අංගම් පොර සටන් කලාවේ ආරම්භය මීට අවුරුදු 33000 කට එපිට අතීතයට දිවයයි. හෙළයේ ජීවත්වෙච්ච යක්ෂ, නාග, දේව, රාක්ෂ යන ජනවර්ග පොදුවේ අසුරයන් (සුර අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා මෙම සටන් ක‍්‍රමය භාවිත කරන්නට විය. ක‍්‍රමයෙන් වර්ධනය වූ අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක‍්‍රමණයට එරෙහිව යොදාගන්නට ඇත.
අප සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස රාවණ යුගය හඳුනාගත හැකිය. රාවණ රජු නිල ශාස්ත‍්‍රය පිළිබඳ විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කරනු ලැබ ඇති වෛද්‍ය ග‍්‍රන්ථ තුළින්ද පැහැදිලි වෙයි. රාවණ සහ අංගම් ශාස්ත‍්‍රය අතර සම්බන්ධය කෙතරම් ප‍්‍රබලද කියතොත් අදටත් අංගම් ශිල්පීන් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සඳහා මල්පැලක් සකස් කොට රාවණ ස්තෝත‍්‍ර කියා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි. මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක‍්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන් කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂා කරන්නට උපරිමයෙන් දායක විය.
අංගම් යනුවෙන් හඳුන්වන්නේ ශරීරයයි. පොර කියන්නේ සටනයි. නිරායුධව (හිස්) සිරුරෙන් කරනු ලබන සටන අංගම්පොර යනුවෙන් හඳුන්වයි. ආයුධ සහිතව කරනු ලබන සටන ඉලංගම් ලෙස හඳුන්වනු ලබයි. අංගම් ශිල්පයේ ප‍්‍රවීණයකු වීම සඳහා මෙම කොටස් දෙකට අමතරව මායා අංගම් ලෙස හැඳින්වෙන ගුප්ත කොටසද ඉගෙනගත යුතු අතර සම්පූර්ණ අංගම් සටන් කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයකුට තම ජීවිතකාලය මදිය. එසේ වන්නේ මෙම ශිල්පයේ ඇති තියුණු බව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත‍්‍රය පිළිබඳ දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන් ක‍්‍රමවලදී එතරම් සාර්ථක ලෙස භාවිත වන්නේ නැත. සිංහල සටන් ක‍්‍රමය අනුව නිලවලට පහරදෙන ක‍්‍රම රැසක් දැකගත හැකිය.
අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක්, ඉවසීමක් ප‍්‍රගුණ කළ අය වෙති. එය ඔහුට ලැබෙන්නේ බුදු දහම අතින්ය. අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය. ඔහු තම ශක්තිය විදහාපෑම සඳහා විවිධ අභ්‍යාසවල නිරතවෙයි. හිසෙන් පොල් පැලීම, පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම, ඇත් දළයක් පොලොවේ වළලා තනි අතින් ඇද ගැලවීම, පොලූ අට කැඞීම, කුළු හරක් මෙල්ල කිරීම, විශාල ගල්, ගස් කඳන් ඈතට විසි කිරීම, පොල් ගසට පයින් ගසා පොල් කැඞීම, පුවක් ගෙඩිය ඇඟිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම, මිනිසුන් දහ පහළොස් දෙනා සමග තනිව සටන් කිරීම, ඇස්, අතපය බැඳගෙන සටන් කිරීම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපෑමට කරනු ලබයි.
යටත්විජිත තහනමට ලක්වීම
මේ අයුරින් සිංහලයාගේ සටන් කලාව අධිරාජ්‍යවාදීන් බියගැන්වූ නිසාම අංගම් සටන්කරුවන් විනාශකරන්නට විවිධ උපක‍්‍රම යොදා ඇත. 1818 දී ගැසට් නිවේදනයක් මගින් අංගම් සටන් ලංකාව පුරාම තහනම් කිරීමට බි‍්‍රතාන්‍යයන් පියවර ගත්තේය. එ නිසාම ක‍්‍රමයෙන් අංගම් පුහුණුව සිංහලයා වෙතින් ඈත් වන්නට විය. අංගම් සටන් මගින් ඈත්වන්නට අකමැති වූ සිංහලයන් වනගතව එය ආරක්ෂාකරගත් අතර මෙනිසා අදටත් එය සුරක්ෂිතව පවතී. සටන් පරපුරේ මුතුන් මිත්තන් තම මහත්තාආරච්චි පරම්පරා නාමය සමග ඇති සම්පූර්ණ නම අගට ”පෙරේරා” යනුවෙන් යොදා ගැනීමට සිදුවිය.
