(කාංචන කුමාර ආරියදාස)
මාතලේ දිස්ත්‍රික්කයට අයත් අකුරම්බඩ වීර කැප්පෙටිපොල ජාතික පාසලේ ඉගෙනුම ලබන මෙවර අපොස සා.පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසු සිසුවියන්ට විද්‍යාලයේ රාත්‍රී කාලයේ නේවාසිකව නොමිලේ ඉගැන්වීම් කටයුතු කරන අපූරු සිද්ධියක් වාර්තා වේ.
මාතලේ වීර කැප්පෙටිපොළ විද්‍යාලයට රාත්‍රීයේ ගිය අවස්ථාවේ දී සිසු සිසුවියන් 160කට වැඩි ප්‍රමාණයක් මෙහි ඉගෙනීම් කටයුතුවල නිරතව සිටින අයුරු දැකගත හැකිවිය.
වසර පහක පමණ කාලයක සිට විද්‍යාලයේ නේවාසිකව දරු දැරියන්ට නොමිලේ ඉගැන්වීම් කටයුතු සිදු කිරීම විශේෂත්වයකි. උදෑසන පාසල් වෙලාවේ පාසල් අධ්‍යාපනයත් පසුව පස්වරුවේ දරුවන් බාහිරව පන්ති වලින් ලබාගන්නා දැනුම විද්‍යාලයේ ගුරුවරුන් විසින් උපකාරක පන්ති ලෙස පැවැත්වීම මෙන්ම රාත්‍රී පැය ගණනාවක් ප්‍රශ්න පත්තර පිළිබඳව ගැටලු සාකච්ඡා කිරීමේ ක්‍රියාවලියක් මෙම විද්‍යාලයේ ක්‍රියාත්මක වෙයි.
විද්‍යාලයේ ඇති පහසුකම් යොදාගෙන මව්පියන්ගේ ආහාර පමණක් ලබාගෙන දරුවන් නේවාසිකව මෙයාකාරයෙන් ඉගැන්වීම් කටයුතු කරන බව විදුහල්පති ඩී.ජේ.එස්.ජයසිංහ මහතා අප සමඟ පැවසීය.
එමෙන්ම මෙහි විශේෂත්වයක් වන්නේ විදුහල්පතිවරයා විසින් මෙම දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදුකිරීමය. විදුහල්පතිවරයා පැය 24 පුරාම දරුවන් වෙනුවෙන් කැපකිරීම් කරමින් විද්‍යාලයේ රැඳී සිටිමින් පරිපාලන කටයුතුවලට අමතරව දරුවන්ට දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ගණිතය විෂය ඉගැන්වීමේ කටයුතු නොමිලේ සිදු කිරීම විශේෂත්වයකි.
දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පාසලක් ලෙස නම් දරා ඇති අකුරම්බඩ වීර කැප්පෙටිපොල ජාතික පාසල මේ වනවිට ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකොට මේ වන විටත් විද්‍යාලයේ තරග ඉසව් කිහිපයක ජාතික තලයේ වාර්තා පිහිටවූ සිසුන් ඉගෙන ගැනීම විශේෂත්වයකි.
නේවාසිකව සිටින සියලු සිසු සිසුවියන් දැඩි විනයක් ඇතිව කාලසටහනක් අනුව පැය 15 කට වඩා වැඩි කාලයක් අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සියලු අධ්‍යාපන ගැටලු පිළිබඳව විද්‍යාලයේ ගුරුවරුන් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කරමින් ඉගැන්වීම් කටයුතුවල නිරතව සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉහළ සාමාර්ථයක් සිසු සිසුවියන්ට අත්කර දීම තම එකම අරමුණ බව විදුහල්පතිවරයා සඳහන් කළේය.
ඉතා සංවේදී වූ විදුහල්පතිවරයා කියා සිටින්නේ ගුරුවරයකු වූ තමන් සමාජයට යහපත් පුරවැසියකු බිහි කිරීමේ උදාර කාර්යයට උර දී සිටින බවය.




COMMENTS
මුදල් පසුපස හබායන සමාජයක ඔබගේ කැපවීම අප අගයකරන්නෙමු. තවද දරුවන්ගේ ඇස් පෑදීමට ඔබ ගන්න උත්සාහයට නිසි ප්‍රතිපල ඔබ ඇතුළු සියල්ලෝටම ලැබෙනු ඇත.
