IMG-LOGO

2025 ජනවාරි මස 20 වන සඳුදා


පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන්ට විෂ එන්නත් කළ චෝදනාව

  27-Page-20-M-08

 

පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට ආරක්ෂක හමුදා විසින් විෂ එන්නත් කරවන ලද බවට පසුගිය දින කීපයේදී උතුරු පළාත් සභාවේ ඇතැම් දේශපාලනඥයන් කළ චෝදනා දකුණේ මාධ්‍යවල නිතර දෙවේලේ වාර්තා කර තිබූ අතර ඒ ගැන සමාජයේ ප්‍රබල කතාබහක් ගොඩනැගෙන ආකාරයක් ද දැකගන්නට ලැබිණි.


එලෙස ආරක්ෂක හමුදා බාරයේ පුනරුත්ථාපනය ලැබූ හිටපු කොටි සාමාජිකයන් අතරින් විශාල පිරිසකට විවිධාකාරයේ හඳුනා නොගත් රෝග වැලඳීමත්, තවත් සමහරුන්ට පිළිකා රෝග තත්ත්වයන් පහළවීමත් ඔවුන් අතුරෙන් 105 දෙනෙකු පමණ මේ වන විට මියගොස් තිබීමත් යන තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඊට අදාළව ඉකුත්දාක යෝජනාවක් ද සම්මත කරගත් උතුරු පළාත් සභාව එම සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ වෛද්‍ය පරීක්ෂණයක් කළ යුතු බවද එකී යෝජනාව මඟින් අවධාරණය කර තිබිණි.


උතුරු පළාත් සභාව සම්මත කරගත් මෙම යෝජනාව මඟින් යෝජනා කර තිබෙන ආකාරයේ ජාත්‍යන්තර වෛද්‍ය පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ඇමෙරිකානු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ලබා දෙන ලෙසටත් ඊට අදාළ තාක්ෂණික සහාය ලබා දෙන ලෙසටත් ඉල්ලමින් උතුරු පළාත් මහඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා මෙරට ඇමෙරිකානු තානාපති අතුල් කේෂාස් මහතාට ලිපියක් ද යොමු කර තිබිණි. මහ ඇමැතිවරයාගේ මෙම ඉල්ලීමට ලිඛිත ප්‍රතිචාර දක්වමින් පසුගිය දිනෙක තානාපතිවරයා අවධාරණය කර තිබුණේ ඒ ආකාරයේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇමෙරිකානු රජය කිසිදු ආකාරයක මැදිහත්වීමක් සිදු නොකරන බවත් එවැනි පරීක්ෂණයක් සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීම ද සිදුකළ නොහැක්කක් වන බවත්ය. රජයේ ආරක්ෂක හමුදා පිළිබඳ එල්ල කරන මෙම චෝදනාවල සත්‍ය අසත්‍යතාව දේශීය වෛද්‍යවරුන්ගේ මැදිහත්වීම මත කරන පරීක්ෂණයක් මඟින් හෙළිකර ගැනීමට හැකියාව තිබියදී උතුරු පළාත් මහ ඇමැතිවරයා ඇමෙරිකාව දෙසට හැරීම බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක්වූ කාරණාවක් විය. අනෙක් අතට එවැනි කටයුත්තකට මැදිහත්වීම සඳහා ඉදිරිපත් වන විදේශීය වෛද්‍ය කණ්ඩායමකට ඒ සඳහා ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාගෙන තිබීම ද අනිවාර්ය කොන්දේසියකි. එබැවින් මෙහිදී උතුරු පළාත් සභාව කළ යුතුව තිබුණේ ඇමෙරිකානු තානාපතිවරයා අමතනවා වෙනුවට එම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ද සහයෝගය ඇතිව දේශීය වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා ඇත්ත නැත්ත රටට හෙළි කිරීමට කටයුතු කිරීමය.


මේ සිද්ධියට අදාළ සිදුවීම් මේ ආකාරයට පෙළගැසෙද්දී ගෙවී ගිය මේ සතිය ඇතුළත මීට අදාළව පළ වූ මාධ්‍ය වාර්තා ඔස්සේ දැනගැනීමට ලැබුණේ රජයේ හමුදා විසින් විෂ එන්නත් කරවන ලද බව කියන හිටපු එල්ටීටීඊ සාමාජිකයන් සම්බන්ධයෙන් පැවැත්වීමට යෝජනා කර තිබෙන ජාත්‍යන්තර වෛද්‍ය පරීක්ෂණය සඳහා උපදෙස් ලබාදීමට උතුරේ මහඇමැතිවරයා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කරනු ලැබ තිබෙන බවය. උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති පී. සත්‍යලිංගම් මහතා විසින් යාපනය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය එස්. සුදත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එම පංච පුද්ගල කමිටුවට අයත් වන සාමාජිකයන්ගේ නම් මහ ඇමැතිවරයාට නිර්දේශ කිරීමෙන් පසුව විග්නේෂ්වරන් මහතා මෙම කමිටුව පත්කර ඇත. ඒ අනුව  පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන් මෙම කමිටුවේ අධීක්ෂණය මත වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට අදාළ කටයුතු සැලසුම් කර තිබෙන බව ද වාර්තා වේ. මේ කාරණාවල ඇත්ත නැත්ත පිළිබඳ විමසීම සඳහා අප අවස්ථා කීපයකදීම උතුරු පළාත් මහ ඇමැතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද ඒවා ව්‍යර්ථ විය.


