13_RASAWITHA_P_6

 

 

හය හතර නොතේරෙන වියේ දී හිතේ පැලපදියම් වෙන ආසාව පණගහල තටු ලබන්නේ තරුණ වියේදී. ඔබේ දරුවාට හොඳ පරිසරයක්, හොඳ අධ්‍යාපනයක්, ඔස්සේ වටිනා ජීවිතයක් සමග අනාගතයක් කරා යන්න නම් ඔවුන්ට වරදින්න පුළුවන් තැන් නිවැරදිව තේරුම් ගන්න.


මිතුරු මිතුරෝ ආයතනයේ කුරුවිට නිදහස ආයතනයේ දී මතින් මිදුණු ජීවිතයකට පිවිස සිටින තිසර කියවන විදිහට ඔහු කුඩු ගහන මාමා එක්ක ගිහින් තියෙන්නේ වයස අවුරුදු එකොළහෙදී. අහපු දැකපු දේ අත්දැකීමක් වෙලා ජීවිතේම වරද්දගත් තිසරගේ කතාව අද අපි පාඩමක් කරන්නෙමු.


මා ඉපදුනේ රද්දොළුවෙ. අයියයි, මායි, අම්මයි ඉන්න පවුලෙ තාත්තා කියන්නේ අපි හීනෙන්වත් නොදැකපු රූපයක්.


පුංචි කාලෙ ඉස්කෝලෙ යාළුවන්ගේ තාත්තලාව දැකල මං අනන්තවත් තාත්තා ගැන අම්මාගෙන් ඇහුවා. එහෙම වෙලාවට ගොළුවෙලා අඬන අම්මාගෙන් කඳුළු මිස වෙන මොනවත් ලැබුණේ නෑ.


මගේ අම්මාට මල්ලිලා තුන්දෙනෙක් හිටියා. අයියාගෙයි මගෙයි වියදම්වලට එයාලත් පොඩි පොඩි උදව් උපකාර කළා තමයි. ඒත් අම්මා හඳුන්කූරු පැක්ටේරියක රස්සාව කළා.

 

1


උදේ පාන්දර හඳුන්කූරු පැක්ටරියක වැඩට යන අම්මා හවසට ගෙදර එන්නේ කෙඳිරි ගගා. මම මගේ අම්මාට ගොඩක් ආදරේ කළා. ඒ නිසාම මගේ අම්මා විඳපු දුක් වේදනා ඉස්සරහදී මගේ ඇස්වලට කඳුළු ඉනූ වාර අනන්තයි. අප‍්‍රමාණයි.


උදේ පාන්දර නැගිටලා, උයලා පිහලා අම්මා අපව ඉස්කෝලෙට ඇරලගෙනම වැඩට යනවා. ඉස්කෝලේ ඇරිලා අපි ගෙදර ආවේ තනියම. අපි ඉස්කෝලේ ඇරිලා ගෙදර එක්ක යන්න අම්මාවත් තාත්තාවත් ගේට්ටුව ළඟ බලාගෙන හිටියෙ නෑ. ඇත්තටම අම්මා එහෙම නොහිටිය එක ගැන දුකක් මිස කවදාවත් අපට තරහක් නම් දැනුනේ නෑ.


මොකද අපේ අම්මා අපව ජීවත් කරවන්න දුක් මහන්සි වෙන බව අප දැනගෙන හිටියා. මේ හැමදේම අතරේ පුංචි කාලේ අයියයි මායි හැදුණු පරිසරයේ කුඩු ගංජා නොඅඩුව තිබුණා. ඉස්කෝලේ ගිහින් එන අපි දෙන්නට දකින්න ලැබුණේ ජීවත් වෙන්න ලැබුණේ අප‍්‍රසන්න පරිසරයක. ඒ පරිසරයෙන් අප දෙන්නව මුදවලා ලස්සන ගෙදරක ජීවත් කරවන්න අපේ අම්මට ආර්ථික ශක්තියක් තිබුණේ නෑ.


