IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ශේක්ෂ්පියර් සොයා ගිය ගමනක්...

 

ලොව අසහාය නාට්‍යවේදියා ලෙස කීර්තියටපත් විලියම් ෂේක්ෂ්පියර් බටහිර ලෝකයේ ප‍්‍රකට සම්භාව්‍ය නාට්‍ය නිර්මාණ රැසක හිමිකරුවාය. නාට්‍ය හා සාහිත්‍ය ක්ෂේත‍්‍රයට දිවිහිමියෙන් කැපවූ මේ අනුපම මිනිසා පෙර පර දෙදිග සුවහසක් රසික ජනතාවගේ සම්භාවනාවට පාත‍්‍රව සිටී. ඔහු විසින් මෙයට වසර 500 කට පමණ පෙර හඳුන්වාදුන් පවිත‍්‍ර රංගයන් හා බැඳුන රංග සම්ප‍්‍රදාය අදත් අගැයුමට ලක්වෙයි. ෂේක්ෂ්පියර් නාට්‍ය එංගලන්තයේ පමණක් නොව යුරෝපයේ සෙසු රටවලද ආසියාව ආශ‍්‍රිතව හා ඇමෙරිකාවේ ද අදටත් මනරම් ලෙස අභ්‍යාස කෙරේ.

හිරු නොබසින අධිරාජ්‍යයේ මහ ගෙදරින් ලොවට දායාදවූ ෂේක්ෂ්පියර් ජන්ම ලාභය ලද්දේ වොර්වික්ෂයර්හි ස්ට‍්‍රැපඞ් අපොන් ඇවොන් ගම්මානයේය. සුන්දර ඇවොන් ගංගාවෙන් හා එලිමහන් ගොවිපල වලින් සමන්විත ඒ ඓතිහාසික භූමිය වෙත ගොස් මේ සම්භාව්‍ය නාට්‍යකරුවා ලොවට දායාද කළ උරුමයේ අරුමය දැකගන්නට පසුගිය දිනෙක අපට වාසනාව ලැබිණි. මම සුදත් සිල්වා හා අජන්ත රණසිංහ ලන්ඩනයේ එජ්වෙයාර්හි මැනාපාර්ක් ගාර්ඞ්න්හි සිට ෂේක්ෂ්පියර් නිවස බලා කැඳවාගෙන යන්නට පැමිණියේ අප හිතවත් මෙවන් ජයසූරිය හා තරංගාය.

 

ශේක්ෂ්පියර් ගෙදර

 

ලන්ඩනයේ සිට පැය දෙක හමාරක් පමණ වූ ගමන් මග අපට වෙහෙස මහන්සිය නොදැනුනේ මග දිගවූ අලංකාර පලතුරු උද්‍යාන එළවළු හා සත්ව ගොවිපොල ආදිය නිසාය. අප ගමන් කළ අධිවේගී මාර්ගයෙන් ඉවත්ව ස්ට‍්‍රැපඞ් අපොන් ඇවොන් වෙත ළඟාවන විට ෂේක්ෂ්පියර් නිවස නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබිණි.

ෂේක්ෂ්පියර් නිවසට පිවිසෙන අයට ඇතුල්වීම සඳහා එක් අයෙක් පවුම් 16 ක් පමණ ගෙවා ප‍්‍රවේශපත‍්‍රයක් ලබාගත යුතුය. මෙය ලංකාවේ මුදලක් නම් රු 3200/= කට ආසන්නය. මෙම ප‍්‍රවේශ පත‍්‍රයට එය නිකුත් කළ දින සිට ගතවන වසර පුරාම ෂේක්ෂ්පියර් නිවස නරඹන්නට පිළිවන. ප‍්‍රවේශපත‍්‍ර ලබාගෙන

ශේක්ෂ්පියර්

නිවසට පිවිසීමට පෙර විශේෂ ප‍්‍රදර්ශන කුටි සහිත මාර්ගයකින් ගමන් කරන්නට නරඹන්නන්ට සිදුවෙයි. මෙම කුටි තුළ පියවරෙන් පියවර ෂේක්ෂ්පියර්ගේ ජීවිත කතාව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ප‍්‍රාසාංගිකව ඉදිරිපත් කෙරේ. මෙම ප‍්‍රාසාංගික අත්දැකීම ලබන කෙනෙකුට ෂේක්ෂ්පියර් යුගය කරා මනසින් ප‍්‍රවේශවන්නට හොඳ ප‍්‍රස්ථාවක් සැලැසෙයි.

