(තරිඳු ජයවර්ධන, සිරාජ් හසීම්, සිතුම් චතුරංග සහ වන්නි රොමේෂ් මධුසංඛ)

(ඡායාරූප මඩුකන්ද සිතුම් චතුරංග )
යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර ඝාතනය කළැයි චෝදනා එල්ල වූ විත්තිකරුවන් නව දෙනාගෙන් ස්විස්කුමාර් ඇතුළු හත් දෙනෙකු එම චෝදනාවලට වැරදිකරුවන් බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි තීරණය කළ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔවුන් හත් දෙනාට මරණීය දණ්ඩනය නියම කළේය.
අධිචෝදනා ලබා සිටි විත්තිකරුවන් දෙදෙනකුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපහොසත්වී යැයි තීරණය කළ අධිකරණය එම විත්තිකරුවන් දෙදෙනා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ද නියෝග කළේය.
බුබාලසිංහම් ජෙයකුමාර්, බුබාලසිංහම් තවකුමාර්, මහාලිංගම් ශසිදරන්, තිලේනාදන් චන්ද්‍රහාසන්, ශිවදේවන් දුෂාන්ත්, ජෙයදරන් කෝකිලන් සහ මහාලිංගම් ශිෂීකුමාර් හෙවත් ස්විස් කුමාර් යන විත්තිකරුවන් හත් දෙනාට මරණ දඬුවම නියම කෙරිණි.
මෙම නඩුවේ පළමු විත්තිකරු වූ බුබාලසිංහම් ඉන්ද්‍රකුමාර් සහ හත් වැනි විත්තිකරු වූ පලනි රූබසිංහම් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කළේය.
විද්‍යා දැරිය පැහැර ගැනීමට තැත් කිරීම, දැරිය පැහැර ගැනීම, අපයෝජනය කිරීම, ඝාතනයට සැලසුම් කිරීම, ඝාතනයට අනුබල දීම ඇතුළු චෝදනා නවයකට විත්තිකරුවන් හත් දෙනාම වැරදිකරුවන් බව තීරණය කළ අධිකරණය ඔවුන්ට මරණ දඬුවමට අමතරව වසර 30 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස්කුමාර් සහ මහාලිංගම් ශෂිදරන් යන විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 70,000ක දඩයක් නියම කළ අතර එම දඩය නොගෙවන්නේ නම් අමතරව මාස හතක සිරඩුවම් නියම කරන ලදි. මහාලිංගම් ශෂීකුමාර් හෙවත් ස්විස් කුමාර් සහ මහාලිංගම් ශෂිදරන් යන විත්තිකරුවෝ එකම පවුලේ සහෝදරයෝයග වැරදිකරුවන් වූ සෙසු විත්තිකරුවන්ට රුපියල් 40,000ක දඩ නියම කළ අතර එම දඩය නොගෙවන්නේ නම් අමතරව ලිහිල් වැඩ ඇතිව මාස හතරක සිර දඬුවම් නියම කළේයග
විද්‍යා දැරිය ඝාතය කිරීමෙන් අගතියට පත් ඇගේ මව වන ශිවයෝගනාදන් සරස්වතී මහත්මියට එක් විත්තිකරුවකු රුපියල් දස ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 70ක වන්දියක් ගෙවන ලෙස ද විනිසුරුවරු නියෝග කළහ.
යාපනය පුංකුඩුතිව්හි නව වැනි පටුමෙඟ් දී ශිවයෝගනාදන් විද්‍යා දැරිය 2015 මැයි 13 වැනි දා පැහැරගෙන ගොස් අපයෝජනය කර මරා දමා තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වා සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගය පැවැත්විණි.
