IMG-LOGO

2025 මාර්තු මස 19 වන බදාදා


සී.එන්. කුළුණට පේන කැනඩාවේ ලස්සන...

කැනඩාවේ සංචාරයක නිරතවන  ඕනෑම සංචාරකයකු නැරඹීමට යන තවත් ස්ථානයක් ලෙස කැනේඩියානු ජාතික කුළුණ සඳහන් කළ හැකිය. එය කැනඩාවේ ජාතික සංකේතයයි. කැනේඩියානු ජාතික කුළුණ නමින් අප හැඳින්වූවද මෙය ලෝ පුරා ප‍්‍රකටව ඇත්තේ සී.එන්. ටවර්  (CN Tower) නමිනි. මිනිස් දෑතින් ඉදිකළ ලොව විශිෂ්ට නිර්මාණයක් වන මෙය කිසිදු ආධාරක පද්ධතියක අත්වැල නොමැතිව නිදහසේ අහස් කුසට විහිදී ඇති අයුරු සැබැවින්ම අප මවිතයට පත් කරවන්නාවූ දෙයකි

 

"දහවලට වඩා කුළුණෙහි ලස්සන මැවෙන්නේ රාත‍්‍රිය එළැඹීමත් සමගය. රාත‍්‍රියට කුළුණ විවිධ වර්ණයන්ගෙන් අලංකාර වේ. විශේෂ ආලෝක කරණ රටාවන්ගෙන් හැඩකරන සමයක්ද තිබේ."

1975 සිට 2007 දක්වා ලොව උසම කුළුණ ලෙස ලෝක වාර්තාවට හිමිකම් කීවේ මෙම කුළුණය. නමුත් නිදහසේ අහස්තලයට විහිදී ගිය උසම නිර්මාණය ලෙස අදටද හිමිකම් කියන්නේ මෙයයි.

අද ලොව ඇති උස් කුළුණු අතරින් පළමු තැන ලබා සිටින්නේ ජපානයේ ඇති ටෝකියෝ කුළුණය. එය උසින් අඩි 2080 කි. දෙවැනියට ඇති උසම කුළුණ වන්නේ චීනයේ ග්වැන්ෂුහි ඇති කැන්ටන් කුළුණය. එය උසින් අඩි 2000 කි.

මෙම සී.එන් කුළුනෙහි ඉදිකිරීම් ආරම්භ වූයේ 1973 දී වන අතර, විවෘත කෙරුණේ 1976 දීය. 1968 දී කැනඩා ජාතික දුම්රිය සේවයේ අදහසකට අනුව ටොරොන්ටෝ නගරය සහ ඒ අවට ජනතාවගේ පහසුව සඳහා රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශන සේවා පුළුල් කිරීමේ අටියෙන් මෙය නිර්මාණය කරන ලදී. මූලික ශක්‍යතා කටයුතු 1972 දී ආරම්භ වූ අතර ඉදිකිරීම් ඇරඹුණේ 1973 දීය. ඒ අනුව පාදම සඳහා පමණක් යකඩ ටොන් 56000 ක් යොදා ගැනුණි. (ගැඹුර) අඩි 49 ක් පොළවට හාරනු ලැබීය. වැඩ කිරීම සඳහා යොදා ගැනුණු දෛනික සේවක සංඛ්‍යාව 1532 කි. කොටස් 36 කින් යුත් මුදුන් ඇන්ටෙනාව ඔසවනු ලැබුවේ ඇමරිකානු ෂිකෝර්ස්කි නමැති හමුදා හෙලිකොප්ටරයක් මගිනි. කුළුණ සාදා නිමකළ අයුරු ගැන වූ සියලූ විස්තර මෙම කුළුණෙහි ඉහත මාලයෙහි ඇති නැරඹුම් මැදිරිය අවට ස්ථානයෙහි සඳහන් කොට තිබේ. මෙය ඉදිකිරීමට වැය කළ මුදල ලෙස සඳහන් වන්නේ කැනේඩියානු ඩොලර් කෝටි 63 ලක්‍ෂයකි. කැනඩාවේ ඔන්ටාරියෝ ප‍්‍රාන්තයේ ටොරොන්ටෝ නගරයට අයත් ඩවුන් ටවුන් පෙදෙසේ පැරණි දුම්රිය ඉඩමක ඉදිකළ මෙම කුළුණ නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින් මිලියන දෙකද ඉක්මවයි. 1995 වසරේදී ඇමෙරිකානු සිවිල් ඉංජිනේරු ආයතනය විසින් මෙය ලොව පුදුම හතෙන් එකක් ලෙසද නම් කරන ලදී.