අනතුරුව අප පිවිසෙන්නේ ෂේක්ෂ්පියර් උපන් නිවස පිහිටි විවෘත උද්‍යානයටය. තැන තැන දක්නට ලැබෙන මල් පලතුරු ගස් අතරින් ඉදිරියට ගමන් කරන අපට එක් පසෙකින් සංරක්ෂණය කරන ලද ෂේක්ෂ්පියර් නිවසත් ඒ ඉදිරිපස වත්තේ කුඩා රංග පීඨයක්ද දක්නට ලැබේ. ෂේක්ෂ්පියර් භාරය නම් ආයතනයක් විසින් මෙම ස්ථානයේ පාලනය ගෙනයයි. එලිමහන් රංග පීඨය කරා අප පිවිසෙන විට ෂේක්ෂ්පියර්ගේ විශිෂ්ඨ නිර්මාණයක් වන මැක්බක් නාට්‍යයේ දර්ශනයක් රංගගත කෙරෙමින් පැවතුනි. දින පතාම පාහේ මේ ආකාරය ෂේක්ෂ්පියර් නිවස ඉදිරිපිට රංග පීඨයේ ඔහුගේ නිර්මාණ වලින් උපුටා ගත් කොටසක් ප‍්‍රවීණ නළුනිළියන් විසින් රඟපා පේ‍්‍රක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් සපයයි.

අනතුරුව අපට ඔහුගේ නිවස වෙත පිවිසිය හැකිය. 1847 වසරේ ආරම්භ කරන ලද ෂේක්ෂ්පියර් ජන්මභූමි භාරය 1881 බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ පනතකින් නීතිගත කළ ආයතනයකි. මේ ආයතනය මගින් ෂේක්ෂ්පියර් නිවස නඩත්තු කොට සංරක්ෂණය කර තිබේ. 1564 අපේ‍්‍රල් 26 දා උපන් ෂේක්ෂ්පියර් නිර්මාණ ජීවිතයේ බොහෝ කලක් ගතකළ මෙම දෙමහල් නිවස එදා පැවති ඇඳ පුටු මේස මුළුතැන්ගෙය, නාන කාමරය, ඇතුළු සියළු ස්ථාන කදිමට සංරක්ෂණය කර ඇත. ෂේක්ෂ්පියර් තරුණ අවධියේ ඔහු මෙම නගරයේ සිටි ප‍්‍රවීන රංගධරයන් ඇසුරු කරමින් නාට්‍ය රංගනයට හා රචනයට උනන්දුවූ ආකාරයට අදාළ සාක්ෂි අදටත් නිවසේ තැන්පත්කර ඇත.

