IMG-LOGO

2023 දෙසැම්බර් මස 06 වන බදාදා


ලංකාවේ උපන් ලෝකයේ තෙවැනි විශාලම නිල් මැණික

ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව මැණික් සඳහා ඉමහත් ප‍්‍රසිද්ධියක් ඉසිලූ බව ඓතිහාසික සාක්ෂි නිරීක්ෂණය කිරීමේදී අනාවරණ්‍ය වේ. ”රත්නදීප”, ”සෙරන්ඩිබ්” ආදී විවිධ නම්වලින් ද හැඳින්වූ අපේ රටේ කි‍්‍ර. පූ. 3 වැනි සියවසට අයත් මෑතකදී සොයා ගන්නා ලද බ‍්‍රහ්මී සෙල් ලිපියක, ”මණිකර” (මැණික් කපන්නා) වැනි වචන ද, මහාවංශය හා චූලවංශය වැනි සිංහල වංශකතාවල මැණික් පරිහරණයේදී ”රුවන්”, ”මිණි” ආදි වචන බහුලව යොදාගෙන තිබීමෙන් හා අතීතයේ සිටම වටිනා වස්තු අතර මැණික්වලට ප‍්‍රමුඛ ස්ථානයක් හිමිවූ බව මනාව පැහැදිලි වෙයි. එසේම මැණික් ඔබ්බවූ ”මිණි පළඟක්” වෙනුවෙන් චූලෝදර සහ මහෝදර නා රජුන් දෙදෙනා අතර ඇතිවූ අරගලයක් පිළිබඳව ද ඓතිහාසික තොරතුරු අපේ ඉතිහාස කතාවල සඳහන්ය. ශ්‍රී ලංකාව ”මැණික් නිම්නය” නමින් ද සින්බෑඞ් නැවියාගේ කතන්දරවල හඳුන්වා ඇත. තවද ”මාර්කෝපෝලෝ”, ”ඉබන්බටුටා”, ”පාහියන්” වැනි විදේශ සංචාරකයන්ගේ වාර්තාවල මැණික් පිළිබඳව වැදගත් තොරතුරු රැසක් සඳහන්වේ. සොලමන් රජු, ෂීබා රැජිණගේ සිත දිනා ගැනීම සඳහා ලංකා මැණික් ගෙන ඒම පිණිස පණිවුඩකරුවන් අපේ රටට එවූ බවද ඉතිහාසයේ සඳහන්වේ. සමස්තයක් ලෙස සළකනවිට මීට අවුරුදු දහස් ගණනකට පෙර සිටම ශ්‍රී ලංකාව මැණික්වලට ජාත්‍යන්තර ප‍්‍රසිද්ධියක් ඉසිලූ බව මෙම කරුණු කාරණා අනුව පෙනී යයි. ලොව පරසිදු මැණික් ගල් අතර ලෝකයේ තුන්වැනි විශාලතම ”නිල් ආරනූල”ට හිමිකම් කියනු ලබන්නේ ශ්‍රී ලංකාවය. දීප්තිමත් දර්ශනීය නිල් පැහැයකින් යුත් මෙම නිල් ආරනූල් වර්ගයේ මාණික්‍යයේ මතුපිට ඉතා හොඳින් ප‍්‍රදර්ශනය වන රේඛා හයක් දැකිය හැකිය. මෙම මාණික්‍ය 1973දී මාතලේ දිස්ති‍්‍රක්කයේ ඇලහැර හත්තොට අමුණ ප‍්‍රදේශයෙන් හමුවූ ඉතාමත් දුර්ලභ වර්ගයේ මැණිකක් වන අතර 1971 පිහිටවූ රාජ්‍ය මැණික් සංස්ථාව විසින් මිලදී ගනු ලැබ තිබේ. වර්තමානයේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නමින් හැඳින්වෙන එම ආයතනය රළු මැණිකක් ලෙස මිලදී ගත් මෙය