සී.එන්. කුළුණ පිහිටි ස්ථානය අවට බිම් පෙදෙස උද්‍යානයක ස්වරූපයෙන් නිර්මාණය කොට ඇත. එම බිම් පෙදෙස අවට රෝජර්ස් සෙන්ටර් හෙවත් මධ්‍යස්ථානය තනා ඇත. අර්ධ ගෝලාකාර හැඩයට තනා ඇති ඊට කැනඩාවේ වඩා ප‍්‍රචලිත ක‍්‍රීඩා වන බේස්බෝල් සහ පාපන්දු ක‍්‍රීඩා මෙන්ම වෙනත් ජවන හා පිටිය ක‍්‍රීඩා සඳහා වෙන් වූ සුප‍්‍රකට ක‍්‍රීඩාංගණයද අයත්ය. වැසි සහිත කාලගුණික තත්ත්වයක් යටතේ වුවද මෙහි ක‍්‍රීඩා පැවැත්විය හැකිවන්නේ ගෝලාකාර වූ වහලය වසා තැබීමට හැකි නිසාය. මෙනිසා මෙයද විශිෂ්ට නිර්මාණයක් ලෙස සඳහන් කළ හැකිය. මේ අවට නම් කර ඇත්තේ ‘‘බොබී රොසන්ෆ්ලෙඞ්’’ උද්‍යානය නමිනි. ඒ කැනඩාවේ සුප‍්‍රකට මලල ක‍්‍රීඩකයකු සිහිවීම සඳහාය.

කුළුණ නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින් හට අවකාශය ලැබෙන්නේ ඉහළට ගොස් නගරයේ හැඩ බැලීමට පමණක් නොවේ. ඊට පෙර කැමති නම් මෙහි ඇති සිනමාශාලාව වෙත ගොස් ත‍්‍රිමාණ චිත‍්‍රපටයක් නැරඹිය හැකිය. එම සිනමා ශාලාවට අමතරව, රංග ශාලාවක්ද, සාප්පු සංකීර්ණයක්ද, හමුවීමේ ශාලාවක්ද, අවන්හල් කීපයක්ද ඇත. අංශක 360 අවන්හල ඒ අතරින් සුවිශේෂ වන්නේ සතර දිශාවෙහිම දර්ශන නරඹන අතරේ ආහාර පාන රසවිඳගත හැකි අයුරින් නිර්මාණය කර තිබීම නිසාය. එහිදී පිළිගැන්වෙන ආහාර පාන එතැනටම විශේෂිත වූ වට්ටෝරුවලට අනුව පිළියෙළ කෙරේ. නමගිය සූපවේදීන්ගේ සහාය ඒ සඳහා ලබා ගැනේ. අහස් තලයේ ඉදි වූ අවන්හල් නිසාමදෝ මෙහි ආහාර නම් තරමක් මිල අධිකය. මෙහි ඇති ඡායාරූප ගන්නා ස්ථානයද සඳහන් කළ යුතුමය. මෙතැනට පැමිණෙන  ඕනෑම සංචාරකයකු හට කැමති නම් ඡායාරූපයකට පෙනී සිටිය හැකි අතර කුළුනේ විවිධ ඉරියව් පසුබිමට යොදා ගන්නා එම ඡායාරූපය සිහිවටනයක් ලෙස මිලදී ගත හැකිය.

