IMG-LOGO

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා


බැසිල්ගේ ආපසු හැරීම

ගමන් මග නිවැරදි කිරීමකට වඩා පැහැදිලිව කිවහොත් ගෙවුණු සතියේ සිදුවූ කැබිනට් තනතුරු මාරුව සමාන කළ හැක්කේ ගමන් දිශාව නිවැරදි කිරීමකටම නොව ක්‍රිකට් හෝ රගර් වැනි ක්‍රීඩාවක දී ක්‍රීඩකයන් මාරු කරනවා වැන්නකටය.

දැනගන්නට තිබෙන ආකාරයට, දුර්වල කාර්යසාධනයක් පෙන්වූ තිදෙනෙක්, ඊට වඩා හොද කාර්යසාධනයක් පෙන්වීයැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිගමනය වූ තවත් තිදෙනෙක් සමග මාරු කිරීම සිදුව ඇත. 

දිව්රුම් දීමේ අවස්ථාවට සහභාගීවීමට අවස්ථාව ලැබෙතැයි එදින උදැෑසන සිය ජංගම දුරකතනයට ඇමතුමක් බලාපොරොත්තුවෙන් සිටි කිහිපදෙනෙක්ටම අවසන සිදුවූයේ පසුතැවිලි වන්නට ය. ඉහත සදහන් කළ අය හැරෙන්නට කැබිනට් මණ්ඩලයේ වෙනත් වෙනසක් සිදුවූයේ නැති අතර මෙම ව්‍යායාමය එයට මුල් වූ ප්‍රධාන අරමුණ මෙන්ම එම අවස්ථාවේ දී පැන නැගි අවශ්‍යතාවය මුල් කරගෙන සිදුකෙරුණක් පමණක්ම විය.

පළමුව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම තනතුරින් ඉවත් කිරීම අවධානයට ගනිමු. 
ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් අන්තර්ජාතික තලයේ වූ සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය නිසි ප්‍රතිචාරයන් නොදැක්වූ බව රහසක් නොවේ. එම සිදුවීම් අතර, ලබන මස 13 වැනිදා පැවැත්වීමට නියමිත ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ප්‍රධානය. 

ගෙවුණු මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව අරබයා සම්මත වුනු යෝජනාවලිය මෙම සැසිවාරයන්වල දී නැවත සාකච්ඡාවට ගැනීමට නියමිත අතර එම යෝජනාවලිය ගෙන ඒමට පෙරමුණ ගත් එක්සත් රාජධානිය, එක්සත් ජනපදය ප්‍රමුඛ ප්‍රධාන කණ්ඩායමේ රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වඩාත් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සැළසුම් කරමින් සිටින බව ද සැළය.

තවත් බරපතල පන්නයේ යෝජනාවලියක් එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත්ව ඇත. මේ පසුබිම යටතේ ශ්‍රී ලංකා රජය මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාලවල ප්‍රධානීන් සමග තිරසාර සබදතාවන් පවත්වාගැනීම අනිවාර්යය අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ.

මීට වසරකට පෙර කැබිනට් මණ්ඩලය දිව්රුම් දුන් අවස්ථාවේ දී නව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා සිටියේ එම තනතුර තමාට ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන්ය. නමුත් ඊට වඩා පක්ෂයේ සහාපතිධූරය වැදගත් යැයි ඔහුට උපදෙස් දී තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්ය මෙන්ම නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාය. එනිසාම, ජී.එල් පීරිස් මහතා අධ්‍යාපන අමාත්‍යධූරය භාරගැනීමට එකගව ඇත. 

මෙවර ද දෛවෝපගතව මෙන් ජී.එල් පීරිස් මහතාහට විදේශ කටයුතු අමාත්‍යධූරය ලබාදීමට සම්පූර්ණ එකගත්වය පළකර ඇත්තේ ද බැසිල් රාජපක්ෂ මහතාමය. එය ඔහු හිටපු ස්ථාවරයෙන් අංශක 180 ක ආපසු හැරීමකි. අනෙක් අතට හිටපු විදේශ කටයුතු අමාත්‍ය ගුණවර්ධන සහ විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා අතර නොයෙකුත් හැලහැප්පීම් පැවැති බව ද රහසක් නොවේ.

