IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගන්නා හැටි

 

 

ශ්‍රී ලංකාව තුළ සංසරණයට අවශ්‍ය මුදල් නෝට්ටු නිකුත් කිරීම සිදුවනුයේ ශ්‍රී ලංකා මහ බැංකුවෙනි. නිත්‍යානුකූලව සිදුවන මෙම ක‍්‍රියාපටිපාටියෙන් බැහැරව, මුදල් නෝට්ටු ව්‍යාජ ලෙස සකස් කර ගනුදෙනුවලට යොදවා ඇති නිසාම, ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳ විමසිල්ලෙන් සිටීමට රට වැසියන් ලෙස අපට සිදුවී ඇත.

මුදල් නීති පනත යටතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වලංගු නෝට්ටු මුදල් නිකුත් කිරීමේ අයිතිය පැවරෙනුයේ ශ්‍රී ලංකා මහ බැංකුවටය.

ශ්‍රී ලංකා මහ බැංකුවට පරිබාහිරව වෙනත්  ඕනෑම ආයතනයකින් හෝ පුද්ගලයකු විසින් නිපදවෙන මුදල් නෝට්ටු සියල්ල සැලකෙනුයේ ව්‍යාජ මුදල් ලෙසය.
දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙසට ව්‍යාජ මුදල් මුද්‍රණය නම්කර තිබේ.

එම නිසාම ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සේම, බෙදා හැරීමත්, ළඟ තබා ගැනීමත්, රටේ පවතින නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.
එහෙයින් ශ්‍රී ලාංකිකයෙකු වශයෙන්, ඔබ කුමන තරාතිරමක පසුවුවද, කුමන කරුණක් වෙනුවෙන් ගනුදෙනුවක නිරත වුවද, තමා අතට පත්වන මුදල් නෝට්ටුව පිළිබඳ විමසිල්ලෙන් බැලීමට මතක තබා ගත යුතුය.

එසේ සැළකිල්ලක් නොදක්වා තමා අතට පත්වන මුදල් නෝට්ටුව බැංකුවකට ඉදිරිපත් කර, එහිදී මූල්‍ය පරික්ෂා කිරීමේ යන්ත‍්‍ර මගින් එය ව්‍යාජ බව හඳුනාගතහොත්, එම මුදල බැංකුව වෙත ඉදිරිපත් කළ පුද්ගලයා ලෙසට ඔබ වැරදිකරුවකුවීම වළක්වා ලිය හැකි වන්නේ නැත.

නොදැනුවත්ව ව්‍යාජ මුදල් නෝට්ටුවක් ගෙන ආ බවට නිදහසට කරුණු පැවසිය නොහැක.

රටේ පවතින නීතියට අනුව එවැනි පුද්ගලයකුට අදාළ පාර්ශ්වයන්ට වගඋත්තර බැඳීමට සිදුවන අතර, එය සරළ හෝ පහසු කටයුත්තක් වන්නේ නැත. අවසානයේදී නොකළ වරදකට නිස්කාරණයේ අපහසුතාවයට පත්වීමට සිදුවන නිසාම, හොඳම දේ වනුයේ තමා අතට පත්වන  ඕනෑම මුදල් නෝට්ටුවක් සුපරික්ෂාකාරීව බැලීමට නිරන්තරයෙන් හුරු වීමය.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සත්‍ය මුදල් නෝට්ටුවක් ව්‍යාජ මුදල් නෝට්ටුවකින් හඳුනා ගත හැකි ආරක්ෂණ ක‍්‍රමවේදයන් තුනක් හඳුන්වා දී තිබේ.
එලෙස නෝට්ටු හඳුනාගත හැකි ආරක්ෂණ ක‍්‍රමවේදයන් වන්නේ ස්පර්ශය, සුපරික්ෂාකාරීව නෝට්ටුව බැලීම සහ සරළ උපකරණ භාවිතයෙන් මුදල් නෝට්ටුව පරික්ෂා කිරීමය.

මෙම ආරක්ෂණ ක‍්‍රමවේද සියල්ලක්ම ලෝක සම්මත නීතීන්ට අනුව සකස් කර ඇත්තේ පෞද්ගල පහසුව සඳහාය.

ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු නිෂ්පාදනය කරනුයේ සියයට සියයක් කපු  මිශ‍්‍ර පල්පයකිනි. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා භාවිත කරන කපු කෙඳි මිශ‍්‍ර කඩදාසි ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම වෙනුවෙන් යොදා ගැනීමක් සිදුනොවේ.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය වන්නේ සාමාන්‍යයෙන් අප එදිනෙදා ලියවිලි සඳහා භාවිත කරනා කඩදාසිමය. එම නිසාම  ඕනෑම අයෙකුට මුදල් නෝට්ටුවක් අතට ගත් වහාම ස්පර්ශයෙන්ම ව්‍යාජ මුදලක් හඳුනා ගැනීම අපහසු වන්නේ නැත.

අව්‍යාජ මුදල් නෝට්ටුවක් පන්දහස් වාරයක් නැවීමක් කළද මුදල් නෝට්ටුවේ නැමුම් පාරවල් ඉරි යෑමක් නොවන අතර, ව්‍යාජ මුදල් නෝට්ටුවක් වරක් දෙවරක් නැමූ විට ඉරීයාමේ හැකියාව වැඩිය.

අව්‍යාජ නෝට්ටුවක් වැදීමකින් සේදීමකට ලක්වුවත්, කාලයක් ගියද වර්ණ වෙනස් වීමක් සිදුනොවේ. ව්‍යාජ නෝට්ටු බොහොමයක් තෙතමනයට ඔරෝත්තුදීමේ හැකියාවක් නැත. එම නිසාම බොහෝ ව්‍යාජ මුදල් නෝට්ටුවල සත්‍ය මුදල් නෝට්ටු තරම් පැහැදිලි වර්ණයක් දක්නට නොලැබේ.

ස්පර්ශය මගින් ව්‍යාජ නෝට්ටුවක් හඳුනා ගත හැකි තවත් ක‍්‍රමයක් නම් උස්වූ මුද්‍රණය, අව්‍යාජ නෝට්ටුවේ ඉහළම ඇති ශ්‍රී ලංකා මහ බැංකුව නැමැති පාඨය සහිත කොටස සහ නෝට්ටුව මධ්‍යයේ පිහිටි මෝස්තරය එම්බොස් ක‍්‍රමයට ඉහළට එසවුණ රළු ගතියක් අතට දැනේ. නෝට්ටුව තුළ ඇති අත්සන් සහ නෝට්ටුවේ දකුණත පහළ කෙළවරේ මුදල් නෝට්ටුවේ වටිනාකම සහිත කොටසද උස්ව මුද්‍රණය කර තිබේ.

වලංගු නෝට්ටු මුද්‍රණය කිරීමේ යන්ත‍්‍රයේ විශේෂ ක‍්‍රමවේදයක් යටතේ නිර්මාණය කෙරෙනා මෙම උස්වූ මුද්‍රිතය ව්‍යාජ මුදල් නෝට්ටුවල දක්නට නොලැබේ.
මීට අමතරව

ව්‍යාජ මුදල් නෝට්ටුවක් හඳුනා ගත හැකි පහසුම උපක‍්‍රමයක් වන්නේ ”දිය සලකුණ” නෝට්ටුව තුළ ඇද්දැයි විමසා බැලීමය. නෝට්ටුවක් ගෙන යම් ආලෝකයකට යොමුකර බැලීමේදී පැරණි නෝට්ටු කාණ්ඩවල ජාතික කොඩියේ සිටින කඩුව සහිත සිංහයකු දක්නට ලැබේ. නව මුදල් නෝට්ටු කාණ්ඩයන්හි නෝට්ටුව තුළ නිර්මාණය කර තිබෙන පක්ෂි රූපයම ත‍්‍රිමාණ ප‍්‍රතිබිම්බයකින් දිය සලකුණ ලෙස යොදවා තිබේ.

