IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


බොරැල්ලේ කෝවිද හිමි

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.

1976 පෙබරවාරි 14 වැනිදා බොරැල්ල සරණපාල ප්‍රදේශයේදී ජන්මලාභය ලැබූ පරමේශ්වරන් මුතුකුමාරණ කුලකුමරුවෝ 1993 වර්ෂයේදී මහණ දිවියට පිවිස 1999 වර්ෂයේදී අධිශීල උපසම්පදාව ලැබූහ. 1995 සිට කොළොන්නාව පුරාණ රජමහා විහාරයට අයත් ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ වැඩ සිටිමින් එය දියුණු කරමින් ආගමික සාමාජීය විශාල සේවයක් උන්වහන්සේ සිදු කළහ.

සියලු ස්වාමීන් වහන්සේලා සමග ඉතා සුහදව කටයුතු කළ කෝවිද හිමියන් නිරන්තරයෙන්ම සඳහන් කළේ “මම මහණ වුණේ රාමඤ්ඤ නිකායේ, උපසම්පදා වුණේ අමරපුර නිකායේ, වැඩ ඉන්නේ සියම් නිකායකට අයත් පන්සලක” බවයි.

ග්‍රන්ථ රාශියක් රචනා කර ඇති අප නාහිමියන් මෑත කාලයේ මහජන ප්‍රසාදයට පත්වූ විචිත්‍ර ධර්ම දේශකයෙකි. උන්වහන්සේ ගැන බොහෝ දෙනා සඳහන් කළේ “ලේවල බණ තිබූ හාමුදුරුවෝ” ලෙසිනි. ඒ තරමට උන්වහන්සේගේ දේශන විලාසයට බොහෝ දෙනෙක් කැමැති වූහ.

සාමාන්‍යයෙන් ධර්ම දේශකයන් වර්ග දෙකක් දැකිය හැක. ඉන් පළමුවැන්න ජනප්‍රිය කාලීන දේශකයන්ය. දෙවැනි පිරිස ප්‍රබුද්ධ ප්‍රවේශයක් සහිත ධර්ම දේශකයන්ය. කෝවිද හිමියන් මේ කණ්‍ඩායම් දෙක අතර මැද තැනක වැඩ උන් දේශකයෙකි. සරල බස් වහර භාවිත කරමින් ශ්‍රාවකයා අතර සිනහව මතුකරමින් ඒ තුළින් යමක් සමාජගත කිරීමට කටයුතු කළහ.

සෑම විටකම සිතේ තබාගත යුතු අවවාදයක් ද උන්වහන්සේ ලබා දුන්හ. සිංහල මෙන්ම දෙමළ බසින් ද දෙස් විදෙස් ශ්‍රාවක සිත් සුවපත් කිරීමට කටයුතු කළ උන්වහන්සේගේ අකල් වියෝව නිසාම භාෂා දෙකින්ම බණ කියන දේශනා ශික්‍ෂණයක් සහිත දේශකයෙක් දැයට අහිමි විය.

මෙරට වැඩ සිටි කොටිකාවත්තේ ශ්‍රී සද්ධාතිස්ස, මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමිවරුන්ගේ ආභාසය ලබමින් තවත් මෙරට වැඩ සිටි විචිත්‍ර දේශකයාණන් අනුගමනය කරමින් උන්වහන්සේට ආවේණික ශෛලයෙන් නිරන්තරව ධර්ම දේශනා කරමින් සමාජයට ඉමහත් සේවාවක් සිදු කළහ. එහෙයින් උන්වහන්සේගේ අපවත්වීම දෙස් විදෙස් බෞද්ධ සමාජයට පිරවිය නොහැකි පාඩුවකි.

දේශනවලට පමණක් සීමා නොවූ කෝවිද හිමියෝ එය ක්‍රියාවෙන් ද ඔප්පු කර පෙන්වූහ. උන්වහන්සේගේ දාන පාරමිතාව ඉතා සුවිශේෂී එකක් විය. ඒ බවට දෙස් විදෙස් මහා සංඝරත්නය සාක්ෂි දරනු ඇත. උන්වහන්සේට ලැබෙන දෑ මහා සංඝරත්නයට පමණක් නොව සියලු ජනතාවට බෙදාදීම සඳහා ගම් නියම්ගම්වලට වැඩමකිරීමට අමතක නොකළහ. වාර්ෂිකව දළදා පූජාව නොවරදවා සිදුකළ උන්වහන්සේ මහා විහාරය සමග ද ඉතා කිට්ටු සබඳතාවක් පැවැත් වූහ.

වාර්ෂිකව පවත්වනු ලබන ධර්ම දේශනා වැඩසටහනේදී මෙතෙක් වැඩසිට අපවත් වූ සියලුම ධර්ම දේශක ස්වාමීන් වහන්සේලාට වර්තමාන දේශකයන් වහන්සේලා ලවා පුෂ්පෝපහාර දැක්වීමට තරම් කෘතවේදී විය.

මේ සියල්ල එසේ වුවද තථාගත දහමේ දේශිත උන්වහන්සේ ද නිරන්තරම දේශනා කළ මරණ ධර්මතාවය ඇති වූ ව්‍යාධීන් කෝවිද හිමියන්ට පොදු විය. සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය පසක් කරමින් 2024 සැප්තැම්බර් 01 වැනිදා කොළඹ ජාතික රෝහලේදී උන්වහන්සේ අපවත් වූහ.

උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය කොළොන්නාව පුරාණ රජමහා විහාරස්ථානයේදී අද (4) බදාදා දින සවස 4.00ට සිදුකිරීමට කටයුතු යොදා ඇත.

 

(***)

කොළොන්නාව පුරාණ රජමහා විහාරවාසී,

සියඹලාගොඩ ධම්මින්ද හිමි



අදහස් (1)

බොරැල්ලේ කෝවිද හිමි

රුචිර Wednesday, 04 September 2024 01:11 PM

දහමටත්, ශාසනයටත්, සංඝරත්නයටත් ජාති ආගම් බේද නොසලකා ජනතාවටත් කල අපරිමත මෙහෙය හේතුවාසනා කර සසර කෙලවර අමාමහ නිවනින්ම සැනසේවා..!!!

:       0       68

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29934 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12080 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10891 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 757 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 225 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 877 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site