IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


සැබෑ මෛත‍්‍රිය යනු පිරිසිදු ආශිර්වාදයයි

        සබ්බේ තසත්ති දණ්ඩස්ස            -           සෑම සත්වයෙකුම ද`ඩුවමට භයයි

        සබ්බේ භායංති මච්චුනෝ            -           සෑම සත්වයෙක්ම මරණයට භයයි

        අත්තානං උපමං කත්වා              -           තමාව උපමාවට ගෙන

        නහා නෛය්‍ය න ගාථයේ            -           කිසි වෙකුට වදදීම නැසීම නොකළ යුතුය

 

මෙය අප ගෞතම බුදුරජාණන් වහන්සේ මෛත‍්‍රී කරුණා ගුණය පෙර දැඩි කරගෙන අපට දුන් අවවාදයකි. මෛත‍්‍රිය යනු පිරිසිදු නිකලෙස් සිතකින් කරන ආශිර්වාදයයි. මෛත‍්‍රී සිත යනු අනුකම්පාව කරුණාව දයාව එක් වූ තැනයි. අප සම්මා සම්බුදු රජාණන්වහන්සේ මෛත‍්‍රිය දැක්වූයේ දෙව්, මිනිසුන්, තිරිසන්, පේ‍්‍රත යන සිය`ඵම දෙනාටයි. මෙය තනි වචනයෙන් ප‍්‍රකාශවූයේ ‘‘සියලු සත්වයෝ යනුවෙනුයි. පන ඇති සත්වයින් වශයෙන් හැදින්වෙන්නේ ඇස කන නාසය දිව ශරීරය මනසක් පිහිටන අයටය. මෙයින් මිනිසා විශේෂ වන්නේ පිහිටු මනසේ ඇති විශේෂත්වය නිසාය.

බුදු දහමේ ඇත්තේ අවිහිංසාවාදී දර්ශනයක්ය. හිරිහැර කිරීම, අවමන් කිරීම, වදදීම ඝාතනය කිරීම පෙරකී වචනයට ගැලපෙන්නේ නැත. මෛත‍්‍රී සිත යනුවෙන් අදහස් වනුයේ අනුකම්පාව කරුණාව දයාව එක් වූ මෙත් සිතයි. මෙසේ සිතක් ඇති කෙනෙකුට කුමන හෝ සත්වයකුට හිරිහැරයක් වදදීමක් විනාශයක් වන විදිහට ක‍්‍රියාවක් උදව්වක් සිතුවිල්ලක් කලහැකිද  සියලු සතුන් දඩුවමට මරණයට භය බව තමන්ව ආදර්ශයට ගෙන සිතන්න. එසේනම් අපි සත්වහිංසාවට සම්බන්ධවීම පාපයක් නොවේද ? පෙර භවයේ කල අකුසල කර්මයක් නිසා කිසිත් කර කියා ගත නොහැකි අසරණ අහිංසක සතෙකු මරණයට ඇදගෙන යනවිටත් මරණය සිදුකරන අවස්ථාවන් දෙකම ඔබට සිදුවනුයැයි සිතන්න. බෞද්ධයෙකු වන ඔබ පංචශීලයේ මුල්පදය කීපාරක් නොකරනවා කියා පොරොන්දු වී ඇත්ද, පොරොන්දුවටත් වඩා කී පාරක් පොරොන්දුව කඩ කර ඇත්ද, මනුෂ්‍යයින් අතරින් වැඩිපුරම පව් කරන්නේ බෞද්ධයින්ය. එය සිදුවන්නේ පවබව දැනගෙන පොරොන්දුවී පව්කිරීම නිසාය. පලමු සිල් පදය කැඞීමෙන් ඉතිරි සිල්පද හතරම ඉබේම කඩවන බව ඔබ දන්නවාද? දෙවෙනි සිල්පදය අන්සතු දෙයක් නොගැනීමයි.