සත්‍ය මුදල් නෝට්ටු නිපදවීමේදී මුද්‍රණය කෙරෙන කඩදාසියේම ආරක්ෂණ සලකුණු අන්තර්ගත කිරීම නෝට්ටුවත් සමගම ගොනුකර තිබේ. නමුත් ඇතැම් ව්‍යාජ මුදල් නෝට්ටුවල දිය සලකුණ දක්නට නොලැබෙන අතර නියමාකාරයෙන් දක්නට නොලැබීමද එහි විශේෂත්වයකි. ආරක්ෂණ නූල මහජනතාවට ව්‍යාජ මුදල් හඳුනාගත හැකි නෝට්ටුව තුළ අන්තර්ගත තවත් ආරක්ෂණයකි.

ආරක්ෂණ නූල නෝට්ටුවෙන් නෝට්ටුවට වෙනස්වේ. වටිනාකමින් වැඩි මුදල් නෝට්ටු එනම් රුපියල් 5000, රුපියල් 2000, රුපියල් 1000, රුපියල් 500 වැනි නෝට්ටු යොදා ඇත්තේ රතු සහ කොළ ලෙස වර්ණ වෙනස් වන්නා වූ ”ස්ටාර් ක්‍රෝම්” ආරක්ෂණ නූලකි. රුපියල් 20, රුපියල් 50, නෝට්ටුවල ආරක්ෂණ නූල ලෙස යොදවා ඇත්තේ ”CBSL” යන අක්ෂරය සහ අදාළ නෝට්ටුවේ වටිනාකම සඳහන් කළ පොලියෙස්ටර් ආරක්ෂණ නූලකි.

නමුත් ව්‍යාජ මුදල් නෝට්ටුවලට ඇතුළත් කර ඇති ආරක්ෂණ නූල තුළ වර්ණ වෙනස්වන නූලක් යොදා නැත. වැඩි වටිනාකමින් යුතුව ව්‍යාජ ලෙස සකස් කරන බොහෝ ආරක්ෂණ නූල් ලෙස පිටතින් යොදා ඇත්තේ කැසට් පටවල ඔතා ඇති ටේප් සහ එවැනි විවිධ උපක‍්‍රමයන්ය.

වලංගු අව්‍යාජ නෝට්ටුවල ආරක්ෂණ නූල මුදල් නෝට්ටුව නිෂ්පාදනය කිරීමේදී යොදවා තිබුණද, ව්‍යාජ නෝට්ටු සකස් කිරීමේදී සිදුවනුයේ ව්‍යාජ ලෙස සකස් කළ නූල් පිටතින් ඇලවීම හෝ ඇතුළතින් ඇලවීමය. එම නිසාම, මුදල් නෝට්ටුවක් අතට ගත් සැනින්ම, එය ව්‍යාජද, නැද්ද යන්න සැළකිල්ලෙන් බැලීමෙන් ඔබට හඳුනාගැනීම අපහසු වන්නේ නැත.

ව්‍යාජ මුදල් නෝට්ටුවල ආරක්ෂණ නූලේ වර්ණ වෙනස් වීමක් සිදුනොවන අතර එම නූලේ මුදල් නෝට්ටුවේ වටිනාකමද සඳහන් නොවේ. තවද එලෙස අන්තර්ගත කර තිබෙනා ආරක්ෂණ නූල අඛණ්ඩ නොවීමද ව්‍යාජ ඇතැම් නෝට්ටුවක දැකගත හැකි අනෙක් ලක්ෂණයකි.

විනිවිද පෙනෙනා සලකුණ ව්‍යාජ මුදල් නෝට්ටුවක් සැලකිල්ලෙන් බැලීමටත් හඳුනාගත හැකි තවත් ක‍්‍රමවේදයකි. නෝට්ටුව ආලෝකයට යොමුකොට බැලීමේදී නෝට්ටුවේ මුහුණත වර්ණ දෙකකින් කඩින් කඩ දක්වා ඇති වටිනාකම සඳහන් ඉලක්කම් නෝට්ටුවේ පිටුපස ඇති ඒ හා සමාන ඉලක්කම් සමග එකිනෙකට සමපාත වී එක් වර්ණයක් සේ දිස්වේ. විනිවිද පෙනෙනා සලකුණ බොහෝ විට දක්නට ලැබෙනුයේ සමනළ රූපය අසලය. ව්‍යාජ මුදල් නෝට්ටුවක විනිවිද පෙනෙනා සලකුණ එකිනෙකට සමපාතව දක්නට ලැබෙන්නේ නැත. නව මුද්‍රිත කාණ්ඩයේ මුදල් නෝට්ටුවල විනිවිද පෙනෙන ලකුණ මුදලේ වටිනාකමින් වර්ණ දෙකකින් දක්නට ලැබීමද විශේෂයකි.

