රටක රාජ්‍ය අයවැය ලේඛනය යනු වර්ෂයක් සඳහා ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායමත්, රජය වර්ෂයකදී දැරීමට බලාපොරොත්තු වන වියදමත් සහ මේ ද්විත්වය අතර පරතරයක් හෝ හිඟයක් පවතී නම් ඒ හිඟය පියවා ගැනීමට ක්‍රියාත්මක කරනු ලබන යෝජනා සහ අතිරික්තයක් පවතී නම් එම අතිරික්තය වියදම් කරන ආකාරය අඩංගු ලේඛනයයි.
ඕනෑම ආර්ථිකයක කොටස් හතරකි. එනම් පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය, පොදු ජනතාව සහ විදේශීය සමබන්ධතා වේ. රාජ්‍ය අයවැය ලේඛනයක් හරහා මෙම අංශ හතර කෙරෙහි මූලික අවධානයක් යොමු කිරීම සිදු කරයි. ආර්ථිකයක් උත්තේජනය කිරීම සඳහා රජයක් විසින් වර්ෂයක දී ගනු ලබන ක්‍රියාමාර්ග අයවැය ලේඛනය සටහන් වේ.
ලංකවේ අතීතය විමසීමේ දී දීර්ඝ කාලයක් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස අඩු වෙමින් පැවතුණි. ගිය වසරේ දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ඉහළ යාම ආරම්භ විය. එමෙන්ම සෑම වර්ෂයකදීම මෙරට රාජ්‍ය වියදම අඛණ්ඩව වැඩිවීමක් සිදු වූයේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමට දැරූ උත්සාහය හේතුවෙනි. ශ්‍රී ලංකාව මෑත භාගයේ දී ආර්ථික අර්බුදය, ඩොලර් අර්බුදය, කොවිඩ් වසංගතය වැනි විවිධ අර්බුද රාශියකට මුහුණ දීමට සිදු විය. එහෙත් වර්තමාන ආර්ථිකය ප්‍රකෘති තත්වයට පත්වෙමින් පවතී. එබැවින් රජයකට අර්ථිකය උත්තේජනය කිරීමේ අවශ්‍යතාව පවතී.
රජයක් බදු අය කිරීම හරහා ලබා ගන්නා මුදල් මගින් විශේෂයෙන්ම රජය දරන වියදම කොටස් දෙකකි. පුනරාවර්තන වියදම එනම් නැවත නැවතත් දැරිය යුතු වියදම සහ ආර්ථිකයේ ඉදිරි දියුණුව සඳහා අයෝජනය කළ යුතු වියදම ලෙස. මෙරට පවතින ගැටලුව වන්නේ දීර්ඝ කාලයක් අයවැය හිඟ අයවැයක් වූ බැවින් රාජ්‍ය අංශය දේශීය වශයෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන්ගෙන්, බැංකු මගින්, පුද්ගලයගෙන් ණය ලබාගෙන ඇත. දේශීය ණය විශාල ප්‍රමාණයක් ගෙන තිබේ. රජය එම ණය සඳහා පොලී ගෙවිය යුතුය. එම පොලිය වර්තන වියදමක් ලෙස එනම් නැවත නැවත දැරිය යුතු වියදමකි. ශ්‍රී ලංකාවේ අයවැය ලේඛනයේ තිබෙන විශේෂම ගැටලුවක් වන්නේ අයවැය මගින් ලබාගත් ණය සහ එහි පොලී මුදල් විශාල ප්‍රමාණයක් රජය විසින් සෑම වර්ෂයකදීම දැරිය යුතු වීමයි. එය මෙරට රාජ්‍ය ප්‍රාග්ධන වියදම අඩුකිරීමෙහිලා දැඩි ලෙස බලපායි.