ප‍්‍රාණයක් අපේ අවශ්‍ය තාවය නිසා ඝාතනය වෙද්දී අපකර ඇත්තේ ඒ සතාගේ ප‍්‍රාණය උදුරාගැනීමක් නොවේද, තුන්වෙනි සිල්පදය වැරදි ආශාවෙන් මිදෙනවා යන්නයි. සතෙකුගේ ප‍්‍රාණයක් නිරුද්ධ කර ඒ මස් කෑම වැරදි ආශාවක් නොවේද, හතරවෙනි සිල්පදය පෙර සිල් පද තුන කඩ කිරීමෙන් කර ඇත්තේ බොරුකීමක් නේද පස්වෙනි සිල්පදය තම නිවනට බාධා වන හැම දෙයක්ම සිදු වන්නේ සිහිය නැතිවී මෙනුයි. ඔබගේ දිව රස කිරීමට අකමැත්තෙන් දිවිදුන් ගවයා එ`ඵවා කුකුළා, ඌරා, හාවා (මිනී මස් කන අයද ඇත) කුමන සතෙක් උවත් කෙලවරක් නැති ඉපදුන මේ සංසාර ගමනේ මේ සතා ඔබගේ අම්මා, තාත්තා, දුවෙක්, පුතෙක්, සහෝදරයෙක්, ඥාතියෙක්, බිරිදක්, ස්වාමිපුරුෂයෙක් වීමට බැරිද, එසේනම් ඔබ කා ඇත්තේ කාගේ මස්ද, මෙසේ සිතා මිදීමට හැකිවන්නේ මෛත‍්‍රී සිතක් පහලවන බුද්ධිමතෙකුට පමණයි. බෞද්ධයින් වශයෙන් අපි අපටම කරගෙන ඇති බොරුව වංචාව ගැන සිතන්න. අද බොහෝ බෞද්ධයින් පෝයට සුදුඇදගෙන සිල් සමාදන් වී මෛත‍්‍රී භාවනාවේදී සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා කියන්නේ අහිංසක සත්තුන්ගේ මස් බඬේ තියාගෙනද ? අද මිනිස් සමාජයේ අස්වාභාවික අමානුෂික මරණද, අඩුවයසින් මරණ සිදුවන්නේද සත්ව හිංසාව නිසාමය. මෛත‍්‍රී කරුණා ගුණය නැති අමුනුෂ්‍ය තිරිසන් ගති නිසා මේ භවයේම කලපව පඩිසන් දුන් සිද්ධියක් මතක් කරමි. දඩාවතේ යන බැල්ලියක් ධනවත් පවුලක ගරාජයේ පැටව් ගැසුවායින් පසු නිවස හිමි කාන්තාව තම රියදුරු ලවා පැටව්ද බැල්ලියද ගෝනියක දමා ඈතට ගොස් දමන ලෙස අණකල විට ස්වාමි දියණියගේ අණ පිලිපදිමින් කාරයේ දමාගෙන ගොස් බැල්ලිත් පැටව් ටිකත් ඇති ගෝනිය කුඩා පාලමකට (බෝක්කුවක) දමා ගෙදර අවේය. දිනක් ඥාතියෙකුගේ මංගල්‍ය උත්සවයකටයාමට සිදුවිය. තම ස්වාමිපුරුෂයාට විශේෂිත වූ රාජකාරි කටයුත්තක් තිබූ නිසා රියදුරු සමග තමන්ගේ දරුවනුත් කැටිව කාන්තාවට යාමට සිදුවිය. යන අතර මගදී රියදුරු ‘‘නෝනා එදා බලූ පැටව් සමග ගෝනිය දැම්මේ මේ බෝක්කුවට කියා’’ තම රාජකාරිය අකුරට කලබව උජාරුවෙන් කීවේය. මංගල උත්සවය අවසන් වී ආපසු එනවිට පෙර කී බෝක්කුව ලගදී තවත් වාහනයකට යාමට ඉඩදීමෙන් මෙම වාහනය පාලමට වැටුනි. ජලය පිරී තිබුන පාලමට වැටුනු වාහනය ජලයේ ගිලී රියදුරුත් නෝනාත් දරුවනුත් වාහනය තුලම මිය ගියහ.