මගේ මාමල තුන්දෙනාගෙන් එක් කෙනෙක් කුඩු ගැහුවා. අම්මා අපට නිතරම අවවාද කළා මාමලා එක්ක වැඩිය ගැවසෙනවට අම්මා අකමැති වුණා. ඒත් අවවාද දෙනවා ඇරෙන්න අම්මාට අප වෙනුවෙන් කරන්න දෙයක් තිබුණේ නෑ.


පොටෝ එහෙකින්වත් දැකලා නැති තාත්තා නැති අඩුපාඩුව නොදැනෙන්න අපට හිටියෙත් අපේ අම්මා. මම සිගරට් එකක් මුලින්ම බිව්වේ වයස අවුරුදු දාහතරෙදි නමුත් මා කුඩු විකුණුවේ වයස අවුරුදු එකොළහෙදි.


මට තවම මතකයි ඒ සිදුවීම්. අපේ පොඩි මාමා දවසක් මට කතා කළා ගමනක් යන්න. මං බෑ කිව්වා. එහෙම බෑ කිව්වේ පොඩි මාමා එක්ක කොහේවත් යන්න එපා කියලා අම්මා නිතරම අවවාද කරන නිසා.


මා බෑ කිව්වම පොඩි මාමා කිව්වා සෙල්ලම් බඩුවක් අරංදෙන්නම් යමු කියලා. මම එතකොටත් කිව්වා බෑ කියලා. එතකොට අයෙත් කිව්වා බැට්මින්ටන් රැුකට් එකක් අරං දෙන්නම් එනවද කියලා. ඒ වෙලාවේ මං කොයි තරම් රැකට් එහෙකට ආස කළා ද කිව්වොත් මම මාමා එක්ක යන්න කැමති වුණා. ඒ විතරක් නෙවෙයි ඒ යන ගමන අම්මා එක්ක නොකියා ඉන්නත් මං හිතා ගත්තා.


මාමා කුඩුගහනවා. එයා එදා මාව එක්ක ගියෙත් කුඩු ගහන්න. මං මාමා කරන කියන දේ දිහා බලාගෙන හිටියා.

 

2

 


ඉන්පස්සේ මාමා පාර්සලයක් අරගෙන ගිහින් යාළුවෙකුට දුන්නා. එදා ඒ පාර්සලයේ තියෙන්නේ මොනවද කියලා මා දැනගෙන හිටියේ නෑ.
ඉන් පස්සෙ මට රැුකට් එකක් ලැබුණා. ඒ මම ආසා කරපු දෙයක්. මාමා ඒ විදියට පටන්ගත්ත ක‍්‍රමේ දිගින් දිගටම කළා. මාව අරගෙන ගමන් ගියා. යාළුවන්ට පාර්සල් දුන්නා. සමහර දාට ඒ පාර්සල් මාත් අරං ගියා. යාළුවන්ට දුන්නා. නමුත් එදා මාමා ඒ විදියට යාළුවන්ට ගිහින් දෙන පාර්සලේ මොනවද තියෙන්නේ කියලා මට හැඟීමක් දැනීමක් තිබුණේ නෑ.


ඒත් අද මා දන්නවා. මාමා ඒ ගෙනියලා තියෙන පාර්සලේ තිබිලා තියෙන්නේ කුඩු. මම එදා පාළු ගේකදී දැකලා තිබුණේ මාමා කුඩු ගහන විදිහ. ඒ වගේම මාමා මාව අරගෙන ගිහින් තියෙන්නේ කුඩු පාර්සලේ ගෙනියනකොට පොලිසියට සැක නොහිතෙන්න වැඩ කරන්න. මොකද පොඩි ළමයෙක් එක්ක යනකොට පොලිසියෙන් මාමව සැක කරන්නේ නෑනෙ.