ගෙවුණු සමයේ පැවැති විවිධ සම්මන්ත්‍රණවල දී, ශ්‍රී ලංකාව අනුගමනය කරමින් සිටින විදේශ ප්‍රතිපත්තිය දේශපාලනික වශයෙන් නිවැරදි යැයි කොළඹගේ මහතා නිතර ප්‍රකාශ කළ මුත් එම ප්‍රතිපත්තිය මත පිහිටා ආර්ථික වශයෙන් සාර්ථකත්වයක් අත්කරගැනීමට රජයට නොහැකි විය. අපේක්ෂා කළ පරිදි සෘජු විදේශ ආයෝජනයන් දිනාගැනීමට නොහැකිවීම සම්බන්ධව ඔහු සැබැවින්ම කණගාටුව පළකළ අවස්ථා ද තිබුණු බව සදහන් කළ යුතු වේ.

එම පසුබිම යටතේ සැළකුවහොත්, වෙළද ආයෝජන සහ සංචාරක යන ක්ෂේත්‍ර නියෝජනය කරන බලධාරීන් එම ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් කටයුතු කළ අවුල් සහගත විලාශය ඔහු වුවමනාවෙන්ම නොසළකා හැරීම නිසාවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ඔහු ද සිය රාජකාරියේ අපොහොසත්ව ඇති බව කිව හැකි ය.

මේ ආකාරයෙන්, සියලු වැරදි විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් මත පැටවීම, විශේෂයෙන්ම රටේ පවතින තත්ත්වය ආයෝජකයින් ආකර්ෂණය කරගැනීමට තබා වෙළදුන් සහ සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට පවා නොහැකි තත්ත්වයක පවතින විට, කොතරම් දුරකට සාර්ථකදැයි යන්න ප්‍රබල ගැටලුවකි.

පැරණි අමාත්‍යවරයා නික්ම යන - නව අමාත්‍යවරයා වැඩ භාරගත්, අවස්ථාව සනිටුහන් වූ ගෙවුණු සඳුදා නව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම කැපී පෙනිණ. අමාත්‍යංශයේ විවිධ අංශවල ප්‍රධානීන්, ලොවට පෙනෙන රටේ මුහුණත වන විදේශ කටයුතු අමාත්‍යංශය සම්බන්ධයෙන් නව අමාත්‍යවරයා අනුගමනය කිරීමට යන දැක්ම දැනගැනීමට පුලපුලා බලාගෙන සිටියත් එවැන්නක් සිදුවූයේ නැත. නික්ම ගිය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද අදහස් දැක්වීමක් කළේ නැත.

ව්‍යවස්ථා සංශෝධනය ඉක්මන් කිරීම

මෙම තීරුවෙන් පසුගිය සතියේ අනාවරණය කළ ආකාරයට, එක්සත් ජනපදය සමග වන සබදතා යහපත් අතට හරවාගැනීම සදහා තිරය පසුපස සිට මෙහෙයුම් දියත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැනටමත් පියවර ගෙන ඇත. මෙරට එක්සත් ජනපද තානාපතිනී ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය සංවිධානය කළ රාත්‍රී භෝජන සංග්‍රහයකට ජී.එල්.පීරිස් මහතාද සහභාගීව සිටි අතර, එයට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ද එක්ව සිටියේ ය.

රජයේ ආරංචි මාර්ගයක් මේ සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකරමින්, ජී.එල් පීරිස් මහතාට එසේ එම රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගීවන්නැයි උපදෙස් දී තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා යැයි පැවසුවේය.

ඔහු එසේ සහභාගී කරවීමේ අරමුණ සංහිදියාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ සිතැඟි දැනගැනීම වී තිබෙන අතර, සංහ`ිදියාව සම්බන්ධයෙන් වන යෝජනා කිසිවක් රාජපක්ෂවරුන්ගෙන් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොදුවේ ඉදිරිපත් කෙරෙන්නන් ලෙස මින් ඉදිරියට වෙනසක් සිදුකිරීමට නව මුදල් අමාත්‍යවරයාට වුවමනා වී ඇත. සංහිදියාව අරබයා යම් සාකච්ඡාවක් ආරම්භ වූ සෑම අවස්ථාවකම පාහේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය එයට ඈඳීමට මහාචාර්ය පීරිස් මහතා කටයුතු කළේ යැයි එම ආරංචි මාර්ගය වැඩිදුරටත් කීවේ ය.