සත්ව කරුණාවක් නොතිබී කල දෙය එතනම පඩිසන් දුන්බව කියන්නේ ඒ සතුන් කෙරෙහි අනුකම්පාව කරුණාව දයාව මෛත‍්‍රීය ඇති වූවානම් මෙසේ සිදු නොවීමට ඉඩඇත. මිනිසුන් අතින් මේවැනිදේ සිදුවන්නේ පවෙහි විපාකයට ලැජ්ජාවක් භයක් නැති මිථ්‍යා දෘෂ්ටිකයෝ නිසාත්, බෞද්ධයෝ නොවන නිසාත්ය. බෞද්ධයා යනු බුද්ධිමතාය. තම කුසෙන් වදාපු දරුවාව ගංගාවට වැසිකිලිවලට ලි`දට දමන්නේද, තම දියණියව තම පියා විසින් ¥ෂණය කරන්නේද, තම දෙමාපියන් මරන්නේද, ස්වාමිපුරුෂයින් බිරින්දෑවරු අමානුෂිකව හැසිරී දරුවන්ගේත් සිය පවුලේත් විනාශය සිදුවන්නේත් තම හදවත තුල අනුකම්පාව කරුණාව දයාව මෛත‍්‍රිය නූපදින නිසා නොවේද ? අනවබෝධය නිසා මෙසේ සිදුකරන මිනිසුන්ටද බෞද්ධයින් වශයෙන් කරුණාව මෛත‍්‍රිය දැක්විය යුතුය. අප ඔවුන් වැරදි කරුවන් නොකල යුතුය. මිනිසුන් වැරදි කරන්නේ නිවැරදි දේ නොකියා දීම නිසාය. ඔවුන් ගැන අනුකම්පාවෙන් මෛත‍්‍රියෙන් වැරදි දේ නිවැරදිකර කියා දිය යුතුය. මිනිසුන්ට තිරිසනුන්ට වගේම දෙවියන්ටද අප අනුකම්පාව කරුණාව මෛත‍්‍රිය දැක්විය යුතුය. දෙවියන් අපට පිහිට වන්නේ එවිටය. පූජාවට්ටි ප`ඩුරු කප්පමට දෙවියන් පිහිටවන්නේ නැත. පිරිසිදු සිතින් ප‍්‍රතිපත්තියෙන් සිට කරන පුණ්‍ය කටයුතු අවසානයේ අපට පිහිටවන දෙවියන්ට දිව්‍ය ආත්මයේදීම ප‍්‍රඥ්ඥාව ලැබී නිවන් අවබෝධ කරගැනීමට මේ පිං හේතුවේවා කියා අනුමෝදන් කල යුතුය. එවිට දෙවියන් ද අපකෙරෙහි අනුකම්පාවෙන් මෛත‍්‍රියෙන් අපට පිිහිට වනු ඇත. මළගිය ඥාතීන්ටද අනුකම්පාව කරුණාව දයාව මෛත‍්‍රිය පෙරටු කරගෙන පිං අනුමෝදන් කල යුතුය. ජීවත් වී සිටියදී අප වෙනුවෙන් කොපමණ දේ කලාද කියා ඔවුන් වෙනුවෙන් අනුකම්පා සිතුවිලි පහල විය යුතුය. ඔවුන් නමින් කරන හෝ මොනයම් පුන්‍ය කර්මයක් සිදුකරනවිට ඒ පිං ඔවුන්ට අනුමෝදන් කළ යුතුය.

පිං ලබාගැනීමට හැකි ආත්මයක සිටින ඥාතීන් ඒ පිං බලයෙන් ශක්තිමත් වී අපකෙරෙහි මෛත‍්‍රී සිතක් පහල වී පිහිට වනවාමය. අපසමග ජීවත්වන මව් පිය දූ දරු ඥාතීන් හිතවතුන් අතින්ද වැරදි සිදුවනවා ඇත. යමෙක් වැරදි දැනගෙන කරන අතර තවකෙකු නොදැන කරන වැරදි ඇත. දැනකරන වැරැද්දේ භයානකකම කියා දීමත් නොදැන කරන වැරදි නිවැරදි කරදීමෙත් බෞද්ධයෙකු විසින් කල යුතුය. තමන් ගෙනා පාප සිතුවිලි නිසා කරන වැරදිවලට බුද්ධිමතා අවබෝධයෙන් සමාව දිය යුතුය.

තමන්ද පාපකාරී සිතුවිලි ඇති කෙනාගේ ක‍්‍රියාවලට හවුල් කරුවකු නොවිය යුතුය. මෝඩ බිරි`දගේ හෝ ස්වාමිපුරුෂයෙකු ගේ වැරදි ක‍්‍රියාවලට එකට එක නොකල යුතුය. බෞද්ධයා බුද්ධිමතා සිතිය යුත්තේ නිවැරදි දෙය තෝරා ගැනීමට නොහැකි අසරණ ආත්මයක් යැයි සිතාය. බෞද්ධයෙකුගේ පරමාර්ථය වනුයේ නිවන් දැකීමය. එය මරණ දැන්වීමට ‘‘නිවන්සැප ලැබේවා.’’ කීවාට ලැබෙන්නේ නැත. නිවන් සැප සොයා යා යුතුය. පව් අකුසල් නොකලාට නිර්වාණ මාර්ගයේ යානොහැකිය පිං කුසල්කල යුතුය. වටිනා මිනිස් ආත්මයක් ලැබුවේ කෙනෙකු නැති කිරීමට නොව රැුක ගැනීමටය.

