පාසල් ගොඩනැගිලිවලින් ගසාකෑම නවත්වනු බැරිද?
උතුරු මැද පළාතේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ඉදි කළ අධ්‍යාපන ගොඩනැගිල්ල සඳහා වූ බිල්පත්වල මුල් පිටපතටත්, එම මුල් පිටපත්වල ඡායා පිටපත් සඳහාත්, කොන්ත්‍රාත්කරුවන් දෙවතාවක දී, වංචනිකව රුපියල් 8608290/-ක මුදලක් ලබාගෙන ඇතැයි විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්තාවක දැක්වෙන බව කියන පුවතක් නොබෝදා අප පුවත්පත වාර්තා කළේය.