මේ අතර, දෙමළ ජාතික සන්ධානයේ නායක රාජ්වරෝයතම් සම්බන්ධන් මහතා පසුගිය 18 වැනිදා, ජනපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යොමුකරමින් ජූලි මස 16 වැනිදා පැවැත්වීමට නියමිතව තිබී කල්දැමුණු රැස්වීම නැවත කැඳවීමට පියවර ගන්නැයි ඉල්ලා සිටියේය. පිටු තුනකින් සමන්විත වූ එම ලිපියේ මෙසේ සදහන්ව තිබිණ.


රජය සහ දෙමළ සන්ධානය අතර යළි සාකච්ඡා ආරම්භ කිරීමට අවස්ථාව සැළසෙන සේ කටයුතු සිදුවෙමින් පවතින ආකාරය සම්බන්ධයෙන් ද එම සාකච්ඡාවල එක්සත් ජනපදයේ භූමිකාව සම්බන්ධයෙන් ද සහ දෙපාර්ශවය සාකච්ඡා පැවැත්වීමට යන්නේ යැයි පළවූ වාර්තා අරබයා දේශීය මෙන් විදෙස් ඩයස්පෝරා කණ්ඩායම් දැක්වූ ප්‍රතිචාරයන් සම්බන්ධයෙන් ද ඉන්දියානු මහකොමසාරිස්වරයා දැනුම්වත් කිරීම මෙම සාකච්ඡාවල අරමුණව ඇත. සංහිදියාව සම්බන්ධයෙන් නැවත සාකච්ඡා ආරම්භ කිරීමේ ක්‍රියාවලියට මුල පිරීමක් සිදුව තිබෙන බවක් පෙනෙන්නට ඇත. එක්සත් ජනපද තානාපතිනියගේ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්ව සිටි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුමන්තිරන් මහතා හමුවීමෙන් පසුව සම්බන්ධන් මහතා මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද අවස්ථා දෙකක දී හමුව තිබේ.

ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද කළ යුතු නැත. 1972 සහ 1978 ව්‍යවස්ථාවන් සම්පාදනය කිරීමට ගතවූයේ වසර දෙකකුත් සහ මාසයක් වැනි කාලයකි. නමුත් වර්තමාන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පුරා වසර 32 ක්ම දිවෙමින් පවතින්නකි.

දෙදෙනා අතර පැවැති දෙවැනි රැස්වීමේ දී, දෙමළ ජාතික සන්ධානයේ දූත පිරිසකට ඉන්දියා සංචාරයක් සදහා ආරාධනා කිරීමේ සැළසුමක් සම්බන්ධයෙන් ද, අදහස් හුවමාරු වූ බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගයක් පැවසුවේ ය.මෙම සංචාරය සංවිධානය කිරීමට නියමිතව තිබෙන්නේ එළැඹෙන සැප්තැම්බර් මාසයේදී ය.ඉතිහාසය අනුව මෙන්ම සාම්ප්‍රදායික වශයෙන් ද, තමන් මෙතෙක් දායකත්වය දෙන නායකත්ව භූමිකාව තවදුරටත් එළෙසම පවත්වාගැනීම ඉන්දියාවේ කැමැත්ත වේ.මෙම සංචාරයේ දී, දෙමළ ජාතික සන්ධාන දූත පිරිස ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජයරාම් ජයිශංකර් සහ ජාතික ආරක්ෂාව පිළිබද උපදේශක අජිත් දෝවාල් හමුවනු ඇත.ගෙවුණු අගහරුවාදා, නව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් ද, කොළඹ දී, ඉන්දියා මහකොමසාරිස්වරයා හමුවිය.

කෘතහස්ථ මෙන්ම වෘත්තිමය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන ටෙප්ලිට්ස්ගේ ධූර කාලය නුදුරේදීම අවසන්වීමට නියමිතය. තමන් යටතේ ආරම්භ කෙරුණු සාකච්ඡා ඉදිරියට යන බව සහතික කිරීමට ඇයට ඇවැසි යැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයන් සදහන් කරයි. ඇයගේ අනුප්‍රාප්තිකයා වන ජූලි චන්ග් මේ වන විට සිටින්නේ සිය පත්වීම සදහා එක්සත් ජනපද සෙනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවන තෙක්ය. ඇය බොහෝදුරට ලබන ඔක්තෝබර් මාසය පමණ වන විට කොළඹට පැමිණෙනු ඇත.

