එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (වත්මනෙහි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) උප කුලපතිවරයකුද වූ, ස්වාධීන නිදහස් චින්තනයෙන් මෙරට භික්ෂු පරපුරට නව මංපෙත් සෑදූ මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවන්ගේ 117 වැනි ඡන්ම දිනය පසුගිය 9 වැනිදාට යෙදී තිබිණි. මේ සටහන ඒ නිමිත්තෙනි.
ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන හාමුදුරුවන් වහන්සේලා සියලු දෙනාම බුද්ධ ශ්‍රාවකයන් වුව ද උන්වහන්සේලා බෞද්ධ සමාජයේ ක්‍රියාකාරී වන විදිය හා හැසිරීම් රටාව අනුව ගිහි සමාජය හඳුනා ගනු ලබන්නේ විවිධ ස්වරූපයන්ටය ඒ අනුව ඇතැම් හාමුදුරුවරු බිස්නස් කරති. ඇතැමුන් දේශපාලකයන්ට කඩේ යති. ඇතැමුන් විහිළු කාරයෝය. ඇතැමුන් මන්තර ජප කරන්නෝ වෙති. ඇතැමුන් නිවන ගැනම කියමින් එම මාර්ගය හොයන්නෝ වෙති. ඇතැමුන් සමාජය ධර්මයෙන් ඥානය කරන්නෝය. ඇතැමුන් සමාජ සේවකයෝය. ඇතැමුන් පූර්වාදර්ශ චරිතවලින් හෙබි දාර්ශනිකයෝය.
ශාසනික සමාජය තුළ විවිධ ගති ගුණ හුරු පුරුදු වී එකම සඟ වැලක ජීවත් වන ජාතියේ මුර දේවතා නමින් ඉතිහාසය උරුම කරදුන් භික්ෂු චරිත අතර අපේ මහාචාර්ය වල්පොළ රාහුල හාමුදුරුවන් අගය කළ හැක්කේ කුමන පදනමක සිට ද යන්න වටහා ගැනීම මෙම ලිපියේ අරමුණයි.
වල්පොළ රාහුල හාමුදුරුවන් වහන්සේ උපත ලබන්නේ දකුණේය. දෙපාරක්ම පැවිදි වූ උන්වහන්සේ පළමු නාමය වූයේ වල්පොළ පියදස්සි යන නාමය. දෙවන වර පැවිද්දත් සමග පියදස්සි යන නාමය වෙනුවට රාහුල යන නම භාවිත විය. රාහුල හාමුදුරුවන්ගේ චින්තනය හරිම අමුතු එකක් විය. සාම්ප්‍රදායික භික්ෂුවක් විදිහට එලෙස වත් පිළිවෙත් අනුගමනය කිරීම ද සම්ප්‍රදායට ගරු නොකර නිවැරැදි චින්තනය නිවැරදි ලෙසම අනුගමනය කරන්නට යාමද උන්වහන්සේගේ චරිතයෙහි දක්නට ලැබුණු ප්‍රමුඛ අදහසක් විය. එසේම සමූහයෙන් වෙන්ව ශාස්ත්‍රීය ලෝකය තුළ නිවැරැදිව බුදු දහම හඳුනා ගන්නටත් තමා හඳුනාගත් බුදු දහම සමාජ ගත කරන්නටත් උන්වහන්සේ උත්සුක වූහ. මිථ්‍යාවෙන් වැසී එම මිථ්‍යා අන්ධකාරයට බුදු දහම යැයි හඳුනාගෙන එය පෝෂණය කරන සමාජය දෙස උපේක්ෂාවෙන් බැලු උන්වහන්සේ මිථ්‍යාවෙන් ධර්මය පෙරා වෙන්කර හඳුනාගන්නා ආකාරය සමාජයට ලේඛනය හරහා කියා දුන්හ.