ඇහැලියගොඩ මැණික් සංස්ථාවේ කැපුම් මධ්‍යස්ථානයේදී ගල් දෙකක් ලෙස ඉරා වෙන්කර කපා ඔප දමා තිබේ. එම මාණික්‍ය දෙකෙන් විශාලම මාණික්‍ය මෙය වන අතර මෙහි බර ක‍්‍රාත් 392.92කි. ”ස්ටාර් ඔෆ් ලංකා” යන නාමයෙන් හඳුන්වන නිල් ආරනූල් මාණික්‍ය ජපානයේ සහ ස්වීඩනයේ පැවැත්වූ ජාත්‍යන්තර ප‍්‍රදර්ශන දෙකකදී විදේශිකයන්ගේ විශේෂ ආකර්ශනයට ලක්විය. මීට අමතරව ශ්‍රී ලංකාවේ පැවැත්වූ ”ෆැස්ට්ස්” ජාත්‍යන්තර ප‍්‍රදර්ශනයේදී දළදා පෙරහර සමයේ ක්වීන්ස් හෝටලයේ පැවැති ප‍්‍රදර්ශනයේදී සාර්ක් රාජ්‍ය නායකයන් වෙනුවෙන් ගාලූමුවදොර හෝටලයේදී පැවැත්වූ ප‍්‍රදර්ශනයේදී සහ පසුගිය නොවැම්බර් 01 වැනිදා රත්නපුරේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 40 වැනි සංවත්සර උත්සවය වෙනුවෙන් පැවැති ප‍්‍රදර්ශනයේදී මෙම මැණික දෙස් විදෙස් කාගේත් ආකර්ශනයට ලක්විය. ලෝකයේ විශාලම නිල් ආරනූල් මාණික්‍ය සතුවන්නේ ඉන්දියාවටය. නමුත් ලෝකයේ මැණික් සඳහා පරසිදු බ‍්‍රසීලය, අපි‍්‍රකානු රටවල් වන ටැන්සානියා, මොසැම්බික් හා මැඩගස්කර් වැනි රටවලින් නිල් මාණික්‍ය හමුවුව ද ඒවා සඳහා වඩාත් ප‍්‍රචලිත රටවන්නේ ශ්‍රී ලංකාවයි. අනෙක් අතට මෙවැනි විශාල මැණික් හමුවන්නේ අපේ රටේ පමණි. සාමාන්‍යයෙන් නිල් ආරනූල් යන මැණික් විශේෂය ගත්කල නිල් පැහැය හොඳින් තිබුණ ද එහි මතුපිට ඇති නූල්හය හොඳින් නොපිහිටන්නට පුළුවන. නැතහොත් නූල් හය හොඳින් පිහිටිය හොත් ගලේ නිල් පැහැය හොඳින් නොපිහිටන්නට පුළුවන. එහෙත් මෙම විශේෂිත ”ස්ටාර් ඔෆ් ලංකා” නිල් ආරනූල් මාණික්‍යයේ එම විශේෂිත ලක්ෂණ දෙකම ඉතා හොඳින් පිහිටීම නිසා මෙම මාණික්‍යයට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තවමත් වටිනාකමක් තක්සේරු කර නැත. දැනට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් සංචිතයේ තැන්පත් කර ඇති මෙම දුර්ලභ මාණික්‍ය සේම ”රේ ඔෆ් ටෙ‍්‍රෂර්” නමින් හඳුන්වන ක‍්‍රාත් 103.05 බරැති කණක වෛරෝඩිය ද මැණික් පිළිබඳව උනන්දුවක් දක්වන දෙස් විදෙස් බොහෝ දෙනකුගේ ආකර්ශනයට ලක්වී ඇත. එය නාවලපිටිය ප‍්‍රදේශයෙන් හමුවූ තවත් දුර්ලභ ඝනයේ වෛරෝඩි විශේෂයකි.



