IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


පණ පිටින් වැළලූණු සෙබළුන්ගේ ඛේදවාචකය

වසර තිහක් ජනතාව පීඩාවට පත්කළ කුරිරු ත‍්‍රස්තවාදය, අවසන් කර වසර කීපයක් ගතවී තිබේ. අද රටවැසියෝ බියෙන් සැකෙන් තොරව ජීවත් වෙති. රදුරු ත‍්‍රස්තවාදීන්ගෙන් රට මුදවාගත්  රණවිරුවෝ ගිනි අවියට නිවාඩු දී රාජකාරි කරති. එදා රුපුන් නසන්නට වැයකළ ශ‍්‍රමය දැන් රටේ සංවර්ධනයට කටයුතු සඳහා යොදවන්නට ඔවුනට සිදුව තිබේ. දියතලාව යුද හමුදා කලාපය තුළ අලූතින් ගොඩනැගිලි කීපයක් පසුකාලයේ ඉදිවුයේද රණවිරුවන්ගේ ශ‍්‍රමදායකත්වය  ඇතිවය. යුද හමුදා විශේෂ බලකායට අයත් නිවාඩු නිකේතනයද  එවැනි එකකි. යුද හමුදා නිවාඩු නිකේතන කලාපයේ එය ඉදිවිය. කුඩා නිවාස කීපයක් සහිතව කොටේජ් ක‍්‍රමයට ඉදිවෙමින් තිබෙන මෙහි ඉදිකිරීම් සඳහා මේජර් ඉන්දික පෙරේරා යටතේ ඉකුත් ජූලි මස 1 වැනිදා සෙබළු 26ක් දියතලාවට  පැමිණියහ. මේ නිවාඩු නිකේතනය ඉදිරියෙන් ඇති වට රවුම්පාර දෙසින් ආරක්ෂිත පැති බැම්මක් ඉදිකිරීමට සැලසුම් කළේ ගොනැගිලිවල ආරක්ෂාව සඳහාය. ඩෝසර් යොදා කැපූ පොළව මත ඉදිකල ගොඩනැගිලි ඉදිරියේද පොලව ඩෝසර් යොදා සකස් කෙරිණි. පස්කණ්ඩිය කඩාවැටීමේ අවධානමක් තිබූ බැවින් පස් පිරවූ යුරියා මළු පස් කණ්ඩිය දිගේ තට්ටු වශයෙන් තැන්පත් කෙරිණි. පාර දෙසින් පිහිටි පොළවේ අඩි 5ක් පමණ ගැඹුරට බැකෝ යන්ත‍්‍ර යොදා කාණු කැපුවේ මේ පසුබිම යටතේය. අත්තිවාරම්වල කපා දින 20කට පසු අත්තිවාරමේ බේස්වල කැපීම  ඉකුත් 9 වැනිදා සෙබළු 15 දෙනෙක් යොදවා සිදු කෙරිණි. එම කටයුතු අධීක්ෂණය කිරීම සාජන් සරත්ට පවරා මේජර් ඉන්දික පෙරේරා, පවුලේ ඥාතිවරයකුගේ මළ ගමකට සහභාගි වීම සඳහා කොළඹ ප‍්‍රදේශයට ගොස් තිබිණි. පසුදා 10 වැනිදා එම කටයුතු සඳහා සෙබළු 9 දෙනෙක් සහභාගි වී සිටියහ. එහි වැඩ කරමින් සිටියදීම කෝප‍්‍රල් ඒකනායක එදින දවල් 12.35ට පමණ මේජර් ඉන්දිකට ජංගම දුරකථනයෙන් අමතා ඉදිකිරීම් පිළිබඳව විමසීමක් කළේය. මේජර් ඉන්දිකගේ උපදෙස්වලට සවන්දුන් ඒකනායක ජංගම දුරකථනය සාජන් මේජර් සරත්ට දුන්නේය. ඒ සමගම පස්වේල්ල කඩාගෙන  මහා පස්  කන්දක් අත්තිවාරම් වළට කඩා වැටුණේය. එහි වැඩ කරමින් සිටි සෙබළු 6 දෙනෙක්  පණපිටින්ම වැළලි ගියේය. සාජන් මේජර් සරත්ගේ දෙකකුල් පමණක් පස්කන්දට යටවිය. ඔහු අත තිබු ජංගම දුරකතනයද අතින් ගිහිලී ගියේය. ආයාසයෙන් එය අහුලා ගත් සරත් ඇමතුමක් ගත්තේය. මළගමට සහභාගි වීමට ගිය මේජර් ඉන්දිකගේ දුරකතනය     හඬන්නට විය. වැඩබිමෙන් තවත් උපදෙසක් පතන්නේ යැයි සිතු මේජර් වහාම ජංගම දුරකථනය ක‍්‍රියාත්මක කළේය. එහත් එම පණිවුඩයෙන් කියවුනේ අහස පොළව නුහුලන මහා ඛේදවාචකයකි. සර් මම සරත් පස්කන්ද කඩා වැටුණා. අපේ අය යට වුනා. මගේ කකුල් දක්වාම යටවුණා. පැවසුනේ එපමණකි. ජංගම දුරකථනය විසන්ධි විය. මේජර් ඉන්දික වහාම ක‍්‍රියාත්මක විය. ඔහු  බි‍්‍රගේඩියර් කමාන්ඩර්  මහ ලේකම්ට හා බි‍්‍රගේඩියර් අමරසිංහට මේ බව දුරකථනයෙන්ම දැනුම් දුන්නේය. එසැනින් 112 බලසේනාවේ නිලධාරීහු  හා සෙබළු වහාම ක‍්‍රියාත්මක