IMG-LOGO

2025 ජනවාරි මස 13 වන සඳුදා


පහුගිය ආණ්ඩු කාලේ අහු නොවෙන්න සොරකම් කළේ මෙහෙමයි

23pg-8d--main-pgs

 

රජයේ රූපවාහිනී නාළිකාවල විකාශනය කිරීමට ටෙලිනාට්‍ය තෝරා ගන්නා ”මිම්ම” තිබුණේ දේශපාලනඥයකු අතය. ඒ එක් ටෙලිනාට්‍යයක් වෙනුවෙන් දේශපාලනඥයාට රුපියල් ලක්‍ෂ පනහක් ගෙවීමය. ටෙලි නාට්‍යයේ අන්තර්ගතය කුමක් වුවද විකාශනය සඳහා එය බාධාවක් වූයේ නැත. රුපියල් ලක්‍ෂ 50 ක් දේශපාලනඥයා අත තැබීම පමණක් එකම සුදුසුකම විය. ඊට අමතරව ටෙලිනාට්‍ය නිළියන්ගෙන් ලිංගික අල්ලස් පවා දේශපාලනඥයා සමඟ සිටි සමහරු ඉල්ලා සිටියහ.

 

 

දේශපාලනයට අත්පොත තබන බොහෝදෙනෙකු ප‍්‍රකාශ කරන්නේ තමන් දේශපාලනයට එන්නේ ජනතාවට සේවය කර රටටද වැඩක් කරන්නට කියාය. තමන්ව හඳුන්වා ගැනීමට ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද අවංක, බුද්ධිමත්, ජනතාවාදී, මනුස්සකම, දේශපේ‍්‍රමී, එඩිතර වැනි යෙදුම් ද තම නම ඉදිරියට දමා ගනී. එහෙත් මේ බොහෝ දෙනෙකුගේ කෙරුවාව කිරා මැන බලා ජනතාව අවසානයේදී ඔවුන්ගේ නම ඉදිරියට යෙදුමක් එකතු කරති. ඒ ”හොරා”, ”දූෂිතයා”, ”කප්පම්කරුවා” වැනි ඒවාය.


අපේ රටේ ජනතාව අතර දේශපාලනඥයා තරම් විවේචනයට ලක්වන අයෙකු නැති තරම්ය. ඒ බොහෝ දේශපාලනඥයින් දූෂිතයින්, හොරුන්වීම නිසාය. එම හොර දේශපාලනඥයන් හානි කරන්නේ රටට, ජනතාවට පමණක් නොවේ. මේ රටේ අතලොස්සක්ව සිටින පිරිසිදු දේශපාලනඥයින්ටය.


යහපාලන රජයක් රට තුළ ස්ථාපිත කිරීමට ජනතාවට තිබූ ප‍්‍රධානතම අපේක්‍ෂාව වුයේද දේශපාලනඥයින්ගේ මෙම හොර, මැරකම්, දූෂණය නතර කිරීමය. ”ජනතා මුදල් ගසා කන ලද දූෂිතයින් වහා අල්ලනු” කියා ජනතාව දිගින් දිගටම ඉල්ලන්නේ ඒ නිසාය. එහෙත් හොරු ඇල්ලීමට නොහැකි ප‍්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ දේශපාලනඥයාගේ මෙම දූෂණ, වංචා නීතියට අනුකූලව සොයා ගැනීම එතරම් පහසු වැඩක් නොවන නිසාය.හොරකම්, දූෂණය සිදුකර ඇති දේශපාලනඥයින් බහුතරය නූගතුන් වුවද ඔවුන් හොරකම් කර තිබෙන්නේ ඉතා සූක්‍ෂම අයුරිනි. ඔවුන්ගේ හොරකම් නීතිය ඉදිරියේ සනාථ කරන්නට බැරි තරම්ය. ඒ බව හොඳින් දන්නා දූෂිත දේශපාලනඥයින් වහසි බස් දොඩවන්නේ හොරකම් කර ඇති බව ඔප්පු කළහොත් මන්ත‍්‍රී ධුරයෙන්ද ඉවත්වන බව කියමිනි.