එම ලඝු නොවන නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් සැකකරුවන් නව දෙනකු විත්තිකරුවන් ලෙස නම් කරමින් අධි චෝදනා 41ක් එල්ල කරමින් යාපනය මහාධිකරණයේ නඩු පවරනු ලැබීය. මෙය විශේෂ අධිකරණ කටයුත්තක් සේ සලකා නඩුව විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කිරීමට අගවිනිසුරුවරයා පියවර ගත්තේය. කොළඹින් පිට ත‍්‍රිපුද්ගල මාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුවක් විභාග වූ පළමු අවස්ථාව මෙය විය. වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා සභාපතිත්වය දැරූ විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වූයේ ත‍්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් පේ‍්‍රමෂංකර් සහ යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංගචේලියන් මහත්වරුන්ය.
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ ඊයේ :27* යාපනය අධිකරණ සංකීර්ණය අවට සහ යාපනය නගරයේ ආරක්ෂාව තර කර තිබිණිග වව්නියාව බන්ධනාගාරයේ රඳවා සිටි විත්තිකරුවෝ නව දෙනා ඊයේ උදේ 8ග30ට පමණ පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සහිතව අධිකරණයට රැගෙන එනු ලැබූහග
නඩුවේ තීන්දුව දැන ගැනීම සඳහා විද්‍යා දැරියගේ මව ශිවයෝගනාදන් සරස්වතී මහත්මිය ද අධිකරණයට පැමිණ සිටියාය.
උදෑසන 10ට පමණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විනිශ්චය අසුන්වලට පැමිණීමෙන් පසු නඩුව ඇරැඹිණි. පැමිණිල්ලේ සහ විත්තියේ නීතීඥවරුන් හඳුන්වාදීමෙන් පසු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ලෙස කටයුතු කරන වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
පැය දෙකකට අධික කාලයක් පුරා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා නඩුවේ පළමු සහ හත් වැනි විත්තිකරුවන් හැර සෙසු විත්තිකරුවන් වැරදිකරුවන් බවට තමා තීන්දු කරන බව පැවසීයග නව වැනි විත්තිකරු මුදා හැරීම නිසා ජනතාව අධිකරණයට පවා ගල් ගැසූ බවත්ල ඉන් පසු විමර්ශන රහස් පොලිසියට පැවරූ බවත් විනිසුරුවරයා සඳහන් කළේය.
සභාපති විනිසුරුවරයාගේ තීන්දුවට තමන් ද එකඟ වන බව ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමෂංකර් සහ යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහත්වරු ප්‍රකාශ කළහ.
පසුව නිදොස් කොට නිදහස් කරනු ලැබූ පළමු විත්තිකරු සහ හත්වැනි විත්තිකරු විත්තිකූඩුවෙන් බිමට බැස්සවීයග
මෙම නඩුවේ වරදකරුවන් වූ විත්තිකරුවන් හත් දෙනා මරණ දඩුවවම ලබා දිය හැකි වරදක් සිදු කර ඇති බැවින් දඬුවම් නොපැමිණ වීමට හේතු ඇත්නම් ප්‍රකාශ කරන ලෙස විත්තිකරුවන්ට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැන්වීය.
තමා වැරදිකරුවකු නොවන බවත්ල තමාට ඉගෙන ගන්නා දරුවන් සිටින බවත්ල මෙම අපරාධය නොකළ තමා නිදහස් කරන ලෙසත් දෙවැනි විත්තිකරු විත්තිකූඩුවේ සිට හඬා වැටෙමින් ප්‍රකාශ කළේය. රහස් පොලිසිය බොරු චෝදනා දමා තමන් වැරදිකරුවන් කර ඇති බවත්, විද්‍යා ඝාතනයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බවත්, දෙවියන් සිටීනම් සත්‍ය පෙන්වනු ඇති බවත් සෙසු විත්තිකරුවෝ හය දෙනා ද විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කළහ.
නඩුව අතරතුරදී විද්‍යා දැරියගේ මව වන ශිවයෝගනාදන් සරස්වතී මහත්මියට ක්ලාන්තය සෑදීම නිසා ඇය ඉවත් කරන ලදි.
