වනපෙත දවාහළු කරන්නට මෙන් ඉර මුදුන්වන කාලයේදී තද රත් පැහැ සළුවක් ඇතුරූ කලෙකසේ මුළු වනාන්තරයම තද හිරු රැසින් නැහැවෙයි. නිලට නිලේ ඔප වැටුණු ගහ කොළ පවා ඒ තද හිරු රැසින් අවර්ණව ගොස් ප‍්‍රාණය සිඳී ගිය ලකුණු දරන මුහුණුවරක් ගන්නට ගතවන්නේ ඉතාමත් කෙටි කාලයකි.
යාල උද්‍යානයේ මැණික් ගඟ යාල නැගෙනහිර උද්‍යානයේ කුඹුක්කන් ඔය, විල්පත්තු උද්‍යානයේ මෝදර ගං ආරු කලාඔය ගංගා දෙසට සංක‍්‍රමණය වන කුළු හරක් එම ගංගාවල ජලය සම්පූර්ණයෙන්ම වියළී ගිය කල පිපාසයෙන් මිය ගොස් ඇති අවස්ථා කොතෙකුත් එඞ්මන් විල්සන් මහතා දැක තිබේ. මී හරකුන්ට ඉතා ඈතට සංක‍්‍රමණය වීමේ පුරුද්දක් නැත.
මරණය වරෙක ඉතා ඛේදනීය ලෙස උන්ගේ ජීවිත ගිලගනියි. යාල උද්‍යානයේ වැව් පත්ලේ ඉදිකළ කොන්ක‍්‍රීට් ටැංකි වලට නියං සමයේදී බව්සරයෙන් ජලය සැපයූ ඇතැම් දිනෙක පිපාසයෙන් පෙළෙමින් සිටි කුළු හරකුන් පමණ ඉක්මවා දිය බීම නිසා මරණයට පත්වූ අවස්ථා එඞ්මන් විල්සන් මහතා දැක ඇත.
පිපාසයෙන් පෙළෙන කුළු මී හරක් යාල වන උද්‍යානයේ සුලභව පවතින ගල් කෙමි වලින් ජලය බීමට මහත් රුචිකත්වයක් දක්වති. දිනක් යාල වනෝද්‍යානයේ පඩි කෙමට දිය බොන්නට පැමිණි විශාල කුළු හරක් මදයකු එම ගල් පොකුණට වැටී ගොඩ ඒමට නොහැකිව සිටියේය. ඒ අවස්ථාවේදී එම විශාල කුළු හරකා ගොඩට ගෙන මුදා හැරියේ එඞ්මන් විල්සන් ප‍්‍රමුඛ වනජීවි නිලධාරී පිරිසකි.
එකල එඞ්මින් විල්සන් විසින් ලබාදී තිබුණු නියෝගයක් වූයේ නියං සමයේදී සියලූම වනජීවි සේවකයන් නිවාසවල පදිංචිව නොසිට වනාන්තරයේ ජලය ඉතිරිව පවතින ස්ථාන සොයා ඒ තැන්වල කූඩාරම් ඉදිකරගෙන වැසි ආරම්භ වන තුරු ඒවායේ පදිංචිව සිට අවට ප‍්‍රදේශවල මුර සංචාරය කරන ලෙසය. එම නිසා නියං කාලයේ දඩයක්කරුවන්ගේ හොර දඩයම් වළක්වාලීමටත් ස්වාභාවික ගල් පොකුණුවලින් ජල පිපාසය නිවා ගැනීමට පැමිණෙන කුළු මී හරකුන් සහ වන අලින් ඒවා තුළට වැටී ගොඩඒමට නොහැකි අවස්ථාවල උන් බේරා ගැනීමටත් හැකියාව ලැබුණි.
කිඹුලන් ගැන කතා කරන අතරවාරයේදී ශ්‍රීෂ්ම සමයේදී මහ වනාන්තරයේදී සත්වයන්ට සිදුවන නොයෙක් ආකාරයේ අකරතැබ්බ ගැනත් සිහිවූයේ දැඩි ග‍්‍රීෂ්මය කිඹුලන්ගේ ජීවිතයටද දැඩි බලපෑමක් එල්ල කරන සාධකයක් වන හෙයිනි.
බාහිර පරිසරයේ උෂ්ණත්වය ඉහළ-පහළ යන විට කිඹුලන්ට ක්‍ෂීරපායින්ට මෙන් ශරීර උෂ්ණත්වය පාලනය කරගත නොහැක. එබැවින් නියං සමයේ පරිසරයේ උෂ්ණත්වය ඉහළ යන කාලයේදී කිඹුලන් ගංගා අසබඩ ගොඩගැසී ඇති වියළී ගිය කොළ රොඩු යට රිංගාගෙන එක් තැනකට වී වැසි එළැඹෙන තුරු කාලය ගත කරති. නැතහොත් වැවේ පතුලේ මඩෙහි සැඟවී සිටිති. එකල කිඹුල් දඩයම් කරුවෝ වියළි සමයේ වැව් සිඳී ගිය පසු කිඹුලන්ට වෙඩි තැබීමට එවැනි ස්ථානවලට යාමට පෙළඹී සිටියහ.