එක්තරා දේශපාලනඥයකු පසුගිය කාලයේදී ඉන්ධන පිරවුම්හල් 24 ක් ලබාදීම සඳහා එක් ඉන්ධන පිරවුම්හලකින් රුපියල් ලක්‍ෂ හතළිහ බැගින් ලබාගෙන තිබුණි. එහෙත් දේශපාලනඥයා මුදල් ලබා ගත් බවට සනාථ කළ නොහැක්කේ ඒ පිළිබඳව කිසිවෙකුත් ප‍්‍රකාශ නොකිරීම සහ ගනුදෙනුවලට අදාළ කිසිදු ලියවිල්ලක් නොමැති බැවිනි. නමුත් වත්මන් විෂයභාර අමාත්‍යවරයා සතුව මෙම ගනුදෙනු පිළිබඳව සාක්‍ෂි ඇති බව කියැවෙන අතර එම ඉන්ධන පිරවුම්හල් 24 තහනම් කිරීමේ තත්ත්වයක් ද උදාවී තිබේ. මේ නිසා මේ දිනවල එම ඉන්ධන හල් විකුණා දැමීමේ උත්සාහයක්ද පවතින බවට ආරංචි පැතිර යමින් තිබේ.
පසුගිය රජයේ දේශපාලනඥයින්ට එල්ල වූ ප‍්‍රධානතම චෝදනාවක් වන්නේ මාර්ග ඉදිකිරීමේදී හා සංවර්ධනය කිරීමේදී විශාල වශයෙන් මුදල් ගසා කෑ බවටය. මෙරට මාර්ග සංවර්ධනයේ යෙදී සිටින කොන්ත‍්‍රාත්කරුවන් දේශපාලනඥයින්ගේ ගෝලබාලයන්ය. ඔවුන්ගේ ලාභය ලෙස ගිවිසුම් අත්සන් කරද්දීම දේශපාලනඥයාට එයින් සියයට 10-15 ක ප‍්‍රමාණයක් ලැබෙයි. මාර්ග ඉදිකිරීමට අවශ්‍ය ද්‍රව්‍ය සපයන කොන්ත‍්‍රාත්කරුවන් වෙනම සිටිති. ඔවුන්ද දේශපාලනඥයාගේ හිතවතුන්ය. රුපියල් දෙදහසක් පමණ වටිනාකමක් ඇති වැලි ලෝඞ් එකකට කොන්ත‍්‍රාත්කරු රුපියල් පන්දහසක වටිනාකමක් ඉදිරිපත් කරයි. වැඩිපුර රුපියල් තුන්දහස යන්නේ දේශපාලනඥයාගේ සාක්කුවටය. කිසිඳු ටෙන්ඩරයකින් තොව තරමන්ගේ ගෝලබාලයින්ට මාර්ග ඉදිකිරීම හා සංවර්ධනය බාරදෙන දේශපාලනඥයින් එක් කිලෝමීටරයකින් රුපියල් කෝටි ගණනක් ගසා කති. නමුත් ඒවා සනාථ කර ගැනීමට සංඛ්‍යාලේඛන නැත. ග‍්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේදීද තත්ත්වය මෙසේය. ග‍්‍රාමීය මාර්ග කොන්ක‍්‍රීට් කිරීම බාරදෙන්නේ පළාත් පාලන ආයතනයේ ප‍්‍රධානියාට හිතවත් කොන්ත‍්‍රාත්කරුවන්ටය. මාර්ගයට යන වියදමෙන්් සියයට 15-20 අතර ප‍්‍රමාණයක් පළාත් පාලන ප‍්‍රධානියාට ලබාදිය යුතුය.


පසුගිය රජය මගින් ක‍්‍රියාත්මක කළ ”සතිපොළ” ව්‍යාපෘතියද දේශපාලනඥයින් යහමින් මුදල් ගසා කෑ තවත් ව්‍යාපෘතියකි. බොහෝ සතිපොළ ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 10කට වඩා වියදමක් පෙන්වා ඇතත් ඒවායේ සැබෑ වියදම රුපියල් කෝටි තුන නොඉක්මවයි. සතිපොළ ඉදිකිරීමද තම හිතවතෙකුට පැවැරූ ප‍්‍රබල දේශපාලනඥයකු ඒ මගින් රුපියල් කෝටි ගණනක් ඉපයීය.


