IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සැබෑ නත්තල් පණිවිඩය

ජේසුස් වහන්සේගේ උපත ලෙස සලකන දිනය නත්තලයි. කතෝලික බැතිමතුන් මේ දිනය හඳුන්වන්නේ ලෝකයට සාමය බෙදාදීමට පැමිණි කුමරාගේ උපන් දිනය ලෙසයි. සාම කුමරාගේ උපන්දිනය සිහිපත් කරන ආකාරය නිවැරදිද, මා බෞද්ධයෙකි, උප්පැන්න සහතිකයට පමණක් බෞද්ධයෙකු වන අයෙක් නොවෙමි. මා බෞද්ධයකු වුවත් මාගේ හෘදයාංගම භක්තියක් තිබෙන මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන්ගේ නත්තල් පණිවිඩයට සවන් දුනිමි. උන්වහන්සේ නත්තල් දින කඳාන දේවස්ථානයේ සිට ප‍්‍රකාශ කළේ නත්තල් පණිවිඩය පැමිණිය යුත්තේ නිවැරදි යහපත් ගුණගරුක හදවත් තුලින් මිස වටිනා ඇඳුම් පැළඳුම් වලින්වත්, නත්තල් ගස්වලින්වත්, කාබී විනෝදවීමෙන්වත් නොවන බවයි. කෙනෙකු තවත් කෙනකු දෙස මෛත‍්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් උපේක්ෂාවෙන් බැලිය යුතුය.

එවිට ඒ දෙදෙනා තුල ඇතිවන්නේ සතුට, සාමය, සමාදානය බවයි. මා මේ සටහන තැබීමට හේතුව වූයේම කාදිනල් පියතුමාගේ සත්‍ය දකින සත්‍ය ප‍්‍රකාශකරන චරිතාප‍්‍රදානය දෙස කීපවිටක් බැලූනිසාය. විටෙක මා සතුටට පත්වන්නේ ශ‍්‍රී ලාංකිකයෙක් වශයෙන් කතෝලික ආගමේවත් ආගමික නායකයෙකු සතු යහපත් ගුණගරුක නිහතමානී ආගම් බේදයින් තොර හිමිපාණන් කෙනෙක් අප මාතෘ භූමියෙහි සිටීම පිළිබ`දවයි. තවත් විටෙක මා බෞද්ධයෙකු වශයෙන් කණගාටුවෙන්නේ මෙවැනි නිර්ලෝභී නිකෙලෙස් අදහස් ඇති බෞද්ධ ආගමික නායකයින් නොදකින එකයි. (අප‍්‍රසිද්ධව සිටිය හැක) මුළු ලෝකයේම නත්තල් සැමරුම් තිබුණත් වෙසක් දිනය උත්සවත්ශ‍්‍රීයෙන් සමරන්නේ ශ‍්‍රී ලංකාවේ පමණක් බව මාගේ හැගීමයි. මේ සත්‍ය අවබෝධ ඥානයෙන්ම අවංකව දන්න නිසයි. මහානායක හිමිවරු රටේ නායකයින් ඉදිරියේ ලොවටම ලෝභයෙන් තොරව කාදිනල් පියතුමා ප‍්‍රකාශ කලේ ශ‍්‍රී ලංකාව බෞද්ධ ප‍්‍රතිපත්ති අනුගමනය කරන බෞද්ධ දේශයක් බව පිලිගත යුතු ලෙසය. මුතු ඇටය යැයි කියූ ශ‍්‍රී ලංකාව අබ ඇටයක් තරම්වත් ප‍්‍රතිපත්තියක් සංහිඳියාවාක් නොදකින වෙලාවක මැල්කම් කාදිනල් රංජිත් පියතුමාණන් වැනි ආගමික නායකයෙක්වත් සිටීම ලක්මාතාවට ඉමහත් ගෞරවයක්ය.

 

 

 

                                                                                              



අදහස් (0)

සැබෑ නත්තල් පණිවිඩය

ටෙනිසන් Thursday, 29 December 2016 02:08 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 18 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 701 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site