IMG-LOGO

මල්වතු මහ නාහිමි ප්‍රකාශය අගයමු

වර්තමාන පාලකයන් ඡන්දය කල් දැමීමට කටයුතු කළහොත් ඊට ඉඩ නොතබන ලෙස තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහ නා හිමියන් පසුගියදා සඳහන් කර තිබිණි. සමගි වනිතා බලවේගයේ සාමාජිකාවන් පිරිසක් මල්වතු මහ නාහිමියන් බැහැදුටු අවස්ථාවේදී මහ නාහිමියන් එම ප්‍රකාශය කළ බවද මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

මහ නාහිමියන් මේ ප්‍රකාශය කිරීමට හේතුවන්නට ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය දිගටම පවත්වාගෙන යායුතුද නැතහොත් රට යළිත් පැරැණි පාර්ලිමේන්තු ක්‍රමයට යායුතුද යන මාතෘකාව අවසානයක් නොදුටු විවාදිත තත්වයක් රට තුළ නිර්මාණය කර කිබීම නිසා බව අපගේ විශ්වාසයයි. විවිධ අදහස් සහ මතිමතාන්තර අතර ගැටෙමින් මේ මාතෘකාව මේ වනවිට දේශපාලන කරළියේත්  පොදු මහජනතාව අතරේත් විවාදයට ලක්වෙමින් තිබේ. ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන බවට ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කෙරුණත් තවමත් ඇතැම් දේශපාලන නායකයන් ඇතුළු විශාල පිරිසක් මේ සම්බන්ධයෙන් සිටින්නේ අවිනිශ්චිත තත්වයකින් බවත් පෙනෙන්නට තිබේ.

මහ නාහිමියන් තමන් බැහැදැකීමට පැමිණි කාන්තා දේශපාලනඥයන් පිරිසක් හමුවේ ‘ඡන්දය කල් දාන්න හැදුවොත් ඊට ඉඩ දෙන්න එපා’ යැයි පැවසීම බරපතළ ප්‍රකාශයක් වශයෙන් අපි දකිමු. එක පැත්තකින් එයින් අදහස් වන්නේ රටේ අදෘශ්‍යමාන ලෙස ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය හෝ කල් දැමීමේ කිසියම් උත්සාහයක් පවතින බවට උන්වහන්සේ තුළ කිසියම් අවිනිශ්චිතතාවක් පවතින බවය. ඒ ලෙසින්ම එවැනි උත්සාහයකට තමන් වහන්සේගෙන් කිසිදු අනුබලයක් නොලැබෙන බව එයින් තදින්ම ප්‍රකාශ වී තිබෙන බවත් පැහැදිලිය.

මේ වර්ෂය ආරම්භ වූයේද මැතිවරණ වසරක් වශයෙන් නම් කරමිනි. ව්‍යවස්ථානුකූලව පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණය බවත් එය ලබන සැප්තැම්බර් 16 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර දිනයක පැවැත්වීමට නියමිත බවත් වරින් වර සඳහන් විය. එහෙත් ඒ අතරවාරයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නළ යුතු බවට අදහසක් ද පැන නැගිණි. එය අලුත් අදහසක් නොවේ. ජනාධිපතිවරණයක් ආසන්න වෙන හැම අවස්ථාවකදීම එම ක්‍රමය අහෝසි කළ යුතු බව ප්‍රකාශ කෙරෙන අතර එය අවසානයේ ඡන්ද පොරොන්දුවක් බවට පත්වෙයි. එහෙත් මේ දක්වාම එය සීමාවී ඇත්තේ පොරොන්දුවටම පමණි. ඒ හේතුවෙන් හැම ජනාධිපතිවරණයක් ආසන්නයේම විධායක ජනාධිපති ක්‍රමය ප්‍රබල මාතෘකාවක් බවට පත්වෙයි.