අදහස් (0)

ලංකාවේ උපන් ලෝකයේ තෙවැනි විශාලම නිල් මැණික

දිල්හානි Friday, 02 December 2011 10:07 AM

අපේ සම්පත් වලින් අපි ප්‍රයෝජන ගන්න ඕනි...

:       0       0

ලසන්ත Friday, 02 December 2011 01:53 PM

අපට ආඩම්බරයක් ...

:       0       0

ගම්මැදගම චන්ද‍ජෝති හිමි Friday, 02 December 2011 05:03 PM

රටටම අයත් සම්පතක් තනි පුද්ගලයෙක් අත්පත් කරගත්තොත් තමයි නරක....

:       0       0

ගම්මැදගම චන්ද‍ජෝකි ි හිමි Friday, 02 December 2011 05:04 PM

රටටම අයත් සමපතක් තනි පුද්ගලයෙක් අත්පත් කරගත්තොත් තමයි නරක

:       0       0

දයාරත්න Tuesday, 22 November 2011 03:53 PM

මේ මැණික විකුණල කොළඹ සිට යාපනයට අධිවේගී මාර්ගයක් හැදුවනම් නරකද?

:       0       0

හර්ෂණ Monday, 28 November 2011 07:54 PM

නියමයි

:       0       0

සන්ජනා Saturday, 03 December 2011 04:03 PM

ලංකාවට සම්පතක්..රටේ සංවර්ධනය‍ට යොදවනවනම් වඩාත් යහපත්...

:       0       0

ශාන් Tuesday, 22 November 2011 11:56 PM

ඡායාරෑපය ගද්දි අඩිරූලකුත් ලගින් තිබ්බනම් විශාලත්වය අවබෝධ කරන්න පුළුවන්.

:       0       0

ජෝන් Sunday, 04 December 2011 11:35 AM

ශාන්,මමත් එකඟයි

:       0       0

ජයන්ත Friday, 02 December 2011 06:41 AM

මැණික කොහොම හරි පරිස්සම් කරගන්න. ලංකාවේ අනන්‍යතාව රකින සම්පත් ඕවා..

:       0       0

අසින්ත Sunday, 04 December 2011 02:09 PM

ඕක ටික දවසකින් අතුරුදහන් වෙයිද දන්නෑ........

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

යහපත් සමාජයකට පදනමක්
2023 දෙසැම්බර් මස 05 103 0

දහනමවැනි සහ විසිවැනි සියවස්වල පාඨක ආකර්ෂණය උපරිමව දිනාගත් ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කතාමාලාව, එම වකවානුවේදී ජනතාව තුළ අධිකරණ විද්


සංචාරකයන්ගේ අගය නොදන්නා මිනිස්සු
2023 දෙසැම්බර් මස 05 651 0

ඇල්ල සංචාරකයන්ට පාරාදීසයක් වනවිට එම ප්‍රදේශයේ වටිනාකම පිළිබඳ ඉහළම අවබෝධයක් සංචාරක ව්‍යාපාරය ඇසුරින් තම ජීවනෝපාය සලසා ගන්නා ප්‍රදේශවාසීන් තුළ තිබිය


අපනයනය නැත්නම් අගාධයේ
2023 දෙසැම්බර් මස 04 308 0

අයවැය ඉදිරිපත් වූයේ ඉතාම අමාරු අවස්ථාවකය. ඒ අනුව මෙය සාමාන්‍ය අවස්ථාවක ඉදිරිපත් කරන ආකාරයේ අයවැයක් නොවේ. ණය හිමියන් සමග එකඟතාවක් ඇතිකරගැනීමේ වැඩපිළි


ඖෂධ ජාවාරමුන්ගෙන් ජනතාව බේරාගන්න ක්‍රමයක් නැද්ද?
2023 දෙසැම්බර් මස 04 93 0

අප රටේ ජනතාවට වැඩි වශයෙන් කෑමට බීමට තිබෙන්නේ වස මුසු ආහාරපානය. එමෙන් ම ඉතා අපිරිසුදු ලෙස ඇසුරුම් කරන ලද ආහාරපාන ය. ලෙඩට දුකට ගැනීමට තිබෙන්නේ ප්‍රමිතියෙ


මියැදුණු කෙසෙල් ගසට යළි පණදුන් සබරගමු දරුවෝ
2023 දෙසැම්බර් මස 03 4244 5

චොකලට් යන නම කියූ පමණින් ඔබට මට සිහිවනුයේ ස්විට්සර්ලන්තයෙන් එන රස වෑහෙන නානා මාදිලියෙන් ඇති කදිම චොකලට්ටුවකි. ස්විස්ටර්ලන්තයේ හෝ මැලේසියාවේ චොකලට්


අල්ලේ නටවන පත්වීම්
2023 දෙසැම්බර් මස 02 629 0

ඉහළ අධිකරණවලට විනිශ්චයකාරවරුන් පත් කිරීමට අදාළව ව්‍යවස්ථා සභාව ගත් තීරණයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉකුත් අඟහරුවාදා (න


වැඩි දෙනා කියවූ පුවත්


මඟුලට කෝටි 1933ක් වැය කරලා
2023 නොවැම්බර් මස 28 28401 19




මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 936 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 702 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4655 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site