ආරක්ෂක හමුදා විසින් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් හට විෂ එන්නත් කරවන ලද බව කියන මේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් සභා දේශපාලනය ආශ්‍රිතව මේ ආකාරයේ වාතාවරණයක් නිර්මාණය වන විට ඒ සම්බන්ධව දකුණේ දේශපාලනයේද මතුවූයේ ගැටලුකාරී තත්ත්වයකි. විශේෂයෙන්ම යුද අපරාධ චෝදනා, හමුදා කඳවුරු ඉවත් කිරීම වැනි රජයේ ආරක්ෂක හමුදා සම්බන්ධයෙන් මතුවූ විවාදාසම්පන්න සාකච්ඡාවලදී උතුරේ දේශපාලන අධිකාරිය වෙතින් නිරතුරුවම පාහේ හමුදා විරෝධී ප්‍රකාශ නිකුත් වීමේ පසුබිම මත දකුණේ දේශපාලනයේදී මෙම සිද්ධිය එවැනි තවත් එක් ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහි මෙහෙයුමක් ලෙස අරුත් ගැන්වීමට තිබෙන ඉඩ අධිකය. උතුරු පළාත් සභාව සම්මත කළ යෝජනාවෙන් නිර්දේශ කර තිබෙන වෛද්‍ය පරීක්ෂණය සඳහා උතුරේ මහ ඇමැතිවරයා ඇමෙරිකාවේ සහය පැතීම එවැනි තේරුම් ගැනීමක් සඳහා උඩගෙඩි දෙන්නක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. අනෙක් අතට මේ වන විටත්  ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව විසින් උතුරු පළාත් සභාව නගන එම චෝදනා ප්‍රතික්ෂේප කෙරී තිබේ. ජාතික සමගිය ගොඩනැගීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින මෙවැනි මොහොතක මොකක් හෝ ප්‍රශ්නයක් පැනනැගුණු සැණින් බටහිර ප්‍රතිකර්ම සෙවීමේ උතුරේ  දේශපාලනඥයන්ගේ ජනප්‍රිය උපක්‍රමය නිසා සිදුවන්නේ රටේ නැති ප්‍රශ්න ඇති වීමය. ඔවුන් චෝදනා කරන විදියට රජයේ හමුදා විසින් සත්‍ය ලෙසටම එවැන්නක් කරනු ලැබ ඇත්නම් ඒ බව පරීක්ෂණයකදී හෙළි වනු ඇත. එවැනි පරීක්ෂණයක් කිරීමට ඇමෙරිකාව හෝ වෙනත් බටහිර රටවල් පිටුපස දිවීමට අවශ්‍ය වන්නේ නැත. ඒ සඳහා සුදුසුකම් සහිත වෛද්‍යවරු ලංකාවේ ඕනෑ තරම් සිටිති. ඒ අනුව මේ වන විටත් එම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කිරීමට අදාළ කටයුතු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කරනු ලැබ තිබේ. එම අමාත්‍යාංශයේ ලේකම් සිවඥානසෝති මහතා ඒ සම්බන්ධයෙන් පවසා සිටියේ මෙවැනි අදහසකි.


‘තවම මේ සිද්ධිය ගැන අපි විධිමත් පරීක්ෂණයක් පවත්වලා නැති නිසා ඒ ගැන මට නිල අදහසක් කියන්න බෑ. නමුත් අපි මේ වෙන කොටත් ඒ සිද්ධිය ගැන ස්වාධීන පරීක්ෂණයක් කිරීම සඳහා ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කිරීමට අදාළ මූලික කටයුතු කරගෙන යනවා. ආණ්ඩුවේ ඉහළම තැන්වල අනුමැතිය ලබා ගැනීමට අපි ඒ යෝජනාව මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙන්නේ. බොහෝදුරට ඉදිරි සතිය ඇතුළත මේකට අවසන් අනුමැතිය ලැබෙයි කියලා අපි හිතනවා. මේ සිද්ධිය ගැන හොයන්න පත් කරන ස්වාධීන පරීක්ෂණ කමිටුවේ වැඩවලට අපි කිසිම විදියකට ඇඟිලි ගහන්නෙ නෑ. ඒ කමිටුව පත්වුණාට පස්සේ ඒ අයට අවශ්‍ය පුද්ගලයන් හම්බවෙලා තොරතුරු සාක්ෂි ලබාගෙන ඒ කටයුතු නිදහසේ කරන්න පුළුවන්. ආණ්ඩුවක් විදියට මෙතනදී ඇත්තටම මොකද වුණේ කියන එක ගැන සත්‍ය රටට හෙළි කරන්නයි අපිට අවශ්‍ය.