මෙවර තිබෙන ප්‍රධාන ගැටලුව ක්‍රමය වෙනස් කිරීමට තිබෙන ලැදියාව නොව ඒ අවශ්‍යතාව ඉදිරියට දමාගෙන නියමිතව තිබෙන ජනාධිපතිවරණය නොපවත්වා එය කල්දමා ගැනීම සඳහා කටයුතු කිරීමේ සූදානමක් තිබෙන බවට පැතිර යන මතවාදයයි. එවැනි උත්සාහයක් තිබේ නම් එයට තමන් විරුද්ධ වන බව විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දැනටම ප්‍රකාශයට පත් කර තිබේ. එහෙත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කිහිප දෙනකු පමණක් මේ අවස්ථාවේදී රටේ ජනතාවට ජනාධිපතිවරණයක් අවශ්‍ය නැති බවට ප්‍රචාරයක් ගෙන යන බවද අසන්නට දකින්නට ලැබෙයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ අරමුණින් වුවද ඒ හරහා ඡන්දය කල් දැමීමට ඉඩක් ලබා නොදියයුතු යැයි මල්වතු මහ නාහිමියන් දරන ස්ථාවරය බව උන්වහන්සේගේ ප්‍රකාශයෙන් සනාථ වෙයි.

ජනාධිපතිවරණය පැවැත්වීමේ බලය තිබෙන මැතිවරණ කොමිසම ව්‍යවස්ථානුකූලව එය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමත්  ඊට අදාළ යාන්ත්‍රණය ක්‍රියාවේ යෙදවීමත් කිසිවකුට හෝ වැළැක්විය නොහැත. පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කර විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට අණපනත් සකසනතුරු ජනාධිපතිවරණය කල් දැමිය යුතු බවට යෝජනාවක් ගෙන ආවොත් එය සම්මත කිරීමට සහාය දැක්වීමට කිසිදු මන්ත්‍රීවරයකුට සදාචාරාත්මක හැකියාවක් නැති බව අපගේ වැටහීමයි. ක්‍රමය වෙනස් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සකස් කිරීම දීර්ඝ කාලයක් ගතවන කටයුත්තක් බැවින් මහ නාහිමියන්ගේ ප්‍රකාශය අනුව කටයුතු කිරීම සියලු දෙනාගේ යහපත පිණිස හේතු වනු ඇත.

(***)



අදහස් (1)

මල්වතු මහ නාහිමි ප්‍රකාශය අගයමු

sam Tuesday, 27 February 2024 08:45 PM

ජනාධිපතිවරණයක් ආසන්න වෙන හැම අවස්ථාවකදීම එම ක්‍රමය අහෝසි කළ යුතු බව ප්‍රකාශ කෙරෙන පුවත් නිර්මාණය කරන්නා වූ දේශපාලනයේ සිටින සහ සිටි පුද්ගලයන් වේ. ඔවුන්ට එම අවස්ථාව නොලැබූ නිසාත් වර්තමානයේද නොලැබෙන නිසාත් "ඔවුන් කුහක" දේශපාලනයක මේ වනවිට දී සිටි. මීට පෙර jvp එවැනි මතයක සිටියද ඔවුන් එම මතයෙන් ඉවත්ව ඇතිබවක් පෙනෙන්ට තිබෙනුයේ ඔවුන් වටා සිටින්නා වූ පිරිස මේ වනවිට වැඩිවීම නිසා වන්නට පුළුවනි. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහ නා හිමියන් පසුගියදා කළ ප්‍රකාශය පැහැදිලි වනුයේ දේශපාලකයන් විසින් රටේ පුරවැසියන් පමණක් නොව ආගමික නායකයින්ද රවටා ඇති බවකි. එමනිසා යලිත් පුරවැසියන් සහ ආගමික නායකයන් රැවටීම නතර කළයුතු බව පැහැදිලියි. එසේ කිරීමට නම් අලුත් පිරිසකට ලංකාවේ දේශපාලනය කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවකි. මැතිවරණ පවත්වන බව ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී පැහැදිලිව ප්‍රකාශ කර ඇත.

:       7       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site