ප‍්‍රධාන නැරඹුම් මැදිරිය පිහිටා ඇත්තේ අඩි 1122 කට වඩා ඉහළිනි. ඊට මඳක් පහළින් වීදුරු යොදා තැනු බිමවෙත ගොස් පහත බැලිය හැකිය. එය ත‍්‍රාසය භීතිය මුසු අත්දැකීමකි. ප‍්‍රධාන නැරඹුම් ස්ථානයට ඉහළින් අහසේ තැනු මාළිගය පිහිටා ඇත. එතැනට ප‍්‍රවේශ වීම සඳහා වැඩිපුර මුදලක්ද අයකර ගනී. එතැනට ඈතින් පෙනෙන ඇමරිකානු දේශය, ඔන්ටාරියෝ විල මෙන්ම තවත් බොහෝ තැන් දර්ශනය වේ. ටොරොන්ටෝවේ ඇති පුංචි ගුවන් තොටුපල මෙන්ම තවත් ස්ථාන දිස්වන්නෙ ්සුන්දර සිත්තම් ලෙසිනි.

ඩවුන්ටවුන්හි ඇති දුම්රිය අංගනයේ නවතා ඇති දුම්රිය පෙනෙන්නේ පුංචි සෙල්ලම් කෝච්චි තරමටය. රථ වාහන පෙනෙන්නේ ගිණිපෙට්ටි තරමටය. ඒ මගින් මෙහි උස අපූරුවට මැනගත හැකිය. ස්කයිපොඞ් හෙවත් ඉහළින්ම ඇති නැරඹුම් ස්ථානයේ බොහෝ වේලාවන් රැඳී සිටීමට සිත් ඇති වන්නේ භූමියෙහි දක්නට ලැබෙන සොඳුරු සිත්තම් නිසාමය.

 

 

දහවලට වඩා කුළුණෙහි ලස්සන මැවෙන්නේ රාත‍්‍රිය එළැඹීමත් සමගය. රාත‍්‍රියට කුළුණ විවිධ වර්ණයන්ගෙන් අලංකාර වේ. විශේෂ ආලෝක කරණ රටාවන්ගෙන් හැඩකරන සමයක්ද තිබේ. එමෙන්ම විශේෂිත දින සහ කාලසමයන්හිදී විවිධ ආලෝක වර්ණ සඳහා වෙන්කර තිබේ. සරත් සමයේදී කුළුණ හැඩගන්වන ආලෝක රටා දීප්තිය අඩු කරන්නේ සියොතුන්ගේ සංක‍්‍රමණික කාලය වන නිසාය. දෙසැම්බරයේදී රතු සහ කොළ පැහැයෙන් කුළුණ ආලෝක කරන අතර දෙසැම්බර් 31 වැනිදා විශේෂ ආලෝක රටා සැණෙකෙළිය පවත්වන්නේ අලූත් අවුරුදු උදව නිමිත්තෙනි. දෙසැම්බරයේදී, ලෝක ඒඞ්ස් දිනය, රිබන් දිනය, මානව හිමිකම් දිනය සහ ශීත සෘතුය පටන් ගන්නා දින වෙනුවෙන් විවිධ ආලෝක රටාවන්ගෙන් කුළුණ හැඩ ගන්වනු ලැබේ. මෙම ආලෝක කරන රටා වෙනුවෙන් වූ පද්ධති සඳහා මසකට විශාල මුදලක් වැය කෙරේ. කැනඩාවේ ජාතික වශයෙන් වැදගත්වන සහ සංකේතවත් කෙරෙන අවස්ථා වලදීද මෙම ආලෝක රටා මගින් ඒ බව ප‍්‍රකාශ කෙරෙන අවස්ථා තිබේ.