අනෙක් කාරණාව වන්නේ රජයේ නව වැඩපිළිවෙළ එනම් නව රජයක් පත් වූ විට ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරයි. එයට අනුකූලව අයවැය ලේඛනය සකස් කළ යුතුය. මෙම රජයේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ විශේෂිත වැඩසටහන් වන්නේ ඩිජිටල්කරණය, ක්ලීන් ශ්‍රී ලංකා වැනි ව්‍යාපෘති ය. එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා රජය අමාත්‍යාංශ වෙත මුදල් ලබා දෙයි. ගැටලුව වන්නේ පසුගිය අයවැය ලේඛනය ඉදිරිපත් වූයේ වර්ෂයක් සඳහා නොවේ. අතුරු සම්මත ගිණුමක් මගින් කෙටි කාලයකට මුදල් වියදම් කිරීමටය. වසරක් සඳහා ගිය වසරේ මුදල් වියදම් වුයේ නැත. එබැවින් ගියවර අයවැය ලේඛනයේ පැවැති එක් ගැටලුවක් වන්නේ රාජ්‍ය මුදල් ඒ ප්‍රමාණයෙන්ම වියදම් කර ගැනීමට රාජ්‍ය අංශය අසමත් වීමයි. දෙපාර්තමේන්තු, සංස්ථා, අමාත්‍යාංශ සඳහා වෙන් කළ මුදලින් කොපමණ ප්‍රමාණයක් වියදම් කළාද යන ප්‍රශ්නය වැදගත් වේ. ඇස්තමේන්තු කළ මුදල වියදම් නොකළේ නම් එම අයවැයේ සාර්ථකභාවය සම්බන්ධ ගැටලුවකි. රාජ්‍ය අයවැය ලේඛනයක් සකසන කාලය තුළ බහුතරයගේ අවධනය අයවැය යෝජනා පිළිබඳව යොමු වේ. එහෙත් සිදු විය යුත්තේ මාස තුනකින්, මාස හයකින් ඒ පිළිබදව පසු විපරමක් කිරීමයි. රජයේ අයවැයෙන් අපේක්ෂා කළ ප්‍රතිඵල ලබා ඇද්දැයි පසු විපරම් කළ යුතුය. බලපොරොත්තු වූ ප්‍රතිඵල ලැබී නොමැතිනම් පසු මාස තුනේ දී එය නිවැරැදි කළ යුත්තේ කෙසේද යන්න අවධානය යොමු කළ යුතුය. එය ඉතා අත්‍යවශ්‍ය දෙයකි.
නව අයවැය ලේඛනයේ මූලික අවධානය යොමු කළ යුතු කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමේදී රාජ්‍ය අංශ කාර්යක්ෂම කිරීම ඉතාම වැදගත් වේ. රාජ්‍ය අංශ කාර්යක්ෂම කිරීමට නම් ඩිජිටල්කරණය සඳහා වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඒ වෙනුවෙන් කැපවීම අවශ්‍ය වේ. එමෙන්ම රාජ්‍ය ආදායම ජනිත කිරීමට රජය උත්සාහ දරයි. ඒ සඳහා විවිධ බදු වර්ග පැනවීම ද සිදු කරයි. විශේෂයෙන්ම ආදායම් බදු ශ්‍රී ලංකාවේ වෘත්තීයවේදීන්ට යම් සෘණාත්මක බලපෑමක් කරනු ලබයි. ආදායම් ජනිත කළ හැකි බොහෝ දක්ෂ වෘත්තීයවේදීන් රට හැරයාම බහුල වීමට එය එක් ප්‍රබල හේතුවකි. ඒ පිළිබදව අවධානය යොමු කළ යුතුය. රටක් සංවර්ධනයට රටක පුරවැසියන් රට තුළ රඳවා ගැනීම ඉතා වැදගත් වේ.
