් වියවුල් රාශියක් මැද ජනාධිපති ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට රට ඉදිරියට ගෙන යාමට සිදුවන්නේ මහ කුණාටුවක් මැද ගල්පර සහිත රළු මුහුදක යාත්‍රා කරන නැවක කපිතාන්වරයකු ක්‍රියාකරන ආකාරයටය. මේ සියලු පීඩාකාරී තත්ත්වය යටතේ හිස කෙළින් තබාගෙන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු ගෙවල් තිනි තැබීම් නොවන බව ප්‍රකාශ කරමින් සාමකාමී අරගලකරුවන්ගේ අදහස්වලට කන්දීමට සූදානම් බවට කරන ප්‍රකාශය ඉතා වටින්නේ එබැවිනි. විශේෂයෙන්ම තමන්ගේ නිවෙස සහ තමන් ඉතා පරෙස්සමෙන් රැකගත් කෞතුක වස්තූ ඇතුළු වටිනා පොත්පත් රාශියක් කලහකාරීන් විසින් ගිනි තබා විනාශ කිරීමෙන් පසුවත් මේ අදහස් දැරීම ඉතා වැදගත් කොට සලකමු.
රටක ඉදිරි පැවැත්මට ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයක් පැවතීම කිසිසේත් උදව් වන්නේ නැත. ප්‍රජාතන්ත්‍ර විරෝධී බව රටේ ජනතාව අතරේ විවිධ කණ්ඩායම් අතුරින් මතු විය හැක. එසේම රටක පාලක පක්ෂය විසින් ද එවැනි තත්ත්වයක් නිර්මාණය කිරීමට පුළුවන. තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට සහ තමන් පත් කළ ආණ්ඩුව වැරදි පාරේ යනවිට ඒවාට එරෙහිව සාමකාමී ලෙස විරෝධය දැක්වීම සහ අරගල කිරීම ප්‍රජාතාන්ත්‍රික අයිතියකි. එවැනි විරෝධතා හමුදාව සහ පොලීසිය යොදවා මර්දනය කිරීමට කටයුතු කිරීම ආණ්ඩුවක් පැත්තෙන් සිදුවන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි.
එහෙත් කලහකාරී ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට ගන්නා ක්‍රියා මාර්ගත් නීති විරෝධී ලෙස ක්‍රියා කරමින් රටේ සාමය කඩවන ආකාරයට කටයුතු කරන පුද්ගලයන් සහ කණ්ඩායම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වශයෙන් සැලකෙන්නේ නැත. එසේ සිදු නොවන්නේ නම් එවැනි රටක නීතියේ ආධිපත්‍යයක් ද නැත. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ද නීතියට ක්‍රියාත්මක වීමට තිබෙන අයිතියට ගරු කළ යුතු බව රටේ ජනතාව ද තේරුම් ගත යුතුය. නැතහොත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා රටක් ඉතිරි වන්නේත් නැත.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමාන පාර්ලිමේන්තුවේ නියෝජනය මහජන කැමැත්තෙන්, මහජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි පිරිසකි. ඔවුන් මේ වනවිට රටේ ව්‍යවස්ථාවට අනුව ක්‍රියාකරන බවට දිවුරුම් දී ඇත. වර්තමාන පාර්ලිමේන්තුවේ පමණක් නොව මීට පෙර පැවැති ආණ්ඩුවල සිටි මන්ත්‍රීවරුන්ගේ ඇමැතිවරුන්ගේ පාර්ලිමේන්තුව තුළ සහ පිටත ක්‍රියාකලාපය අනුමත නොකළ හැකිවුවත්, රටේ ව්‍යවස්ථාව අනුව පවතිනුයේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක්/ ආණ්ඩුවක් බව නීතිය අනුව අපට පිළිගැනීමට සිදුවේ. ඡන්ද දායකයින්/ පුරවැසියන් සියලුදෙනාට පාර්ලිමේන්තුවට යාමට අවස්ථාව නොමැති නිසා ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය වීම සඳහා 225ක් පත්කර යවා තිබේ. ඔවුන් පාර්ලිමේන්තුවට පත්වූ පසු ක්‍රියා කලාපය අනුමත කළ නොහැකි වුවත් පසුගිය මැතිවරණ මගින් ඍජුවම දූෂණ චෝදනා එල්ල වූ පුද්ගලයින් රටේ පුරවැසියන් විසින් නැවත නැවත පාර්ලිමේන්තුවට පත්කර තිබේ. "අපට අවශ්‍ය වනුයේ මෙම අනවබෝධය සහ දූෂිතයන් පාර්ලිමේන්තුවට ඉදිරියට පත්වීම නවත්වා ගැනීම සහ දුෂිතයින් පත්වුවද ඔවුන්ට දූෂණය නොකළහැකි ආකාරයට සිස්ටම් චේන්ජ් හෝ නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් රට තුළ බිහිකිරීම වේ.."
ජනාධිපති මන්දිරය, අගමැති කාර්යාලය ජනාධිපති කර්යාලය මහජන දේපල වේ... එහි තිබෙන්නා වූ උපකරණ විනාශ කිරීමට කිසිවකුට කළ නොහැකිය. පරිගණකය තුළ තිබූ සියලු කොටස් පමණක් නොව බොහෝ උපකරණ අරගලකරුවන් විසින් විනාශ කර තිබේ. අරගලකරුවන්ගේ අනීතික හැසිරීම නිසා අරගලකරුවන් විසින්ම ආරක්ෂක අංශ ඔවුන් වෙත කැඳවාගෙන තිබේ. පොලිසිය හෝ ආරක්ෂක අංශයේ ඉවසීමේ සීමාවන් ඉක්මවා යාමටත් අරගලකරුවන් ක්‍රියාකිරීම නිසා නීතිය ක්‍රියාත්මක වී තිබේ. ඇමෙරිකාවේත් මේ ආකාරයට සිදුවිණි.. අවසානයේ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කෙරිණි. ජාතික ආරක්ෂාව යනු රටේ භෞමික ආරක්ෂාව සහ පුරවැසියන්ගේ ආරක්ෂාවට... ත්‍රිවිධ හමුදාවන් සහ පොලීසිය බැඳී සිටියි. කෙසේ නමුත් අන්තවාදී අරගලකරුවන් පිරිසකගේ මතයක් ඔවුන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ගේ මතයට රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ පුරවැසියන් පත්කළ රජයක් විනාශ කිරීමට කිසිඳු පුරවැසියකුගේ සහයෝගයක් ඔවුන්ට ලබාගත නොහැකිය... එසේ කිරීමට ගොස් ලිබියාව, ටියුනීසියාව සහ වෙනත් රටවල් අන්තවාදී කැරලිකාර කණ්ඩායම් විසින් පාලනය කරමින් සිටි හෝ වෙනිසියුලා හෝ සිම්බාබ්වේ වැනි රටක් බවට පත්වනු ඇත.
අරගලය මුවාවෙන් කළ සියළු ගිනි තැබීම් , දේපල හානි වලට අරගලයේ සිටි පිරිස් වගකිව යුතුයි..