IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


බෝම්බ බිය පැතිරුණු අරුගම්බෙ

ලෝකය මැවීමට අල්ලා දෙවියන්ට දින හයක කාලයක් ගත වූ බවත් ලෝකය මවා අවසන් වීමෙන් පසු හත්වැනි දිනයේ අල්ලා දෙවියන් නිවාඩු ලබාගත් බවත් යුදෙව් ජාතිකයෝ විශ්වාස කරති. ඒ දිනය ඔවුන් සමරන්නේ shabbaath variant shabbaath (සති අන්ත විවේක දිනය) යනුවෙනි.

ඊශ්‍රායලය  සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ බිහිසුණු ගැටුම් ආරම්භ වී  මේ වන විට වසරක්  පිරී ඇත. ඊශ්‍රායල  ප්‍රහාර හමුවේ මේ වනවිට හමාස් සංවිධානයේ ප්‍රබලතම නායකයන් ගණනාවක්ම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වරින් වර ප්‍රකාශයට පත්කර තිබිණි.

 අල්ලා දෙවියන් ලෝකය මවා විවේක ගත් දිනය  සතුටුවීමේ එහෙමත් නැත්නම් විවේක දිනය සැමරීමට මෙරට සංචාරය සඳහා පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයන් විසින් තෝරාගෙන ඇත්තේ වැඩි සංචාරක ආකර්ෂණයක් දිනාගෙන ඇති අරුගම්බෙ, ඇල්ල, වැලිගම, මිදිගම, අහංගම, ගාල්ල, බෙන්තොට, හික්කඩුව, ත්‍රිකුණාමලය, නිලාවේලි සහ මීගමුව යන මුහුදු තීර ආසන්නයේ පිහිටි සංචාරක කලාපය.

අල්ලා දෙවියන් ලෝකය මවා විවේකගත් දිනය මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල් ජාතිකයන් සතුටින් විනෝදයෙන් සමරන්නට පටන් ගත්තේ පසුගිය දොළොස් වැනිදා සිටය. එය අවසන් වන්නේ මේ මස 27 වැනිදාය .

මෙරටට පැමිණ සිටින  ඊශ්‍රායල් ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් තිබෙන බවට බුද්ධි අංශයක් මගින් අනතුරු ඇඟවීමක් කරමින් බුද්ධි වාර්තාවක් මෙරට ආරක්ෂක බලධාරීන් වෙත ඒවා තිබුණේ පසුගිය හත් වැනිදාය.

මෙරට සංචාර සඳහා පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් තිබෙන බවට අනතුරු අඟවමින් එවා තිබූ මෙම බුද්ධි අංශ වාර්තාව ලැබීමෙන් පසු ආරක්ෂාව දැඩි කිරීමට ආරක්ෂක බලධාරීහු කඩිනම් පියවර ගත්හ.

පොලිස් නිලධාරීන් සතු හෝ ආරක්ෂක අංශ සාමාජිකයන් සතුව හෝ තිබෙන රාජකාරී ගිනි අවි පැහැරගෙන ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට වුවත් හැකියාව තිබෙන බව එම බුද්ධි අංශ වාර්තාව මගින් පෙන්වා දී ඇතැයි කියවේ.

ඊශ්‍රායල ජාතිකයන් නවාතැන් ගෙන සිටින හෝටලේ හෝ නිවාඩු නිකේතනයේ සිට රටින් පිටවීම සඳහා ගුවන්තොටුපොළට යන අතරවාරයේ ද අන්තවාදින් ප්‍රහාර එල්ල කිරීමට ඉඩ කඩ තිබෙන නිසා ඒ ගැනද දැඩි සැලකිල්ලක් දක්වන ලෙස එම බුද්ධි වාර්තාව මගින් පෙන්වා දී ඇතැයි කියති.

ශ්‍රී ලංකාවේ අරුගම්බෙ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක ස්ථානවලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් තිබෙන බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට දැඩිව සැලකිලිමත් වන ලෙස ඇමරිකා එක්සත් රාජධානිය, නවසීලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, රුසියාව සහ ඊශ්‍රායලය සිය සංචාරක උපදේශන යාවත්කාලීන කරමින් අනතුරු ඇඟවීමක් ද නිකුත් කළේ එවැනි පසුබිමක් යටතේය.

වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා  සූම් තාක්ෂණය ඔස්සේ උසස් පොලිස් නිලධාරීන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට ආරක්ෂාව දැඩි කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා නැගෙනහිර පළාතේ ඊශ්‍රායල ජාතිකයන් ගැවසෙන සංචාරක ප්‍රදේශවල ආරක්ෂාව දැඩි කිරීමට කඩිනම් පියවර ගත් බවද නියෝජ්‍ය පොලිස්පති තල්දුව මහතා අවධාරණය කළේය.

දකුණු පළාතේ සංචාරක කලාපවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගනු ලැබුවේ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, මහේෂ් සේනාරත්න මහතා විසිනි.

 සංචාරක හෝටල් සහ මුහුදු තීරවල ආරක්ෂාව දැඩි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබුවේ මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාය.

යම් පොලිස් වසමක ඊශ්‍රායල් ජාතිකයකු පදිංචිව සිටින්නේ නම් ඔහු ගැන කඩිනමින් පොලිස්පති නිල මැදිරිය වෙත දැනුම් දිය යුතු බව විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් කර ඇත.

