IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පාරේ හිඟා කෑ චීන හිඟන්නු 13ක් අල්ලයි

08-higakana-chinnu

 

මහනුවර ශ්‍රී දළදා මාළිගය ආසන්නයේ නුවර වැව රවුමේ පදිකවේදිකාව මතට වී වයලින් වාදනය කරමින් ගී කියමින් යාචක වෘත්තියේ නිරතව සිටියේ චීන ජාතිකයින් දෙදෙනෙකි.


චීන ජාතිකයන් දෙදෙනා ගීත ගායනා කළේ කුඩා ශබ්දවාහිනී යන්ත්‍රයක් භාවිතා කරවමිනි. කවුරුන් හෝ කෙනෙකුට මෙය එතරම් රිස්සුවේ නැත. මෙය ජනතාවට පීඩා ගෙන දෙන ඝෝෂාකාරි හඬක් බව කියමින් ඔහු ඒ බව දුරකතනයෙන් කතාකර කියා ඇත්තේ මහනුවර මූලස්ථාන පොලිසියටය.


මහනුවර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිපුන දෙහිගම මහතා වහා එහි ගියේ මහනුවර සංචාරක කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංගජීව මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක්ද කැටිවය.  


පනහකට හැටකට ආසන්න පිරිසක් ඒ වනවිටත් එතැනට රොක් වී චීන්නු දෙන්නාගේ සින්දු අසමින් සිටින අයුරු පොලිස් නිලධාරීන්ට දැකගැනීමට ලැබී ඇත.


චීන ජාතිකයින් දෙන්නා සින්දු කියමින් නිකම් හිටියේ නැත. ඔවුන් රැස්ව සිටි පිරිසට අතපාමින් මුදල් ඉල්ලා සිටියහ.


පොලිස් නිලධාරීන් චීන ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ සංචාරක වීසාවලින් මෙරට පැමිණ යාචක වෘත්තියේ නියැලීමේ චෝදනාව යටතේය.
රුපියල් 6000ක පමණ මුදලක්ද චීන ජාතිකයින් දෙදෙනා ළඟ තිබී පොලිස් බාරයට ගත්තේය. මේ මුදල චීන ජාතිකයින් දෙන්නා උපයාගෙන ඇත්තේ සින්දු කියා අනුන්ට අතපා පැයක් වැනි කාලයක් ඇතුළතය.


ලංකාවේ ඉන්නේ දනට පිනට ලැදි අනුන්ගේ දුකේදී හිත උණුවෙන මිනිස්සු බව දැනගෙන හිටියා. ඒ වගේම ලංකාව සුන්දර රටක් කියන එකත් අපි දැනගත්තා. ඒ නිසා තමා අපි ලංකාවට ඇවිත් හිඟා කාලා සල්ලිත් කීයක්හරි හොයාගෙන රටේ සුන්දරත්වයක් බලාගෙන යන්න එන්න තීරණය කළේ. අපේ සින්දුවලට සංගීතයට ලංකාවේ මිනිස්නුන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. මිනිස්සු අපේ සින්දු අහලා හොඳට සල්ලි දුන්නා. අපි ඒ ලැබුණු සල්ලිවලට හොඳට කාලා බීලා ජොලි කළා. නවාතැන් පොළට වියදම් කළෙත් හිඟා කාලා හොයාගත්ත සල්ලියි. ආයෙත් අපි ලංකාවට එන්නයි හිටියේ. හිඟා කාලා හොඳට හම්බ කරන්න පුළුවන් රටක්.


ඒ චීන ජාතිකයින් දෙදෙනා පොලිසියට කී කතාවය.


මොවුන් දෙන්නා මහනුවර නගරයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටිමින් යාචක වෘත්තියේ නිරතව සිට ඇත.


මහනුවර කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එඞ්මන් මහේන්ද්‍ර මහතාගේ විශේෂ උපදෙස් මත මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වා ඇත.


