ඊශ‍්‍රායලයේ රූපලාවන්‍යාගාරයක සේවය ලබාගැනීමට යන සේවාලාභීන්ට අමුතුම තාලේ අත්දැකීමකට මුහුණදීමේ අවස්ථාවක් එහි පාලිකා අඞ් ආ බරාක් මහත්මිය සලසාදී තිබේ. එය නම් සර්පයින් ලවා සිරුර සම්බාහනය කරවා ගැනීමය.
ඩොලර් 80ක ගාස්තුවක් අය කරන මේ සර්ප සම්බාහනය සඳහා විවිධ වර්ගයේ සහ ප‍්‍රමාණයේ සර්පයින් රැසක් බරාක් මහත්මියගේ රූපලාවන්‍යාගාරයේ සිටී.
සේවාලාභියාගේ සිරුර මත තැන්පත් කෙරෙන සර්පයා එම සිරුරේ වෙළෙමින් එතෙමින් දඟර ගසමින් ගමන් ගනිද්දී මාංශ පේශී සම්බාහනය වන අතර එය ඉතා සුවිශේෂී අත්දැකීමක් බව ඒ සේවාව ලබාගත් අය පවසා ඇත.
සර්පයාගේ ප‍්‍රමාණය අනුව තෙරපීම වැඩිවන අතර පිටකොන්ද ප‍්‍රදේශ හා පාද පෙදෙස් සම්බාහන පිණිස ප‍්‍රමාණයෙන් විශාල සර්පයින්ද මුහුණ වැනි සෞම්‍ය සමක් සහිත ප‍්‍රදේශවල සම්බාහනය පිණිස කුඩා සර්පයින්ද යොදා ගැනේ.
මේ අමුතුම සම්බාහන කටයුත්ත දැන් බොහෝ ජනපි‍්‍රය වේගන යන බව පවසන අඞ් ආ බරාක් මහත්මිය මේ සඳහා යොදා ගන්නේ විෂ රහිත සර්පයන් නිසා සේවාලාභීන්ට බියවීමට කිසිම හේතුවක් නොමැති බවද පවසන්නීය.
2025 දෙසැම්බර් මස 04
491
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
468
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෙඩ රැසකට ගුණ දෙන සර්ප සම්බාහනය
නිත්‍යා Saturday, 12 January 2013 03:50 PM
මේ මිනිස්සුන්ට මොනවා වෙලාද මේ. කොහොමද මෙහෙම ඉන්නේ (ස)