මර්දනය
ඉංග‍්‍රීසියෙන් රේඛා ක‍්‍රියාවලිය කෙතරම්ද කියතොත් එහි එක් අවස්ථාවක් ඉතිහාසයේ මෙසේ සඳහන් වේ. ”අවුරුද්දක් පමණ කාලය තුළ පැවති මේ කැරැුල්ලෙන් සිදුවූ අලාභ හානි මෙ පමණය කිව නොහැක. සිංහලයෝ 10000 කට වැඩි ගණනක් මිය ගියහ. මියගිය ඉන්ගිරිසි භටයන්ගේ නියමිත ගණනක් ඇති බවක් නොපෙනෙන නමුත් ලෙඩවී මඩකළපුවට ගෙනගිය 173 දෙනකුගෙන් 114 දෙනකුම මියගිය බව සඳහන් වේ. ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000 ක් භටයෝ කැරැුල්ලට සම්බන්ධ වූහ.”
සැබෑ සටන් ශිල්පීන් තවදුරටත් ඉතිරිව සිටින්නේද යන්න ඕනෑම අයකුට නැගෙන ප‍්‍රශ්නයකි. අවුරුදු 300 කට ආසන්න කාලයක් පූර්ණ තහනමකට ලක්ව තිබූ මෙම ශිල්පය තහනම් යුගයේදී නීති විරෝධී ලෙස යටත්විජිත පාලනය විසින් තැන තැන මරා දැමූ සටන් ශිල්පීන්ගේ ඉතිහාසය ඇසූ වත්මන් සමාජය එවැනි තීරණයකට එළැඹීම පුදුමසහගත නොවේ. එසේ වුවද අදටත් නොනැසී මෙම ශාස්ත‍්‍රය පවත්වාගෙන පැමිණි පරම්පරාවන් රාශියක් ලංකාවේ සිටින බවට ලිඛිත හා ලිඛිත නොවන සාක්ෂි දක්නට ලැබේ. ඉතාමත්ම අප‍්‍රසිද්ධව මෙම කලාව පවත්වාගෙන එනු ලබන ශිල්පීය පරම්පරා බොහෝ විට අදටත් නර්තන සම්ප‍්‍රදා හා බද්ධව මෙය පවත්වාගෙන යයි. කෙසේ වෙතත් මේ වන විට ප‍්‍රසිද්ධියේ කරළියට පැමිණ ශාස්ත‍්‍රයේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින කොරතොට අංගම්පොර සටන්කරුවන් මෙහිදී අමතක කළ නොහැකිය.
කොරතොට අංගම්පොර සම්ප‍්‍රදාය
අදින් වසර 33000කට පමණ පෙර ලක්දෙරණේ ඉපිද සුරාසුර යුද්ධය ජයග‍්‍රහණයට මුල්වූ කතරගම මහසෙන් නම් සෙන්පතියාගෙන් පැවත එන්නේ යැයි සැලකෙන කොරතොට අංගම්කරුවෝ මෑත ඉතිහාසයේ දී මුල්ලේරියා සටනට මූලිකත්වය දී ගම්වර තානාන්තර ලත් ගෞරවාන්විත සම්ප‍්‍රදායකි. අදටත් ඔවුන් ඔවුන්ගේ සම්ප‍්‍රදාය රැුකගෙන නොනැසී පවත්වාගෙන යයි.
අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර ”එතුණු කඩුව” නම් වූ ආයුධ විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ පළු 32 කින් යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඹ සඳහා, දෑතට දෙකක් භාවිත කරයි. මෙම ආයුධ භාවිතයට ඉතාම ඉහළ පුහුණුවක් අවැසිය. මන්ද ප‍්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරාන්තික පහරක් විය හැකි බැවිනි. එබැවින් මෙම ආයුධය අත්දැකීම් ඇති ප‍්‍රවීන සටන් ශිල්පීන් භාවිත කරයි.
