මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමන් කවුදැයි මේ මොහොත වනවිට නොදන්නා කිසි කෙනෙක් නැත. යේසුස් වහන්සේ මරණින් උත්ථාන වූ පාස්කු ඉරිදා ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය ගණනක් නොසැලී සිටිමින් රටම ලේ විලක් වීම නවතා ලූ දේව දූතයා ඔහුය.
කාදිනල්තුමන් කතෝලික ජනතාව පමණක් නොව වෙනත් ආගම් අදහන ශ්‍රී ලාංකිකයන් අතරේ පවා බෙහෙවින් ජනප්‍රිය චරිතයකි. ඒ එතුමන් තුළ පවතින දැනුම, නොසැලෙන බව, සරල බව මෙන්ම චාම් නිහතමානී ගතිගුණ හේතුවෙනි.
පාස්කු ඉරිදාව තමන් සතු හොඳම ඇඳුම ඇඳ දේවස්ථානයට ආ කොච්චිකඬේ කටුනේරියේ මෙන්ම මඩකලපුවේ අහිංසක බැතිමතුන් ඊළඟ සතියේ දේව මෙහෙයට පැමිණියේ නැත. තරු පන්තියේ හෝටල්වල නැවති සිටි දේශීය මෙන්ම විදේශිය සංචාරකයෝ, විශේෂයෙන් විදේශීය කෝටිපතියන් ගේ දරුපවුල් පිටින් විනාශ විය. මේ හානිය ක්‍රිස්තියානි පල්ලිය ඉලක්ක කර කළ එකක් බව කාදිනල් තුමන්ට පළමු මොහොතේ ම නොදැනුනා නොවේ.
මුහුදු බඩ ධීවරයෝ අති බහුතරය කතෝලිකයෝය. මහ මුහුද සමඟ නිරන්තර ගැටෙන ධීවර ප්‍රජාව සාමාන්‍යයෙන් ප්රචණ්ඩ හැසිරීම් පෙන්වති.
එදා ප්‍රහාරය පල්ලියට එල්ල කළ එකක් යැයි නිකමට හෝ කාදිනල් තුමන් වෙතින් කියැවුණේ නම් මේ ධීවර ප්‍රජාව නිකම් සිටිනු ඇත්ද? සැබැවින්ම මහා ආගමික යුද්ධයකට කැපෙන්නට ගිය පාර මුළුමනින්ම වසා දැමූයේ උන්වහන්සේ ගේ ශාන්ත වදන් පෙළයි.
ත්රස්තවාදයට ආගමක් නැත. අපි ඔවුන්ට ද මෛත්‍රි කරමු. කිසිම කෙනෙකුට විශේෂයෙන්ම වෙනත් ආගමක් අදහන කිසිවෙකුටවත් අත උස්සන්න එපා යයි උන් වහන්සේ මුළින්ම ඉල්ලා සිටියහ.,
ශ්‍රී ලාංකිකයෝ ආගම භෂාවහෝ ජාතිය මුල් කරගෙන පක්ෂ වශයෙන් බෙදී ඇත්තේ ඇත්තෝ වෙති. ප්‍රධාන පක්ෂ තුන හතර ඇරුණු විට මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් දෙමළ ජාතිකයන් වෙනුවෙන් මෙන්ම ආගමික පදනමින් පක්ෂ පිහිටුවා ඇත. එහෙත් කතෝලිකයන් ගේ පක්ෂයක් නැත.
”මීට අවුරුදු 25කට පමණ පෙර කතෝලික ජනතාව නියෝජනය කරන පක්ෂයක් පිහිටුවන්නට එක්තරා පිරිසක් සූදානම් වුණා. දොර ඇරල තියෙනවා එළියට යන්න පුළුවන් කියල මම ඒ අයට කිව්වා. ශ්‍රී ලාංකිකයන් එසේ වෙන වෙනම දේශපලන පක්ෂ පිහිටුවා ජාතිය ආගම පදනම් කරගෙන අකටයුතුකම් කරද්දි අනිවාර්යයෙනේම බෙදීමක් ඇති වෙනවා. ඒ නිසා වෙන වෙම රාජ්‍යයන් පිහිටුවීමේ සංකල්ප ඇති වෙනවා” යයි උන්වහන්සේ කීහ.
පල්ලිවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියත් සමග මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමන්ගේ කෙලින් කථාව, සමාජයේ ආවේග පාලනය කර සාමය රඳවා ගැනීමත් හා මධ්‍යස්ථ මතදැරීමත් වෙනුවෙන් ආණ්ඩුවේ බලවතුන් වෙඩි නොවදින වාහනයකින් සන්තෝසමක් ගෙවන්නට සූදානම් විය. එය දැනගත් වහා එය ප්‍රතික්ෂේප කරන්නට උන්වහන්සේ කටයුතු කළහ.
”මට ආරක්ෂාව සපයන අය දෙන වාහනයක් ඇති. මම ඒකට නගින්නේ වෙඩි වදිනවද නැද්ද අහල නොවෙයි. මොනව හරි වෙන්න තියෙනවා නම් මම ඒකට මුහුණ දෙන්න සුදානම්. මට වෙඩි නොවදින ඒව ඕන නැහැ” උන්වහන්සේ පවසා තිබිණි.