ප‍්‍රධාන නැරඹුම් ස්ථානයට එපිටින් එළිමහනට වන්නට තනා ඇති ත‍්‍රාසය ගෙන දෙන ඉසව්ව ගැනද සඳහන් කළ යුතුමය. එම ඉසව්ව නම්කර ඇත්තේ එජ්වෝක් නමිනි. බඳ වටා ආරක්‍ෂිත පටිවලින් බැඳ කුළුණෙහි මුදුනක සිට සියලූ තැන් නැරඹීමට ඒ මගින් ඉඩ සළස්වා ඇත. ත‍්‍රාසජනක අත්දැකීමක ආස්වාදය විඳින්නට කැමති සංචාරකයෝ ඒ ආස්වාදය ලබාගැනීමට මැලි නොවෙති. ඔවුන් නැවත පහතට එන්නේ ‘‘අපි මහා කැනඩාව අහසේ සිට නැරඹුවා’’ යන අභිමානවත් හැඟීම ඇත්තේ ඔවුනට පමණක් නොවේ. මෙම කුළුණ වෙතට ප‍්‍රවේශ වී අහස් තලය සිප එහි සිට පොළෝ තලයේ ඇති සුන්දරත්වය රිසිසේ විඳ එන හැමෝටම බව කිව හැකිය.

කැනඩාවේ සංචාරයකට පසුව....

 

බේස් බෝලයක තරම් වූ යෝධ කී‍්‍රඩාංගනය...
 
මේ සෙල්ලම් මාලිගාවක් නොවේ..
 
පිවිසුම් මග..
 
ඇමෙරිකාව දක්වා පෙනන ඉම
 
ඔන්ටාරියෝ විලෙහි හැඩ...
 
සමරු සැල....
 
රොරොන්ටෝවේ වීරත්වය...

 

 

සුන්දර නයගරාව...

රන් හිරු එළියෙන් නැහැවෙන නයගරා තුරු උයන

නයගරාවේ සුවඳ පිරුණු මලින් පිපුණු මල් ඔරලෝසුව



අදහස් (0)

සී.එන්. කුළුණට පේන කැනඩාවේ ලස්සන...

නයන Wednesday, 07 August 2013 12:58 AM

මෝඩ කතා කියන්න එපා.රටක විස්තරය ඒ මහතා ලියන්නේ.ඊර්ෂ්‍යා හිතුනම ඔහොම තමා.තව කැනඩා සහ වෙන රටවල තොරතුරු ලියන්න. (නි)

:       0       0

දයා අලහාකොන් Tuesday, 06 August 2013 05:23 PM

ඇත්තටම ලස්සනයි මෙසේ කැනඩාව වැනි රට රටවලට අපිට යාමට නොහැකිය ලංකාදීපයට හද පිරි සතුට පිරි නමමු

:       0       0

රණතුංග Tuesday, 06 August 2013 06:27 PM

මේක පුදුම හතෙන් එකක්ද? (නි)

:       0       0

තිලක් Friday, 09 August 2013 01:48 AM

ලංකාව ඊට වැඩිය ලස්සනයි. මේ රටවල් ලස්සන නැහැ. මිනිස්සුන්ට හැමදාම ප්‍රශ්න.(නදී)

:       0       0

මොහාන් Tuesday, 06 August 2013 07:01 PM

අනේ දැන් ඇති ඔය කැනඩාවේ වර්ණනාව (අ)

:       0       0

චන්ද්‍ර Monday, 19 August 2013 12:05 PM

අනේ ඕස්ට්‍රේලියාවේ ඉන්න සිංහල කට්ටිය නම් පලු පැලෙන්න සිංහල භාෂාවෙන් තමා කතාව.පුළුවන් නම් සුද්දෝන්ටත් සිංහල කියලා දෙනවා.මෙහෙ ඉපදෙන ලාංකික ළමයින්ට සිංහල පුළුවන් කියන්නේ ලොකු ආඩම්බරයක්.සිංහල භාෂාව කනට මිහිරි උච්චාරණයක් තියෙන භාෂාවක් කියලා තමා මෙහේ සුද්දෝ කියන්නේ. අපිට කතා කරන්න කියලා ආශාවෙන් අහගෙන ඉන්නවා.එහෙම භාෂාවක් තමා මේ සමහර රටවල ඉන්න ලාංකිකයෝ කන්නේ. නුගත් කළු සුද්දෝ.අමතක කරන්න එපා මෙල්බන් විශ්වවිද්‍යාලයක සිංහල විෂය පී එච් ඩී දක්වාම උගන්වනවා.වැඩියෙන් ඉගෙන ගන්නේ සුද්දෝ.උගන්නන්නේත් සුද්දෙක්. හොඳ සිංහලෙන්. (ස)