අධ්‍යාපනයේ පවතින ගැටලුව වන්නේ පවතින ක්‍රමවේදය විෂය මාලව වෙනස් කිරීම නොව මෙරට පාසල් පද්ධතිය සතු පහසුකම්, ගුරුවරුන් ප්‍රමාණය පිළිබද සැලකිලිමත් වීමයි. මෙරට පාසල් විශාල ප්‍රමාණයක් තිබුණ ද, මවුපියන් වැඩි වශයෙන් අයැදුම්පත් යොමු කරන්නේ ජනප්‍රිය පාසල් යැයි තෝරගත් පාසල් කීපයක් වෙතය. එයට හේතු වන්නේ සම්පත් බෙදීයාමේ විෂමතාවයි. අධ්‍යාපනයේ පවතින විසංතුලනය නැති කළ යුතුය. කුඩා පාසල් වැසීයාමේ තර්ජනයක් පවතී. එහෙත් පාසල් වැසී යනවානම් ඒ සඳහා අනුයුක්ත කරනු ලබන පාසල් සඳහා ප්‍රවාහන සේවයක් වැනි පහසුකම් සපයාදීම කළ යුතුය. වැසීයන පාසල් සඳහා එක් පිළිතුරක් වන්නේ අනුයුක්ත පාසල් සඳහා සාර්ථක ප්‍රවාහන සේවයක් සලසා දීමයි. ගුරුවරුන් ප්‍රමාණවත් නොවීම, ගුරු පුහුණුව ප්‍රමාණවත් නොවීම වැනි ගැටලු ද පවතී. ඒ සඳහා ද ප්‍රමාණවත් ලෙස මුදල් වෙන් කළ යුතුය. අධ්‍යාපන අමාත්‍යාංශයට විශාල කාර්ය භාරයක් පවතී. අධ්‍යාපනය නිවැරැදි ලෙස ප්‍රතිසංස්කරණය කළ යුතුය.
ඕනෑම ආර්ථිකයක් කෘෂිකාර්මික, කාර්මික සහ සේවා ලෙස කොටස් තුනකි. මේ අංශ ත්‍රිත්වයම රාජ්‍ය අයවැය ලේඛනයක් මගින් උත්තේජනය කළ හැකිය. කෘෂිකාර්මික අංශය වෙත අවධානය යොමු කිරීමේ දී ගැටලු විශාල ප්‍රමාණයක් පවතී. ලංකාවේ කෘෂිකර්මාන්තය අසාර්ථකවීමට බලපානු ලබන එක් ප්‍රධාන හේතුවක් වන්නේ ගොවියා සහ පාරිභෝගියා සම්බන්ධ කරනු ලබන අතරමැදියා විසින් සිදු කරනු ලබන සූරාකෑමේ ක්‍රමවේදයයි. අතරමැදියා නැති කිරීම වෙනුවෙන් රජය ගන්නා ක්‍රියා මාර්ග මොනවාද යන්න ඉතා වැදගත් වේ. ගොවියාගේ නිෂ්පාදන අලෙවිකර ගැනීමට නිසි ක්‍රමවේදයක් මෙරට තවමත් නොමැත. ඒ සඳහා විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුය. මෙරට භූමියෙන් වැඩි ප්‍රමාණයක් හිමිව පවතින්නේ රජය වෙතය. පෞද්ගලික ගොවීන් සතු භූමිය ඉතා සීමිතය. එබැවින් ඉඩම් ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව පවතී.
මෙරට කෘෂිකර්මාන්තයේ පවතින තවත් ගැටලුවක් වන්නේ රාජ්‍ය වැටුප් ලබන කෘෂි නිලධාරීන් 700ක් පමණ සිටීමය. එහෙත් එම නිලධාරීන්ගේ ඵලදායිතාව වර්ධනය කිරීමට පුහුණු වැඩසටහන්, ප්‍රායෝගිකව ගොවීන් සමග කටයුතු කිරීමේ වැඩසටහන් ප්‍රමාණවත් නොවේ. ගොවියාගේ අසාර්ථකත්වය සම්බන්ධව එම ප්‍රදේශය භාරව කටයුතු කරන කෘෂි නිලධාරියාට යම් වගකීමක් පවතී. එහෙත් වර්තමානයේ එම වගකීමෙන්ම විතැන්ව කටයුතු කරන බව පෙනී යයි. විය යුත්තේ වගකීමකින් කටයුතු කිරීමය. ඒ සඳහා පුහුණු පාඨමාලා, වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය.