මෙය කළ හැක්කේ හිංසාව වෙනුවෙන් අනුකම්පාව කරුණාව දයාව මෛත‍්‍රිය ඇති අවිහිංසා සිතකටය. මෛත‍්‍රී සහගත සිතක් ඇතිව නිවන් මග ශාක්ෂාත් කරගැනීමට උපකාර වන්නේ අප බුදුන් කියා දුන් මාර්ගයයි. එයනම් චතුරාර්ය සත්‍ය සත්‍ය බව දැනගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීමයි. මෛත‍්‍රී සිතක් තුළින් උපදින ශ‍්‍රද්ධානුසාරී බවත් ධම්මානුසාරී බවත් නිවනට පිහිටක් වන බව බෞද්ධයකු වී සිතන්න.

මෛත‍්‍රී භාවනාව.

මෛත‍්‍රිය කරනවා යනු මෙත් වැඞීමයි. මෛත‍්‍රී භාවනාවෙන් සිදුවන්නේ සිත සමාධියට පත්කිරීමයි. පංචඉන්ද්‍රියන්ගෙන් ලැබෙන සංඥා අනුව විවිධ ආකාරයට හැසිරෙන නොහික්මුණ සිත අනුකම්පාව දයාව කරුණාව කැටිවූ මෛත‍්‍රිය කෙරෙහි සිත ර`දවාගැනීම මෛත‍්‍රී භාවනාවෙන් සිදුකෙරේ. අපි මෛත‍්‍රී කල යුත්තේ කාටද, තමුන්ටද, අනුන්ටද, අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ සිය`ඵ සත්වයෝ නිදුක්වෙත්වා කීවා මිස මම නිදුක් වෙත්වා කියා තිබේද. බෞද්ධයා යනු බුද්ධිමතාය. නමුත් බෞද්ධයකු වී කරන්නේ කියන්නේ හිතන්නේ මොකක්ද කියා අවබෝධයක් නැත. එසේනම් ඔහු හෝ ඇය බෞද්ධයෙක්ද ?මම නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා, දුකෙන්මිදෙත්වා කීවොත් සිතට සිතෙන්නේ මේ කුණු කය පිලිබ`දව ආශාව නොවේද සක්ඛායදිට්ඨිය කියන්නේ වෙනකකටද සක්ඛායාදිට්ඨිය කියන්නේ මම මගේ කියන මමත්වයටයි. මෙතන මම මගේ කෙනෙක් ඉන්නවාද සත්ව ආත්මයක් නොවේද. මම මගේ නම් මේ ශරීරය ලෙඩවන විට වයසට යන විට මරණාසන්න වන විට නවත්වාගැනීමට පු`ඵවන් විය යුතුය. දරුණු පාචන රොගියෙකුට වැසිකිලියට යාමට අවශ්‍ය වූ විට විනාඩි පහක් පරක්කු කරගත හැකිද ?

වැසිකිලියේ දොර ඇර ගැනීමට බැරි උවහොත් ඇ`දුමේම යාමට ඉඩ ඇත. මෙසේ මේ ශරීරය පාලනය කිරීමට නොහැකිවන්නේ මගේ නොවන නිසාය. මේ කය සත්ව ආත්මයක් මිස මම මගේ අපේ නොවේය. එනිසා සිය`ඵ සත්වයෝ කියූ විට මේ කයද ඉබේම අයිතිවන බව සිතන්න. අපමහා බුද්ධිමතාණෝ සිය`ඵ සත්වයෝ නිදුක්වෙත්වා කියා දේශණාකලේ එනිසාය. හැම මොහොතේම මේ සිත කැමති දේට වැඩි බැදීමක් ඇත. අකමැති දේට සිත ඇදගැනීමට අපහසුය. එ නිසා මෛත‍්‍රී භාවනාවේදී තමන් සමග අමනාප වූ කෙනෙකුටමෙත් වඩන්න, උදාහරණයක් වශයෙන් සිරිපාල ඔබගේ පවුලේ අයට වෛරක් කාරයෙකි. ඔබ සිරිපාල සුවපත් වේවා කියා සිතන්න. එවිට ඔබට ක්ෂනිකව හිතෙන්නේ සිරිපාල ඔබගේ පවුලට කලකී දෙය නේද. එවිට ඒවා යටපත් කරන්න සිරිපාලගේ පාප සිතුවිලි පාප කි‍්‍රයා  මාගේ නොකරගත යුතුය. ඒ සිතුවිලි ක‍්‍රියා මා ලග නැත. ඒ අසරණයා මරණෙන් පසු යන්නේ කොහේද මා මරණෙන් පසු යන්නේ කොහොද, තවත් හේතු ගැන සිතමින් ධර්මානුසාරී සිතකින්ම මෙත් වඩන්න. එවිට ඔබේ සිත සත්‍ය අවබෝධ කරගෙන වෛරයෙන් මිදී මෛත‍්‍රී සිතක් බවට පත්වෙනවාමය.