රට තුළ පිහිටා ඇති වැව් හා ජලාශවල මිරිදිය මත්ස්‍යයන් අල්ලා ගැනීමට ධීවරයෝ සවස් යාමයේ දියෙහි දැල් එලා පසුදින හිමිදිරි පාන්දර ඔරුවලින් ගොස් මසුන් සහ දැල් එකතුකර ගනිති. දියෙහි පිහිනා යන කිඹුලන් මෙම දැල්වල පැටලී හුස්ම හිරවී මිය යන අවස්ථාද තිබේ. ආශ්වාස ප‍්‍රශ්වාස කරන්නට වරින්වර දිය මතුපිටටම පැමිණීම උගේ පුරුද්දය.
ඒ 1973 වසරයි. එවකට එඞ්මන් විල්සන් මහතා ඉඟිනියාගල වන සත්ව අඩවි ආරක්‍ෂක ලෙස සේවය කරමින් සිටියේය. දිනක් සේනානායක සමුද්‍රයේ ධීවර වාඩි පරීක්‍ෂා කළ දිනෙක කිඹුල් කරවල සඟවා තිබී අල්ලා ගන්නට හැකිවිය. මත්ස්‍ය දැල්වල පැටලී මිය යන සතුන් මරා එසේ වේලීම ඇතැම් ධීවරයන්ගේ හොර ජාවාරමක් බවට පත්ව තිබුණි. ඒවා විකිණීමෙන් ඇතැම් ධීවරයන් හොඳ ආදායමක්ද උපයා ගනු ලැබිණි.
මෙවැනි අවාසනාවන්ත මරණවලටද ඇතැම් විට ගොදුරු වන කිඹුලාට වසර සියයක් තරම් ආයුෂ තිබේයැයි විශ්වාස කෙරේ.
කිඹුලන්ගේ ගහනය අඩුවීමට ප‍්‍රධාන හේතුවක් වන්නේ උන්ගේ සම ලබා ගැනීමට ඌ වෙඩිතබා මැරීමයි. කිඹුලකු මරණ හෝ අල්ලා ගනු ලබන වරදට අධිකරණයකදී වරදකරුට නියම කරනු ලබන දඩ මුදල රු. 20000 සිට රු. 100000ක් දක්වා වෙයි. නැතහොත් වසර 2-5ක උපරිම සිර දඬුවමක් හෝ ඒ දෙකම නියම කළහැකිය.
ඉබ්බන් වර්ග තුනකි. එනම් ගොඩබිම වෙසෙන ගල් ඉබ්බා, මාවර ඉබ්බා සහ ජලාශවල වෙසෙන කිරි ඉබ්බාය. ලොව සාගරයේ වෙසෙන කැස්බෑවුන් විශේෂ හයකි. ඉන් විශේෂ පහක්ම ලංකාවේ මුහුදු තීරයට පැමිණෙති. උන්ගෙන් ඉතා විෂ සහිත වූ දාර කැස්බෑවා හැරෙන්නට අනිකුත් කැස්බෑ වර්ග හතරම මිනිසා තම පරිභෝජනය පිණිස (මරා මස් කෑම බිත්තර එකතු කිරීම) යොදා ගැනීම නිසා වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටිති.
වනයේ සුන්දරත්වය සේම වන සතුනගේ හැසිරීම්, උන්ගේ ජීවන රටා ගැන මෙන්ම උන් මුහුණ දෙන අවාසනාවන්ත සිදුවීම් ගැනත් අප කතා කළ යුතු යැයි සිතේ. ඒ තොරතුරු මෙන්ම ඉබ්බන් - කැස්බෑවන් ගැන සටහන්ද සමඟ අපි ඉදිරි සතියකදීත් හමුවෙමු.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
සියවසක් ආයු ඇති කිඹුලා අකලට මරාදමන "දඩයක්කාරයෝ"
ඩී.එම් කසුන් දිසානායක Thursday, 13 October 2011 04:49 PM
කිඹුලා යනු ඉතා දුර්ලබ සතෙකි.ඒ සතා අප විසින් රැක ගත යුතුය.අප සියළු දෙනාම එම සතුන් රැක ගැනීම වැදගත් කටයුත්තක් සේ සලකා එවුන්ව රැක ගත යුතුය.