IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්නේ මෙහෙමයි

 

ජනාධිපතිවරණ ඡන්ද විමසීම තව දින හතරකින් පැවැත්වීමට නියමිතය. මෙවර ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව එක්කෝටි පනස් ලක්ෂ හතළිස් හතර දහස් අනූවකි. (15044490) දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන දොළොස් දහස් තුන්සිය විසි හතරක (12324) දී මෙම එක්කෝටි පනස් ලක්ෂය ඉක්ම වූ ලියාපදිංචි ඡන්ද දායකයන් පිරිස තමන් කැමැති අපේක්ෂකයකුට ඡන්දය ප‍්‍රකාශ කරනු ඇත. මෙවර ජනපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින මුළු අපේක්ෂකයන් ගණන දහ නව දෙනෙකි. එයින් දාහත් දෙනකු පේ‍්‍රක්ෂකයින් වන විට තරගය තිබෙන්නේ බුලත් කොළයෙන් ඉල්ලන මහින්දත් හංසයාගෙන් එන මෛත‍්‍රීපාලත් අතරය.

 

ELECT_01_01
මෙවර පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා 15044490ක පිරිසක් සුදුසුකම් ලබා සිටිති. එයින් කී දෙනකු ඡන්දය ප‍්‍රකාශ කරනු ඇතැයි ද කොපමණ ඡන්ද සංඛ්‍යාවක් ප‍්‍රතික්ෂේප වනු ඇතැයි ද අපට කිව නොහැකිය. එහෙත් ප‍්‍රතික්ෂේප වන ඡන්ද සංඛ්‍යාව අවම කර ගනු පිණිස නිවැරැදිව ඡන්දය ප‍්‍රකාශ කළ යුතු ආකාරය පිළිබඳව තිබෙන නීතිමය විධිවිධාන ගැන ජනතාව දැනුවත් කිරීම අතිශය වැදගත්ය.


1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සැපයෙන මූලික ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන හැරුණු විට ජනපතිවරණ ඡුන්ද විමසීම සඳහා 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනත, 1981 අංක 02 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත, 1988 අංක 16 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ (සංශෝධන) පනත යනාදී නීති මූලාශ‍්‍ර උපයෝගී කොට ගන්නා අතර මැතිවරණය ආරම්භයේ සිට ප‍්‍රතිඵල නිකුත් කිරීම දක්වා වූ සමස්ත ක‍්‍රියාවලිය නීතියට අනුව හැසිරවීමේ බලය හිමිවන්නේ මැතිවරණ කොමසාරිස්වරයාටය.


එකී ව්‍යවස්ථාමය අන පනත් වලින් සැපයෙන ප‍්‍රතිපාදන වලට අනුව සෑම ඡන්ද මධ්‍යස්ථානයක් වෙතම අදාළ ඡන්ද බල ප‍්‍රදේශයේ ඡන්ද හිමියන්ගේ නාම ලේඛනයේ පිටපතක් මෙන්ම ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව අනුව ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත‍්‍රිකා ඇතුළුව අනෙකුත් උපකරණ මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් කලට වෙලාවට සපයනු ලැබිය යුතුයි. සෑම ඡුන්ද පොළ පරිශ‍්‍රයකම ඡන්ද දායකයන්ට අවශ්‍ය උපදෙස් දැක්වෙන දැන්වීමක් මෙන්ම අපේක්ෂකයන්ගේ නම් සහ ඡන්ද ලාංඡනද ප‍්‍රදර්ශනය කළ යුතුය. මැතිවරණ කොමසාරිස්වයා දින නියම කොට ඇති ජනවාරි අටවැනි දින උදෑසන හතේ සිට සවස හතර දක්වා ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඡුන්දදායකයන්ට පුළුවන.


තමන්ගේ ජාතික හැඳුනුම්පත රැගෙන යෑම අනිවාර්ය වන අතර ඊට අමතරව මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රසිද්ධ කර තිබෙන ලේඛන අතුරින් කිසියම් හෝ එකක් පෙන්වා සිය අනන්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව ඡන්ද දායකයාට සිය ඡන්දය භාවිත කළ හැකිය.