අව්‍යාජ මුදල් නෝට්ටුවක් තුළ අන්තර්ගත තවත් ආරක්ෂිත ක‍්‍රමවේදයක් වන්නේ වැරගැන්වූ කොන්ය. නෝට්ටුවේ කොන් හතරේ විකර්ණ ආකාරයෙන් දිවෙන්නා වූ ඉරි ලෙසින් මෙය දක්නට ලැබේ. මුදල් නෝට්ටු මුද්‍රණය කරන යන්ත‍්‍රයේ තාක්ෂණික ශිල්පී ක‍්‍රමයක් මත වැරගැන්වූ කොන් යොදවා තිබුණද, ව්‍යාජ ලෙස නෝට්ටු සකස් කිරීමේදී එම තාක්ෂණය යොදා ගත නොහැකි නිසාම බොහෝ විට සිදුවනුයේ, විවිධ උපක‍්‍රම ආධාරයෙන් සූරා වැරගැන්වූ කොන් සකස් කිරීමට උත්සාහ ගැනීමය.

නෝට්ටුවේ සමනළ රූපයට පහළ කොටස් කුඩා අන්වීක්ෂයක් ආධාරයෙන් බැලූ විට ඉතා කුඩා ලෙස මුද්‍රිත ”CBSL”  යන අක්ෂර සහ නෝට්ටුවේ වටිනාකම ඉලක්කමින් දැකිය හැකි වීමද අව්‍යාජ මුදලක් හඳුනාගත හැකි ක‍්‍රමයකි.

වාර්තා වන ආකාරයට මෙරට ව්‍යාජ නෝට්ටු මුද්‍රණයේ කණ්ඩායම් දහයක් පමණ යෙදී සිටියි. එම නිසාම ව්‍යාජ නෝට්ටුවක් දුටු සැණින් කවුරුන් විසින් කළ එකක්ද යන්න දැන ගැනීමට තරම් රහස් පොලිසියේ මෙහෙයුම් කටයුතු තීවූ වී තිබේ.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන පිරිසගෙන් එක් පාර්ශ්වයක් යෙදී සිටිනුයේ රුපියල් පන්දහසේ නෝට්ටුය. තවත් පිරිසක් අතින් නිපදවෙනුයේ රුපියල් දෙදහසේ නෝට්ටුය. ව්‍යාජ මුදල් නිපදවන තවත් පිරිසකගේ උප්පරවැට්ටියක් වී ඇත්තේ ව්‍යාජ මුදල් නෝට්ටුවේ කොටසක් අව්‍යාජ මුදල් නෝට්ටුවේ කොටසක් එකට තබා අලවා, ඉරුණු මුදල් නෝට්ටුවක්සේ දිස්වෙන පරිදි ගනුදෙනු අතරට යෙදවීමට උත්සාහ දැරීමය.

ඇතැම් පිරිසක් ආරක්ෂණ නූල ව්‍යාජ ලෙස සකස් කිරීමට සූර පිරිසකි. තවත් පිරිසක් දිය සලකුණ පවා නිවැරදිව ගැනීමට උත්සාහ ගත්තද සෑම ව්‍යාජ නෝට්ටු නිෂ්පාදනය කරන්නෙකුටම එක් ආරක්ෂණ ක‍්‍රමයක් නිවැරදිව සකස් කිරීමට උත්සහා ගත්තද, අනෙකුත් ආරක්ෂණ උපක‍්‍රමයන් සියල්ල ජය ගැනීම ව්‍යර්ථ වී තිබේ.