තවද අංගම් කලාව හා බැඳුනු තවත් ආයුධ අතර හෙළ කඩුවටද විශේෂ තැනක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලබයි. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමාන වෙයි. පලිහ යනු කඩුව හා එක්ව භාවිත කරන තවත් ආයුධයකි.
ශ්‍රී ලාංකීය ජාතික උරුමයක් බඳු මෙම අංගම්පොර සටන් කලාව නැවත මෙරට ජනප‍්‍රිය කරවීමට, මුල් ගුරු පරම්පරාවල වර්තමාන සාමාජිකයන් දැඩි වෙහෙසක් ගනී. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ඔවුන්ට කෘතඥ පූර්වකව ස්තුතිවන්ත විය යුතුය. තරුණ අංගම්පොර සටන් ශිල්පියකු වශයෙන් සිය උරුමය අනාගත පරපුරට දායාද කිරීම උදෙසා දැඩි කැපවීමකින් හා උත්සහයකින් තම චාරිත‍්‍ර වාරිත‍්‍ර ඇවතුම් පැවතුම් සියල්ල කැටි කොට ගනිමින් අජන්ත මහන්තාරච්චි මහතා කරන කැපවීම හෙට දිනයේ අපට ආවේණික වූ අංගම් ශිල්පයේ රැුක ගැනීම වෙනුවෙන් උදාර මෙහෙවරක් වනු ඇත.
ඔහු රචිත හෙළයේ සටන් රහස අංගම් කෘතිය සුවහසක් පාඨක ජනයා අංගම් සටන් කලාව සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබනු ඇතැයි අපි විශ්වාස කරමු.
පැතුම් පැස්කුවල්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහොමඩ් මහත්තයෝ,.මම අවු.7ක් ටයිකොන්ඩෝ කරලා කොරියානු පුහුණුවකුත් ලබපු කෙනෙක්.නමුත් සැබවින්ම අංගම්පොර තිබෙනවා නම් ඉගෙන ගන්න ආසයි.මාෂල් ආට් මගේ විනෝදාංශයක් නිසා.නමුත් මම මෙරටේ බලාපු කිසිම අංගම්පොර සංදර්ශනයක තිබුනේ අංගම්පොර සටන්ද කියලා සැකයි.නුවන් කියන ඉන්දීය සටන් කලාව මාස කිහිපයකට පෙර ඉන්දියාවේදී දකින්න ලැබුනා.එකක් කිව යුතුයි...කලරි ශිල්පයට වඩා අපේ අංගම්පොර කලාත්මකයි. (නි)
ඒ කාලෙ සිංහල මිනිස්සු තමන්ගේ රටට ආදරය කරලා තියෙනවා කියලා මේකෙන්ම පේනවා නේද ?(දී)
ඒ කාලෙ සිංහල මිනිස්සු තමන්ගේ රටට ජාතියට කොච්චර ආදරය කරලා තියෙනවද? (දී)
ලංකාවාසි දුක් විඳ රැකගෙන ආවේ.. අංගම් අපේ හෙළ ක්‍රීඩා බල රාවේ.. බිංමල් පිපී සැම නැතිවෙන වේලාවේ.. නංවා සිටිමු අපෙ උරුමය ලංකාවේ.(නදී)
නුවන්,වීඩියෝ,වෙබ් අඩවි තිබූ පමණින් ඕවා ඇත්ත වෙන්නේ කොහොමද? දැන් කෙනෙක් කිසිම පදනමක් නැතුව ඔබට අපහාස කරලා ලියන තොරතුරු ඇත්ත ලෙස ඔබ පිළිගන්නේ නැහැ නේද?රිටිගල,කොරතොට අංගම් බොරු කියන අය දන්නවා ඇතිනේ ඇත්ත අංගම් මොනවද කියලා?කෙනෙක් සටන් ශිල්ප දෙකතුනක් ඉගෙනගත්තා කියලා අංගම්කාරයෙක් නෙමෙයි කියලා ඔබට කියන්නට තියෙන සාක්ෂි මොනවද? (නි)