ඡන්ද පොළේ දී ඡන්ද දායකයාට අපේක්ෂකයන්ගේ නම් ආකාරාදී පිළිවෙළට (සිංහල හෝඩියේ අක්ෂර අනුපිළිවෙළට) සකස් කළ ඡන්ද පත‍්‍රිකාවක් ලැබෙන අතර අපේක්ෂකයාගේ නම ඉදිරියෙහි තිබෙන හිස් කොටුව ඡන්ද හිමියාගේ කැමැත්ත ප‍්‍රකාශ කිරීමට යොදා ගත යුතුය. කෙසේ වෙතත් ජනාධිපතිවරණ පනතේ සඳහන් නියමයන් ප‍්‍රකාරව මෙහිදී සැලකිය යුතු මූලික කාරණා කීපයක් තිබේ. එනම් මැතිවරණයට තරග කරන්නේ අපේක්ෂකයන් දෙදෙනකු පමණක් නම් එහිදී ඡන්ද හිමියා විසින් 1, 2, 3 යනාදී වශයෙන් මනාපය සටහන් කරනු ලැබීම අනවශ්‍ය අතර ඔහු හෝ ඇය විසින් තමන් කැමැති අපේක්ෂකයා ඉදිරියෙහි - ලකුණ හෝ අංක 1 සටහන් කර සිය ඡන්දය පමණක් සලකුණු කරනු ලැබීම ප‍්‍රමාණවත්ය.


අපේක්ෂකයන් තිදෙනකුට වැඩි පිරිසක් තරග කරන විට ඡන්ද දායකයාට සිය කැමැත්තේ අනුපිළිවෙළට මනාප සලකුණු කිරීමේ ඉඩකඩ හිමි වේ. ඒ අනුව තමන් පළමුව කැමැති අපේක්ෂකයාගේ නම ඉදිරියෙහි පළමු කැමැත්ත ද පිළිවෙළින් දෙවැනුව හා තුන්වෙනුව තමන් කැමැති අපේක්ෂකයන් ඉදිරියෙහි දෙවැනි සහ තුන්වැනි මනාප සටහන් කළ හැකිය. කෙසේ වෙතත් මෙහි පවතින අති මූලික කොන්දේසිය වන්නේ කිසියම් ඡන්ද දායකයකු සිය දෙවැනි සහ තුන්වැනි මනාප කිසිදු අපේක්ෂකයකුට ලබා නොදෙන්නේ වී නමුදු ඔහුගේ හෝ ඇයගේ ඡන්දය වලංගු ඡන්දයක් වීමට නම් පළමු මනාපය නොහොත් සිය ඡන්දය කිසියම් හෝ අපේක්ෂකයකු වෙනුවෙන් භාවිත කර තිබිය යුතු වීමය. දෙවැනි තුන්වැනි මනාප සලකුණු කර පළමු මනාපය නොහොත් ඡන්දය භාවිත නොකර තිබෙන ඡන්ද පත‍්‍රිකා වැටෙන්නේ ද නරක් වූ ගොඩටය. පාඨක ඔබගේ දැන ගැනීම පිණිස කිසියම් ඡන්ද හිමියකුගේ ඡන්දය ප‍්‍රතික්ෂේප වන අයුරු ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පනතෙහි සඳහන් වන ආකාරය මෙහි උපුටා දක්වමු.


නිල සලකුණු නොදරන ඡන්ද පත‍්‍රිකා
ඡන්ද පත‍්‍රිකාවේ ඡන්ද දායකයා හඳුනා ගැනීමට අකුරු හෝ වෙනත් සලකුණු සඳහන් කර තිබීම
කිසිදු අපේක්ෂකයකුට ඡන්ද සලකුණු කර නැති පත‍්‍රිකා
එක් අයකුට වඩා ඡන්දය සලකුණු කර ඇති පත‍්‍රිකා
පළමු මනාපය නොමැතිව 2, 3 මනාප ලකුණු කර තිබීම
හිතාමතා අවලංගු කර ඇති ඡන්ද පත‍්‍රිකා
ඡන්දදායකයන් සිය ඡන්දය භාවිත කිරීමේදී ඉහත නියමයන් පිළිපැදීමට විශේෂයෙන් වගබලා ගත යුතුය. එසේ නොවුණහොත් සිදුවන්නේ ඔබගේ වටිනා ඡන්දය අවලංගු වූ ඡන්ද ගොඩට වැටීමය.

 

M



අදහස් (0)

ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්නේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31318 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13528 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 941 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site