IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


දූෂණ මර්දනයට පනත ලොකු රුකුලක්

ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී නීති දැඩිව ක්‍රියාත්මක කළ හැකි ස්වාධීන කොමිසමක් ස්ථාපිත කිරීම සඳහා රජය මගින් නව පනතක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි මාධ්‍ය මගින් පසුගියදා හෙළිකර තිබිණි. මෙම කොමිසමට පැවරෙන විශේෂ බලතලවලට අනුව මහේස්ත්‍රාත් නියෝගයක් හෝ වරෙන්තුවක් හෝ නොමැතිව නව පනත ප්‍රකාර වරදක් සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයකු හෝ පුද්ගලයන් හෝ අත්අඩංගුවට ගෙන පැය 24ක් රඳවා ගැනීමට පවා අවසර තිබෙන බව ද සඳහන් ය. මේ නව දූෂණ විරෝධී පනත පිටු 106කින් සමන්විත වන බවත් එය මහජනතාවගේ අදහස් විමසීම සඳහා නිකුත් කර ඇති බවත් කියයි.

මෙරට ඉහළ සිට පහළට සිදුකෙරෙන මහා පරිමාණයේ දූෂණ ක්‍රියා වර්තමානයේ දී ජාත්‍යන්තරයේ සාකච්ඡා වෙන මාතෘකාවක් බවට පත්ව තිබේ. එසේ වීමට ප්‍රධානම හේතුව අන්ත දූෂිත ක්‍රියා සිදුවුව ද ඒ සඳහා වගකිවයුතු කිසිදු බලවත් පුද්ගලයකුට හෝ පුද්ගලයන් පිරිසකට හෝ එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ය.

එයින් අදහස් කෙරෙන්නේ රටේ අධිකරණ ක්‍රියාවලියේ දුර්වලතාවක් පවතින බව නොවේ. එසේම එවැනි පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ශක්තිමත් නීති පනවා නැති බවක් නොවේ. ඒ සියල්ලම යහමින් තිබේ.

එහෙත් දූෂිත ක්‍රියාවලට දේශපාලකයන් සහ ඔවුන්ට ඥාති-මිත්‍ර සබඳතා ඇති බලවත් චරිත සම්බන්ධ බවට සාක්ෂි ලැබෙන විට අදාළ ක්‍රියාව සම්බන්ධ සියලු‍ විමර්ශන ඇනහිටියි. සිදුකෙරුණු විමර්ශන වාර්තා ද කාපට් යට සැඟවෙයි. අවසානයේ දූෂණ ක්‍රියාව හේතුවෙන් සිදුවන බරපතළ පාඩු රටට ඉතිරි කර සියල්ලෝ සතුටින් විසිර යති. වැරදිකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම කෙසේ වෙතත් ඔවුන්ට එරෙහි සාක්ෂි අධිකරණයට ඉදිරිපත් වන්නේ ද කලාතුරකිනි. ලංකාවේ දූෂණ සහ වංචනික ක්‍රියා ජාත්‍යන්තරයේ මාතෘකා බවට පත්වන්නේ මේ ක්‍රියාවේ අග්‍රඵලය වශයෙනි.

රටේ පවතින බරපතළ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වන්නේ ඉහ වහා ගිය දූෂණ ක්‍රියා බව වරින්වර ප්‍රකාශයට පත්වෙමින් තිබේ. මේ තත්ත්වය කොතරම් ව්‍යාකූල තත්ත්වයකට පත්වී තිබෙනවාදැයි කිවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ප්‍රසිද්ධියේ හෙළිකර තිබුණේ ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ ආර්ථික කඩා වැටීමට ප්‍රධාන හේතුව ආර්ථිකයේ වැරදි කළමනාකරණය බව ය. මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාදීමේ දී දූෂණ ක්‍රියා වැළැක්වීමට රජය ගන්නා ක්‍රියාමාර්ග කෙරෙහි දැඩි අවධානයක් යොමුකරනු ඇති බවට මෙය පෙර නිමිත්තකි. ආර්ථිකය නිවැරදිව කළමනාකරණය වූයේ නම් දූෂණ ක්‍රියාවලට කිසිදු ඉඩක් තිබිය නොහැක. එහෙත් සිදුවූයේ දූෂණ ක්‍රියා ඉහළටම නගිද්දී රටේ ආර්ථිකය පහළටම ඇදවැටීම ය.

ශ්‍රී ලංකාවේ දූෂණය කොතරම් බරපතළ මට්ටමකට කිඳා බැස ඇත්දැයි කිවහොත් ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට කැමැත්තෙන් සිටින බටහිර රටවල් එම ආධාර ලබාදෙන්නේ එක්සත් ජාතීන්ගේ ආයතන හරහා බව නිවේදනය කර තිබේ. ඔවුන් ප්‍රකාශ කරන්නේ එසේ නොවුණහොත් ලබාදෙන ආධාර ලැබිය යුතු ජනතාව අතට නොගොස් දූෂිත දේශපාලනඥයන්ගේ සාක්කුවල නවතිනු ඇති බව ය. මෙය රටක් වශයෙන් අප කෙතරම් ලජ්ජාවට පත්විය යුතු තත්ත්වයක් ද? එහෙත් දූෂිත දේශපාලනඥයාට නම් මෙවැනි කතා ගැන වගේවගක් නැත.