ඉතමත් වැදගත් ලිපියක්. ශ්‍රී ලාංකික අනන්‍යතාව රැකගත යුත්තේ මෙවැනි අපටම අවේණික වුණ සංස්කෘතික අංගයන් ආරක්ෂා කරමින් පෝෂණය කරමින්ය. (නි)
මම පාසැලේදී ටයිකොන්ඩෝ හැදෑරුවා. අනේ මන්දා දැන් තියෙන අංගම්පොර මට පෙනෙන්නෙත් ඒවායේම ප්‍රාථමික අවස්තාවක් කියලා. පැරණි සටන් සම්ප්‍රදාය විනාශ වෙලා කියලා හිතෙනවා. මේ අංගම්පොර උනන්දුව ආවෙත් දඩුබස්නාමානය ටෙලි නාට්‍යයෙන් පස්සෙනේ.(නදී)
ඇත්තටම හොද ලිපියක්.(නදී)
සඳුනි,කොරියානු ටයිකොන්ඩෝ කියන්නේ අංගම්පොර වල ප්‍රාථමික අවස්ථාවක්.ඔබ අංගම් ප්‍රාථමිකයි කියලා කියන්නේ අද ඉන්න චීන,කොරියන්,ජපන් සටන් ක්‍රමවල ආභාෂයෙන් ලංකාවේදී උපන් චීනඩි ගුරුවරුන් අංගම් යයි පවසමින් උගන්වන නිසාය.අංගම්පොර බුදුදහම පදනම් කරගත් ජීවිත දර්ශනයක්ද වන අතර එයටම ආවේනික වූ නිල,ගැට,පොර,මන්ත්‍ර, මෙන්ම එයටම සුවිශේෂ වූ වෛද්‍ය කලාවක් මෙන්ම ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රයක්ද පවතී.මෙහි ආවි හරඹද සුවිශේෂ වේ.ඒ අනුව බැලුවහොත් මෙයට ආසන්න වශයෙන් හෝ සමාන ලක්ෂණ ඇති ලොව එකම සටන් ක්‍රමය ෂාඔලින් කුන්ෆු පමණකි. (නි)
ඇත්තටම වැදගත් ලිපියක් මෙ සටන් කලාව ඉදිරියට රැගෙන යැමට හා රැක ගැනිමට ක්‍රම වේදයක් සැකසිය යුතුයි. අංගමී සටන් ක්‍රම පන්ති ආරම්භ කල යුතුය.(නදී)
වටිනා ලිපියක්, ලංකාදීපයට ස්තුතී.(නදී)
සඳුනි, ඔබට එහෙම සිතෙන එක හරි. මේ මහා සම්ප්‍රදායකින් රටේ ආරක්ෂාව සඳහා රාසින් දෙවියන් එළියට දුන්නු අල්පයක ශේෂයක් පමණයි. සැබෑ හෙළ සම්ප්‍රදාය රහසිගතව ඇත. (නි)
නැහැ නුවන් මෙතුමා ළඟ මෙතුමාගේ පරම්පරාවේ අය මුල්ලේරියා සටනේදී කල මෙහෙය වෙනුවෙන් 1 වන රාජසිංහ රජු ප්‍රදානය කරපු අසිපතක්,සන්නසක් පවා තියෙනවා.රිටිගල පරම්පරාව වගේම කොරතොට පරම්පරාවත් ඇත්තම අංගම්පොර උගන්වන්නේ.එදෙකේ ඇතැම් ලක්ෂණ වෙනස් වෙන්නේ ප්‍රදේශයට අනුව ඒවා පසු කාලීනව වෙනස් වූ නිසයි.මේ ගුරුකුල දෙකෙන් ඉගෙන ගත අය එකිනෙකාට බොරුවට චීනඩි කාරයෝ චෝදනා කරගන්නේ නොදන්නා කමට. (දී)
සදුනි එන්න අංගම්පොර ඉගෙන ගන්න !!!!