ෂේක්ෂ්පියර් නිවස පසුකාලයේ පිටස්තරයන්ට විකිණී තිබූ නිසා 1847 දී පමණ සුප‍්‍රකට සාහිත්‍යවේදී චාල්ස් ඩිකන්ස්ගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ කමිටුවක් මගින් පවුම් 3,000 ක මුදලක් රැස්කොට මෙම නිවස ෂේක්ෂ්පියර් භාරය යටතට පත් කළේය. ෂේක්ෂ්පියර් නිවසේ ගෘහ උද්‍යානයේ සුප‍්‍රකට ඉන්දීය සාහිත්‍යවේදී රවීන්ද්‍රනාත් තාගෝර්යන්ගේ හා මුස්ලිම් කවියකු වන ශ්‍රීමත් මොහොමඞ් ඉක්බාල්ගේ උඩුකය ප‍්‍රතිමා පිහිටුවා ඇත. මෙහි ඇති දැවැන්ත පුස්තකාලයේ ෂේක්ෂ්පියර් විසින් නිර්මාණය කරන ලද නාට්‍ය හා ඊට අදාළ සාහිත්‍ය කෘති ලොව විවිධ භාෂා 70 කට පමණ පරිවර්තනය කොට සංරක්ෂණය කර තිබීම විශේෂයකි. වර්ෂ 1590 සිට 1614 දක්වා ෂේක්ෂ්පියර් නාට්‍යවේදියා නිර්මාණ ක‍්‍රියාවලියේ යෙදී සිටියේය. වැනීසියේ වෙළෙන්දා, මැක්බක්, ලියර්රජ, ඔතෙලෝ හැමිලට් වැනි සුප‍්‍රකට නිර්මාණ 45 ක් පමණ ෂේක්ෂ්පියර් අතින් නිමැවුණි. අදටත් එම නිර්මාණ ලොවපුරා රංගගත වන්නේ ඒවායේ ඇති සදාතනික නිර්මාණාත්මක අගය නිසාය.

 

 

 

අප ස්ට‍්‍රැපඞ් වොන්  ඇවොන් වෙත ගිය උණුසුම් දවසේත් යුරෝපයේ විවිධ රටවලින් විශාල පිරිසක් පැමිණ ෂේක්ෂ්පියර් ගැන අධ්‍යයනය කරනු දක්නට ලැබිණි. මේ කුඩා නගරය අද ෂේක්ෂ්පියර් නිසාම ඉතාම ජනප‍්‍රිය ජනාකීර්ණ වාණිජ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. මාර්ක් ඇන්ඞ් ස්පෙන්සර් අලෙවිසලේ සිට ලන්ඩනයේ ජනප‍්‍රිය සාප්පු සංකීර්ණ මෙහි ස්ථාපිත කර තිබේ. ශේක්ෂ්පියර් සංස්කෘතියේ වාණිජ පලය එරට ව්‍යාපාරික ප‍්‍රජාව කදිමට නෙලා ගනිති.

 

 


එංගලන්තයේ ෂේක්ෂ්පියර් නිවසේ සංචාරයකින් පසුව සටහන් කැරිණි.

 

රංජිත් ආනන්ද ජයසිංහ

 



අදහස් (0)

ශේක්ෂ්පියර් සොයා ගිය ගමනක්...

අජිත් Sunday, 25 August 2013 03:41 PM

නදී අපේ රටේ වීරයන් ගැන ඔවුන්ට ලියන්න බැහැ. හේතුව ඔවුන් අපේ රට රැකපු අය වීම නිසා.(නදී)

:       0       0

නීල්-රානා Friday, 23 August 2013 07:17 PM

සීතාවක රාජසිංහ රජු 1559 දී මුල්ලේරියා සටන ජය ගැනීමෙන් පසු ලංකාවට පැමිනි බල්තසාර් ද සූසා ආපසු පෘතුගාලයට යැවූ වසරේ උපන් සාමාන්ය වේදිකා නාට්ය කරුවෙකුවූ ශේක්ස්පියර්ගේ අල ගිය තැන් මුල ගිය තැන් සියල්ල හොයා බලා ඒ ගැන නොයෙක් නානා විධ වර්ණනා ලිපි ලියන ලංකාවේ මාධ්යකරුවෝ තමන්ගේ රටේ සැබෑ වීරයින් ගැන මුනිවත රැකීම ලජ්ජා සහගතයි.(නදී)

:       0       0

චමත් Tuesday, 27 August 2013 03:44 PM

බෙල්ල ඇමට්ටි උනේ නැත්ද දන්නේ නෑ අර කොට්ටෙ ඔලුව තියලා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 752 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 905 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 375 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site