පෙරමා කීලෙස සත්වයෙක් යනු ඇස, කන, නාසය, දිව, ශරීරය මනසක් ඇති අයටයි. ඒ සිය`ඵ සත්වයෝ නිදුක්වෙත්වා කියන්නේ මේ ඉන්ද්‍රියන් හයටම දුකක් ඇති නොවේවා, ලෙඩක් ඇතිනොවේවා, සැපතට පැමිණෙත්වා, දුකෙන් මිදෙත්වා කියන්නේ දුක නම් ඉපදීමයි. මේ ඉන්ද්‍රියන් හය උපතක් නැතිවේවා ඉන්ද්‍රියන් හය නැති උනා යනුවෙන් අදහස්වන්නේ සත්වයෙක් නැති වගයි. සත්වයකුගේ ඉපදීම නැතිවූවා කියන්නේ නිර්වාණයයි.

 

                                සියලු සත්වයෝ නිදුක්වෙත්වා

                                සියලු සත්වයෝ නීරෝගී වෙත්වා

                                සියලු සත්වයෝ සුවපත් වෙත්වා

                                සියලු සත්වයෝ දුකෙන් මිදෙත්වා

                                සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා

                                සියලු සත්වයෝ තරහා නැත්තෝ වෙත්වා

                                සියලු සත්වයෝ සුවසේ ජීවත් වෙත්වා

                                සියලු සත්වයෝ ශාන්ත සුවය පත්වෙත්වා (නිවනට)

මෛත‍්‍රී කරුණා ගුණයෙන් ජීවත්වන බෞද්ධයෙකුට ආනිසංස මෙසේ අත්වන බව අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත.

1.      සුඛං සුපති                                             -           සැපසේ නින්දට යයි

2.      සුඛං පටිබුජ්ඣති                                     -           සැපසේ අවදිවෙයි

3.      න පාපකං සුපිනං පස්සති                         -           නපුරු සිහින නොදකී

4.      මනුස්සානං පියෝහෝතී                          -           මනුෂ්‍යයෝ ප‍්‍රියකරයි.

5.      අමුනුස්සානං පියෝහෝතී                                   -           අමුනුෂ්‍යයො ප‍්‍රිය කරයි.

6.      දේවතා රක්ඛන්ති                                               -           දෙවියෝ ආරක්ෂා කරයි.

7.      නාස්ස අග්ගිවා විසංවා සත්ථංවා කමති      -           මේ මෛත‍්‍රී ගුණය ඇති පුද්ගලයාගේ                                                                                                                                                                    ශරීරයෙහි ගිනි විස හෝ සැත් (වෙඩි) නොවදියි                                                                8.      තුවටං චිත්තං සමාධියති                          -           වහාම සිත එක`ගවෙයි

9.      මුඛවන්නෝ විප්ප සීදති                           -           මුහුණ පැහැපත් වෙයි

10.     අසම්මුල්හෝ කාළං කරොති                   -           සිහියෙන් ක`ඵරිය කරයි

11.     උත්තරිං අප්පටි විජ්ඣන්නෝ බ‍්‍රහ්මලෝකූ පගෝ හෝති - මෛත‍්‍රි කරුණා ගුණය නිසා රහත් වීමට නොහැකි වී නම් මරණින් මතු බඹ ලොව උපදියි.

පිරිසිදු මෛත‍්‍රී කරුණාගුණයෙන් ජීවත්වන පුද්ගලයෙකුට නිර්වානය ශාක්ෂාත් කරගැනීමට මෛත‍්‍රී සිත පිළිසරණක් වනු ඇත.