රජයේ රූපවාහිනී නාළිකාවල විකාශනය කිරීමට ටෙලිනාට්‍ය තෝරා ගන්නා ”මිම්ම” තිබුණේ දේශපාලනඥයකු අතය. ඒ එක් ටෙලිනාට්‍යයක් වෙනුවෙන් දේශපාලනඥයාට රුපියල් ලක්‍ෂ පනහක් ගෙවීමය. ටෙලි නාට්‍යයේ අන්තර්ගතය කුමක් වුවද විකාශනය සඳහා එය බාධාවක් වූයේ නැත. රුපියල් ලක්‍ෂ 50 ක් දේශපාලනඥයා අත තැබීම පමණක් එකම සුදුසුකම විය. ඊට අමතරව ටෙලිනාට්‍ය නිළියන්ගෙන් ලිංගික අල්ලස් පවා දේශපාලනඥයා සමග සිටි සමහරු ඉල්ලා සිටියහ.


මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය නොකළ දේශපාලනඥයකුද තම විෂය පථයට අයත් පාසල් ගොඩනැගිලි හා සියලූම ඉදිකිරීම් කටයුතු භාරදුන්නේ තම හිතවතෙකුටය. එයට කරන ගරු කිරීමක් ලෙස කොන්ත‍්‍රාත්කරු හතරමං හන්දියක් ඇති නගරයක සුවපහසු නිවසක් දේශපාලනඥයාට හදා දුන්නේය. ඊට අමතරව රුපියල් කෝටි ගණනක් මාස්පතා දේශපාලනඥයාට ගෙවීමට කොන්ත‍්‍රාත්කරු බැඳී සිටියි.


නගරයේ පිහිටි රජයේ රෝහලක වෛද්‍යවරයකුගේ බිරිඳ සේවය කළේ නගරයේම පාසලක ගුරුවරියක ලෙසය. මේ දේශපාලනඥයා අදාළ ගුරුවරියට නියෝජ්‍ය විදුහල්පති තනතුරක්ද ලබාදුන්නේ තම බලය භාවිතා කරමිනිි. ගුරුවරිය සමග හෝටල් කාමරයක සිටියදී දේශපාලනඥයා දොස්තර සැමියාගේ අතටම හසුවිය. මේ සිදුවීම වූ වහාම දේශපාලනඥයා විදෙස් ගත විය. මේ වනවිට ගුරුවරියට එරෙහිව වෛද්‍යවරයා දික්කසාද නඩුවක් පවරා තිබේ. ¥ෂිත දේශපාලනඥයින් ධනය පමණක් නොව වෙනත් ආකාරයේ අල්ලස් ලබා ගන්නේ එහෙමය.


දුෂ්කර පළාතක පළාත් සභාවක ප‍්‍රධාන තනතුරක් දැරූ දේශපාලනඥයකු කොළඹ ඉදිකිරීම් සමාගමක නිවාස ව්‍යාපෘතියකට අයත් නිවාස 14 ක් අල්ලසක් ලෙස ලබාගන්නේ තම දේශපාලන පවුලේ බලය පාවිච්චි කරමිනි.


වරාය අධිකාරියට සේවකයින් බඳවා ගැනීමේදී එක්තරා තැනැත්තකු පසුගිය කාලයේදී විශාල මුදලක් එකතු කර ගත්තේය. රැකියාවක් ලබාදීම සඳහා එක් අයකුගෙන් රුපියල් ලක්‍ෂ 5 ක් මේ තැනැත්තා ලබා ගත්තේය. එක්තරා කාලයක ඉන්න හිටින්න නිවසක් පවා නොතිබූ මෙම දේශපාලනඥයා අද වනවිට රටේ මුලින්ම කියැවෙන ප‍්‍රකෝටිපතියෙකි.


පාපැදියක් හෝ නොමැතිව දේශපාලනයට පැමිණෙන දේශපාලනඥයින් බොහෝ දෙනකු වසර කිහිපයකින්ම නවීන නිවාස හදන්නේ, අති නවීන වාහනවල යන්නේ හත්මුතු පරම්පරාවම සඳහා මුදල් උපයන්නේ කෙසේදැයි යන්න ජනතාවට ගැටළුවක් නොවේ. එහෙත් ජනතාවට ගැටළුවක්ව පවතින්නේ  දේශපාලනඥයින් සිදුකරන මෙම සොරකම්  නීතියට හසු නොවන්නේ ඇයි දැයි යන්නය එදත්, අදත්, හෙටත් මේ දූෂණ වංචා අඩුවැඩි වශයෙන් සිදුවිය හැකිය. පසුගිය වසර දශක තුනක කාලයක සිට මේ රටේ මහජන සුබසිද්ධිය සඳහා ආණ්ඩු විිසින් වෙන් කරන ලද මුදල්වලින් වැඩි කොටසක් තවමත් ඇත්තේ දේශපාලනඥයින්ගේ වත්කම් ලෙසය.


