(හර්ෂණ තුෂාර සිල්වා / ඡායාරූප - ඉෂාන් සංජීව)
අද ලෝක සාමයට තර්ජනයක් වී ඇති බොහෝ ගැටලු, බොහෝ ප්‍රශ්න විසඳීමට බෞද්ධ දර්ශනය තුළින් විසඳුම් පෙන්වා දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) ප්‍රකාශ කළේය.
විද්‍යාත්මක හා තාක්ෂණික වශයෙන් කොතෙක් දියුණුව ලැබුවත් බෞද්ධ දර්ශනය තුළ බුදුන් වහන්සේ දේශනා කළ බොහෝ දේවල් තවමත් පැහැදිලි කිරීමට, හඳුන්වාදීමට නව තාක්ෂණික ලෝකයට පුළුවන්කමක් ශක්තියක් ලැබි නැති බැවින් බුදු දහම ලෝකය තුළ තව තවත් ප්‍රචාරය විය යුතුව තිබෙන්නේ යැයි ද ජනපති කීය.
හත්වැනි ලෝක බෞද්ධ සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගි වෙමින් ජනපති එම කරුණු පැවැසීය.
“ අපි ඉතිහාසයේ එක් එක් යුග තුළ අපේ බෞද්ධාගමික පරිසරය, ඒ වගේම බෞද්ධ දර්ශනය තුළින් ගොඩනැගුණු ප්‍රබුද්ධ සමාජය පිළිබඳව සතුටු වෙනවා. අදත් ලෝකය පුරා ප්‍රචලිතව පවතින්නේ බුදුන් වහන්සේ වසර 2600 කට පෙර දේශනා කළ ධර්මය තුළ යහපත් සමාජයකට උතුම් වූ මගපෙන්වන ඉතාමත් ශ්‍රේෂ්ඨ වූ ගමන් මාර්ගයක් විදියටයි. අද භෞතික වශයෙන් ලෝකය විශාල දියුණුවක් ලබා තිබෙනවා. තාක්ෂණික වශයෙන් ඉහළම දියුණුවක් ලෝකයේ තිබෙනවා. එහෙත් තාක්ෂණික දියුණුව සහ භෞතික දියුණුව තුළ මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඇති නොවන නිසා සමාජය තුළ බොහෝ පිරිහීම් තිබෙන බව අපි දන්නවා සහ දකිනවා.
අද මුළු ලෝකය පුරා පවතින කාලගුණික, දේශගුණික විපර්යාස, ගෝලීය උණුසුම සමග ඇති වී තිබෙන ස්වභාවධර්මයාගේ වෙනස්කම් ඒ තුළ මිනිසුන්ට, මානව සමාජයට, මෙන්ම සියලු සත්ත්වයාටත්, ගහ කොළ, ඇළ දොළ ස්වාභාවික සම්පත්වලටත් අත්විඳින්නට සිදුවී ඇති බරපතල හිරිහැර, තර්ජන, ව්‍යවසන පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කර තිබෙන්නේ මීට වසර 2600 කට පෙරයි. අපට විද්‍යාත්මක හා තාක්ෂණික වශයෙන් කොතෙක් දියුණුව ලැබුවත් බෞද්ධ දර්ශනය තුළ බුදුන් වහන්සේ දේශනා කළ බොහෝ දේවල් තවමත් පැහැදිලි කිරීමට, හඳුන්වාදීමට නව තාක්ෂණික ලෝකයට පුළුවන්කමක් ශක්තියක් ලැබිලා නැහැ. ඒ නිසා බුදු දහම ලෝකය තුළ තව තවත් ප්‍රචාරය විය යුතුව තිබෙනවා‘‘ යැයි ද ජනපති කියා සිටියේය.





COMMENTS
මියන්මාරය දිහා බැලුවාම හොඳට පේනවා බුද්ධාගමට පුළුවන් මුළු ලෝකෙටම සාමය දෙන්න කියාලා.