පාලක සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අත්දැකීම් බහුල මෙන්ම ඉතා මිත්‍රශීලී දේශපාලකයෙකි. අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ඔහුට ඉතා භාරදූර රාජකාරියක් පැවරී තිබෙන අතර නව අමාත්‍යවරයා හමුවීම රජය සමග ආරෝවක පැටලී සිටින ගුරු වෘත්තිය සමිති ප්‍රතික්ෂේප කර ඇත. කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රටේ පාසල් තිබෙනුයේ දීර්ඝ කාලයක් තිස්සේ වසා දමාය. ඒවා විවෘත කෙරෙන බවට අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කැරුණු මුත්, එසේ සිදුවූයේ නැත.

ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය  - කොවිද ගුණසේකර

 



අදහස් (17)

බැසිල්ගේ ආපසු හැරීම

ganegoda Wednesday, 25 August 2021 01:27 PM

ඔය මොන සංදර්ශන ගැහුවත්, මුළු ලෝකයම බලාගෙන ඉන්නේ රාජපක්ෂමේන්තුව කාබාසිනියා වෙලා තොළොන්චි වෙලා යනකම්.. ඊට පස්සේ තමයි අපේ රටට හොඳ කාලයක් උදාවෙන්නේ...

:       7       49

gunarathnaWednesday, 25 August 2021 08:29 PM

මම නොදන්න හින්දා අහන්නේ... දැන් ඔය හොඳයි කියලා කියන්නේ කවුරු රට පාලනය කළොත්ද? සජිත් ප්‍රේමදාසද? අනුර කුමාරද? රනිල්ද? එහෙම නැතිනම් අතිගරු ගනේගොඩද?

:       13       9

ganegodaThursday, 26 August 2021 01:01 PM

රට සූරා ගෙන කන පවුල්වාදයෙන් තොර ඕනේ දෙයක් .එත් මට හිතෙන්නේ "සජිත්" ගැන සලකා බැලුවොත් හොඳයි කියලා

:       10       5

VithanaThursday, 26 August 2021 01:35 PM

ඔබට ඔය ප්‍රශ්ණය අහන තත්වෙට වටපිටාව සැකසීමත් මේ ආණ්ඩුවේම කුමන්ත්‍රණයක්. එහෙම කියලා මේ ආණ්ඩුව ගෙදර යවන වැඩේ නොකර ඉන්න බෑ. මේ ආණ්ඩුව රට පසුපසට අරගෙන යනවා. දැනටමත් බොහෝ දුරකට අරන් ගිහිල්ලා. රට ඉදිරියට ගෙන යන්න මේ ආණ්ඩුවට බෑ.

:       1       8

දිනාල්Thursday, 26 August 2021 04:38 PM

ගුණරත්න සහ විතාන දෙදෙනාගේම කමෙන්ට් දැකලා ලියන්න හිතුනා. සජිත් මහතා පවුල් පරපුරක් දැන් නැහැ වගේම ඔහු හොරකම් නොකරනවා වෙන්න පුළුවන්. නමුත් ඔහුගේ නැගණියට දරුවන් ඇති නේද. රනිල්ට දරුවන් නැතත් රුවන්ව ගෙනාවා වගේ සජිතුත් තමන්ගේ හෝ බිරිඳගේ නෑයෙක්ව ගෙනෙන්න ඉඩක් නැතිද. ඒ වගේම ප්‍රේමදාස ජනාධිපතිතුමා තමන්ගේ සොයුරු සොයුරියනට කිසිම උදව්වක් කරපු බවට සඳහනක් වත් නැති වුණත් එතුමා බලයේ සිටිද්දී හේමා ප්‍රේමදාස මහත්මියගේ සොහොයුරා කැනඩාවේ මහා කොමසාරිස් කරලා ඇරිය. කොටි කැනඩාවේ බලය ඇල්ලුවේ ඒ කාලේ. හේතුව මහා කොමසාරිස් කරපු දෙයක් නැති නිසා.

:       1       3

VithanaFriday, 27 August 2021 06:21 AM

දිනාල්ට උත්තරයක් දෙනවා නම්, මම ප්‍රේමදාස පවුල ගැන කතා කලෙත් නෑ ඔවුන්ව බලයට ගේන්න කතා කලෙත් නෑ. ඒක තීරණය කරන්න ඕනා ජනතාව එයාලගේ වැඩ පිළිවෙල අනුව. අනිත් කාරණය කැනඩාව කොටි ඇල්ලුවේ 1983 ජාතිවාදී කෝලාහල වලින් පසුව. ඒක කවුරුත් දන්න කතාවක්.

