IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


රුහුණේ ආශ්චර්ය හම්බන්තොට වරාය

ආරම්භය : 2008 ජනවාරි 15 ප‍්‍රදේශය : හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ආරබොක්ක, මිරිජ්ජවිල, සමෝදාගම, හම්බන්තොට නැගෙනහිර ග‍්‍රාමසේවා වසම්වල කොටස් ජලයෙන් යටවෙයි. භූමි ප‍්‍රමාණය: හෙක්ටයාර් දෙදහසකි. අදියර හතරක් යටතේ වරායේ සංවර්ධන කටයුතු නිම කිරීමට නියමිතයි. පළමු වැනි අදියර හෙක්ටයාර 45 කි. පවුුල් 450 ට හා ජීවත්වන ප‍්‍රදේශ ජලයෙන් යට වන බැවින් වන්දි දී එම ප‍්‍රදේශයෙන් ජනතාව ඉවත්කැර ඇත.

ව්‍යාපෘති කාලය: පළමු වැනි අදියර මාස 39 කි. දේශීය ඉන්ජිනේරුවන්ගේ මහත් කැපවීම මත එය මාස 30 න් අවසන් කැරෙයි. මුල් අදියරේ වියදම : ඇමෙරිකා ඩොලර් කෝටි 45 හෙවත් රුපියල් කොටි පන්දහස් එකසිය තිහකි. පිහිටීම : ජාත්‍යන්තර නැව් මාර්ගයට කිලෝ මීටර් 6 ක් පමණ ආසන්නයේ . සේවා -දායක/උපදේශක: ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය ඇස්තමේන්තුගත වියදම : ඇමෙරිකාඩොලර් කෝටි 360 කි. හෙවත් රුපියල් කෝටි හතළිස් එක්දහස් හතළිහකි. මූල්‍ය ආධාර : මහජන චීන සමූහ ආණ්ඩුව  එක්සිම් බැංකුව ( චීනය  සියයට 85 කි. ) ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය සියයට 15 කි. කොන්ත‍්‍රාත් සමාගම් : 1. චයිනා හාබර් ඉංජිනේරු සමාගම 2. සයිනෝ හයිඩ්‍රෝ කෝපරේෂන් සමාගම උස : මීටර් 21 කි. මීටර 17 ක් ජලය පුරවයි. දකුණු ආසියාවේ ගැඹුරුතම වරායන් අතරට එක් වෙයි. ගැඹුර : මීටර් 17 කි. ජලයෙන් පිරැුවීම සඳහා ජලය කියුබික් මීටර් එක්කෝටි විසිලක්ෂයක් අවශ්‍යවෙයි. ඉවත් කළ පස් ප‍්‍රමාණය : කියුබික් මීටර් ලක්ෂ 90 කි. යොදා ගත් වාහන හා යන්ත‍්‍ර : ට‍්‍රක් රථ 300 ක් හා බාකෝ යන්ත‍්‍ර 50 භාව්තා කරයි. ශ‍්‍රම දායක්ත්වය : දේශීය ඉන්ජිනේරුවරු 15 කි. ( ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය )* ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයෝ 700 කි.) චීන ජාතිකයෝ 350 කිි. ඔවුහු කාර්මික ක්ෂේත‍්‍රයේ අදාල එක් එක් අංශ සඳහා විශේෂඥවරුය. පර්යන්ත : දිග මීටර් 600 ක පර්යන්ත දෙකකි. (භාණ්ඩ හැසිරැවීමට සහ නෞකාවලට ඉන්ධන සැපයීමට.) දියකඩන : 1 නැගෙනහිර දිය කඩනය (දිග මීටර 310 කි.) 2. බටහිර දියකඩනය. (දිග මීටර 940 කි.)කෘත‍්‍රිම ලෙස තැනූ සුවිසල් ගල් දොළොස් දහසකින් දියකඩනය ඉදිකැර ඇත ටොන් 8, 21 සහ 30 එම ගල් චයිනිස් පොඞ් ලෙසින් හැදින්වෙයි කුඩා ගල් ජලයට ගසාගෙන යන නිසා සුවිසල් ගල් නිපදවා ඇත.