කුමාර්ට අද ලෝකේ ඉන්න හුගක් බෞද්ධ කියල කියන කට්ටිය ඔයාවගේ අය. එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. මමනම් බෞද්ධ නෙමෙයි. ඒ වුනාට දන්නැති දේවල් කතා නොකර ඉන්නවනම් හොදයි
බුද්ධාගමට පුළුවන් මුළු ලෝකෙටම සාමය දෙන්න. එත් ඉතින් .. මිනිස්සු තමා ප්‍රශ්නේ
කුමාර් බුදු දහම වග කිව යුතු නැහැ මියන්මාරේ සිදුවන දේවල් වලට. එහි සිදුවන දේවල් වලට වගකිව යුතු භෞතික සාමාජික දේශපාලනික සහ ආර්ථික හේතු රැසක් තියනවා. අනික ලෝකයේ ප්‍රශ්න වලට බුදු දහමේ විසදුම් කොපමන තිබෙනවා කියා කීවත් කව්ද එම විසඳුම් ප්‍රශ්න විසඳීමට යොදා ගන්නේ? අද ලෝකයේ, ශ්‍රී ලංකාවෙත් ඇතුළුව හැම දෙයක්ම තීරණය කරන්නේ දේශපාලකයෝ. ඔවුන් බුදු දහම හෝ වෙනත් ආගමක දහම් පණිවිඩ යොදා ගන්නේ ජනතාව ගොනාට අන්දවා නොමග යැවීමට සහ තමන්ගේ වාසියට මිස දහමට ඇති හැබෑ කැමැත්තකින් නෙවෙයි.
ඩිංගිරාළ කියන්නකෝ තියන විසඳුම්, මම නම් හිතන්නේ නැහැ බුදුදහම මේ ලෝක ජීවිතේ ගැන උනන්දුයි කියලා, බුදුදහමේ තියෙන්නේ මේ ලෝකේ ඇල්මෙන් මිදුණු දෙයක්... ඒ හින්දා දන්නේ නැතිව දොඩවන්න එපා ඩිංගි...
ලෝකේ තියන ආගම් වලින් වඩාත්ම අවිහිංසාවාදී ආගම බුද්ධාගම.
මියන් මරයේ පවතින්නේ ආගමික යුද්දයක් නොවේ සංක්‍රමික වෙනත් ජාතියක් නිසා මෙම සංක්‍රමිකයන් හා අට වැනි ශත වර්ෂයට පෙර බෞද්දයන් ආසියාවේ පැවතුනේ බුදු දහම සහ හින්දු දහම ඇෆ්ග්නිස්ථානයේ සිට චීනය, ජපානය, කොරියාව, කාම්බෝජය, ඉන්දුනීසියාවේ නටබුන් නිදසුන් හැටියට ගත හැක. මෙම දහම ලොවේ අතුගා දැමුවේ මුගල් ආක්‍රමණිකයන් සහ කොමියුනිස්ට් වාදය මිනිසුන්ගේ ගෙලි කපන්නේ ආගමට අනුව නොවේ තම විශ්වාසයන්ට මුල් තැන දීම නිසා. සිරියාව, ආර්යන්ගේ වාස භූමිය ඉරාකය, මියන් මාරය නිදසුන්
"ලෝක සාමයට පදනම බුදුදහමේ තියෙනවා " අපේ ජනාධිපතිතුමාත් ලොකුකතා කියනවා. ඒ වුණාට පක්ෂේ ඇතුලේ සාමේ තියාගන්න බැහැ. බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ ලෝකේ සාමේ ඇතිවෙන්න ඕනේ එහෙම නම්. අඩුම තරමේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය පිළිගත්තද මුළු ලෝකෙම? එහෙම වුණේ නැහැනේ. අඩුම තරමේ ඉන්දියාවේ සියලුම දෙනා පිළිගත්තද? නැහැනේ . තව කොතරම් දේශකයෝ එදා හිටියද? ඒක ලෝකේ ස්වභාවය. විවධ ගති තියෙන මිනිස්සු ඉන්නවා. අපි කොතරම් සාමයට කැමති වුණත් අල්ලපු වත්තේ ඉන්න මිනිහා සාමයට කැමති නැත්නම් ප්‍රශ්න නැතිව ඉන්න පුළුවන්ද? ඒ වගේම තමයි, ඕනෑවට වඩා අහිංසක කමට ඉන්න හැදුවම හැමෝම එනවා බය කර ගන්න. ඒක තමයි අපේ රටට වෙලා තියෙන්නේ. අපි බුද්ධාගම් කාරයෝ කියලා සියල්ල දන්දීලා ඉන්න පුළුවන්ද?
එහෙම නම් ලංකාවේ අවුකන බුදු පිළිමේ බේරලා දෙන්න
"අද ලෝක සාමයට තර්ජනයක් වී ඇති බොහෝ ගැටළු, බොහෝ ප්‍රශ්න විසඳීමට බෞද්ධ දර්ශනය තුළින් විසඳුම් පෙන්වා දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) ප්‍රකාශ කළේය." අනේ අම්මපා සිරිසේන උන්නැහේ කියනකම් අපි ඕක දැනගෙන සිටියේ නැහැනේ. ඉතින් ඇයි ඕක ක්‍රියාත්මක කරන්න බැරි.