වූහ. ඔවුන් කඩි රැලක් මෙන් කඩාවැදී පස්යට සිටි සහෝදර  සෙබළුන් 8 දෙනෙක් ගොඩට ගෙන එම ස්ථානය ආසන්නයේම පිහිටි දියතලාව මූලික රෝහලට රැගෙන ගියහ. දියතලාව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී රංජිත් අමරකෝන් මහතාගේ උපදෙස් මත වහාම ක‍්‍රියාත්මක වූ වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සෙබළ  ජීවිත බේරා ගැනීමට උත්සාහ කළත් ඒ වනවිටත් 6 දෙනෙක් අවසන් හුස්ම හෙළා තිබිනි. දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පාලිත බණ්ඩාර සුභසිංහ මහතා අසනීපවී රෝහල් ගත කර තිබූ නමුත් වෛද්‍ය අධිකාරීවරයාගේ උපදෙස්  මත විජේරත්න, කොඩිකාර සහ විජේසිංහ යන වෛද්‍යවරු විසින් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූහ. පස්වේල්ලක් කඩාවැටී ඊට යටවීමෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුවූ තුවාල හා  හුස්ම හිරවීම නිසා සිදුව ඇති මෙම මරණ  හදිසි මරණ බවට  හදිසි මරණ පරීක්ෂන  පැවැත්වූ දියතලාව  හදිසි මරණ පරීක්ෂක ඞී.එම් . දිසානායක මහතා තීරණය කළේය. නාවලපිටිය,  පස්බාගේ දිංචිව සිටි දෙදරු පියෙක් වන 33 හැවිරිදි කෝප‍්‍රල් ජයවීර  දසනායක, අධිකාරීගම අලූත්  අබෙවෙල පදිංචි දෙදරු පියෙක්වන 38 හැවිරිදි කෝප‍්‍රල් ඩබ්ලිව්. පී. විජේපාල, වැල්ලව නිකදළුපොත පදිංචිව සිටි දෙදරු පියෙක් වන 35 හැවිරිදි කෝප‍්‍රල් රංජිත් කුමාර ඒකනායක, මහව උඩගම පදිංචි 29 හැවිරිදි දෙදරු පියෙක් වන කෝප‍්‍රල් ඩබ්ලිව්. පී. ගාමිණි ජයලත්- 5 වැලිමඩ පුහුල්පොල පදිංචිව සිටි 20 හැවිරිදි අව්වාහකයකු වන පී, එම්.එන්.බී. තෙන්නකෝන් සහ වැලිමඩ මිරහවත්ත පදිංචිව සිටි අවිවාහකයකු වන 20 හැවිරිදි අසංක ඉදුනිල් බණ්ඩරනායක  යන අය මේ ඉරණමට ගොදුරු වූහ. නිවාඩු නිකේතන ගොඩනැගිලිවල ආරක්ෂාව සඳහා ආරක්ෂක බැම්මක් ඉදිකිරීමට අනාරක්ෂිත ලෙස කටයුතු කරමින් සිටියදී අවසානාවන්ත ලෙස මෙලොව හැරගිය සෙබළුන්  6 දෙනා තම ගම් කරා රැුගෙන ගියේ එම ගම්වැසියන් පමණක් නොව මුළු දියතලාවම හඬවමිනි. යුද්ධයෙන් පසුව එකවර එකතැන දී සෙබළු වැඩිම පිරිසක් මියගිය ස්ථානය ලෙස නව නිවාඩු නිකේතනය හමුදා සටහන් පොතට මේ වනවිට එක්වී තිබේ. (මෙම විශේෂාංගය සැකසීම සඳහා සහගෝගය දුන් දියතලාව හදිසි මරණ පරීක්ෂක ඞී.එම්. දිසානායක මහතාට සහ දියතලාව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී  රංජිත් අමරකෝන් මහතාට  ස්තුතිය.)

සටහන හා ඡායාරූප - බදුල්ලේ පාලිත ආරියවංශ
අනාරක්ෂිත  ලෙස වැඩ කළ ස්ථානය කණ්ඩායම බාරව සිටි මේජර් ඉන්දික පෙරේරා



අදහස් (0)

පණ පිටින් වැළලූණු සෙබළුන්ගේ ඛේදවාචකය

රුවනි Monday, 17 September 2012 03:05 AM

අනේ ඇත්තටම හමුදාවේ ලොක්කන්,මොළය පාවිචි කරලා,බැකෝ එකක් දාලා කන්ද කැපුවා නම්,අද වටිනා ජීවීත බේරිලා. හැමදේම තේරෙනකොට මිනිස්සු මැරිලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1044 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1079 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site