දිසාපාමොක් පරපුර
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ගුරුදෙවියන් ලෙස පැවසිය හැක්කේ මොවුන් වැන්නවුන්ටය. මෙවන් ගුරුවරුන්ට මෙලොව මෙන්ම පරලොවද යහපත සැලසේ. මුදල් පසුපසම හඔායන ගුරුවරුනි, ඔබේ දැනුම ද මෙලෙස සුළු වෙලාවකට හෝ දරුවන්ට ලබාදීමට ඔබේ හදවත උණුවේවා !!!.
පාසලේ නමටම ගැලපෙන ගුරු පිරිසක් සිටීම ගැන අපේ ප්‍රණාමය පුදකරමි. මම පොඩි කාලෙත් අපිට හිටියා කේ ඊ හීන්මහත්තයා කියලා මෙවැනිම ගුරු පියෙක්...
ටියුෂන් පන්තියක් දමා ගත්තා නම් ගෝල බාලයෝ වැඩි කරගෙන පාර්ලිමේන්තුවටත් යන්න තිබුනා.. දැන් ඔය ඉන්න සමහරු වාගේ..
අපේ පාසල දෙමාපියන් ආදී සිසුන්ගේ දේශපාලනය නිසා ඇද වැටී ඇත. පාසලේ තිබු ප්‍රධාන ගොඩනැගිල්ලද අහිමි කරගෙන ඇත. ඔවුන්ගේ දේශපාලනයෙන් දරුවන්ට වෙන යහපතක් නොවෙන බව මේ මුග්ධ මිනිසුන්ට තේරුනේ නැහැ. දකුණේ අපගේ ආගම දේශපාලනය වී ඇත. ඒ රතු, කොළ, නිල් වශයෙනි. අද ඔවුන් වැස්සට තෙමිතෙමී එම බාගෙට නිම වූ කණු අතරේ රැස්වීම් පවත්වන අයුරු අපි කණගාටු වුවත් දෙමාපියන්ට ආඩම්බරයකි. ඒ තම දේශපාලනය ජයගෙන ඇති බව සිතමිනි.
මෙය ඉතාමත් වටිනා කාර්යයක්..
මේකට ප්‍රචාරය පමණක් මදි... සම්මානයක් දී අගය කල යුතුය... තවම එක්කෙනෙක්, දෙන්නෙක් හරි නියම ගුරුවරු ඉන්න එක ගැන සතුටු යි...
දරුවන් කෙලසන ගුරුපරපුරක් ඉන්නා රටක.. මේ විදුහල්පතිතුමා හා ගුරුවරුන් ලැබීම දරුවන්ට කප්රුකක් සේය. ඔබ තුමන්ලාට ජයශ්‍රී !!!
මේ දරුවන්ට ළමා කාලයක් නැත්ද? පාසල් කාලය තුල උගන්වා අවසන් කල හැකි විෂය නිර්දේශයක් සකස් කර ගැනීමට බැරි තරම් අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය අසමත් වී ඇත්තේ ඇයි? මේ තරම් ඉගැන්වුවත් ලංකාව සැමදාම තුන්වන ලෝකයේ රටක් වී ඇත්තේ ඇයි? ලංකාව තාක්ෂණයෙන්, අධ්‍යාපනයෙන් ඉදිරියට නොයන්නේ ඇයි? මේ ළමයි විභාගයෙන් සමත් වූවත් ජීවිතයෙන් අසමත් නොවී ඉඳියිද? මේ ගුරුවරු සහ විදුහල්පති මානසික වෛද්‍යවරයෙකුට නොපෙන්වන්නේ ඇයි?
මුදලට යටවුන සමාජයක මේක සම්මානයට පත්විය යුතුම දෙයක්. මෙම ගුරුවරුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයද සාර්ථක වේවා !!!!!!!!!!!!!
ඉතා යහපත් ක්‍රියාවක්. 3 වන ලෝකයේ රටක් වෙන්න හේතුව ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන ලොකු වැරැද්දක් නෙමෙය්. එ්කට ප්‍රධානම හේතුව පාර්ලිමේන්තු දේශපාලනයේ අද ඉන්න පාලකයන්. මේ රටට ගැලපෙන සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා වෙනුවට පෞද්ගලික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් කටයුතු කිරීමට දේශපාලකයන් කටයුතු කරනවා.. ඒ වෙනුවෙන් ඡන්ද දායකයන් විදියට ඔබත් පෞද්ගලික අරමුණු වෙනුවෙන් දේශපාලනය කරනවා. එකී මේරට තවමත් 3වන ලෝකේ රටක් වෙලා ඉන්නේ.. එකතු වෙමු රට වෙනුවෙන් වැඩ කරන්න දේශපාලකයන්ට බල කරමු. පාර්ලිමේන්තුවේ සිටින 225ත් ට රට වෙනුවෙන් වැඩ කරන්න බල කරමු රට ඉදිරියටමයි.