IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


‘ලව්ටෝක්’ එකක් දැම්මොත් ෆෝන් එක හිමින්ම කට් කරනවා

 

 

නර්තනයත් රංගනයත් උපතින්ම කර පින්නාගෙන පැමිණි ඇය. අද දවසේ මේ හැකියා දෙකෙන්ම තම දක්‍ෂතා එළිදක්වන්නීය. මේ නිසාවෙන්ම ඇය ගැන  අද දවසේදී බොහෝ දෙනා කතාබහ කරති. මේ දිනවල පුංචි තිරයේ විකාශය වන ‘බණ්ඩර දෙයියෝ’, ‘මිරිඟු දිය’, ‘බිදුණු සිත්’, ‘සඳසාවි’ ටෙලි නාට්‍යවල ප‍්‍රධාන චරිත නිරූපණය කරන මේ රුවැත්තිය නමින් මේනකා චතුරාංගනී පීරිස්ය. කලා ක්ෂේත‍්‍රයේ මේනකා පීරිස් ලෙස ජනප‍්‍රියත්වයට පත් වී සිටින ඇය රංගනයට වගේම නර්තනයටද විශාල කැමැත්තක්, ආසාවක් දක්වන්නියකි. ඒ නිසාවෙන්ම ඇයට තම හැකියා පෙන්වන්න ලැබෙන අවස්ථා වැඩි වී තිබේ. මෙහිදී මෙවැනි රුවැත්තියකට විවිධ යෝජනා, ලිංගික බලපෑම්, දුරකථනයෙන් එන අනිසි යෝජනා බොහෝ තිබෙන්නට පුළුවනි.

 

 

මේනකාටත් එවැනි යෝජනා ඇවිත් තිබෙනවාද? ඒවාට ඇය මුහුණ දුන්නේ කොයි විදිහටද? මේ ගැන මේනකාගෙන් අපි අසා දැනගන්නට සිත්වුණෙමු මේ ඒ කතාබහේ සටහනය.

 

මේනකා ඔයා මේ දවස්වල ජනප‍්‍රිය රංගන ශිල්පිනියක් කියලයි සමහරු පවසන්නේ. ඇත්තද ඒ කතාව?

 ඔය කියන්නේ මේ දවස්වල මා රඟපාන ‘‘මිරිඟු දිය’’ හා ‘‘බණ්ඩර දෙයියෝ’’ ටෙලි නාට්‍ය දෙකෙහි වෙනස්ම ආකාරයේ ප‍්‍රධාන චරිත 2ක් රඟපාන හින්දා වෙන්නැති. ඇත්තටම රසික රසිකාවියන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර ඉතා ඉහළයි. මේ ටෙලි නාට්‍ය දෙකෙහිම අධ්‍යක්‍ෂවරයා සරත් ධර්මසිරි. ‘‘මිරිඟු දිය’’ ටෙලි නාට්‍යයේ අසංකාගේ චරිතය ගමෙන් නගරයට ඇවිත් සල්ලිවලට තිබෙන ආසාව හින්දා කොල්ල කන තරුණියකගේ චරිතයක්. එහෙත් ‘‘බණ්ඩර දෙයියෝ’’ ටෙලි නාට්‍යයේ මා රඟපාන්නේ 1830 ගණන්වල කතාවක් ඇසුරෙන් එහි ගම්මුලාදෑනියාගේ එකම දියණියගේ චරිතයයි. ඒ ටෙලි නාට්‍යය තනිකරම මට ‘‘වර්ක්ෂොප්’’ එකක් වගේ. ඔය අතරේ මා රඟපාන ‘‘බිඳුණු සිත්’’, ‘‘සඳසාවි’’ ටෙලි නාට්‍යයත් විකාශය වෙනවා. මා ජනප‍්‍රියද නැද්ද කියලා ඉතිං පේ‍්‍රක්‍ෂකයෝ තමයි තීරණය කරන්නේ.

 

 

 

ඒක නොවෙයි, ඇත්තද ඔයා නර්තනයෙන් කලඑළි බහින්න සූදානම් වෙනවා කියන්නේ?