විද්‍යා දැරිය පැහැර ගැනීමල අපයෝජනය කිරීමට ඇතුළු චෝදනාවන්ට එක් එක් විත්තිකරුවන්ට ලබා දෙන දඬුවම් වව්නියාව මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් මහතා විත්තිකරුවන්ට වෙන් වෙන්ව කියා දුන්නේයග
ඉන් පසු විනිසුරුවරු මඩුල්ල ආසනවලින් නැඟී සිටි අතර අධිකරණයේ දැල්වෙමින් තිබූ විදුලි පහන් සහ විදුලි පංකා නිවා දැමීයග ජනාධිපතිවරයා විසින් නම් කරන දිනයක නම් කරන ස්ථානයක නම් කරන වෙලාවකදී විත්තිකරුවන් හත් දෙනාගේ ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා තැබීමට නියම කරන බව සභාපති විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා ප්‍රකාශයට පත් කර අධිකරණයෙන් පිටව ගියේයග සෙසු විනිසුරුවරුන් දෙදෙනාද එම තීන්දුවට අත්සන් තබා අධිකරණ ශාලාවෙන් පිටව ගියහ.
ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු ම`ඩුල්ල හමුවේ 2015 ජුනි 06 වැනි දා මෙම නඩුව මුලින්ම කැ`දවූ අතර ජුනි මස 27 වැනි දා සිට අඛණ්ඩව නඩුව විභාග කිරීමට විනිසුරුවරු තීරණය කළහ. ඒ අනුව නඩුවාර 12ක දී සාක්කිකරුවෝ 35 දෙනෙක් පැමිණිල්ල වෙනුවෙන් සාක්කි ලබා දුන්හ. ඒ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරයෙක්, ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක්, පොලිස් පරීක්ෂකවරයෙක් සහ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු පොලිස් නිලධාරීහු හය දෙනෙක් සිටියහ.
විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතා සහ එහි සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිෂාන්ත සිල්වා මහත්වරු ද සාක්කි ලබා දුන්හ. 11 වැනි සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන නීතිපතිගේ කොන්දේසි සහිත සමාවක් ලැබූ උදයසූරියන් සුරේෂ්කරන්, නඩරාජා පුවනේස්වරන් හෙවත් මාපිල්ලේ සහ රිමාන්ඞ් බාරයේ පසුවන ඉංජිනේරුවකු රජයේ සාක්කිකරුවන් ලෙස සාක්කි දුන්හ. පැමිණිල්ලේ සාක්කි මෙහයවනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම් මහතා විසිනි.
විත්තියේ සාක්කි විභාගය දින දෙකකදී පැවැත්වුණු අතර විත්තිකරුවන් සියලූ දෙනා සාක්කිකූඩුවට නැඟ සාක්කි ලබා දුන්හ. ඊට අමතරව තවත් හතර දෙනකු විත්තිය වෙනුවෙන් සාක්කි ලබා දීමට කැඳවා තිබිණි. නඩුවේ පළමු, දෙවැනි සහ තෙවැනි විත්තිකරුවෝ එකම පවුලේ සහෝදරයෝ වූහ. ඉන් පළමු විත්තිකරු නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
COMMENTS
මහාධිකරණ විනිසුරුවන්ට අපගෙ උත්තමාචාරය!!
මං හිතන්නේ ලංකා ඉතිහාසයේ ඉක්මනින්ම නඩු අහල දඬුවම් දුන්නේ මේ සැකකරුවන්ට. ඒ දරුවා විඳවපු වේදනාව මේ අයටත් දැනෙන්න ඉක්මනින්ම මරණ දඬුවම නීතිගත කරන්න..
දැන් ඉතින් කට්ටිය එක්ක ඇවිත් උද්ගෝෂණය කරයි මෙන්න පලි ගන්නවෝ කියල.
මෙම සැකකරුවන්ගේ ඩී එන් ඒ ගැලපුනාද?????
මෙයාලට ඉතින් රෝහල් පහසුකම් නොමැත
වැඩක් නාහේ දැන් ඉන්න එක්කෙනා තමන්ව මරන්න ආපු කොටියවත් නිදහස් කරපු එකේ මේ අයවත් සමාව දී නිදහස් කරාවි
රහස් පොලිස් නිලධාරීන්ටත් දිරි දීමනා දිය යුතුය් .