ගොඩක් වැදගත් ලිපියක්.මොනවා උනත් දැන් මේ ගැන තියෙන සැලකිල්ලනම් ගොඩක් මදි. (දී)
වීර ඔයා සහ බිසෝ මැණිකේ නිවැදියි. මම කිව්වේ මේ වෙනකොට අපි දකින්නේ අංගම්පොරමද කියලයි. මෙය සාකච්චාවට භාජනය විය යුතු කරුණක්. අංගම්පොර කෙසේ වෙතත් රිටිගල සුමේධ ඇදුරුතුමා නම් සැබෑම සටන් සුරයෙක් බව පෙනෙනවා. මගේ කුඩා වයසේදී දඩුබස්නාමානය ලොකු ආශ්වාදයක් වුනා. මට පුදුම අංගම්පොර කරලියට ආවේ එයට පසුව වීමයි. මම මින් කිසිසේත්ම අංගම්පොර ලඝුකොට සලකන්නේ නැහැ.(නදී)
වීර, ඔයාට වඩා මම හොඳට අංගම් හා චිනදී අතර වෙනස දන්නවා.සන්නසක් කඩුවක් තිබ්බම හැමෝම අංගම් කාරයෝ වෙනවද? රිටිගල අංගම් ගුරා ඉන්දියාවේ දෙමළ සෙල්ලම් ඉගන ගෙන අාව කෙනෙක් ඉස්සෙල්ලා කලේ වුෂු.කොරොතොට ගුරා මුලින් කලේ කරාටේ පස්සේ තමා එකපාරට අංගම් වලට මාරු උනේ. දන්නේ නැත්නම් මේවා බලන්න http://www.youtube.com/watch?v=aZetx1vKvDQ http://ritigalasumedha.blogspot.com (ස)
වීර, අංගම් කාගේ හරි පරම්පරාවේ අරුමයෙන් එනවා නම් මොන අහවල් කාරියකටද කරාටේ වැනි ක්‍රීඩා පිට රට ගිහින් ඉගෙන ගෙන එන්නේ. රිටිගල ගුරුතුමා ඇදගෙන ඉන්න දෙමල සරමෙන් හොදට පේනවා. ඒ වගේම ඔය පිට සටන් ඉගෙන ගත්ත ඕන කෙනෙක්ට මේවා මොනවද කියල කියන්න පුළුවන්. ඔයා වගේ නොදන්නා අය නිසයි මේ වගේ බොරු වැජබෙන්නේ.බොහොම කනගාටුයි.(නදී)
රාවනා රජුගේ කාලේ ඉදලා එන සටන් ක්‍රමයක් (දී)
ස්තුතියි පැතුම් සහ ලංකාදීපයට ! (නි)
හැමෝම අම්ගම් පොර සෙල්ලම් කරකර හිටියම හරි. අවුරුදු 500ක් පැරණි ජපානේ අද කොහොමද අවුරුදු 33000 ක් පැරණි අපි ඉන්නේ කොහෙද කියල බැලුවම පිස්සු ඩබල් වෙනවා. අපි පුරාජේරුව පමණක් ඇති ජාතියක් මටනම් දැනෙන්නේ එපමණයි.(නදී)
කොරතොට අංගම් කියල ලෝකෙට පෙන්නුවට ඔය ගුරුතුමා කාලයක් කරාටේ ලොකුවට කරපු කෙනෙක්.දැන් චිනාඩි, අංගම් කියල ලෝකෙට පෙන්නනවා.දන්නෝ දනිති! දැක්කම මටනම් හිනා යනවා.(අ)
හෙළයේ පැරණි මුල් පරම්පරා වල අංගම් ශිල්පියෙක් හදුනා ගන්න පහසුයි. එහෙම අය ප්‍රදර්ශන සඳහා හෝ විනෝදය පිණිස සටන් දක්වන අය නොමේ. දැනුම මුදල් හෝ වෙනත් පඬුරු වලට පෙන්වන්න බැහැ දෙන්නත් බැහැ. පරම්පරාවෙන් පිට දැනුම දෙන්නේ බොහොම විරලව. ඔයාල නිකරුනේ වාද කරගන්න නිසයි ලිවුවේ. (නි)
නියමයි ජයවේව ! (දී)
අංගම්පොර සටන් බිමිට කියන නම කුමක්ද? ඌ යන්නෙන් පටන් ගෙන අකුරු 4 ක්.