ඔය විදියට ගෙවන ජීවිතයේ දී මා මුලින්ම ගංජා ගැහුවේ ඉස්කෝලෙදි. දවසින් දවස ජීවිතේ අවුල් වුණා. අම්මා හිතාගෙන හිටියේ අපි ජීවිතේ පිළිවෙලකට ගලපගන්නවා කියලා.


මොකද මාමලා තුන්දෙනයි ආච්චියි අපිව හොඳ මාර්ගෙට යවන්න උදව් දේවි කියලයි අම්මා හිතාන හිටියෙ. ඒත් අම්මා තාත්තා නැති ගෙදර හැමදේම අවුල් වෙලා විතරක් තිබුණා.


අපේ ගෙදර නිතරම යාළුවන්ගෙන් පිරිලා තිබුණා. යාළුවෝ කියලා කිව්වට කුඩු ගන්න එන අයයි, කුඩු ගහන අයයි තමයි නිතර ආවේ ගියේ. දවසින් දවස මාමාගේ යාළුවෝ මගෙත් යාළුවෝ වුණා.


දවසක් මාමා මං පුංචි කාලෙදි කුඩු ගහපු විදියට කුඩු ගහල බලන්න මට ආසාවක් තිබුණද කියන්න මට තේරුමක් නෑ. නමුත් මට කුඩු ගහන්න  ඕනෑ වුණා. මං මාමගේ යාළුවන්ගෙන් කුඩු ඉල්ලූවා. එයාල මට කුඩු දුන්නා. මාත් එදා හිතේ හැටියට කුඩු ගැහුවා.


මට මේ කුඩු ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි කිසිම විදිහකින් මොන ආත්ම ශක්තියක් තියෙන කෙනෙක් වුණත් කුඩු ගහල තමන්ගේ ආත්ම ශක්තිය ගැන මහා ලොකුවට හිතන්න නරකයි. එහෙම වුණොත් බොන්නේ අපි වගේ අනාතයෝ වෙන්න.


මොකද මාත් මගේ ආත්ම ශක්තිය ගැන මහා ලොකුවට හිතපු කෙනෙක්. දවසින් දවස කුඩු අවශ්‍යතාව වැඩිවුණා. මුල් දවස්වල මං කුඩු ගහන බව කාටවත් නොදැනෙන්න මම ජීවත් වුණා. නමුත් කුඩු කියන්නේ හංගාගෙන ඉන්න පුළුවන් වසංගතයක් නෙවේ. දවසක් අම්මා දැනගත්තා මං කුඩු ගහන්න පටන් අරගෙන කියලා. එදා මගේ අම්මා ඇඬුවා දෙඩුවා. එයා විඳින දුකගැන කිව්වා.

 

3


තාත්තා අපව අතැරලා වෙන ගෑනියක් අරගෙන ගිය දවසේ ඉඳලා එයා අප වෙනුවෙන් කළ කැපකිරීම ගැන කිව්වා.


ඇත්තටම මගේ අම්මා වටිනා කියන ගෑනියක්. එයා වෙන විවාහයක් ගැන හිතුවෙ නෑ. හැමදාම අප වෙනුවෙන් ජීවත් වුණා. ඒ ඇත්ත එදාත් මා පිළිගත්ත වුණත් ජීවිතේ වටිනාකම් නැතිකර ගත්ත මට අම්මා ගැන වටිනාකමක් දැනුනේ නෑ. මගේ අම්මා මා වෙනුවෙන් ගොඩ නගන්න බලන් හිටපු ජීවිතේ තුළ එක විනාඩියක්වත් ජීවත්වෙන්න මට පුළුවන්කමක් තිබුණේ නෑ.


