IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පරව නොයන කුසුම ඔබයි

“හෙට දිනයේ නැවත හමුවන බලාපොරොත්තුවෙන් මේ 
ආයුබෝවන් කියන්නේ කුසුම් පීරිස්. ආ..යු..බෝ..ව..න්”

එදා ගුවන් විදුලියෙන් ඉදිරිපත් කළ වැඩසටහනක් අවසානයේදී සිය ආදරණීය ශ්‍රාවකයින්ට එසේ ආයුබෝවන් කී කුසුම් පීරිස් නම්වූ එම නිවේදිකාව අද මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවටම ආයුබෝවන් කියා සමුඅරන් ගොසිනි.

කුසුම් පීරිස් නිවේදිකාව ගුවන් විදුලියට සම්බන්ධ වූ අලුත ඇය ශ්‍රාවකයින් ඇමතුවේ කුසුම් පී. ජයලත් නමිනි. ඇය පාසල් සමයේ ශිෂ්‍යාවක ලෙස පෙනී සිට ඇත්තේ කුසුම් පියසීලි ජයලත් නමිනි.

මෙයට වසර ගණනාවකට පෙර ඉරිදා ලංකාදීප “සඳැල්ල” අතිරේකය වෙනුවෙන් මා ඇය සමග පැවති සාකච්ඡාවේදී සිය පාසල් ජීවිතය ගැන සඳහන් කර සිටියේ ඉතාමත් ගෞරවයෙනි. මං උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තේ කැලණිය ගුරුකුල විද්‍යාලයෙන්. අපේ සිනමා නිළි රැජිණ මාලිනි ෆොන්සේකා, චිත්‍රපට අධ්‍යක්ෂ එච්.ඩී. ප්‍රේමරත්න, චිත්‍රපට කැමරා අධ්‍යක්ෂ ඩොනල්ඞ් කරුණාරත්න, චිත්‍රපට නිළි නිලන්ති හීන්දෙනිය, චිත්‍රපට නළු විමල් කුමාර ද කොස්තා ආදී විශාල පිරිසක් ඉගෙන ගත්තේ අපේ ඉස්කෝලේ. වේදිකා නාට්‍ය ලෝකයේ දැවැන්තයෙක්ව සිටි පතිරාජ ඇල්.ඇස්. දයානන්ද සිටියේ මගේ පන්තියේ.

සිය පාසල් සමය තවදුරටත් සිහිපත් කරමින්, මාලනී ෆොන්සේකා සිසුවියක ලෙස සිටියදී ගුරුකුලය ඉදිරිපත් කළ නාට්‍යයක සළුපිළි වලින් සැරසී නැටුමක් ඉදිරිපත් කළ බවත් ඇත්තටම ඇය එදා පුංචි සුරංගනාවියක් වගෙයි. ඒ ඇය තවත් කෙනෙක් අගය කළ හැටිය.
තවකෙක් අගය කරන්නටත් සුන්දරත්වයෙන් පිරුණු ආදරයක් ඒ සිත තුළ පිරී තිබිය යුතුය. ඇගේ අදහස වූයේ ආදරය තරම් තවත් උතුම් වස්තුවක් මේ මිහිපිට නැති තරම්ය. එසේ සිතන ඇයට දෙවියන් උතුම් වරමක් නොදී සිටින්නේ නැත. පාසල සමයේදීම අන්තර් පාඨශාලීය කවි ගායනා තරඟ වලින් ජයග්‍රහණ අත්කර ගන්නට හැකියාව ඇයට ලැබී ඇත්තේද එම දේව වරම අනුව යැයි විශ්වාස කළ හැකිය. එපමණක් නොවේ ඇයට ලැබී තිබුණු කටහඬද දෙවියන් විසින් දෙන ලද තවත් දායාදයක් විය හැක.

ගුවන් විදුලියෙන් ප්‍රචාරයවූ කාන්තා සංග්‍රහය වැඩසටහන තුළින් ප්‍රචාරය වූ කෙටිකතාවක පෙම්වතියකගේ චරිතය රඟපෑවා අපට මතකය. ඇය එහිදී පෙම්වතියගේ විරහ වේදනාව ඉදිරිපත් කරන කල අසන්නාගේ දෑසින් කඳුළු දෝරේ ගලා ගිය අවස්ථා අප අසා ඇත. සෙනෙහෙබර මවකගේ හඬින් කතා කරන කළ අසන්නාගේ හිතට දැනෙන සැනසිලි සුවය කොතරම්දැයි කියන්නට වචන මදිවෙනවා නිසැකය. මේ නිසා එකල අගේ කටහඬට පෙම්කළ තරුණ තරුණියන් බොහෝ පිරිසක් සිටි බව එදා ඇය මා සමග පැවසූ හැටි තවමත් මතකය.

ආසියාවේ දීර්ඝතම ගුවන් විදුලි නාට්‍යය වූ “මුවන්පැලැස්ස” නාට්‍යයේ එන සිනිදි චරිතය රඟපාමින් ඇය ගුවන් විදුලි ශ්‍රාවකයින්ගේ ආදරයට පාත්‍රවූ හැටිත් අපට අමතක කළ නොහැකිය.