ව්‍යාජ මුදල් නෝට්ටු බෙදාහැරීම ව්‍යාජ ලෙස සකස් කළ මුදල් නෝට්ටු බෙදාහැරීමට වංචාකරුවන් බොහෝවිට උත්සාහ දරනුයේ ආගමික උත්සව ආශ‍්‍රිතව සිදුකෙරෙන වෙළෙඳ ගනුදෙනුවලදී යෙදවීමය.

මඩු මංගල්‍ය කාලයේදී සේම පෙරහැර මංගල්‍ය කාලයේදීත්, අනෙකුත් විශේෂ ආගමික උත්සව කාලයේදීත්, මිනිසුන් පසුවන මානසික පසුබිමත්, කලබල ස්වභාවයත් මත ව්‍යාජ මුදල් නෝට්ටුකරුවන්ට මුදල් සංසරණයට යෙදීම පහසු කටයුත්තක් වී තිබේ.

ඔවුන් අනුගමනය කරන තවත් ක‍්‍රමවේදයක් වී ඇත්තේ අඳුර වැටීගෙන එන වේලාවට කුඩා කඩපිල්වලට ගොස් වටිනාකමින් වැඩි මුදල් නෝට්ටුවක් දී කුඩා ප‍්‍රමාණයේ භාණ්ඩයක් මිලදී ගැනීමය. රුපියල් දාහේ නෝට්ටුවක්, දෙදහසේ නෝට්ටුවක් දී පාන් රාත්තලක්, සිගරට් පැකට්ටුවක්, පැණිබීම බෝතලයක් වැනි දෙයක් මිලදී ගැනීමට උත්සාහ දැරීම ඔවුන් අනුගමනය කරන තවත් ක‍්‍රමවේදයකි. මෙලෙස කිරීමෙන් ව්‍යාජ මුදල් රැුගෙන යන්නාට, ව්‍යාජ මුදලේ වටිනාකමට සමාන අව්‍යාජ මුදල් නෝට්ටු හිමි වේ. රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් රුපියල් සියයක වටිනාකමකට මාරු කිරීමෙන් වංචාකරුට ලැබෙන ලාභය රුපියල් නවසියයකි.

අස්වනු නෙළන කාලයේදී අනුරාධපුර පොළොන්නරු ප‍්‍රදේශවලද ව්‍යාජ මුදල් නෝට්ටු ගනුදෙනුවලට යොදවන බවට වාර්තා වේ.

ව්‍යාජ මුදල් නෝට්ටු ගනුදෙනු සඳහා යෙදවීමට භාවිත කරන තවත් ප‍්‍රධානම සන්ධිස්ථානයක් වන්නේ ඉන්ධන පිරවුම්හල්ය. රාත‍්‍රි කාලයේදී වැඩි වටිනාකම්වලට ඉන්ධන ලබාගෙන වාහනයේ වීදුරුව පහත්කර, ව්‍යාජ මුදල් දී, ඇසිපිය හෙළනා වේගයෙන් ඉගිලී යාමද ඔවුන් සිදුකරනා තවත් ක‍්‍රමවේදයකි.
වෙළෙඳසල්වල කුඩා දරුවන් සහ වැඩිහිටි මව්වරුන්, පියවරුන් භාණ්ඩ අලෙවි කරන අවස්ථාවේදී, ව්‍යාජ මුදල් නෝට්ටු දී ගනුදෙනුවල නිරත වීමද, ඔවුන් ගන්නා තවත් උත්සාහයක් ලෙසට වාර්තා වේ.

ව්‍යාජ මුදල් නෝට්ටු වෙළෙඳපොළට ඉදිරිපත් කෙරෙන තවත් අවස්ථාවක් වන්නේ අලූත් අවුරුදු සමයයි. සෙනග ගොඬේ බඩු බාහිරාදිය, රෙදි පිළි ගැනීමට උත්සාහ දරන අවස්ථාවද, ව්‍යාජ මුදල් නිපදවන්නන් ව්‍යාජ මුදල් සංසරණයට යෙදවීමට ගන්නා තවත් අවස්ථාවකි.

