IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකා පොලිසියේ 158 වැනි සංවත්සරය

ශ්‍රී ලංකා පොලිසියේ 158 වැනි පොලිස් දින සංවත්සරය අදට (03) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ප්‍රථම පොලිස්පති ලෙස ශ්‍රීමත් ජී.ඩබ්ලිව්.ආර්. කැම්බල් මහතා පොලිස්පති ධුරයට පත් වූයේ 1866 සැප්තැම්බර් 03 වැනිදාය. එදින ව්‍යවස්ථාපිතව පොලිසිය ආරම්භ කළ දිනය ලෙස සලකනු ලැබේ.

 එසේ වුවද 1602දී ලන්දේසි ජාතිකයන් මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කර ගැනීමෙන් අනතුරුව 1650 වර්ෂයේදී කොළඹ මහ නගර සභාව විසින් රාත්‍රි කාලයේදී නගරයේ ආරක්ෂාව සඳහා ආරක්ෂකයින් පත් කිරීමේ යෝජනාවක් සම්මත කරන ලදී. ඒ අනුව රාත්‍රියේදී නගරයේ මුර සංචාරයේ යෙදීම සඳහා සොල්දාදුවන් සිව්දෙනෙකු පත් කරන ලද අතර ඔවුන්ගේ රාජකාරිය ශ්‍රී ලංකා පොලිසියේ ආරම්භක පොලිස් රාජකාරිය ලෙස හැඳින්විය හැකිය.

1796 වර්ෂයේ පෙබරවාරි 16 වැනිදා ලන්දේසීන් බ්‍රිතාන්‍යයන්ට යටත් වූ අතර එතැන් සිට රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාම බ්‍රිතාන්‍ය හමුදාව විසින් සිදු කරන ලදී.

ෆ්‍රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා විසින් තෝරා ගන්නා ලද ජී.ඩබ්ලිව්.ආර්. කැම්බල් මහතා වර්ෂ 1866 සැප්තැම්බර් 03 වැනිදා ප්‍රධාන පොලිස් අධිකාරි ලෙස රාජකාරි ආරම්භ කළේය. වර්ෂ 1867 සී අංක 16 දරන පොලිස් ආඥාපනත සංශෝධනය කිරීමෙන් පොලිස් බළකායේ ප්‍රධානියාගේ තනතුර පොලිස් අධිකාරි තනතුරේ සිට පොලිස්  තනතුර ලෙස වෙනස් කරන ලද බැවින් වර්ෂ 1866 සැප්තැම්බර් 03 වැනිදා ලාංකික වර්තමාන පොලිස් සේවයේ ව්‍යවස්ථාපිත ආරම්භය ලෙස සැලකිය හැකිය. ප්‍රථම ශ්‍රී ලාංකික පොලිස්පතිවරයා වශයෙන් ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතා වර්ෂ 1947 ජුනි මස 01 වන දින රාජකාරි ආරම්භ කළ අතර එවකට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පැවති පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමත්‍යාංශයේ විෂය පථයට යටත් කරන   ලදී. වර්ෂ 1948 නිදහස ලබා ගැනීමත් සමඟ පොලිස් බලකාය යටත්විජිත දෘෂ්ටියෙන් මිදුණු පොලිස් සේවාවක් බවට පරිවර්තනය කිරීමේ වගකීම ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතාට ඉටු කිරීමට සිදුවිය.

1870 වර්ෂයේ දී පමණ විශාල වශයෙන් සිදුවන වාණිජ අපරාධ, අබිරහස් මිනී මැරුම් හා රහස්‍ය අනාවරණය කර ගැනීමේ අරමුණින් සිවිල් ඇඳුමින් සැරසුණ පොලිස් නිලධාරීන් යොදා ගැනීම.

අපරාධ විසඳීම සඳහා ලෝකයේ භාවිතයට ගන්නා විශේෂඥ සාක්ෂියක් ලෙස පිළිගන්නා පොලිස් නිල සුනඛ රාජකාරිය ශ්‍රී ලංකා පොලිසිය ආරම්භ කරන ලද්දේ 1948 නොවැම්බර් මාසයේදීය.

1952 වර්ෂයේදී ශ්‍රී ලංකා පොලිසියට කාන්තා පොලිස් නිලධාරිනියන් බඳවා ගැනීම ආරම්භ කරන ලද අතර එදා සිට මේ දක්වා පැමිණි ගමන් මග තුළ කාන්තා පොලිස් කොස්තාපල් තනතුරේ සිට කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා නිලයන් දරමින් කාන්තා පොලිස් නිලධාරිනියෝ ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් මහඟු කර්තව්‍යයක් ඉටු කරමින් සිටිති.