:       0       1

VINIVIDAThursday, 26 August 2021 05:35 AM

අපි බලාපොරොත්තුවන්නේ රටට වෙනසකි. එම වෙනස නම් වර්තමාන රජය පරදා විපක්ෂය බලයට ගෙන එම නොවේ. මේවන මහලු තරුණ පක්ෂ පාට, ජාති ආගම් බේදයකින් තොරව සියලු දෙනාම රටට වෙනසක් බල පොරොත්තුව සිටි. ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයන් මේවන විට ඔවුන්ගේ ලංකාවේ තිබෙන්නවූ සියලු සම්බන්දතා දැනුවත් කරමින් සිටින්නේ වර්තමාන දේශපාලනය අවසන් කර රටට වෙනසක් කරන ලෙසවේ. එය කල හැකිවන්නේ රටේ පුරවැසියන් හට පමණි. තරුණයන් එක හඩින් කියා සිටින්නේත් බලපොරෝත්තුවන්නෙත් දුෂිත දේශපාලකයා දේශපාලනයෙන් ඉවත් විය යුතු බව වේ. වසර 15ක පමණ සිට තරුණයන්ගේ ඉල්ලීම වූ යේ රටට වෙනසක් අවශ්‍ය බවය.

:       2       8

saman Wednesday, 25 August 2021 03:27 PM

මේ රටේ දුප්පත් සහ මධ්‍යම පාන්තික ජනතාව මෙතරම් දුක් විඳින්නේ මාසිකව ලක්ෂ එක හමාරට වඩා වැටුප් ලබන උදවියගෙන් අය කරගනු ලබන අදායම් බදු මුදල ප්‍රමාණවත් නොවීම නිසයි. මෙම ඉහළ වැටුප් ලබන සේවකයින්ගේ අත ඇති මුදල් අතිරික්තය නිසාම ඔවුන් තමන්ගේ පන්තිය නඩත්තු කිරීම සඳහා මිල අධික සුඛෝපභෝගී වාහන, ජංගම දුරකථන මිල අධික අත් ඔරලෝසු මිලට ගැනීම නිසා මෙරට මුදල් පිටරටට ගලා යෑම නිසා ඩොලරය ඉහළ යනවා. එවිට බඩු මිල ඉහළ යනවා. එතකොට අසරණ මිනිසුන් කබලෙන් ලිපට වැටෙනවා. අන්තිමට බැලුවාම පෝසතාගේ මිලදී ගැනීම් වලට දුප්පතා බදු ගෙවනවා වගේ පෙනෙන්නේ.. බැසිල් මැතිතුමනි, ලක්ෂ එක හමාරට වඩා අාදායම් උපයන අයට අධික බදු පනවන මෙන් ඉල්ලා සිටිනවා.

:       5       12

VithanaThursday, 26 August 2021 01:25 PM

ටැක්ස් ගහන්න ගිහින් තමයි මංගලට මිනිස්සු බැන්නේ ගිය ආණ්ඩු කාලේ. නැත්නම් මංගල ඉදිරිපත් කල බදු ක්‍රමය ඉතාමත්ම ප්‍රගතිශීලියි. ඔහුගේ ක්‍රමය උනේ අවුරුද්දකට රුපියල් දොලොස් ලක්ෂයකට වැඩි අයගෙන් පමණක් ආදායම වැඩිවෙන ආකාරයට බදු අය කර ගැනීම. ඒකට විරුද්ධව ජනතාව උසි ගැන්වූයේ වත්මන් ආණ්ඩුවේ නායකයන්මයි. වත්මන් ආන්ඩුවේ නායකයන් බලයට ආපු ගමන්ම කලේ මුදලාලිලාට බදු සහන දීමයි. එයින් ජනතාවට උන සෙතකුත් නෑ, භාණ්ඩාගාරයත් හිස් උනා. ඉහල ආදායම් ලබන අයගෙන් බදු ගහන්නේ නැතුව රට දියුණු කරන්න බෑ.

:       1       8

NuwanThursday, 26 August 2021 02:09 PM

රට ආර්ථික අවපාතෙට ලක්වෙලා තියෙන්නේ අවදිමත් විදිහට පිටරට වලින් ලබාගත් ණය නිසා.

:       0       3

Bamunuarachchi Wednesday, 25 August 2021 04:20 PM

රාජපක්ෂලා ඉන්නතුරු ජනතාව සතුටින්, සැපෙන් ඉන්නවා සිකුරුයි...