:       0       0

සුදත් ශ්‍රී Friday, 09 August 2013 11:27 PM

තිලක්, ප්‍රශ්ණ නැති මිනිසෙකුගෙන් මට අබ ඇට ටිකක් ගෙනත් දෙනවාද? (නි)

:       0       0

තිලක් Saturday, 10 August 2013 12:30 AM

ගොඩක් අය මෙහාට ආවට පස්සේ කතාකරෙන්නේ ඉංග්‍රීසි.අපේකම අමතක වෙනවා. මිනිසුන්ගේ ඇතුලාන්තය දැවෙනවා සල්ලි නැත්නම් තරගයෙන් පරදින මැෂින් වගේ තමා(නි)

:       0       0

ජයී තිසර Wednesday, 07 August 2013 02:10 PM

පාවෙන වළාකුළු අත් ලඟටම ආවේ ‍.. පහළින් ගෙවතු අතරින් මහ මඟ දිස්වේ.. එහි වාහනත් ගිණි පෙට්ටී ලෙසට මැවේ.. කුහුඹුවො රැලකි අපි සුවිසල් පුදුම ලොවේ (නි)

:       0       0

සඳුන් Wednesday, 07 August 2013 07:45 PM

මේක පුදුම හතෙන් එකකුත් නෙවෙයි වර්ණනාවකුත් නෙවෙයි.දුපත් මානසිකත්වයෙන් එහා ගිය සොඳුරු චාරිකාවක්. ලංකාවේ ලස්සන දේවල් අපි කොච්චර නම් ලියනවද,කෝ ඒවාට වර්ණනා? . සුන්දර ලෝකයට ආදරය කරන මිනිසුන්ගේ වින්දනය සඳහා පමණි. (අ)

:       0       0

ලක්මාල් Friday, 09 August 2013 07:44 PM

නියමයි!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

විශේෂාංග

ආරක්ෂාව නිදහස විවරණයක්
2025 මාර්තු මස 17 93 1

ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතා


කමිටු නිර්දේශ කුණුකූඩෙට දමන්නේ ඇයි?
2025 මාර්තු මස 15 284 0

රජයේ ආයතන කිහිපයක සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා ගණනාවක් පිළිබඳව පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී (කෝප් කමිටුවේ දී) හෙළි


මහින්දගේ නිල නිවෙස අලුත්වැඩියාවේ ඇත්ත නැත්ත
2025 මාර්තු මස 14 3939 4

මහින්ද රාජපක්ෂ නිල නිවාස ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියෙන් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති ආකාරය පිළිබඳ විශ්වාසදායක තොරතුරු “ඩේලි මිරර්” පුවත්පතට ලැබ


සතුරු දඩයමේ දේශපාලනය
2025 මාර්තු මස 14 871 3

මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු


ඉන්දියානු තඹ සමාගමත් ලංකාව හැර යන ලකුණු!
2025 මාර්තු මස 13 2858 4

ලබුගම සහ කලටුවාවේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන කැලණි ගඟට තඹ සහ පිත්තල නිස්සාරණ සමාගමක බැර ලෝහ එකතු වන බවට අපි පසුගිය පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා වාර්ත


දිළින්දන් නොවී ආධ්‍යාත්මික සාර්ථකත්වය ලබමු
2025 මාර්තු මස 13 208 1

දිළිඳු බව ලෝකය පුරා දක්නට ලැබෙන්නකි. බුදුදහම එය අනුමත නොකරන අතර එය පිටුදැකිය යුතු බව දේශනා කරයි. ජන සමාජය දුර්වල වීම, අස්ථාවර වීම, සදාචාරාත්මක වශයෙන් දු


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 915 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 331 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site