හැමදේම කුඩු වෙනුවෙන් වෙනකොට මගේ ජීවිතේ වෙනදේකට ඉඩ ලැබුණේ නෑ. දවසින් දවස කුඩු අවශ්‍යතාව වැඩි වුණා. මේ හැම දේම අතරේ කුඩු ගහන්න මට සල්ලි වුවමනා කළා. මා අම්මාගෙන් කුඩු ගහන්න සල්ලි ඉල්ලූවා. සමහරදාට අම්මා මුළු මාසෙම දහදුක් විඳලා හොයන සල්ලිවලින් මට කුඩු ගහන්න බාගයක්ම වැයවුණා. ඒ වෙලාවේ මං කොයිතරම් නරුමයෙක් වුණා ද කිව්වොත් අම්මා මා වෙනුවෙන් ගින්දර උහුලන බවක් මට තේරුනේ නෑ.
මට අදටත් අමතක කරගන්න බැරි සිද්ධියක් තියෙනවා. ඒවා හිතෙනකොට මම කුඩු නිසා මොන තරම් නරුමයෙක් වෙලාද කියන හැඟීම මගේ හිතට එනවා.


දවසක් මගේ අම්මා සිල්ගන්න යන්න ලැහැස්ති වෙලා හිටියා. මට කුඩු සික් එක හැදිලා හිටියා. එදා මම අම්මාගෙන් කුඩු ඉල්ලලා කරදර කළා. එදා මගේ අම්මා සන්තකේ තිබුණෙත් රුපියල් දෙදහයි. ඒ දෙදහා මම උදුරලා ගත්තා. ඒ වුණත් මගේ අම්මා ඒ හැම හිංසාවක්ම විඳගෙන සිල්ගන්න ගියා. පස්සෙ කාලෙක මං දැනගත්තා මගේ අම්මා බස් එකේ යන්න සල්ලි නැතිව හැතැප්ම ගාණක් දුර ඇවිදගෙන ගිහින් තියෙන බව. කොහොම වුණත් මමත් කොල්ලෙක්. ඒ නිසාම කොයි තරම් කුඩු ගැහුවත් ගෑනු ළමයි එක්ක සම්බන්ධකම් පවත්වගෙන යන්නත් මම පසුබට වුණේ නෑ. ඉස්කෝලෙ යන කාලේ කෙල්ලෝ දෙතුන්දෙනා එක්ක ආදර සම්බන්ධකම් මං පවත්වාගෙන ගියා.


ඒ විදියට යාළුවූ කෙල්ලක් තමයි මට හමුවුණ නිමන්ති. එයා ගාමන්ට් එහෙක වැඩ කරන කෙල්ලෙක් නිමන්තිත් එක්ක හිටියා ශාලිකයි, දේවකී. මම ඇත්තටම කොයිතරම් නරුමයෙක් ද මේ කෙල්ලෝ තුන්දෙනා එක්කම ආදර සම්බන්ධකමක් පවත්වාගෙන යන්න මට පුළුවන් වුණා.


එක්කෙනකුට එක්කෙනෙක් නොදන්නා විදිහට මම මගේ ආදරය පවත්වාගෙන ගියා. දවසකට නිමන්තිව මුණ ගැහුනා. තවත් දවසකට ශාලිකාව මුණ ගැහුනා. තවත් දවසකට දේවකීව මුණ ගැහුනා.


මේ තුන්දෙනාගෙන්ම මට වුවමනා වුණේ ලිංගිකත්වයට විතරයි. කොල්ලෙක් විදිහට ලිංගිකව ලබන්න පුළුවන් උපරිම සතුට මේ තුන්දෙනාගෙන්ම මම අඩු නැතුව ලැබුවා. මේ කෙල්ලෝ තුන්දෙනාම මට ආදරේ කළා. මං වෙනුවෙන් ඇඬුවා දෙඩුවා. නමුත් මේ ආදරේ පිළිගන්නවත් තේරුම් ගන්නවත් මට පුළුවන්කමක් තිබුණේ නෑ.


නමුත් කාලයක් යනකොට මේ කෙල්ලෝ මට කරදරයක් වුණා. මං ඒ කෙල්ලන්ගෙන් මිදෙන්න ප්ලෑන් එකක් ගැහුවා. මම මට වඩා ලස්සන කොල්ලෙක් මගේ වැඬේට තෝර ගත්තා.