නැගී ඇති චෝදනාවලින් කියවෙන පරිදි රජයේ ආරක්ෂක හමුදා ඇත්තටම ඒ ආකාරයට පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ගේ ශරීර ඇතුළට විෂ ඇතුළු කිරීමට කටයුතු කර ඇතිද යන්න ඒ සම්බන්ධයෙන් සිදුකරන ස්වාධීන වෛද්‍ය පරීක්ෂණයකදී හෙළිවනු ඇත.


 

ඒක අමූලික බොරුවක්

 

ආචාර්ය ගුණදාස අමරසේකර සභාපති දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය

27-Page-20-M-02
අපේ රටෙන් වෙන් වෙලා වෙනම ඊළාම් රටක් හදාගැනීමේ අරමුණින් තමයි ඔය වගේ බොරු චෝදනා උතුරු පළාත් සභාව ඉදිරිපත් කරන්නෙ.
නිදහස ලබපු දවසෙ ඉඳලා දකුණෙ සිංහල ආණ්ඩු උතුරු නැගෙනහිර පළාත්වල විශාල මනුෂ්‍ය සංහාරයක් කළා කියලා විග්නේෂ්වරන් කිව්වා අපිට මතකයි. එයා මේ කතාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලත් කිව්වා. ඒ කතාව ඔප්පු කරන්න පුළුවන් තරම් සාක්ෂි එකතු කරන එක තමයි මේ අය කරන්නෙ. ඔය චෝදනා අමූලික බොරු. උතුරු පළාත් සභාව කරන මේ චෝදනා ආණ්ඩුවට විරුද්ධව කරන චෝදනා විතරක් නෙවෙයි සමස්ත සිංහල ජාතියට අවමන් කිරීම සඳහා කරන චෝදනා හැටියටයි මම දකින්නෙ. 


ඔය බොරු චෝදනා ගැන වෛද්‍ය පරීක්ෂණ පවත්වන්න අවශ්‍ය වෙන්නේ නෑ. තමන්ට ඕන දේවල් මේ ආණ්ඩුව ලව්වා කර ගන්නයි මේ අයට  වුවමනා කරලා තියෙන්නෙ.


 

විෂ එන්නත් කරලා කියලා අපට දැනගන්න ලැබුණා

 

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් 

27-Page-20-M-01
පුනරුත්ථාපනය වෙච්ච හිටපු එල්ටීටීඊ සාමාජිකයන් පිරිසකගෙ ශරීරවලට විෂ එන්නත් වෙලා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒත් එක්කම සමහරුන්ට සැක හිතුණා. එයාලට දෙන කෑමක් එක්ක මේ විදියට විෂ එන්නත් කරලා තියෙනවද කියලා උතුරු - නැගෙනහිර හැම කඳවුරකම පුනරුත්ථාපනය ලබමින් හිටපු එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයන්ට විෂ එන්නත් කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණු නිසා ලංකාවට ඇවිල්ල හිටපු ඇමෙරිකානු වෛද්‍ය කණ්ඩායමකගෙන් අපි ඉල්ලීමක් කළා මේ අයගේ ශරීරවලට විෂ ඇතුල් කරල ද කියන එක ගැන හොයන්න පරීක්ෂණයක් පවත්වන්න කියලා.