තත්ත්වය මෙසේ පවතින විට දූෂණ ක්‍රියා වැළැක්වීමට ප්‍රබල ආයතනයක අවශ්‍යතාව දැඩිව මතු වී පෙනේ. නව පනත හරහා සිදුවනු ඇත්තේ එම අවශ්‍යතාව සපුරාලීම බව පෙනේ. මේ පනතේ වත්කම් හෙළිකිරීම සඳහා වෙනම කොටසක් ද වෙන්කර තිබේ. එය ද යහපත් පියවරක් වශයෙන් අපි දකිමු.

රජයේ නිලධාරීන් වරින් වර තම වත්කම් ප්‍රකාශ ලබාදිය යුතු අතර, ශ්‍රී ලංකාව තුළ සහ විදෙස් රටවල පවතින සියලු‍ වත්කම් ද ඒවායේ නිවැරදි ලිපින සමඟ ලබාදිය යුතු ය. ඒ සඳහා මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් ක්‍රමයක් ද හඳුන්වා දී තිබේ. නීති විරෝධී ලෙස ධනය සහ වත්කම් හිමිකර ගැනීමට තිබෙන අවකාශය මෙයින් අහෝසි වනු ඇතැයි උපකල්පනය කෙරේ. කෙසේ වුව ද මේ වත්කම් ප්‍රකාශ දේශපාලනඥයන්ට අදාළ වන්නේ කෙසේදැයි පැහැදිලි නැත. වැරදි ප්‍රකාශ ලබාදෙන පුද්ගලයන්ට රුපියල් දෙලක්ෂය නොඉක්මවන දඩයක් ද වසර 10කට නොවැඩි සිර දඬුවමක් ද නැතහොත් ඒ දඬුවම් දෙකම ද ලබාදීමට ප්‍රතිපාදන සලසා තිබීම ද වැදගත් ය.

රට පවතින තැනින් ගොඩගැනීමට නම් රටේ ඉහවහා ගොස් තිබෙන දූෂණ සහ වංචා නැවැත්විය යුතු ය. ඒ සඳහා නව දැඩි නීති හඳුන්වා දීම ද අවශ්‍ය ය. නව පනතින් ඒ අරමුණු ඉටුවනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. එසේම මේ පනත යටතේ පැවරෙන බලතල දූෂිතයන්ට දඬුවම් දීමට නොව විරුද්ධවාදී දේශපාලනඥයන් සහ රටේ වෙනසක් ඉල්ලා සාමකාමීව සටන් කරන තරුණ තරුණියන් දඩයම් කිරීමට යොදාගන්නේ නම් රටේ තත්ත්වය තවදුරටත් කඩා වැටීම හැර ගොඩඒමක් නැතිවග ද පෙන්වා දිය යුතු ය.

(***)



අදහස් (2)

දූෂණ මර්දනයට පනත ලොකු රුකුලක්

බද්රානි Wednesday, 12 October 2022 02:09 AM

විද්‍යාව බඩට සරලයි කියලා දැන් තේරෙනවද? ඒකනෙමේ, දැන් ජාතිවාදය වපුරන්නේ නැද්ද? එහෙම නැත්නම් පහුගිය කාලේ වපුරපු බීජ වල සරු අස්වැන්න සතුටින් නෙලමින් ඉන්නවාද? පිටිගල මිලානෝ, ලේක්කෝ ගලබඩ, බන්දුල පෙරේරා, ඇතුළු රැල?

:       0       1

CC Wednesday, 12 October 2022 02:08 PM

මෙවැනි පණත් රටට ඉතා අවශ්‍යයි. නමුත් සම්මත කිරීම ඒ ආකාරයෙන්ම සිදුවේ යැයි සිතීම උගහටයි. යහපාලන ආණ්ඩුවෙන් විගණනයට වැඩි බලතල දෙමින් 19 වැනි ව්‍යවස්ථාව හදන ලදී. නමුත් ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට අදාළ පනත ඉතාම දුර්වල ලෙස සම්මත වුනි. ඒ් නිසා විගණනයෙන් හොරකම් සෙව්වාට දඬුවම් නැත. දේශපාලුවන් දූෂිත බැවින් ඒවුන් මෙයට සහාය දෙන්නේ නැත. මොවුන් සිටිනතාක් කල් රටට සෙතක් නැත....!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 108 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 133 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 59 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ
2025 මැයි මස 13 25 0

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි


බුදු දහමේ නියම රසය සොයා යමු
2025 මැයි මස 13 37 0

අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 478 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1295 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1540 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site