“මගේ ප්‍රථම ගීතය ලිව්වා නොවෙයි ලියැවුණා” සිය ගීත රචනය ගැන ඇය කියා සිටියේ එහෙමයි. එක්තරා හැන්දෑවක ගුවන් විදුලියේ විවේකාගාරයේ තනිවී සිටිනවිට මං පෑන අතට ගත්තා. නිසංසලේ මා තනියෙන් තනියට ඔබෙ හිත ළඟටම ඇවිදින්.” ඒ මොහොතේ ඒ වචන පේළිය ඉබේටම ලියැවුණා. පසුව සම්පූර්ණ කළා. මේ පද රචනය නෙරංජලා සරෝජිනීට දුන්නම එය ගීතයක් හැටියට අබේවර්ධන බාලසූරිය සමග ගායනා කළා.

කුසුම් පීරිස් අතින් ලියැවුණු ගීත අතර යමුනා විනෝදනී ගයන “අසුරු සැණින් එක මොහොතකදී ” බණ්ඩාර අතාවුද ගයන “සිහිනයකි ඔබ නිසල මැදියම් රෑ” එඞ්වඞ් ජයකොඩි ගයන “ගං ඉවුරේ තුරුලතා මඩුල්ලේ,” සඳහන් කළ හැකිය. මේ සෑම ගීතයකින්ම ස්පර්ශ කර සිටින්නේ ඇය පැවසූ පරිදි උතුම් ආදරය නොවේද?

ඇගේ අතින් ලියැවුණු රූපා ඉන්දුමතී ගයන “ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින් දෙනයන හැඳින්නෙමි” ගීතය ගැන ඇය එදා සඳහන් කර සිටියේ මෙහෙමයි. මම ඉතා දැඩි ලෙස රෝගාතුරව රෝහලේ සිටියදී මාව සනීප කරගන්නට මුළු හදින්ම කැපවී ක්‍රියා කළ මගේ මහත්මයා නෙල්සන් පීරිස්ට උපහාරයක් හැටියටයි ඒ ගීතය මගේ අතින් ලියැවුණේ. මගේ මවගේත් මගේ පියාගේත් සෙනෙහස මං එයා තුළින් දුටුවා. එයා තමයි මගේ ඉටුදෙවියා.

අද ඒ ඉටුදෙවියා තනිවී සිටී. ගුවන් විදුලි මාධ්‍ය ජීවිතයේදී ඇගෙන් ගුවන් විදුලිය ආලෝකවත් වූවා යැයි යමෙකු පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. එමෙන්ම ඇය දැයෙන් සමුගෙන ගියත් ඇගේ පෑන් තුඩින් ලියැවුණු පද වැල්හි ස්පර්ශව ඇති ආදරයේ සුවඳ සදාකල්හිම පවතිනු ඇත. කුසුම් ඔබ පරව නොයන කුසුමකි. ඔබට නිවන් සුව ලැබේවායි අපේ පැතුමයි.

- අමරදාස සිල්වා.

 



අදහස් (4)

පරව නොයන කුසුම ඔබයි

Pradeep Friday, 26 July 2019 01:27 PM

එකල කදිරාට හොරා කී දෙනෙක් නම් සිලිදිට පෙම් බදින්න ඇත්ද.. ඇගේ කටහඩින් පනපෙවූ සිලිදිගේ චරිතය එකල සිටි තරුණයන්ගේ සිත් පැහැර ගත් බව නොරහසක්. ඇය එදා සිදුකල රංගනය අද සිටින බොහොමයක් නිළියන්ට හිතාගන්නවත් බැරි තරම්.. කලාකාරියේ ඔබට නිවන්සුව අත්වේවා..

:       0       32

RaveendraSaturday, 27 July 2019 03:58 AM

ප්‍රදීප් මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය... මෙතුමියගේ සුන්දර කටහඬ අපගේ හදවත් තුළ සදාකල් රැඳෙනු ඇත. අද දින නම් සිටින්නේ නලුනිළියන් නොව ඔක්කොම තරුයි.. වල්ගාතරුද, නැත්නම් වෙනත් තරුද යන්න නම් ඔවුනොවුන්ද නොදන්නෝය." වැඩිදෙනෙකුගේ " තිබෙන්නේ උද්දච්ච අහංකාර මුහුණු මෙන් ගතිපැවතුම්ද එසේය... එමෙන්ම කතා විලාශයද වචන උච්චාරණයද අජූතයි...

:       11       7

leel gunawardena Saturday, 27 July 2019 10:29 PM

ප්‍රදීප් සහ රවීන්ද්‍ර මහතුන් වෙත ඔබල දෙපලම ඉතා අග්‍ර ගණනයෙන් කුසුම් නමැති අමරණිය කළා කාරිය ගැන සාධාරණව සඳහන් කරනවා එය හරිම වටිනවා , මට කණගටුයි... ඇය අප අතරින් නික්ම ගිය නිසයි මා කුඩා කාලයේ පටන් මොනර තැන්නට සවන් දුන්නා හරිම රසවත් කතාවක් ඇයට නිවන් සුව පතනවා .

:       0       6

RaveendraMonday, 29 July 2019 02:09 AM

leel gunawardena මයා වෙත, අපගේ අදහස් අගය බොහොම ස්තුතියි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 536 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 321 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site