මෙරට කෘෂිකර්මාන්තයෙන් අපනයන කර්මාන්තය සඳහා ප්‍රබල දායකත්වයක් සැපයිය හැකිය. ඒ සඳහා නිෂ්පාදනය වර්ධනය කළ යුතුය. නිෂ්පාදනය වර්ධනය කිරීමට නම් සාම්ප්‍රදායික වගාව ලෙස වී වගාව, එළවළු පලතුරු වැනි බෝග වගාව, සම්බන්ධයෙන් නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීමට පුහුණු පාඨමාලා ඇති කිරීම, තිරසාර සංවර්ධනය වෙනුවෙන් කෘෂි රසායන ද්‍රව්‍ය අවම කිරීම, ප්‍රාවහන ජාල ස්ථපිත කිරීම කළ යුතුය. මේ සඳහා ගතයුතු ක්‍රියාමර්ග පිළිබදව පුළුල් සාකච්ඡාවක් ඇති කළ යුතුය.
කාර්මික අංශයේ පවතින ප්‍රධන ගැටලුවක් වන්නේ මෙරට පවතින ශ්‍රම හිඟයයි. බොහෝ කර්මාන්ත සඳහා ප්‍රමාණවත් සේවකයන්ගේ හිඟයක් පවතී. එයට හේතු වන්නේ මෙරට වැටුප් ක්‍රමයයි. නිෂ්පාදන කර්මාන්තවල ප්‍රගතියක් අත්කර ගැනීමට නම් තක්ෂණය යොදා ගැනීම, තාක්ෂණය භාවිත කරන ආකාරය පිළිබද දැනුවත් කරනු ලබන වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. කාර්මික අංශය ඩිජිටල්කරණය විය යුතුය. නව තාකෂණය මෙරටට හඳුන්වාදීමට ක්‍රමවේදයක් අවශ්‍යය.
මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රය මහ පරිමාණ ව්‍යාපාර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යපාර, සුළු ව්‍යාපාර සහ සූක්ෂම ව්‍යාපාර ලෙස කොටස් කීපයකි. මෙම ව්‍යාපාර නගා සිටුවීමට අයවැය මගින් කටයුතු කළ යුතුය. රටක සංවර්ධනයට ව්‍යාපර ක්ෂේත්‍රය වෙත ඉහළ අවධානයක් යොමු කිරීම වැදගත් වේ. නව ව්‍යාපාර ආරම්භ කිරීම, මාර්ගගත ක්‍රමය හරහා කරනු ලබන ව්‍යාපාර සංවර්ධනය කළ යුතුය. එමෙන්ම ව්‍යාපාර සඳහා තරුණ තරුණියන් යොමු කිරීමේ උත්තේජනයක් ලබා දිය යුතුය.
සේවා අංශයට අවධානය යොමු කිරීමේ දී පවතින ගැටලුවක් වන්නේ බොහෝ සේවා අපනයනය කළ නොහැකි වීමයි. මෙරට සමස්ත ජාතික නිෂ්පාදනයෙන් සියයට 55ත් 60 ත් අතර ප්‍රමාණයක් සේවා අංශයෙන් සපයනු ලබයි. සේවා අංශය තුළ විවිධ වර්ගීකරණ පවතී. එනම් ප්‍රවාහනය, ගබඩාකරණය, තොග සහ සිල්ලර වෙළෙඳාම වේ. මෙම සේවා අංශවල ගුණාත්මකභාවය වැඩි කර ආනයනය අඩු කිරීමටත් අපනයනය ඉහළ නැංවීමටත් කටයුතු කළ යුතුය. මේ සඳහා අයවැය සාර්ථකව යොදා ගැනීම පිළිබදව සැලකිලිමත් විය යුතුය. අපනයකරුවන් උත්තේජනයට ලක් කළ යුතුය. ආනයනය එකම විසඳුම යන දුර්මතය බිඳ දැමිය යුතුය. රටේ නිෂ්පාදිත භාණ්ඩ මිල දී ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතුය.
එමෙන්ම මෙරට භාවිත නොකරනු ලබන තාක්ෂණය මෙරටට යොදා ගන්නේ කෙසේද නව නිර්මාණ කරන්නේ කෙසේද යන්න පර් යේෂණ ආයතන විශ්වවිද්‍යාල හරහා පර් යේෂණ කර ඒවා මෙරටට ආරෝපණය කිරීම ද ඉතා වැදගත් ය. ඒ සඳහා ද අයවැයෙන් අවධානය යොමු කළ යුතුය.
(*** සටහන - ශෂිකා අබේරත්න)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අයවැය ඉලක්කවල අභියෝගය