දේශනයට වඩා ලේඛනය සමාජ සන්නිවේදනයේ ලා ප්‍රබල මාධ්‍යයක් ලෙස හඳුනාගත් උන් වහන්සේ සත්‍යෝදය නැමති පත්‍රිකා පෙළ ලියා පළ කරනු ලැබුවේ ඒ අනුවය. පසුව සත්‍යෝදය කතා නමින් කෘතියක් ලෙස පළවිය. නිවැරැදි ලෙස දහම ද බෞද්ධ පූජා ක්‍රමද හඳුනාගත යුත්තේ කුමන ආකාරයෙන්ද? යනුවෙන් එම කෘතියෙහි ලා උන්වහන්සේ පැහැදිලි කළහ. බෞද්ධ ආගමික චාරිත්‍ර ධර්මවල පවතින දාර්ශනික අරුත් උන්වහන්සේ පැහැදිලි කළ අතර වර්තමානයේ නිරාගාමිකයන් යයි කියා ගන්නා බෞද්ධ ආගමික විරෝධීන්ට වුවද අතිශයින් කියවා දැනුම ලබා ගත හැකිය. පූර්වාදර්ශී චරිතයකින් හෙබි දාර්ශනිකයකු වූ අපේ මහාචාර්ය වල්පොළ රාහුල හාමුදුරුවන් පිළිබඳ සඳහන් කරන තැනක උන්වහන්සේ ලියූ ශාස්ත්‍රීය කෘති පිළිබඳව සිහිපත් නොකරම බැරිය. උන්වහන්සේගේ චරිතය අපට වැදගත් වන්නේ අංග කිහිපයක් යටතේය. එනම්
1 ශාස්ත්‍රීය ලේඛකයකු වශයෙන් ලියා ඇති ග්‍රන්ථවල අකාලික වටිනාකම.
2. සිංහල සංස්කෘතික සමාජ දර්ශනයේ අනාගතය දෙස බැලු ඉසිවරයකුගේ චරිතයක් ලෙස.
3 ශාස්ත්‍රිය විද්වත් ආයතන පරිපාලකයකු ලෙස
4. අභීත සහ අදීන චින්තනයකින් පිරිපුන් මතවාද සන්නිවේදකයකු ලෙස ආදී වශයෙන්ය.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සම්ප්‍රදායේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වූ පසු පැවිදි ශිෂ්‍යයා වූ වල්පොළ රාහුල හාමුදුරුවෝ පළමු භික්ෂු උපාධිධාරියා ද විය. එක් දහස් නවසිය හැට හය වර්ෂයේ උන්වහන්සේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) උප කුලපතිවරයා වශයෙන් පත්විය. තම තනතුර රැකගෙන නව චින්තන මාවතකින් තොරව ඇමතිවරයා අසල දණින් වැටීම අද මෙන් එදා තිබූ උප කුලපති තනතුරේ ස්වාභාවයයි. රාහුල හාමුදුරුවන්ගේ පරිපාලන සහ ඉසිවර චින්තනය එම ක්‍රමයට හාත්පසින්ම වෙනස්ම එකක් විය ඒ නිසාම ස්වාධීන නිදහස් චින්තනය ගරු කළ උන්වහන්සේ ඇමතිවරයාට පොල්කට්ටෙන් වසා තැබිය හැකි උප කුලපතිවරයකු නොවීමද් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ අයෝමය උප කුලපතිවරයා යන නාමය හිමියන්ට පට බැඳුණි. පසුව උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ද වූහ.
හතළිහ දශකයේ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන හා සම්බන්ධ වීම රාහුල චරිතය රටට ද ජාතියටද, ශ්‍රී ලාංකීය අධ්‍යාපනයට ද මහඟු මෙහෙවරක් විය. පෑලියගොඩ විද්‍යාලංකාරය එවකට පිරී තිබුණේ ප්‍රඥාාව සහ මානව හිතවාදය පිරුණු කහපාට ඊතලයක් ලෙසය. එකී අභීත ජාතික මතවාදයේ පුරෝගාමියා වූයේ යක්කඩුවේ පඤ්ඤාරාම නාහිමිපාණන් වහන්සේය. මහාචාර්ය කොටහේනේ පඤ්ඤාකිත්ති, මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී වැනි ශාස්ත්‍රීය නිහතමානී ප්‍රතාපවත් ප්‍රගතිශීලි භික්ෂු චරිත හා එකතුව නිදහස අධ්‍යාපන පනත වෙනුවෙන් කළ අපරිමිත චින්තන සටන අතර මග නතර කර දැමීමට එවකට ප්‍රභූ දේශපාලන නායකත්වයටත් නොහැකි විය.
මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් ඇතුළු විද්‍යාලංකාර යති සම්ප්‍රදායේ දේශපාලන අදහස වූයේ පරෝපකාරී දාර්ශනික චින්තනයෙන් පිරිපුන් දේශපාලනය කරා පාලකයන් මෙහෙය වීමය. ඡන්දය නොයිල්ලීම දේශපාලන තනතුරු ලබා නොගැනීම පාර්ලිමේන්තු නොයාම යන මතවාදයේ සිට භික්ෂුව දේශපාලනයට දායක විය යුතුය යන්නයි.
මහාචාර්ය වල්පොළ රාහුල හිමිපාණන් වහන්සේගේ චරිතය වර්තමාන ශාසනික නිකායයන්හි මහානායක සහ කාරක සංඝ සභිකයන්ට ද විද්වත් සහ එසේ නොවන සියලුම භික්ෂු පරපුරට ද ශ්‍රී ලාංකේය බව හඳුනන සහ නොහඳුන සියලුම සංඝයා වහන්සේලාට ද පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමති, පක්ෂ නායක ජනාධිපති යන සියලුම තනතුරු දරන දේශපාලන ක්ෂේත්‍රයේ නිරත වන්නන්ට ද රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ සිටින සියලුම නිලධාරීන්ට ද ආගමික හා ජාතිකත්වයෙන් යුතු සහ නොයුතු සියලුම මානව ප්‍රජාවට ද කියා දෙන පණිවිඩ බොහෝය. මහාචාර්ය වල්පොළ රාහුල චරිතය නැවත නැවත ද කියවිය යුතු වන්නේ එම නිසාය. ‘‘මේ රටේ නිදහස් චින්තනයක් සභිත විශිෂ්ට දර්ශනයක් තිබුණත් මේ රටේ නිදහස් නිවහල් මිනිස්සු නෑ’’ යනුවෙන් උන්වහන්සේ කළ ප්‍රකාශය සිංහල රටට නිගාව පිණිස කියු කාරණයක් නොවේ. නැවත නැවතද හිතන්න සිංහල මනස යොමු කරවීම සඳහා කරනු ලැබූ ප්‍රකාශයකි.
(***)
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි
ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලුව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්රශ්නය ඉහළ යන බව නිශ්
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද
වසර තුන්දහසක පමණ ශ්රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර
එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ
සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත්ර
වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ්රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප්රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත
බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්රී පාද ස්ථ
ස්වාධීන නිදහස් චින්තනයෙන් විදුදය බැබළවූ යතිවරයාණෝ
sumanasiri Friday, 17 May 2024 10:30 AM
රටේ අවාසනාවකට මෙවන් යතිවරුන් බිහිවුණේ අල්පමාත්‍රයෙනි ,මුන් වහන්සේ ගැන ලංකාව තුළ දන්නා මිනිසුන්ද අල්පය හේතුව ,සත්‍යට අවිධ්‍යාවෙන් අන්ධ වුණු මිනිසුන් අකමැතිය
නෙළුම් Friday, 17 May 2024 02:15 PM
ශ්‍රී ලංකාවේ බහුතරය බෞද්ධයන් කරන විකාර දුටුවිට ඇති වන්නේ කමිපාවකි. ඔවුන් ප්‍රතිපත්ති ගරුක නැත. වර්තමානයේ බහුතර භික්ෂූන් වහන්සේ ද කරන්නෙ දේශනා කිරීම මිස ප්‍රතිපත්ති ගරුක නැත. දායකකයා පිනට දහමට යොමු කරනවා වෙනුවට ආරාම වැඩි දියුණුව කර ගනිමින් වැඩ වාසය කරති . වල්පොල රාහුල මහා යතිවරයාාණන් වහන්සේ වැනි උත්තම සංඝ පීීතෘන් වහන්සේලා වඩාත් වැදගත් වන්නේ අදටයි.