ඔව් නර්තනය කියන්නේ මගේ ජීවිතේ නැටුම් නැත්නම් අද මේනකා පීරිස් කියා කෙනෙක් නෑ. මොකද නර්තනය නිසා තමයි. මට රංගනයට පාර කැපුණෙත්. පසුගිය කාලයේ මට නර්තනයෙන් ලබාගන්න තිබූ විභාග සියල්ල අවසන් කළා. මගේ ලොකුම ආසාව තිබුණු කළඑළි බැස්ම හැමදාම කල්ගියා.
ලබන ජනවාරි මාසයේ 25 වැනිදා බෙල්ලන්විල රජමහා විහාරයේදී මාත් සමඟ තවත් 25 දෙනෙක්ගේ කළඑළි මංගල්‍යය පවත්වනවා. කලාභූෂණ සිරිනාම තල්ගහගොඩ ගුරු පියාණන් යටතේ තමයි එය සිදුවන්නේ. මේ දවස්වල ඒ වෙනුවෙන් පේවෙලා පුහුණු වීම් කරගෙන යනවා. පුදුම ආශාවකින් කරන්නේ. මෙය මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක්.

 

 

 

 

මේ හින්දා විදෙස් සංචාරයකුත් අවලංගු කරන්න සිදුවුණා නේද?

 ඒ කතාවත් ඇත්ත. කලාකරුවන් කිහිප දෙනෙක්ගේ ප‍්‍රසංගයක ජනවාරි 15 වැනිදා සිට 30 වැනිදා දක්වා  ඕස්ටේ‍්‍රලියාවේ යන්න ලෑස්තිවෙලා හිටියේ. ඒක මීට කාලයකට පෙර දැනුම් දුන් එකක්. නමුත් හදිසියේම මගේ නර්තන කළඑළි මංගල්‍යයත් ඒ දවස්වලම යෙදිලා. ඒ හින්දා ‘‘ටුවර්’’ එකෙන් මා අයින් වුණා. මොකද ඊට වඩා මගේ කළඑළි දැක්ම මට ලොකුයි.

 

 

 

ඉතිං මේනකා, ඔයා දැන් ජනප‍්‍රිය රංගන ශිල්පිනියක්නේ, ඔයාට කලා ක්‍ෂේත‍්‍රයේ අයගෙන් විවිධ යෝජනා, චරිත දෙන්නම් කියා අමුතු යෝජනා එහෙම එල්ලවෙනවාත් ඇති නේද?

 මෙහෙමයි මම හැම තිස්සෙම හොඳ නිර්මාණවලට දායක වී හොඳ දෙයක් කරන කෙනෙක්. කවුරුවත් බලෙන් බලපෑම්, අයුතු යෝජනා එල්ල කරන්නේ නෑ. අපේ දක්‍ෂතාව කාටවත් යට කරගන්න බෑ. සමහරවිට අමුතු යෝජනා අපි ප‍්‍රතික්‍ෂේප කළාම, අපේ දක්‍ෂතාව, ටැලන්ට් එක වැඩි හින්දා ඔවුන්ට අපට ඒ චරිතය දෙන්න වෙනවා. මොකද මේක දක්‍ෂතාව මත යන ගමනක්. ඒකට තමන්ගේ චරිතය විනාශ කරගෙන යන්න  ඕනේ නෑ.
අපි දක්‍ෂ නම්, ඔවුන්ට නිර්මාණවලට අප අවශ්‍යයයි. අනෙක් නිළියන්ගේ පෞද්ගලික ජීවිතවලට මා ඇඟිල්ල දික් කරන්නේ නෑ. මොකද අපට කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. මම එහෙම කාටවත් දොස් කියන, අනුන්ට වළ කපන රංගන ශිල්පිනියක් නොවෙයි. හැමෝම සමඟ සුහදව ඉන්න කෙනෙක්.

 

 

 

ඔයා මේ ක්‍ෂේත‍්‍රයට එද්දීවත් ඒ වගේ ප‍්‍රශ්න ආවේ නැද්ද?

මම දැන් මේ ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු තුනහමාරක් වෙනවා. ඉතාම දුකෙන්, මහන්සියෙන් තමයි මේ ගමන ආවේ. මට ප‍්‍රවීණ අය යටතේ තමයි මුල ඉඳලම වැඩ කරන්න ලැබුණේ. මුලදී මට ප‍්‍රශ්න ආවෙත් නෑ. අදටත් මට ප‍්‍රශ්න නෑ. අයුතු යෝජනා, ලිංගික බලපෑම් මට එල්ල වුණේ නෑ. මම ලස්සනට, මගේ පාඩුවේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. 