මං හිතුවා මට ගන්න පුළුවන් වැඬේ කරගත්තා දැන් ඉතින් කාට අයිති වුණත් මොකද කියලා මට හිතුනා.


එහෙම හිතලා මම මගේ යාළුව එක්ක දේවකීව මුණගැහෙන්න ගියා. මගේ යාළුවගේ නම සනුර දේවකීට නෙවෙයි  ඕනම කෙල්ලකුට දෙපාරක් හැරිල බලන්න හිතෙන ලස්සනක් සනුරගේ පෙනුමේ තිබුණා. සනුරන් එක්ක දේවකී හමුවෙන්න යන මම ඒ දෙන්නව අහඹු විදියට තනිකරලා දාලා ගියා. දිගින් දිගටම ඒ විදියට වෙනකොට මගේ සැලසුමට අනුව දේවකී සනුරට ආදරේ කරන්න පටන්ගත්තා. ඒ බව මට තේරුණා. ඒ වගේම සනුර දවසක් මට කෝල් කරලා කිව්වා දේවකී එයා එක්ක සම්බන්ධකමක් පටන්ගත්ත බව. මා ඒ ගැන හිතුවේ නෑ.


එදා මට හිතුනේ ලොකු හිසරදයකින් ගැළවුණා කියලා. දේවකීගෙන් ගැළවුණ මං නිමන්ති, ශාලිකයි එක්ක මගේ සම්බන්ධකම පවත්වාගෙන ගියා. ඒ විදියට ගෙවුන ජීවිතේ දී ශාලිකා මට ඇත්තටම ආදරේ කරන බව මට තේරුනේ වරක් දෙවරක් නොවේ. ඒත් ඒ කිසිම දේක වටිනාකමක් මට තිබුණේ නෑ.
අප තුන්දෙනාගේ සම්බන්දෙ දිගට ගලාගෙන යනකොට මට දැනගන්න ලැබුණා සනුර කියන යාළුවා දේවකීව මරදානේ බම්බලපිටියේ ඞීල් කරන බව. ඇත්තටම ඒ කෙල්ල ඒ තත්ත්වෙට පත්වුණේ මම නිසා නේද කියන දුක මගේ හිතේ හැමදාම තිබුණා. ඇත්තටම ඒක තමයි ඇත්ත. ඒ කෙල්ල ඒ තත්ත්වෙට පත්වුණේ මම නිසා. මේ හැමදේම හිතනකොට මම මොනතරම් අපරාධකාරයෙක් ද කියලා මට හිතෙනවා.


ජීවිතේ නන්නත්තාර වෙන්න  ඕනෑ විදියට නන්නත්තාර වෙලා තිබුණා. කුඩු ගහන්න සල්ලි හොයාගන්න මම නොකළ දෙයක් නෑ. මම කොළඹට ආසන්න ප‍්‍රදේශයක හයිවේ එක හදන්න ගෙනාව කම්බි, බට හොරකම් කළා. ඒවා හොරකම් කරලා විකිණුවා.


හැමතැනම කොල්ල කෑවා. ගෙවල්වලට පැන්නා. මේ හැමදේකම අවසානය හිර ගෙදරින් අවසන් වුණා. කුඩු තියෙනවා නම් කොහේ වුණත් මට අපායක් වුණේ නෑ. මම හිරේට ගියෙත් සතුටින්. මොකද හිරගෙදර කුඩු තිබුණා. කුඩු ගහන වුන්ට ආරක්ෂාව තිබුණා. ඉතිං තවත් මොනවද අඩු. මම නොයෙකුත් දේවල් කර කර කුඩු ගැහුවා. කාටවත් කොයි වෙලාවකත් නිවී සැනහිල්ලේ ඉන්න ලැබුණේ නෑ. හැමතැනම ප‍්‍රශ්න කරදර විතරක් තිබුණා. මේ ජීවිතයේ දී මාත් ඇත්තටම ආදරේ කළ කෙනෙක් හිටියා. එයා තමයි නිමන්ති. නිමන්තිට ආදරේ කළා වුණාට ශාලිකා ගැබ්බර වුණා. හිතන්නේ බලන්නේ නැතුව පවත්වාගෙන ගිය සම්බන්ධයේ දී ගැබ්බර වුණ ශාලිකා ගැන ආදරයක් නොතිබුණත් යුතුකමෙන් වගකීමෙන් බැහැරවෙන්න මට පුළුවන් කමක් තිබුණේ නෑ.