 

 

සැළකිලිමත් විය යුතු ආකාරය
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මුද්‍රණය කෙරෙන මුදල් නෝට්ටුවල ආරක්ෂිත ක‍්‍රමවේද සියල්ල මතක තබා ගැනීම හෝ සොයා බැලීමට ඔබට අවස්ථාවක් නැතුවා විය හැක. නමුත් ඔබ අතට පත්වන මුදල් නෝට්ටුව විමසිල්ලෙන් බලන බව, ගනුදෙනුකරු දැනගතහොත්, ව්‍යාජ නෝට්ටුකරුවන්ට තම කාර්යයන් පහසුවෙන් කළ හැකි වන්නේ නැත. මන්ද නිත්‍යානුකූල නොවනා ව්‍යාජ කාර්යයක නිරත වන්නන් නිතරම සැකයෙන් පසුවන බැවිනි.

තමන්ගේ නොදැනුවත්කම කියන දේ නීතිය හමුවේ පිළිතුරක් වන්නේ නැත. එම නිසාම  ඕනෑම ගනුදෙනුවකදී තමාට ලැබෙන මුදල් නෝට්ටු පිළිබඳ විශ්වාසයක් නොමැති නම් කළ යුත්තේ එම නෝට්ටුව ගැනීම ප‍්‍රතික්ෂේප කර නව නෝට්ටුවක් ලබා ගැනීමය.

මුදල් නෝට්ටු පිරිසිදුව පරිහරණය කිරීමත්, ව්‍යාජ මූල්‍ය නෝට්ටු පහසුවෙන් හඳුනාගත හැකි ක‍්‍රමයකි.

උපදෙස් ලබාදුන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් අංශයේ අධිකාරි ජේ.පී.ආර්. කරුණාරත්න මහතාට සහ එම අංශයේම අතිරේක අධිකාරි තමරා විජේසූරිය මහත්මියට අපේ ස්තුතිය.

 

සටහන : අසුන්තා එදිරිසූරිය

 



අදහස් (0)

ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගන්නා හැටි

අසිත Saturday, 10 August 2013 10:27 PM

වටිනා ලිපියක්. ස්තූතියි (නි)

:       0       0

මහේෂ් Sunday, 04 August 2013 03:42 PM

කතාව ඇත්ත ,නීතිය නොදන්නාකම නිදහසට කාරණයක් නොවේ . (නි)

:       0       0

රොෂාන් සංජීව Tuesday, 06 August 2013 01:01 AM

හොරුන්ගේ පැත්තට වාසි වන ලෙසට නීතිය නොතබා, මිනිසුන්ද මේ ලෙස දැනුවත් කිරීම කළ යුතු අතර,මුදල් වෙනුවට කාඩ් පත් භාවිතා කිරීම දියුණු කළ යුතු හෝ එයට වඩා තවත් දියුණු ක්‍රමවේදයක් ගෙන ආ යුතු කාලය උදාවී ඇත.එය කළයුත්තේ මහජනයා නොව මහා බැංකුව හා පරිපාලකයෝයි. (නි)

:       0       0

අතුල Friday, 09 August 2013 05:34 PM

තව ටිකක් හොඳින් විස්තර කර දෙන්න බැරිද? (නි)

:       0       0

චමත් Tuesday, 06 August 2013 02:41 PM

ඉතාම වටින ලිපියක්! ගොඩක් ස්තූතියි! (නි)

:       0       0

සඳුන් Tuesday, 06 August 2013 07:13 AM

මෙය බොහොම හොද දෙයක්. මම පාසල් යන ළමයෙක්. පොඩි ළමයි මුදල් ගැන දන්නේ නැහැ. බොහෝ වෙලාවට රැවටෙනවා. මෙය පළකිරීම හොද දෙයක් (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 581 1

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 222 1

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 960 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


ටින් අංකය හිස් ටින් එකක්ද?
2025 මැයි මස 07 3080 0

1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව


ප්‍රබන්ධය ඉතිහාසයටත් වඩා සැබෑවක්
2025 මැයි මස 07 187 0

ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද


ටයිටැනික් මගියාගේ ලියමන පවුම් තුන්ලක්ෂයකට අලෙවි වෙයි
2025 මැයි මස 07 727 0

ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1244 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 315 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1341 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site