ගිනිගත් සමාජය නිවන්නට කාදිනල්තුමන් ගේ දායකත්වය අංක එකට ලැබුණත් මේ ප්‍රශ්න විස`දමින් ජනතාවට සාධාරණය ඉටු කරන්නට ආණ්ඩුව අසමත් බවට චෝදනා කරන කාදිනල් තුමෝ සර්ව ආගමික නායකයන් සමඟ එක්ව පාරට බැස ඉදිරියෙන්ම යන්නට පෙර මෙවැනි සිද්ධින් නොවන්නට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ද ඉල්ලා සිටියහ. අවශ්‍ය තැන සටන්කාමී නායකත්වය ද ලබාදෙන පෞරුෂය උන්වහන්සේ ලඟ නොඅඩුව තිබේ යැයි එයින්ම පෙනෙන්නේය.
සටන් වදින පාලකයන්ගේ පා අල්ලා සාමය වෙනුවෙන් අයදින පාප් වහන්සේ තම කාදිනල්වරුන් අතරට එක්කර ගත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දෙවියන්ගේ සැබෑ දූතයෙක් යැයි කිසිවකු කියන්නට උවමනා නැත.
විනීතා එම් ගමගේ
COMMENTS
මුළු හදින්ම එතුමන්ට මගේ නමස්කාරය වේවා!!! කවුරු කවුරුත් එතුමා ආදර්ශයට ගත්තොත් අපට යහතින් ජීවත් වීමට හැකිවේවි. නැත්නම්?
ගින්නෙන් හෝ බෝම්බයෙන් කතෝලික විශ්වාසය විනාශ කිරීමට නොහැකි බව ත්‍රස්ත වාදීන් දැනගත යුතුය පාප් තුමන්ට පිහියෙන් ඇනපු මුස්ලිම් ජාතිකයට හිරගෙට ගොස් සමාව දුන් බවද ත්‍රස්ත වාදීන් දැනගත යුතුය. පාප් තුමන්ද, කාදිනල් තුමන්ද, කතෝලිකින්ද එසේමය....
මුළුමහත් ලංකා වාසීන්ටම ආදරය කරන මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට නමස්කාර වේවා!
මෙවන් භයානක අවස්තාවක ඔබ වහන්සේගේ ක්‍රියා කලාපය බෞද්ධයන් වන අප හදවතින්ම අගය කරන්නෙමු. සියලුම ලාංකිකයන්ට සාමය උදා වේවා!!!
මෙවන් අවස්ථාවකදී ආගමික නායකයින් ක්‍රියා කල යුත්තේ කිනම් ආකාරයකින්ද යන්න සෙසු ආගමික නායකයින්ට කදිම ලෙසට කියා දුන් ඔබතුමා හට මේ සිරිලකේ සියලුම ජාතින් සමගි කර සංහිදියාව ඇති කිරීමට ක්‍රියා කරන මෙහෙවර භාර ගන්නා මෙන් ඉතා ගෞරව සම්පන්නව ආරාධනා කරමි. එයට නියම සුදුස්සා ඔබතුමාය, හිමියණී.
ඔබ තුමා ඉතා ඉවසීමෙන් ගත් තීරණ නිසා වෙන්න ගිය අති විශාල විපත්තිය කල් වේලා ඇතිව නතර කරගන්නට හැකි වුනා. බෝම්බ ප්‍රරහාරයෙන් ජීවිත අහිමි වු අයගේ පවුල්වල සියලු දෙනාටම මගේ දැඩි සංවේගය හා කණගාටුව පුදකරමි. ඔබ තුමා මුලු ලොවටම දුන් අතිශයින්ම වටිනා ආදර්ශය මේ අවස්තාවේ අප ඉතා හොදින්ම අවබෝද කරගෙන රටේ ආරක්ෂාව හා සංහිදියාව සඳහා උපකාර කර ගන්නේ නම් අපට ඉතා ඉක්මනින්ම සාමය කරා ලගාවිය හැකියයි මා ඉතා තදින්ම විස්වාශ කරමි. අප සැමට ඉක්මනින්ම සාමය උදාවේවා.
මම උත්පතියෙන්ම බෞද්ධයෙක් වෙමි .බොහෝ කාලයක සිට මම බෞද්ධ නායකයෙකු සහ ජාතික නායකයෙකු සොයමින් සිටියෙමි. මම ඔහු දුටුවෙමි. රන්ජිත් කර්දිනල්තුමෙනි ඔබ වහන්සේ තමා එ උතුම් පුද්ගලයා. ඔබට දීර්ගාසුෂ!!!!
ඔබ වහන්සේ මුළු ලෝකෙටම ලොකු උදාහරණයක්. ජාති ආගම් බෙදා නැතිව මුළු මහත් ජනතාව ඔබවහන්සේට මෙතරම් කැමති ඒ ඔබවහන්සේ තුල තිබෙන උදාර මිනිස් කම හා මහත්මා ගුණය නිසයි. ජාතියේ පිනට පහල උන යුග පුරුෂයන් ලෙස හැඳින්වෙන්නේ ඔබවහන්න්සේ වැනි අයට බව රහසක් නොවේ.
අප්‍රමාණ මිහිරි සුවඳින් යුතුවූ සඳුන් ගස සිඹින විටදීද, කපන විටදීද එකසේ සුවඳ දෙන්නා සේ ඔබ වහන්සේද එසේමය. අපට රටට ලෝකයට චිරාත් කාලයක් ඔබ වහන්සේගේ සෙනෙහස ලැබේවා !!!