:       28       4

gotuaarachchiWednesday, 25 August 2021 05:01 PM

ඇත්ත ඇති සැටියෙන් නොපෙනෙන ඔහෙලා වගේ මෝඩ තකතීරුවන් නිසා තමයි අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ...

:       2       19

VithanaThursday, 26 August 2021 01:26 PM

කොලොප්පම් කරනවා මයේ හිතේ.

:       0       16

ගමේ එකාලාFriday, 27 August 2021 02:43 AM

වහලුන්ට , දුශිත දේසපාලුවන්ට ,කටුකන උන්ට නම් සතුට, සෞභාග්‍ය උතුරනවා.

:       0       0

Vithana Thursday, 26 August 2021 01:31 PM

බැසිල් මේ සැරේ ගේමට බැස්සේ ඇමරිකානු තානාපතිනියව අන්දලා වගේ පැහැදිලියි. ඒත් ඇමරිකානු රාජ්‍යය දෙපාර්තමේන්තුව එහෙම අන්දන්න අමාරු වෙනවා බැසිල්ට. ඇමරිකානු තානාපතිනියව අල්ලගෙන ඇමරිකන් කොම්පැණි කීපයක් මෙහේට ගේන්න දරපු උත්සාහය රාජ්‍යය දෙපාර්තමේන්තුවේ නිවේදනය නිසා වැලකුණා. අනිත් අතට දැඩි සිංහල බෞද්ධ ජාතිවාදයක්, ආගම්වාදයක් කරපින්නාගෙන මේ ආණ්ඩුව රටේ ජනතාව ගොනාට අන්දලා බලය ගත්තු නිසා ඒක මග හැරලා යන්නත් අමාරු කමක් තියෙනවා. කොහොමත් සුළු ජාතීන් මේ ආණ්ඩුව විස්වාස කරන්නේ නෑ. ඒක බැසිල්ට වෙනස් කරන්න අමාරුයි.

:       1       17

Nuwan Thursday, 26 August 2021 01:53 PM

රටට දෙයියන්ගේම පිහිටයි.

:       0       18

ramanichandrika Sunday, 29 August 2021 11:14 AM

අම්මෝ බැසිල්නම්, විශ්වාස කරන්න අමාරුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

වැඩි බලතල පොලිස්පතිටද? කොමිසමටද?
2025 ජනවාරි මස 23 4 0

2002 වසරේදි 17 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවනු ලැබූ මෙරට කොමිෂන් සභා පිහිටුවන ලද්දේ දේශපාලනයෙන් තොරව රාජ්‍ය සේවය පවත්වා ගැනීම මූලික අරමුණු කර ග


විදුලිබිල අඩුවීමේ ආර්ථික වාසි
2025 ජනවාරි මස 23 2 0

සියයට 20කින් විදුලි බිල අඩුකිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේ වනවිට රටේ කාගේත් අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කළ ස


වාහන ආනයනයේදී ආර්ථිකය
2025 ජනවාරි මස 22 983 3

2019 සිට ශ්‍රී ලංකාවට රථ වාහන ආනයනය කිරීම තහනම් කර තිබුණද අදියර කීපයක් යටතේ වාහන ගෙන්වීමට කටයුතු කරන බව රජය මීට පෙර ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන මස පළමු වැනිදා


සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ
2025 ජනවාරි මස 21 190 0

නූතන සිංහල කවියේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ මහගම සේකර කවියාගේ 49 වැනි අනුස්මරණය පසුගිය 14 වැනිදාට යෙදී තිබිණ. මහගම සේකර පෞද්ගලික ජීවිතයේත් නි


සජබ දෙදරුම් කෑ මුදල් සිද්ධිය
2025 ජනවාරි මස 21 612 0

පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, දින සියයක් පැරැණි ජාතික ජන බලවේගය රජයට බලපා ඇති ගැටලුවලට වඩා බරපතළ අර්බුදයක ගිලී සිටියි.


අයුක්තියට හිස නොනැමූ මාධ්‍යවේදියා
2025 ජනවාරි මස 21 212 0

“ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෘත්තීයභාවයක් පෙන්නුම් කිරීමට සමත් වී නැත. ජනමාධ්‍යවේදීන්ගේ සංකල්ප දැනුම තිබෙන්නේ දිළිඳු තත්වයකය. වෘත්තීය අභිමානයක් ඇත්තේම


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 497 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 631 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 355 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site