යකඩ : ටොන් 25000 ක යකඩ භාවිතා කර ඇත. කම්බි කූරු ලක්ෂ දහයකට අධික ප‍්‍රමාණයකි. කොන්කීට් : කියුබික් මීටර 230000 ක් භාවිතා කර ඇත. එනම් ලක්ෂ විස්සකට අධික සිමෙන්ති උර ප‍්‍රමාණයකි . මුහුද හාරන යන්ත‍්‍ර : වරාය ආශි‍්‍රත මුහුදේ ගැඹුර මීටර 9 ක් හෝ මීටර 10 ක් වන හෙයින් නැව් ගමනාගමනය සඳහා මුහුද ගැඹුරු කළ යුතුය. ගැඹුර මීටර 17 ක් දක්වා හෑරීම සඳහා යත‍්‍රා දෙකක් යොදවා ඇත. බ්ලාස්ටින් බ්රේජ් යාත‍්‍රාව මහුදු පතුලේ ගල් හිල්කර වෙඩි බෙහෙත් දමා පුපුරවයි. අනික් යාත‍්‍රාව ග‍්‍රෑබ් ඩෙ‍්‍රර්ජස් යාත‍්‍රවෙන් කඩන ගල් ගැඹුරු මුහුදට ගෙනගොස් දමයි. ජලය පිරවීම : එකවර ජලය පිරැුවීමෙන් මුහුද කැළැඹීමකටත් ඉදිකිරීම් වලටත් සිදුවිය හැකි හානි වළක්වා ගැනීම සඳහා වරාය හා මුහුද සම්බන්ධ වන සේ මීටර් 12 ක කුඩා ඇළක සොරොව්වකින් ජලය පිරැවෙයි. දවසකට උපරිම කියුබික් මීටර් දස ලක්ෂයකි. වරාය මුළුමණින්ම පිරැවීමට දින 12 ක් 14 ක් ගත වෙයි. ඉන් පසු ඇළ හා සොරොව්ව වසයි. කොළඔ කතරගම පරණ පාරේ ඒ 02 කඩා මීටර් 300 ක් පළලට වරාය හා මුහුද යා කැරෙයි. 2010 අගෝස්තු මස 15 වැනි දා නැකතින් එය සිදුවෙයි අපේක්ෂිත රැකියා ප‍්‍රමාණය : පළමුවැනි අදියර යටතේ සෘජු සහ වක‍්‍ර රැකියා අවස්ථා 25000 ක් ඇතිවෙයි. දෙවැනි අදියර නිමාවෙන් පසු රැකියා දෙලක්ෂයක් ඇති වෙතියි අපේක්ෂා කරයි. දෙවැනි අදියර : නොවැම්බරයේ ආරම්භ කිරීමට නියමිතය. අර්ථික සංවර්ධන දායකත්වය සියයට 40 දක්වා වර්ධනය වෙතියි අපේෂා කෙරේ වරාය ආශි‍්‍රත නගරය : හම්බන්තොට වරාය ආශි‍්‍රතව නව නගරයක් ඉදිකෙරෙයි. එහි රාජ්‍ය ආයතන 42 ක් ස්ථාන ගත කැරෙයි. මහල් 14 ක පරිපාලන සංකීර්ණයකි. ගෑස් බලාගාරයක් , නැව් අලූත් වැඩියා කිරීමේ තටාකාංගනයක්, කන්ටේනර අලූත් වැඩියා කිරීමේ අංගනක්, තෙල් පිරිපහදුවක් ,නැව් වලට තෙල් සැපැයීමේ පර්යන්තයක් ද ඉදි කැරෙයි. නිමාව : 2011 අපේ‍්‍රල්



අදහස් (0)

රුහුණේ ආශ්චර්ය හම්බන්තොට වරාය

දුෂ්මන්ත බෝපේආරච්චි Friday, 13 January 2012 04:01 PM

මෙය රුහුණේ පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකාවේම ආශ්චර්යයි.

:       0       0

නිත්‍යා Saturday, 05 January 2013 01:54 PM

හොඳ නිර්මාණයක් මෙන්ම ඵලදායි ආයතනයක් වනවානම් ඇත්තෙන්ම හොඳයි (ස)

:       0       0

s,j.m.italy Monday, 28 May 2012 07:10 PM

මගේ රටට දළදා හිමි සරණයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1400 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 499 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site