තෙරුවන් සරණයි

සෝමතිලක හෙටිටිආරච්චි (ධම්ම ගවේෂී පදනම) - 071 2385967           



අදහස් (5)

සැබෑ මෛත‍්‍රිය යනු පිරිසිදු ආශිර්වාදයයි

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Sunday, 21 June 2015 01:51 AM

බුදුදහම යනු පැවැත්මේ යථාර්ථය ගැඹුරින් කියාදෙන ජීවන දර්ශනයයි. එය බෞද්ධයින්ට පමණක් සීමාවූ දහමක් හෝ අන්‍ය ආගමිකයින් සිතන අන්දමට ආගමක්ද නොවේ. මුළු විශ්වයේම පැවැත්ම රඳා පවතින්නේ නිරන්තරවම සිදුවන වෙනස්වීමේ ක්‍රියාවලිය පදනම් කරගෙනයි. කිසිදෙයක් වෙනස්නොවී පවතින්නේ නැතිබවත් ඒ ධර්මතාවයට පෘථිවියේ ගහකොළ, සතා සිවුපාවාගේ සිට සියලුම වස්තූන්ද පොළවෙන් එපිට සක්වළ ජීවින් ඇතුළු සියලුම භෞතික හා භෞතික නොවන වස්තූන්ද මේ ස්වභාවික ක්‍රියාවලියට යටත්. මේ තත්වය ස්වභාවයේ නියාමයන් ලෙස හෝ වෙනත් ආගමික ලබ්ධිකයින්ද පිළිගත්දාට බුදු දහමට එරෙහිව එක වචනයක් හෝ කතාකිරීමේ අවශ්‍යතාවයක් ඔවුන්ට ඇති නොවනු ඇත. ආගමික සංහිඳියාව පිණිස කියා අවස්ථාවාදී දේශපාලකයින් කරන අරුත්සුන් වචන වලින් සිදුවන්නේ අන්තර් සාමයික ආතතිය වැඩිවීම පමණයි. (නි)

:       0       0

ඈන් Thursday, 18 June 2015 03:58 PM

මේ වගේ ලිපි පල කරන එක ලොකු දෙයක්. පිනක්. ඒ වගේම 'ආනාපානා' භාවනාව ‍වගේ තවත් ජීවිතය යහපත්ව ගෙන යාමට උදව් වන දේ පල කරන්න. ලංකා‍දීපයට ස්තුතියි. (බ)

:       0       0

සමන් Saturday, 20 June 2015 07:53 AM

හොඳ ලිපියක් මේවගේ ලිපිවලින් මනසට ලැබෙන්නේ ලොකු සතුටක් ඔබට තෙරුවන් සරණයි (බ)

:       0       0

අමිල Friday, 13 May 2016 01:19 PM

ඉතාමත්ම වැදගත්කමක් තියෙන ලිපියක් හරිම වටිනවා (බ)

:       0       0

Kamani kusum Tuesday, 26 October 2021 08:16 PM

ඇත්ත වශයෙන්ම මෛත්‍රී සිතක් ඇත්තෙක්ට මස් මාංශ ආහාරයට ගැනීමට නොහැකිය. ඒ ඒ සතුන්ව මරන්නේ බලහත්කාරයෙනි. මරණ බියෙන් ගැහෙමින් හදතුල නැගෙන දුක් අඳෝනා කෙතරම් ද? ඒ සතුන්ගේ ආයුෂත් සොරකම් කර මස් මාංශයත් සොරකම් කරනවා නොවේද? සොර බඩු නොවේ මේ. අපි මස් මාංශ කෑමෙන් ප්‍රාණ ඝාතයට වක්‍රාකාරයෙන් සම්බන්ධ වීමත් නිසා ප්‍රාණඝාතයත් නොදුන් දේ ගැනීමෙන් අදත්තාදානයත් යන පාප කර්ම කරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දය එදා කී දේ අද කියන දේ
2024 ජුලි මස 27 14 0

ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය උත්සාහ ගන්නා බවට විරුද්ධ පක්ෂ පසුගිය මාස කිහිපයක් තිස්සේ චෝ


ප්‍රජාතන්ත්‍රවාදයට අනුගතවූ ඡන්දයකට පෙළගැසෙමු
2024 ජුලි මස 27 5 0

2024 ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එන මස නැතහොත් අගෝස්තු මස 15 වැනි දින නාම යෝජනා කැඳවීමට ද සැප්තැම්බර් 21


අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 264 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 130 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 304 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 138 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 171 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1162 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site