එහෙම පරීක්ෂණයකට මැදිහත් වෙන්න බෑ කියලා ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් දන්වලා තියෙනවා. දැනට අපි උතුරු පළාත් සභාව යටතේ වෛද්‍ය කණ්ඩායමක් පත්කරලා උතුරේ තියෙන දිස්ත්‍රික්ක පහේම ඉන්න පුනරුත්ථාපනය වෙච්ච හිටපු එල්ටීටීඊ සාමාජිකයන් වෛද්‍ය පරීක්ෂණවලට ලක්කිරීමේ වැඩපිළිවෙළක් පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මහ ඇමැතිතුමාට උපදෙස් දෙන්න සෙවන් සුදන් කියලා යාපනයේ ඉන්න වෛද්‍යවරයෙකුත් අපි පත්කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මහ ඇමැතිතුමා පළාත් සභාවට ඉදිරිපත් කරපු යෝජනාව සම්මත කරලා තියෙන නිසා වෛද්‍ය කමිටුව ඉස්සරහට එන අයගෙ රුධිර පරීක්ෂණ කරලා විෂ ශරීරගත වෙලා තියෙනවා කියලා අපි හොයලා බලනවා. අවශ්‍යතාවක් වුණොත් එයාලගේ ලේ පිටරට යවලා ඒ පරීක්ෂණ කටයුතු කරන්න අපි සූදානමින් ඉන්නවා. අපි කරන්නෙ ඇත්තටම ඒ අයගේ ශරීරවලට විෂ ඇතුල් කරලා තියෙනවද කියලා හොයා බලන එක විතරයි.  අපිට වෙන අරමුණක් මෙතන නෑ. ගොඩක් අය කියනවා අපිට අමාරුයි කියලා. ඒත් ඇත්තටම විෂ එන්නත් කරලා තියෙනවා කියලා කියන කට්ටිය කීයද කියලා දැනගන්න පුළුවන් වෙන්නෙ වෛද්‍ය පරීක්ෂණයට එන ප්‍රමාණය අනුව තමයි. උතුරු පළාතෙයි නැගෙනහිර පළාතෙයි ඔක්කොම 12,500 ක් පුනරුත්ථාපනය කරලා නිදහස් කරලා තිබුණා. ඒ අමාරු වෙච්ච අයගෙ නම් වෛද්‍ය කණ්ඩායම් හමුවට ඉදිරිපත් කළහම තමයි දැනගන්න ලැබෙන්නෙ කී දෙනෙක් මේකට ගොදුරු වෙලා ඉන්නව ද කියලා.

 

m



අදහස් (0)

පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන්ට විෂ එන්නත් කළ චෝදනාව

පීරිස් Monday, 29 August 2016 04:54 PM

මෙයාලා මස් රාත්තලමයි ඉල්ලන්නේ

:       0       0

අන්වර් Friday, 30 September 2016 12:32 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

සෙනෙවි Saturday, 03 September 2016 03:47 PM

ප්‍රභාකරන් ගෝලයන්ගෙ කරේ එල්ලූ සයනයිඩ් කරල ලීක් වෙලා විෂ ඇඟට ඇතුල් වෙන්න ඇති .(රේ)

:       0       0

ලක්ෂිත පැරිසිය Wednesday, 31 August 2016 08:08 PM

මෙයාලට දැන්නේ මතත් වෙලා තියෙන්නේ. හරියන්නේ නැහැ. මොවුන් වෙනස් වෙන්නේ නැහැ (නි)

:       0       0

උපාලි Thursday, 01 September 2016 07:59 AM

හොද ලිපියක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

කොළඹ රැකියා කළ ඉන්දියානුවන් එළවන්න කළ සටනක්
2025 ජනවාරි මස 20 289 2

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘එට්කා වෙළෙඳ ගිවිසුමට ඇතැමුන් විරෝධය පාන්නේ එම ගිවිසුම මගින් ඉන්දියාවේ ශ්‍රමිකයන්ටත් මෙරට රැක


වාහන ආනයනයේ වාසි - අවාසි
2025 ජනවාරි මස 20 99 0

තීරණාත්මක ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව වාහන ආනයන තහනම හඳුන්වා දෙන ලදි. විදේශ මුදල් අර්බුදය සහ වර්ධනය වෙමින් පැවැති ණය ගැටලු මධ්‍යයේ ක්‍


එජාප - සජබ අනාගතය
2025 ජනවාරි මස 18 721 8

පසුගිය ජනාධිපතිවරණයේදී එවක ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරු දැන් වික්‍රමසිංහ මහතාගෙන


දවස් සියයේ විපරමක්
2025 ජනවාරි මස 17 325 0

වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව


කන්කසන්තුරේ සිමෙන්ති කම්හල් බිලියන 2 ක යකඩ හොර පාරේ?
2025 ජනවාරි මස 16 836 1

2020 වසර වන විට සිමෙන්ති සංස්ථාවට ඉතිරිව තිබුණේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පමණි. මීට අමතරව අරුවක්කාලු‍වල පිහිටි අක්කර 5000ක ඉඩම සහ කොල්ලු‍පිටියේ


අධ්‍යාපනයට ප්‍රමිතියක් අවශ්‍ය ඇයි?
2025 ජනවාරි මස 16 182 0

නව රජය බලයට පත් කිරීමට ජනතාව සලකා බැලූ කරුණු අතර ප්‍රධානතම සාධකය ආර්ථික ගැටලුවය. ඕනෑම රජයක් පරාජයට පත්වන්නේ ද මේ ආර්ථික ගැටලුව මුල්කරගෙනය. ජනතාව අතර ද එ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 395 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 610 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 332 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site