එසේම යම් ඊශ්‍රායල් ජාතිකයකු ඔහු සිටින ප්‍රදේශයේ සිට වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වන්නේ නම්  ඒ බව ද දැනුම් දී ඔවුන් ගමන් කරන පොදු ප්‍රවාහන සේවයට ආරක්ෂාවක් ද සැපයිය යුතු බව  විශේෂ පොලිස් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත් බව කියන දෙදෙනෙක් කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ (ටී.අයි.ඩී) නිලධාරීන් කණ්ඩායමක් විසින් මීට දින කිහිපයකට පෙර කොළඹ ප්‍රදේශයේදීම සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි. මෙයින් එක් අයෙක් යාපනයේ ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවකු වන අතර අනෙකා කොළඹ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

කොළඹ ප්‍රදේශයේ පුද්ගලයාගේ මව ශ්‍රී ලාංකික කාන්තාවක් වන අතර ඔහුගේ පියා මාලදිවයින් ජාතිකයකු යැයි කියති. මෙම ප්‍රහාරක සැලැස්මේ මහ මොළකරු ලෙස සැලකෙන්නේ මෙම පුද්ගලයා යැයි කියති. යාපනයේ පදිංචිව සිටි පුද්ගලයා ප්‍රහාරයට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය සහ ගිනි අවි සැපයීම බාරව සිටියා යැයි ද පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට තිබේ.

පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇති ආකාරයට යාපනයේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ළඟ තිබී පොලිස් භාරයට ගත් නවීන පන්නයේ ජංගම දුරකථනයේ සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශවල තොරතුරු ඇතුළත්ව ඇත. ප්‍රහාරයට අවශ්‍ය ගිනි අවි සොයා ගැනීමට අපහසු වුවහොත් රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරියකු සතු හෝ ආරක්ෂක අංශ නිලධාරියකු සතු ගිනි අවි පැහැර ගෙන ගොස් ඒවායින් ප්‍රහාර එල්ල කිරීම මෙම සැලැස්මට අයත් බවද  ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

ප්‍රහාර එල්ල කිරීමට ගිනි අවි සොයා ගැනීම අපහසු වුවහොත් තියුණු ආයුධවලින් පහරදී හෝ ඊශ්‍රායල් ජාතිකයන් ඝාතනය කරන ලෙසට මෙම කොන්ත්‍රාත්තුව භාර දුන් අන්තවාදී කල්ලියෙන් උපදෙස් ලැබී තිබුණු බවද කියති.

මෙම ප්‍රහාරක සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වීමට සිටින අය ගැන ද තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

මෙම ප්‍රහාරක සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා මොවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ පනහක මුදලක් ලබා දී ඇති බව පැවසෙන අතර ප්‍රහාරක සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණහොත් රුපියල් කෝටි ගණනක මුදලක් ලබාදීමට ද මෙම ප්‍රහාරක සැලැස්ම බාර දුන් අන්තවාදීන් සූදානමින් සිටින බවද පැවසේ.

අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන සැකකරුවන් දෙදෙනාගෙන් වැදගත් තොරතුරු රැසක්ම අනාවරණය වී ඇතත් ඉදිරි විමර්ශනවලට බාධා ඇති විය හැකි නිසා ඒවා දැන්ම ප්‍රසිද්ධියට පත් කිරීමට නොහැකි වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග කීය.

මෙම ප්‍රහාරක සැලැස්ම ව්‍යාර්ථ කිරීමට අවශ්‍ය සියලු‍ම විධිවිධාන සහ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති නිසා කිසිවකුට කිසිදු බියක් හෝ සැකයක් ඇති කරගත යුතු නොවන බව පොලිස් ප්‍රධානීහු අවධාරණය කළහ.

මේ අතර  සමහර ඊශ්‍රායල් ජාතිකයන් ලැගුම් ගෙන සිටින ස්ථාන  සොයා ගැනීමට දුෂ්කර කාර්යයක් වී ඇතැයි ද සඳහන්ය.

 

(*** ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)



අදහස් (4)

බෝම්බ බිය පැතිරුණු අරුගම්බෙ

ajith Friday, 25 October 2024 01:05 PM

ඊශ්‍රායල් ජාතිකයෝ අදහන කෙනෙක් නෑ ...

:       2       10

janabala asamagiTuesday, 29 October 2024 10:25 AM

මොහුගේ අදහස ප්‍රශ්නකාරී, ගුප්ත අදහසක්...!

:       0       0

Aruna shantha Friday, 25 October 2024 04:07 PM

ගරු ජනාධිපතිතුමනි, රටේ ආරක්ෂාව වගේම රටේ හොඳ නමත් රැකගැනීමට නම් වහාම ඔය ඊස්රායල් කාරයෝ සියලු දෙනාම රටෙන් පිටකරන්න. ඒවගේමයි උන්ට ආයුධ දුන්නේ කවුද ?

:       11       10

janahithaTuesday, 29 October 2024 10:24 AM

වහාම මොහුගෙන් ප්‍රශ්න කළ යුතුය. මොහුගේ පසුබෑම සහ අදහස ප්‍රශ්නකාරී වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 669 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 850 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site