සමෘද්ධියෙන් දුප්පත්කම නැතිවේද?
මනුෂ්‍යයකුට නොමැරී ජීවත් වීමට අවශ්‍ය ආහාර, බෙහෙත්හේත්, ඇඳුම් පැලඳුම් ආදී මූලික දේවල් නොලැබෙන තත්ත්වයක් දරිද්‍රතාව ලෙස හැඳින්විය හැකිය. එකී මූලික අවශ්‍යතා සපුරා ගැනීම අරබයා අවශ්‍ය අවම වියදම දරිද්‍රතා රේඛාව යන්නෙන් අදහස් වේ. එම අගය ලංකාවේ පවතින්නේ රුපියල් 13130 ක් වශයෙනි. එනම්, එක් පුද්ගලයකුට මාසිකව ජීවත් වීම පිණිස අවැසි අවම මුදලයි. මාසිකව එම මුදල උපයා ගත නොහැකි පුද්ගලයන් දුප්පතුන් ලෙස සැලකේ.