1983 වර්ෂයේ දී පොලිසියේ සන්නද්ධ ඒකකය ලෙස බ්‍රිතාන්‍ය එස්.ඒ.එස්. නිලධාරීන්ගේ පුහුණුවෙන් සැදුම්ලත් පොලිස් විශේෂ කාර්ය බළකාය එක්වන්නේ ‘නියතයි ජය’ තේමාව යටතේය.

ශ්‍රී ලංකා පොලිසිය නව තාක්ෂණය සමඟ මුසුවෙමින් ආරම්භ කරන ලද නවමු ව්‍යාපෘතියක් ලෙස ඇඟිලි සලකුණු පරීක්ෂා කිරීමේ (AFIS) පද්ධතිය, සැකකරුවන්ගේ පෞද්ගලික තොරතුරුවලින් සමන්විත  (AMIS) පද්ධතිය වැනි ක්‍රමවේදයන් හඳුන්වා දිය හැකිය.

සැකකරුවන්ගේ මුහුණු ස්වයංක්‍රීයව හඳුනා ගැනීමේ (ARFS) පද්ධතියක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත කිරීම සිදු කරන ලදී.

දිනෙන් දින මහා මාර්ගයට එකතු වන වාහන ප්‍රමාණය අධිකවීම නිසා සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා CCTV තාක්ෂණය මගින් කොළඹ නගරයේ  මාර්ග නිරීක්ෂණය කරමින්, රථවාහන වැරදි සම්බන්ධව ක්‍රියා කිරීම සඳහා ක්‍රමවේදයක් ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා පොලිසියේ ස්ථාපිත 119 දුරකතන සේවයට අමතරව නවමු දුරකතන අංකයක් ලෙස 107 දුරකතන අංකය හඳුන්වා දෙමින් දමළ ජනතාවගේ පැමිණිලි මෙන්ම අපරාධ සම්බන්ධ තොරතුරු දෙමළ භාෂාවෙන්ම ලබාදීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. එසේම දිවයින පුරා ළමයින්ට හා කාන්තාවන්ට ක්ෂණිකව සහාය සැලසීම උදෙසා 109 දුරකතන අංකය ස්ථාපිත කර ළමයින්ට සහ කාන්තාවන්ට සිදුවන අපරාධ සම්බන්ධව පැමිණිලි කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර මෙම කටයුතු සඳහා පැය 24 පුරාම කාන්තා නිලධාරිනියන් යෙදාවා තිබීම විශේෂත්වයකි.

 පොලිසියේ ක්‍රියාත්මක තවත් සුවිශේෂී සේවාවක් ලෙස ‘පොලිස්පතිට කියන්න’ (TELL IGP)  වෙබ් අඩවිය හැඳින්විය හැකිය. මේ සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පොලිසියේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් පසු E-Services යටතේ ඇති Online Complain වෙත පිවිසීමෙන් අදාළ පැමිණිලි ඍජුවම පොලිස්පතිවරයා වෙත ඉදිපත් කිරීමට මහජනතාවට හැකියාව ඇත.

මෑත කාලයේදී ජනතාවට සමීප වූ ඉතාමත් ඵලදායි වැඩසටහන් ලෙස ප්‍රජා පොලිස් සේවයට සමගාමීව ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමේ ‘‘යුක්තිය මෙහෙයුම’’, අපරාධකරුවන් හඹාගොස් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක ‘‘සන්නද්ධ යතුරුපැදි බළකාය’’, මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා ආරම්භ වූ ‘‘සුවසාර කැදැල්ල’’,පාසල් අවට මත්ද්‍රව්‍ය වලින් තොර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ආරම්භ වූ ‘‘පවුර’’ පාසල් දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමුවීම වැළැක්වීම සඳහා ඇරඹි ‘‘හෙට දවස’’ වැනි ප්‍රජාපාදක වැඩසටහන් පෙන්වා දිය හැකිය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය.

 

(***)

පොලිස් මාධ්‍ය කොට්ඨාසය.



අදහස් (0)

ශ්‍රී ලංකා පොලිසියේ 158 වැනි සංවත්සරය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31334 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13543 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site