නැත. සැබෑ මිනීමරුවන් තවමත් නිදැල්ලේ විය හැක.
ගරු ජනදිපතිතුමනි මුන්ව හෙටම එල්ලලා දාන්න නියෝග කරනු මැනවි.
කුමාර්ට පැනලා යන්න නීති විරෝධීව උදව් කල අර පොලිස් නිලධාරියට මොකද වුනේ ?මේ විධියට මිනිස් ඝාතන කර සාක්ෂි ඇති පදම් තිබියදීත් දේසපාලනය ධනබලය මගින් නීතිය දෙකට තුනට නවලා සාක්කුවේ දමාගත්ත කී දෙනෙක් අපේ රටේ සිටිනවාද ?
අර අහිංසක ළමයට කරපු අපරාධයේ තරමට මරණීය දණ්ඩනය පවා මදි වගෙයි.
රොෂාන් , හැමදේම විහිලුවට ගන්න එපා පොඩි බබෙක් වගේ. මේක සාධාරන තීන්දුවක් අනෙක් පැතිවල මේ වගේ නඩු ඉක්මන් කරලා අහනවා නම් හොදයි.
වෙලාවට මේ නඩුව දෙමල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත්තේ, විශේෂයෙන්ම මානික්කවාසගර් ඉලංගචේලියන් විනිසුරුතුමා විනිසුරු මඩුල්ලේ හිටියේ. පසුගිය කාලයේ මාධ්‍ය මගින් අපි දැක්කා විත්ති පාර්ශවයට හිටපු කොටි සම්බන්ධකම් තිබු "මහේෂ්වරන්ගේ" ගේ බිරිද වන උතුරු පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී "විජයකලා මහේස්වරන්" බැහැලාම සපෝර්ට් කරපු ආකාරය, වීථි කරුව ගස් බලා තියෙද්දී මුදවාගෙන යන ආකාරය. එහෙම බලද්දී කොළඹ අධිකරණයට වඩා යාපනේ අධිකරණය නීතියේ දෙව්දුවව බලපෑම් වලට යටත් නොවී ක්‍රියාවේ යෙදෙවීම නිසාම මේ සාධාරණ තීන්දුව ඒ අසරණ දෙමව්පියන්ට ලැබුන බව නිසැකයි
මේ නඩු තීන්දුව අනුව රටේ මෙවැනි අපරාධ නැතිවෙනවා නම් කොපමණ හොඳද ?
ඔබලාගේ රාජකාරිය හරියටම ඉටුකල බව පේනවා ඔබලා වැනි අය තමයි රටට අවශ්‍ය ඔබලාට මගේ ප්‍රණාමය
යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචේලියන් මැතිතුමනි ඔබට සමස්ත ජාතියේ ප්‍රණාමය ...................
සංහිඳියාව වඩ වඩාත් ඔප්නංවන්න පුළුවනි මේ හත්දෙනාට ජනාධිපති සමාව ලැබුනොත්.
මෙම දඩුවම සම්පුර්ණ වෙන්නේ හෙට අනිද්දම එල්ල මැරුවොත් විතරයි. නැත්නම් උපයන් කාපු බඩවල් අපේ බදු මුදලින් කන්න දෙන්න ඕනේ.
අනේ මන්දා.. මොවුන් සැබැවින්ම මේ අපරාධය සිදුකලේනම් මොවුන්ව එල්ලා මරලත් මදියි.. නමුත් අපේ දක්ෂ පොලිස් හා අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට වලහාත් තමන් හාවෙක් බවට ප්‍රසිද්ධියේ පිළිගන්නා තත්වයට පත්කිරීමට ඇති හැකියාව නිසාවෙන් මා තුල නම් මේ ගැන ඇත්තේ දෙගිඩියාවකි.
ජිනිවා වලින් අනිවාර්යයෙන් ස්විම්ස් කුමාර්ව නිදහස් කරගන්නවා.
අනිවර්‍යෙන්ම මරන දඩුවම් දිය යුතුයි.