 

 

 

ඔයාට දුරකතනයෙන්වත් කලා ක්‍ෂේත‍්‍රයේ අයගෙන් හරි වෙනත් අයගෙන් හරි අමුතු යෝජනා, විවාහ යෝජනා එන්නේ නැද්ද?

මගේ ‘‘ෆෝන්’’ එක ‘‘ආන්සර්’’ කරන්නේ අම්මා. හොඳ වැඩකට කතා කරනවා නම්, අම්මා ඒ ගැන දන්වනවා. එවිට තමයි මට ෆෝන් එක දෙන්නේ. අනවශ්‍ය එකක් නම් අම්මා ‘‘කට්’’ කරනවා. මොකද අම්මාට හොඳ අවබෝධයක් තිබෙනවා කතාබහ කිරීමේදී ඔහු මොනවාගේ දෙයකටද එන්නේ කියලා. ඒ අතින් මට එවැනි බලපෑම් එල්ල වෙනවා අඩුයි. හදිසියේ මට එවැනි යෝජනා එන අවස්ථාත් තිබෙනවා. එය දිගට යනවා නම් හිමින්ම මම ‘‘කට්’’ කරලා දානවා. 

 

 

 

 

නළුවන්ගෙන් හරි කලා ෙක්‍ෂ්ත‍්‍රයේ වෙනත් අයගෙන් හරි ආදර යෝජනාත් එනවා ඇති නේද?

ක්‍ෂේත‍්‍රයේ අයගෙන් එවැනි ආදර යෝජනා නම් ඇවිත් නෑ. මොකද නළුවන් මගේ සහෝදරයෝ වගේ ආශ‍්‍රය කරන්නේ. මම හැමෝටම උදව් කරන කෙනෙක්. පිටින් නම් ආදර යෝජනා එනවා. ඒ අයට මම ඇත්ත තත්ත්වය පහදලා දෙනවා. එතකොට ප‍්‍රශ්නයක් නෑ. ඔවුන් යාළුවෝ වගේ අදටත් ඉන්නවා. 

 

 

 

ඔයාගේ හිතට ගැළපෙන පේ‍්‍රමවත්තයෙක් මේ අතර හිටියේ නැද්ද?

නෑ. මගේ හිතට ගැළපෙන කෙනෙක් තවම මට හමුවුණේ නෑ. ආදරය වගේ දෙයක් හොඳට හිතලා බලල කළ යුතුයි. මගේ ගෙදරට ඇවිත් විවාහ යෝජනා ඉදිරිපත් කරන අයත් ඉන්නවා. මගේ මවුපියන් මා ගන්න තීරණයට තමයි මුල්තැන දී තිබෙන්නේ. අනික තව මට ඉස්සරහට ගොඩක් වැඩ කරන්න තිබෙනවා. නමුත් ආදරය ඒකට බාධාවක් නොවන බව මා දන්නවා. හොඳ කෙනෙක් කවදාහරි ලැබේවි. මගේ ඉරණම්කාරයා කොහෙන් හරි එයිනේ. එනකම් බලාගෙන ඉන්නවා. 

 

 



අදහස් (0)

‘ලව්ටෝක්’ එකක් දැම්මොත් ෆෝන් එක හිමින්ම කට් කරනවා

රූපවතී Tuesday, 24 December 2013 02:59 PM

මහා පුදුමාකාර ලස්සනක්.(නදී)

:       0       0

දයා අලහකෝන් Sunday, 22 December 2013 05:52 PM

හොදයි (ත)

:       0       0

ශ්‍යාමා Tuesday, 24 December 2013 10:48 AM

ඔය හරිම දක්ෂයි වගේම හරිම ලස්සනයි. ස්වර්ණා මල්ලව්රච්චි වගේ දක්ෂ නිලියක් වේවි සුබ අනාගතයක් පැහැදිලියි.(නදී)

:       0       0

නුගේගොඩ Thursday, 26 December 2013 04:08 PM

ලස්සනයි. (දිල්)

:       0       0

සදුනි Monday, 23 December 2013 04:55 PM

ලස්සන වගේම දක්ෂයි (දිල්)

:       0       0

චේත් Monday, 13 January 2014 12:21 PM

මගේ ප්‍රියතම නිළිය සුබ අනාගතයක්.(නදී)

:       0       0

චතුර Monday, 23 December 2013 07:59 PM

මේ වැඩ එක්ක කොහේ එන්නද? (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1469 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1315 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site