නීතියට හසුනොවන මෙම දූෂිත ගනුදෙනුවල විනිවිද භාවයක් ඇතිකිරීම සඳහා දැන්වත් නිසි ක‍්‍රමවේදයක් ඇති කළ යුතුය. ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමේදී විනිවිද පෙනෙන ටෙන්ඩර් පටිපාටියක් ඇති කිරීම වැනි පියවර මේ සඳහා ගත හැකි කි‍්‍රයාමාර්ගය.


පළාත්පාලන මැතිවරණ පනත සංශෝධනය සඳහා ක‍්‍රියාකරමින් සිටින මෙවැනි යුගයක පළාත් පාලන ආයතන තුළ සිදුවන දූෂණ හා අක‍්‍රමිකතා අවම කර ගැනීමටද අවශ්‍ය පියවර ගත යුතුය. මක්නිසාද, අපේ රටේ දේශපාලනඥයා හොරකම් කරන්නට අත්පොත තබන ස්ථානය වෙන්නේ පළාත් පාලන ආයතන නිසාය.


දේශපාලනඥයා ප‍්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ ප‍්‍රධානියාව සිටියදී උත්සාහ කරන්නේ සියයට දහයක් හොරකම් කරන්නටය. පාර්ලිමේන්තුවට ගියවිට සීයට 20 ක්ද, නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ විට සියයට තිහක්ද අමාත්‍යවරයකු වූ විට සියයට හතළිහක්ද සොරකම් කරන්නට උත්සාහ දරයි. පළාත්පාලන ආයතනයේදීම සියයට දහය සොරකම් කිරීම නවතාලිය හැකිනම් එක් දූෂිත දේශපාලනඥයෙකුගෙන් පමණක් රුපියල් කෝටි ගණනක මුදලක් රටට ඉතිරි කර ගත හැකිය.


එසේ සොරකම් නවතාලීමට ක‍්‍රමවේදයක් සකස් කිරීමට අප අසමත් වේ නම් තවත් දශකයක් යද්දී දූෂිත දේශපාලනඥයින් විසින් රටේ ජාතික ධනයෙන් සියයට හැත්තෑවක් අසූවක්ම කොල්ලකනු නියතය. දින සියය වැඩසටහනින් කියැවුණු දේශපාලනඥයාට ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීම වැනි ඉතා වැදගත් යෝජනා තවමත් ක‍්‍රියාත්මක නොවන්නේ දූෂිත දේශපාලනඥයින්ට උඩගෙඩි දීමට දැයි සැක සිතේ.


m

 



අදහස් (0)

පහුගිය ආණ්ඩු කාලේ අහු නොවෙන්න සොරකම් කළේ මෙහෙමයි

ලෙස්ලි ජයවර්ධන Monday, 25 May 2015 10:12 AM

ඔබ කුමන පක්ෂයට ඡන්දය දුන්නත් හොර තක්කඩින්ට මනාප දෙන්න එපා (ම)

:       0       0

කුමාරිහාමි Thursday, 28 May 2015 07:55 AM

සල්ලි හොයපු විදිය ප්‍රකාශ කරන්න බැරිනම් ඒ හොඳටම ඇති වංචාවෙන් සල්ලි හෙව්වා කියල ඔප්පු කරන්න. ඒ තියෙද්දී සාක්ෂි නෑ කියා බොරු කරන්නේ හොරු බේරන්නයි. මොන රජය ආවත් හොරු හොඳින් ඉන්නවා. (ම)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Tuesday, 26 May 2015 12:10 AM

කලක් දේශපාලන ලෝකයේ විරාජමානව වැඩ සිට ජනතාවගේ රීරි මාංශය උරාගෙන වංචනිකයින් ලබාගත් ආස්වාදය අද දුකකට පරිවර්තනයවීම දක්වා සමාජය එක්තරා පරිවර්තනයකට භාජනය වී තිබෙනවා. දුෂණයෙන් තොර යහපත් හෙටක් වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමට ලංකාදීප පුවත්පත ඉටුකරන යුග මෙහෙවරට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ද සිල්වා Wednesday, 27 May 2015 10:26 AM