මගේ අම්මගේ කඳුළු වේලූනේ නෑ. එයා කාලේ ගෙව්වේ හැඬූ කඳුළෙන්. අම්මට තිබුණ එකම සැනසීම අයියා විතරයි. අයියා විවාහ වුණේ මම කුඩුවලින් විනාශ වුණ කාලෙදි.


කොයි තරම් මාමලා එක්ක හිටියා වුණත් අයියා හැමදාම හොඳ පාරෙ ගමන් කළා. අයියා කසාද බැන්ද අක්කා දුප්පත් වුණත් බොහොම ගුණ යහපත් කෙනෙක්. එයා ඉරිදා ලංකාදීප පුවත්පත නොවරදවාම ගන්න කෙනෙක්.


දවසක් එයා මට ඉරිදා ලංකාදීප පුවත්පතේ ගිය ලිපියක් පෙන්නුවා. පෙන්නලා ඇහුවා මේ තැනට ගිහින් ජීවිතේ හදාගන්න කැමතිද කියලා. එයා එහෙම අහපු වේලාවේ මට මුලින්ම ඇති වුණේ තරහක්. මම එයාට බැන්නා. බැනලා කිව්වා මට ඒ තැනට යන්න වුවමනා නෑ කියලා. ඒ වෙලාවේ අක්කා බැනුම් ඇහුවා වුණත් මට අවවාද කළා. ඒත් මම කිසිම දෙයක් ඇහුවේ නෑ.


කාලය ගෙවිලා ගියේ දින සති වෙමින්. ඒ වෙනකොට මම කුඩු හොයාගෙන දුවපු දිවිල්ලට හොඳටම හති වැටිලයි හිටියේ. ඒ වෙලාවේ අම්මයි, අක්කයි දෙන්නම ඇහුවා මිතුරු මිතුරෝ එකට ගිහින් ඇරලවන්නද කියලා. දිගින් දිගටම අම්මා අක්කා, අයියා, ඉල්ලන ඉල්ලීම එකක් වෙද්දී මටත් හිතුනා ජීවිතේ අලූතෙන් පටන් ගන්න ජීවිතේ හරියට හදා ගන්න. ඒ නිසා මම මිතුරු මිතුරෝ එකට ආවේ කැමැත්තෙන්මයි.


ඇත්තටම මට මිතුරු මිතුරෝ හෙවනට එන්න පාර කිව්වේ ‘‘ඉරිදා ලංකාදීප’’ පත්තරේ. අද මගේ ජීවිතේ අළුත් වෙන්න පටන් අරගෙන. මම දවස් දාහතරක් කුඩු සික් එක කඩාගන්න වටරැුක හිටියා. දැන් මගේ ජීවිතේ හොඳ පැත්තට ගමන් කරනවා.


ළදරුවන් විදිහට තේරුම් ගන්න බැරිවූ ජීවිතේ තරුණයෙක් විදිහට අත්දකිනකොට වැඩිහිටියෙක් විදිහට යථාර්ථය දකින්න පුළුවන්. ඒ නිසා ජීවිතේ අලූතින් දකින්න අත්හදා බලන්න වගේම ජීවිතේ හදාගන්න ලැබෙන අවස්ථාව මගහරින්න එපා.


මෙහි සියලූ නම් ගම් මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න.


විශේෂ ස්තූතිය කුප්පියාවත්තේ බෝධානන්ද හිමියන්ට.


m