චීවර ඇඳගෙන ව්‍යාපාරික ස්ථාන සහ නිවෙස් ගානේ යමින් අනුන්ට අතපාමින් සම්මාදම් මුදල් ඉල්ලීමේ නිරතව සිටි බව කියන චීන ජාතිකයින් හය දෙනෙක් පසුගිය වසරේ අග භාගයේ ද මේ වසරේ ද අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ආගමන විගමන නිරීක්ෂණ, බුද්ධි සහ විමර්ශන අංශයේ නිලධාරීන් විසිනි.


ශ්‍රමණ වෙස්ගෙන උදේ සිට ව්‍යාපාරික ස්ථානවලට සහ නිවාසවලට ගොස් හවස් වනවිට සැලකිය යුතුමුදලක් මේ හය දෙනා සොයා ගන්නා බව ආගමන විගමන නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත. පිං තකා අපේ උපාසක උපාසිකාවන් ලබාදෙන මුදල් එකතු කරගන්නා මොවුන් හවස නතර වන්නේ රාත්‍රි සමාජශාලාවලය. රාත්‍රී සමාජ ශාලාවලට යන මේ චීන ජාතිකයින් පිරිස් විනෝදවෙමින් කැසිනෝ සූදුවටද ඒ මුදල් වැයකර තිබුණ බව පැවසුවේ එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.


කොහුවල, බොරලැස්ගමුව, මරදාන සහ මාළබේ යන ප්‍රදේශවලදී මෙම චීන ජාතිකයින් හය දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කටයුත්තේ නිරතව සිටින අතරවාරයේය.


ශ්‍රමණ වෙස් ගෙන සිටි මොවුන් හය දෙනා ද අසාදු ලේඛන ගතකර මෙරටින් පිටුවහල් කර ඇත්තේ සංචාරක වීසාවලින් මෙරට පැමිණ මුදල් ඉපැයීමේ චෝදනාව යටතේය.


සංචාරක වීසාවලින් පැමිණ යාචක වෘත්තියේ නිරතව සිටි චීන ජාතිකයින් හතර දෙනෙක් සහ චීන ජාතික හිඟන යාචක මුදලාලි නෝනා කෙනෙක්ද කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය වසරේ ජුලි මාසයේය.


මේ චීන ජාතිකයින් හතර දෙනා සහ කාන්තාවද අසාදු ලේඛනගතකර රටින් පිටුවහල් කරනු ලැබුහ.


වයලීනයක් වයා ගීත ගායනා කරමින් යාචක වෘත්තියේ නිරතව සිටි බව කියන රූමතියක් පොලිසියට කොටුවූයේ බදුල්ල ඇල්ල නගරයේදීය.


ඇය එංගලන්ත ජාතික තරුණියක වුවාය. ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්. ඩී. කරුණාරත්න මහතා සමග ඇය පවසා තිබුණේ තමාගේ පියා එංගලන්තයේ නිතිඥවරයෙක් යැයි කියාය. අපේ රට කාලයක් එංගලන්තයේ යටත් විජිතයක්ව පැවැතිණි. එහෙම රටක සිට අපේ රටට පැමිණි එංගලන්ත ජාතික තරුණියක් සිඟමනේ යෙදීම දෛවෝපගත සිදුවීමක් නොවේද?

m



අදහස් (0)

පාරේ හිඟා කෑ චීන හිඟන්නු 13ක් අල්ලයි

ගුණවර්ධන Sunday, 16 October 2016 05:12 PM

සාගර, මෝඩකමද මෙතන අයහපත් වන්නේ ලෝබකමද? යමක් හරියට කරකියා ගන්නට බැරි දුගී අසරණයන් කොපමණ ඉන්නවද අපේ රටේ? (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 10 October 2016 08:13 PM

අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට ආඩම්බර විය යුතුයි, කුමන හෝ රටකින් කුමන ආකාරයකින් පැමිණ හිඟාකෑවත් අපේ අය හොඳට සළකනවා (නි)

:       0       0

සාගර Friday, 14 October 2016 06:23 AM

හිඟන්නන්ට සල්ලිදෙන එක තරම් මෝඩ කමක් තවත් නැහැ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site