මෙහම හොරු ඇල්ලුවහම උන්ගේ නායකයා පන්සල් වලට ගොස් කියන්නේ මේවා දේශපාලන පලිගැනීම් කියාය, (ම)

:       0       0

තමාරා Monday, 25 May 2015 01:36 PM

අනේ පව් පඩිය මදි ඇති. (නදී)

:       0       0

දිලිප් වික්‍රමරත්න Thursday, 28 May 2015 05:58 AM

මේ ලිපිය සහ චම්පික මහතාගේ චඡන්දයට පෙර තිබු මෙගා ඩීල් ෆයිල් අතර කිසිදු වෙනසක් නැත. මෙතරම් චෝදනා සහ සාක්ෂි තිබෙනවා යයි පවසන මේ ආණ්ඩුව , මේ මිනිසුන්ට විරුද්ධව මුල්‍ය අපරාධ අංශයේ ගොනුකර ඇති චෝදනා හාස්‍යජනකය . වැඩිම වුවහොත් තව මාස කීපයකින් ඔවුන් සියලු දෙනා නිදොස් කොට නිදහස් වෙනු ඇත. ළග එන මැතිවරණයකට ඡන්ද ලබා ගැනීම මිස යහ පාලනයට හොරු ඇල්ලීමට උවමනාවක් නැති බවත්, මෙය තව එක් දේශපාලන මගඩියක් ම බව ජනතාව ඉක්මනින්ම වටහා ගනු ඇත (බ)

:       0       0

චන්න බුවනක Wednesday, 27 May 2015 03:42 PM

ලක්ෂ පනහක් සෙල්ලම්ද? (කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

ප්‍රවාහන ක්ෂේත්‍රයට ක්ලීන් ශ්‍රී ලංකා
2025 ජනවාරි මස 11 248 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 1 වැනිදා සිය ‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩ සටහන ඉදිරිපත් කිරීමේ දී එහි අවශ්‍යතාව පැහැදිලි කරමින් මෙසේ ප්‍රකාශ කළ


එක රැයේ තීන්දුවෙන් අසරණවීම
2025 ජනවාරි මස 10 715 10

ආණ්ඩුව රටට දැනෙන යමක් කිරීමේ දැඩි අවශ්‍යතාවකින් පෙළෙන බව පෙනේ. ඒ, සාමාන්‍යයෙන් අලු‍තින් පත් වූ ඕනෑම ආණ්ඩුවක ස්වභාවයයි. විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුව පත් වූ


රජයේ නිවාඩු දින පසුපස
2025 ජනවාරි මස 10 623 0

මෙම වසරට අදාළව යෙදී ඇති රජයේ හෝ නිවාඩු දින විසි හතරෙන් විසි දෙකක්ම යෙදී ඇත්තේ සතියේ වැඩ කරන දවස් අතරටය. රජයේ නිවාඩු දින දෙකක් පමණක් සෙනසුරාදා සහ ඉරිදා ද


දිළිඳුකම පිටුදකින ක්‍රමවේදයක්
2025 ජනවාරි මස 09 356 0

මෑත දශක කිහිපය තුළ සංවර්ධනය වෙමින් පවත්නා රටවල්වල දරිද්‍රතාව අවම කිරීම සඳහා බහුල ලෙස යොදාගත් මෙවලමක් ලෙස ක්ෂුද්‍ර මූල්‍යකරණය හඳුනාගත හැකිය. අඩු ආදාය


වැඩිහිටි ප්‍රජාවට විශේෂයක් අවශ්‍ය ඇයි?
2025 ජනවාරි මස 08 1571 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කළ කතාවේදී ප්‍රකාශයට පත්කළ නව බදු සංශෝධන අතරින් ඉතිරිකිරීමේ ගිණුම් සඳහා වූ රැඳවුම් බද්


ගලන ගඟකි ජීවිතේ
2025 ජනවාරි මස 07 435 0

මෙරට සංගීතයෙහි අමරණීය පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ ජීවන මංතලාවේ ඔහුට හමුවූ විවිධ චරිත සොයා යෑමේ දී අමරදේවයන්ගේ නිර්මාණාව


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 173 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 538 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 288 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site