වත්තල හැඳල පදිංචි ඩග්ලස් වීරසිංහ මහතා චිත‍්‍ර, කැටයම්, බිත්ති සැරසිලි, මංගල සුබපැතුම්පත්, පෝරු ආදී තල නිර්මාණ කිරීමේ දක්‍ෂයෙකි.
සැවැන්දරා මුල්, නෙළුම් රේණු, පත්පාඩගම්, පුස්කොල, මානෙල් රේණු ආදී ඖෂධ මුල්වලින් වළිකුකුලෙක් නිර්මාණය කළ ඔහුට එම නිර්මාණයටත් 2007 වසරේදී ජනාධිපති සම්මාන උළෙලේදී ප‍්‍රථම ස්ථානය හිමි වී ඇත.
ඔහු තම නිර්මාන ගැන මෙසේ කීය. මට වයස අවුරුදු 59 යි. මම පාසල් යන අවධියේ නව නිර්මාන සඳහා යොමු වුණේ. මගේ ගම බදුල්ල. මම පාසල් යන කාලේ පොඩි පොඩි නිර්මාණ කරන්න පටන් ගත්තා. ඒ කරපු නිර්මාණයක්
දැකල ව්‍යාපාරිකයෙක් ඒ නිර්මානය මට මුදල් දීලා ගත්තා.
ඔහු මට උපදෙස් දුන්නා මගේ දක්‍ෂතා දියුණු කරගන්න කියලා. ඔහු මුස්ලිම් මැණික් ව්‍යාපාරිකයෙක්. පසුව ඔහු මට ඇණවුම් අරන් දුන්නා. මම බදුල්ලේ මැණික් ව්‍යාපාරිකයින්ට මගේ නිර්මාණ අලෙවි කරන්න පටන් ගත්තා. කලාකරුවා විසින් නිර්මාණය කළ නිර්මාණ අතර විශේෂත්ව වන්නේ හිටපු ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස මහත්වරුන්ගේ රූපත්, නිළිරැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ රූපයත් පිදුරුගස්වලින් ලී කුඩු-ගස් මුල්වලින් චිත‍්‍ර අදින කලාකරුවා නිර්මාණය කර තිබේ. මෙම කලාකරුවා පිදුරු, ගල්කුඩු, ගස්වල පොතු, කොළ ආදී ස්වභාවික දෑ උපයෝගී කරගෙන නිර්මාණ රැසක් ඉදිරිපත් කර ඇති අතර මෙම නිර්මාණවලට ජනාධිපති සම්මාන වලට අමතරව ජාතික ශිල්ප සභාව පවත්වනු ලබන විශ්ව කර්ම සම්මාන, ලක්සැල රජත ජයන්ති සම්මාන, සංචාරක හා කුඩා කර්මාන්ත
ඩග්ලස් වීරසිංහ මහතා ලබා ඇති සම්මාන සහ සහතික පත් සමග. අමාත්‍යාංශ ජනාධිපති සම්මාන, කර්මාන්ත, සමාජසේවා හා සංස්කෘතික අමාත්‍යාංශ සම්මාන හා රූපවාහිනී සම්මාන උළෙල ආදී සම්මාන උළෙලවලදී ලබා ඇති
සම්මාන අතිමහත්ය.
ඡායාරූප හා සටහන - වත්තල සරත් චින්තක



1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකාරයෝ ඔහොම තමා
හරිම ලස්සනයි. දේශීය දේවල් නිසා තවත් අගය කරනවා. තව තවත් මේ වාගේ දෙවල් කරන්න මුළු හදවතින්ම සුභපතමි
විශිෂ්ඨ වැඩක්..
කලා කරැවෙකු විදිහට මමත් මෙම නිර්මාණ අගය කරනවා .අති විශිෂ්ඨයි.
ඇත්තටම මෙන්න වැඩකරැවෝ.. ඔබට සුභපැතුම්....!!